සිංහයා ලිවීමට ඉගෙනගන්නා තෙක්...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    "සිංහයා ලිවීමට ඉගෙනගන්නා තෙක් සෑම කතාවකම ජයග්‍රහණය දඩයක්කරුවා සතු වනු ඇත."

    මේ කියමන මීට පෙර අසා තිබුනත් නැවතත් "ෆේස්බුක්" තුළ දුටු වහාම දෑත් නලියන්නට වූයේ මේ පිළිබඳව යමක් සටහන් කරනා ලෙසට නියෝග කරමින්...

    දුර සිට තබනා වෙඩි උණ්ඩයකින් නිර්ලජ්ජිත ලෙස මරා දමනා සිංහයාගේ සිරුර මත පාදයක් තබාගෙන ගිනි අවිය කර මත හොවාගෙන උජාරුවෙන් යුතුව ලබාගන්නා ඡායාරූපයක ඇත්තේ ශ්‍රේෂ්ඨ බවද? නැතහොත් බියගුළු භාවයද?

    දඩයම ශ්‍රේෂ්ඨ යැයි ඉගැන්වූ සහ පිළිගත් සමාජයක් තුළ දඩයක්කරුවා ශ්‍රේෂ්ඨ වනවා විනා සැබෑවටම දඩයක්කරුවා ශ්‍රේෂ්ඨ වේද?

    ඔබ දන්නා සියල්ල සත්‍යය ද? ඔබ දන්නා ඉතිහාසය සත්‍යය බවට ඔබට එකහෙලා කිව හැකිද?

    අපි ඕනෑම දෙයක් ගැන යමක් දැනගන්නේ ඒ පිළිබඳව මනුෂ්‍යයන් විසින් ඉතිහාසය මත තැබූ පා සටහන් ආධාරයෙන්. ඒ සෑම දෙයක්ම සත්‍යය ලෙස අපට පෙනෙනා නමුදු ඒ සත්‍යය ම විය හැකිද?

    එසේ විශ්වාස කිරීමට අපව කුඩා කළ පටන්ම හුරුකර තිබේ. යමක් තර්කානුකූලව විමසා බලනුයේ කවරෙක්ද? කීයෙන් කී දෙනාද?

    2111112142
    #spn
     
    • Like
    Reactions: kinkon and Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    b-love-kandy-logo.png
     
    • Like
    Reactions: s.p.n