සිංහරාජ ලෝක උරුමය වනසන ආණ්ඩුව
ලෝක උරුමයක් වෙන සිංහරාජය කියන්නේ ලංකාවේ හුස්ම නැත්නම් හදවත බවට සැකයක් නෑ. ඒත් සංවර්ධනය හෝ සංචාරක කර්මාන්තයේ දියුණුව කියන පිරුවටය මුවාවෙන් සිංහරාජය වනසන්න බොහෝ දෙනෙක් එදා වගේම අදත් උත්සහ කරනවා. මේ තමයි එහි අලුත්ම පියවර. සංචාරකයන් බොහෝ දෙනෙක් සිංහරාජයට එන්නේ වාහනේක නැගලා ඇතුලට ඇවිත් බලලා යන්න නෙවෙයි. පාගමනින් ගිහින්, සුන්දර අත්දැකීමක් ලබන්න. සංචාරකයන්ගේ අවශ්‍යතාවය ඒ විදිහට වෙද්දි අපේ පාලකයන් සිංහරාජයේ පිවිසුම් මග පුළුල් කරන බව කියමින් චීන සමාගමකට කොන්ත්‍රාත්තුවක් ලබාදීලා තිබෙනවා සියලුම පාරිසරික නීතිරිති උල්ලංඝනය කරමින්. ලංකාවාසීන් ලෙස ඔබ මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුම අවස්ථාවක්.
ජනපති පරිසර ඇමතිව සිටියදී ලෝක උරුම වනාන්තරයට හෙනහුරා පාත්වෙන අරුමය
https://www.youtube.com/watch?v=t7vF1gmPNuM

වන සංරක්ෂණ එකෙන් නියාමනය කරනව ඔය ප්‍රොජෙක්ට් එක.හැම වෙලාවෙම නිළදාරියෙක් ඉන්නව වැඩ කරන තැන.පාර දෙපැත්තේ වදුලු ටික විතරයි අයින් කලේ.යුනෙස්කෝ එකෙන් කොන්දේසි සහිතව අවසර දීල තියෙන්නේ ප්‍රොජෙක්ට් එකට.
අඩුම ගානේ පිටින් පස්වත් ගෙන්න දෙන්නේ නෑ පාර හදන්න
ආක්රමණික ශාක වියාප්ත වෙයි කියල.අනික ඕක ඉස්සර බස් එකකුත් ගිය පාරක්.
2002,2017 ගංවතුරෙන් ගොඩක් හානි උනා නාය ගිහිල්ලා,හෝදගෙන ගිහින්.චීන සමාගමෙන් ලංකාවේ කම්පැණි එකක් කොන්ත්‍රාත් එක අරගෙන තියෙන්නේ.ඒකේ වැඩට අරන් තියෙන්නේ ගමේ මිනිස්සු.උන් ඔය කාටවත් වඩා කැලෑවට ආදරෙයි.පාර දෙපැත්ත සුද්ද කරනකොට සර්පයො එහෙම කීයක් බේරල යවල තියෙනවද.කොහොමත් තුන්වෙනි කෑම්ප් එක ගාවට වාහන යන පාරක් තියෙනව වටෙන්.ඔය පාර හදන්නේ යන අයගේ පහසුවට.[/B]