යාළුවනේ මම තව යාළුවො 3 දෙනෙක් එක්ක සිංහරාජ කැලේ යන්න දා ගත්තා. 
දවස් ගනන් යන්න පුලුවං කමක් නැති නිසා අපි ලබන සිකුරාදා එලි වෙන පාන්දර උදේ 2ට කොළඹින් පිටත් වෙලා එතනට පාන්දර 6ට විතර ලඟා වෙන්න කියලා තමා හිතුවෙ. යන්නෙ රත්නපුර-පැල්මඩුල්ලෙන් හරවලා.
ඇත්තම කතන්දරේ අපේ පළමු කැලෑ ගමන තමා මේක.
අපි ඉතින් හොඳ photo ටිකක් ගන්නත් හිතාගෙන තමයි මේ ගමන යොදා ගත්තේ.
ඉතින් විස්තර ටිකක් දන්න අයගෙන් දැනගෙන යන එක ඇඟට ගුණයි කියලා හිතුනා.
සිංහරාජෙ ගියපු කෙනෙක් නම් වඩාත් හොඳයි. පුළුවන් නම් මට පහත දේ ගැන පහදලා දෙන්න.
1. අපි යන්නෙ වෑන් එකකින්. ටිකට් ගන්න තියෙන තැන වෙනකන් වාහනයෙන් යන්න පුලුවන් නේද?
2. එතනින් කැලේ ඇතුලට යන්න වෙනම රෙන්ට් එකට ජීප් එකක් ගන්න ඕනෙද? නැත්නම් පයින් යන්න පුලුවන්ද?
3. කුරුල්ලො පෙන්නන්න tracker කෙනෙක් ගන්න කියලා එක්කෙනෙක් කිව්වා? ඒක සුදුසුද?
4. අපිට කැලේ ඇතුලෙදි කන්න කෑම ටිකට් ගන්න තැනින් ගන්න පුලුවන්ද? නැත්නම් අපි පිටින් අරන් යන්න වෙයිද?
5. කූඩැල්ලන් එල්ලෙනවට දාන කවර එතන සල්ලි දීලා ගන්න තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒක ඇත්තද? අපි අමතර මොනා හරි අරගෙන යන එක සුදුසුද? (සබන්, භූමිතෙල් වගේ දේවල්..)
මීට අමතරව මොනා හරි වෙන මඟ ඇරුණු දෙයක් තියේ නම් කරුණාකර මතක් කර දෙන්න.
එහෙනම් යාළුවනේ හෙට නෙමේ අනිද්දා නිසා ඉක්මන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ගමන ගිහින් ඇති අයගෙන්.
නැති අය BUMP එකක් වත් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.

දවස් ගනන් යන්න පුලුවං කමක් නැති නිසා අපි ලබන සිකුරාදා එලි වෙන පාන්දර උදේ 2ට කොළඹින් පිටත් වෙලා එතනට පාන්දර 6ට විතර ලඟා වෙන්න කියලා තමා හිතුවෙ. යන්නෙ රත්නපුර-පැල්මඩුල්ලෙන් හරවලා.
ඇත්තම කතන්දරේ අපේ පළමු කැලෑ ගමන තමා මේක.
අපි ඉතින් හොඳ photo ටිකක් ගන්නත් හිතාගෙන තමයි මේ ගමන යොදා ගත්තේ. ඉතින් විස්තර ටිකක් දන්න අයගෙන් දැනගෙන යන එක ඇඟට ගුණයි කියලා හිතුනා.