සිංහරාජ වනාන්තරය: දේවානි........

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    _114229985__102156546_a89c422a-42c3-425f-a6d3-2b9057adf280.jpg

    සිංහරාජ වනාන්තරය


    ගම්පහ දිස්ත්‍රික්කයේ වන අඩවි නිලධාරිනියක් සිය මුහුණුපොතේ තැබූ සටහනකින් සිංහරාජ වනාන්තරය බේරාගැනීමේ මෙහෙයුමක් පෞද්ගලිකව ආරම්භකර ඇති බවට සමාජ ජාල ඔස්සේ වාර්තා වී තිබිණ.
    ඇය දේවානි ජයතිලකය. පසුගියදා මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යෝජනා වූ අවස්ථාවේ එයට එක හෙලාම ප්‍රසිද්ධියේ දේශපාලන බල අධිකාරිය ඉදිරියේදීම තම විරෝධය පෑමත් සමගම දේවානි ජයතිලක ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය.
    මෙවර සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් පෞද්ගලිකව මැදිහත් වී සිංහරාජ වනාන්තරය බේරාගැනීමේ උත්සාහයක නිරතවන බව ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
    "මට ඔය ප්‍රශ්නයට මැදිහත්වෙන්න පුළුවන්කමක් නෑනේ. අපි පහළ නිලධාරීන්, එතකොට ඉතින් පුරවැසියෙක් විදිහට මට කරන්න පුළුවන් උපරිම දේ ඔච්චරයි කියල තමයි මම කල්පනා කළේ. අපි මෙහෙ අක්කරයක් දෙකක් රකිනවට වඩා එහෙ පර්චස් එකක් හරි රකින එක වටිනවා."


    _114229986_118510708_3598525966833064_862081173761345269_n.jpg

    දේවානි ජයතිලක


    ඇය මෙම කාර්යය ආරම්භ කළේ සිය මුහුණු පොතේ සටහනක් තබමිනි. සැප්තැම්බර් 2වන දා මුහුණු පොතේ සටහනක් තබමින් ඇය පැවසුවේ "ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න" යනුවෙනි.
    ඇය එසේ පැවසුවේ තනියම සුළු වශයෙන් සිංහරාජ වනාන්තරය බේරා ගැනීමටයි. නමුත් ටික මොහොතකින් සමාජ ජලයෙන් ලැබුණු ප්‍රතිචාරත් සමග නොසිතූ මානයකට යාමට හැකියාව ලැබුණු බව දේවානි ජයතිලක බීබීසි සිංහල සේවයට පැවසීය.

    "ඒක ලෝක උරුමයක්නේ. ඒක නිසා ඒ ලෝක උරුම තත්වය රැකගන්නත් අපි බැඳිලා ඉන්නවා නේ. ඒක නිසා එකට පොඩි ඉඩම් ප්‍රමාණයක් හරි ගන්න පුළුවන් කියන මතයෙන් තමයි මම ඕක කරන්න කියල හිතුවේ. ඒත් දැන් හිතුවට වඩා ප්‍රතිචාර තියෙන නිසා අපි දැන් හිතුව ඉඩම් දෙන ඔක්කොම එකතුකරලා ලංකාගමේ අයට ඉඩම්ටික දීල ඒ ඉඩම් ටික කැලෑ කරන්න."
    දේවානි ජයතිලක පවසන්නේ ලංකාගම පවුල් 180ක් පමණ ජිවත්වන බවත් එයින් සින්නක්කර ඉඩම් 60ක් පමණක් ඇති බවත්ය.


    _114229696__102156974_c3a1a7ea-c799-44e6-840f-6d20e7fddf02.jpg



    දේවානි ජයතිලක මෙසේ තම පවුල් උරුමයෙන් ලැබුණු අක්කරයකට ආසන්න කෑගල්ල ප්‍රදේශයේ තම ඉඩම ලංකාගම පුද්ලයෙකුගේ ඉඩමකට හුවමාරු කර එම ලංකාගම ඉඩම සිංහරාජ වනයට මුදාහැරීමට තීරණය කළේ පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙලුව ලංකාගම හරහා දෙණියාය දක්වා සිංහරාජය හරහා දිවෙන මාර්ගය ඉදිකිරීම පරිසරයට හානි නොවන ලෙස දින 90කින් සිදුකරන ලෙස උපදෙස් දීමත් සමගය.

    දේවානි ජයතිලකගේ මුහුණු පොතේ සටහනට ප්‍රතිචාර දක්වමින් සම්පත් කරුණානන්ද සටහනක් තබමින් කියා සිටියේ, "ලෝක උරුමයක් රැක ගැනීම සඳහා පවුල් 118ක් වෙනත් තැනක පදිංචි කරවමින් ජිවිකාව හදා දෙන්නට, පරිසරය රැකීම එක් ප්‍රධාන අරමුණක් කර ගනිමින් බිහි කළ ආණ්ඩුව අසමත් නම්, ජනතාව තනි තනි වශයෙන් හෝ එය රැක ගැනීම උදෙසා නැගී සිටින්නට සූදානම් බවට වන පණිවිඩය, ඇය නම් තනි යෝධ ගැහැණිය විසින් ලබා දීම ආරම්භ කර ඇත. කුරා කුහුඹු මාගේ ගෞරවනීය ආචාරය ඔබට!!!"

    මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර් ඩබ් ආර් ප්‍රේමසිරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෙළුව සිට ලංකාගම දක්වා කිලෝමීටර 18ක් දිවෙන ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කරන්නේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත බවත් පරිසර සංවේදී කලාපය ඔස්සේ වැටී ඇති කිලෝමීටර 1.1ක් වන කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවත් ඉදිරියේ දීත් ඒ සඳහා ඉඩ නොදෙන බව හා මෙම මාර්ග සංවර්ධනය කිරීම පරිසරයට හානිවන අයුරින් නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් ය.



    _114229698__106432243_mediaitem106432239.jpg



    එහෙත් මෙම මාර්ගය සංවර්ධනය කරනුයේ දේශපාලනඥයකුගේ ඥාතියෙකුට අයත් ඉඩමක ඉදිකෙරෙන හෝටලයකට යාමට බවත් මෙය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්තරයේ සංවේදී පරිසර කළාපයට හානි සිදුවිය හැකි බවත් ඇතැම් පරිසරවේදීහු පවසති.

    තවත් සමහරුන් පවසන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ කොළඹට නුවරට හෝ හම්බන්තොටට පමණක් නොව, එය රටෙහි සෑම කොටසකටම එකම ආකාරයට සිදුවිය යුතු බවත්, රට පුරා අධිවේගී මාර්ග සෑදීමට උත්සහා ගන්නා යුගයක තම ගම්මානයට ඒමට ඇති අන්ත දුෂ්කර මාර්ගය පිළිසකර කර ගැනීමට ලංකාගම වැසියන්ට අයිතිය තිබිය යුතු බවයි. ලෝක උරුමයක් වන සිංහරාජයට කිසිදු ආකාරයක බලපෑමක් නොවන පරිදි එය සිදුවිය යුතු බවත් මේ අන්ත දෙකම මැද මාවතකට ගෙන වඩාත් තිරසාර ලෙස සංවර්ධනය කිරීම බලධාරීන්ගේ වගකීම විය යුතු බවත් ඔවුහු පවසති.
    පරිසරවේදීන් පවසන්නේ මෙහි ප්‍රධාන ගැටලුව පාරක් කැපීම නොව එය සිදුකරන ආකාරය බවයි. ලංකාගම හා ඒ අවට සිටින මිනිසුන්ට පාරක් අවශ්‍ය වුවත් එය සිදුකරන ආකාරය පිළිබඳව ගැටලු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.


    _114229991_e8e0c9d0-86d1-41ce-b4a4-71645c7d36d7.jpg




    "අපි මේ කතාකරන්නේ ඉතා සංවේදී පරිසර කලාපයක් ගැන. නිලධාරීන් කියනවා ගස් තුනයි කැපෙන්නේ කියල ජනාධිපති තුමා කියල තියෙනවලු එක ගහක් කපන්න එපා කියල. පිට ඉඳල බලන අයට මේක එක ගහක් වෙන්න පුළුවන්, ඒත් මොකක්ද මේ ගස් තුන හරි එක ගහ හරි මම පෞද්ගලිකව දන්නේ නෑ මොකද්ද මේ ගස් කියල, නමුත් මේ ප්‍රදේශයේ තියෙන ගස් සමහර වෙලාවට ලෝකෙටම තියෙන්නේ 100 ක් හරි ඉතා සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඒ කපන ගහ ආයිත් නැතිවෙන්න පුළුවන්. ඔය කතා කරන්නේ ලොකුගස් ගැන ඒත් කුඩා ගස් ගැන සඳහනක් නෑ," පරිසරවේදී ආචාර්ය සුරන්ජන් ෆර්නැන්ඩෝ බීබීසී සිංහල සේවයට පවසීය.

    ආචාර්ය සුරන්ජන් ෆර්නැන්ඩෝ පවසන්නේ මෙම ප්‍රශ්නයට පිළියම් දෙකක් ඇති බවය. එකක් නම් මෙම ලංකාගම හා අනෙකුත් ගම්වල පිරිස වෙනත් තැනක පදිංචි කිරීම හෝ ගිංගඟ හරහා පාලමක් ඉදිකොට මාර්ගය සකස් කිරීමයි.

    "මේකේ තියෙන ලොකුම ගැටඑව කරන විදිහ තමයි. මේකට කිසිම පරිසර බලපෑම පිළිබද අධ්‍යයනයක් කරලා නැහැ, එසේ තිබුණ නම් මේක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන්. මෙතන තියන ප්‍රශ්ණය පාර හදන එක නෙමෙයි, ඒක කරන විදිහ. මේකෙන් පේන්නේ මේ රජය ඉතා සීග්‍ර සංවර්ධනයක් කරගන ගමනේදී පරිසරයට වන හානියයි. මෙහිදී පරිසරය ගැන, එහි ජිවත්වන මිනිසුන් ගැන හා ඒවා පිළිබඳ තීරණය කරන අය අතර මනා අවබෝධයක් හා සම්බන්ධයක් තිබිය යුතුයි."
    ඔහු වැඩිදුරටත් පැවසුවේ සංවර්ධනය කිරීමේදී පරිසර හිතකාමී ආර්ථික මොඩලයකට යා යුතු බවත් හුදෙක්ම සංවර්ධනය පමණක් නොකළ යුතු බවත්ය.




    https://www.bbc.com/sinhala/sri-lanka-54014757
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ලංකාවේ අලි ගම් වැදීම ප්‍රශ්න ආවෙත් කැලෑ හරහා ඉදි කරපු මහා මාර්ග නිසා..පාර කැපුවාට පස්සේ තව ප්‍රශ්න එනවා ඒකත් එක්ක...සත්තු පාර මාරු වෙන්න කැමති නෑ..ඒක නිසා එයලගේ ආහාර භූමි,වාස භූමි වගේ පාරිසරික නිකේතන වෙන් වෙනවා.පාරිසරික නිකේතනයක් ඒ ඒ සත්වයාට පමනක් ආවේනික නිසා ඒ අඩුව වෙන තැනකින් පුරවන්න බෑ..අපිට වුනත් මොන ලෝකේ හිටියත් ගෙදර වගේ දැන්නේ නැත්තේ මේ හේතුව නිසයි.....මත්තලට යන්න පාර කැපුවට පස්සේ අලි අලුතෙන් ගම් වදින්න ගත්ත එකෙන්වත් පාඩම්ක් ඉගෙන ගෙන පරිසරයට එයාගේ පාඩුවේ ඉන්න කියලා ඔය ඉන්න මිනිස්සු වෙන තැනකට ගෙනල්ලා පදිංචි කරන එක තමයි කරන්න පුලුවන් හොදම වැඩේ....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    අදාල නොවෙන රාජකාරි ඉටුකිරීමට යාම කියල මෙයාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්න ඕනෙ. S`
    Ubath ithn adala wada tika witharak karagena hitapanko...uatath adala nane parikashana tynwda ndda kiyana eka...m
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි චන්දෙ දුන්න උනත් ඒ චන්දය ගත් ආණ්ඩුවට මතක නැති වෙන්න පුළුවන් ආණ්ඩුව පොරොන්දු උනේ මොකද්ද කියලා මෙහෙම හරි මතක් කරලා දීම වටිනවා...

    ලංකාගම සංවර්දනය කල යුතුයි ඒක කරන්න තියෙන විදි වලින් හොදම විදිය ඒ මිනිස්සු පහසුකම් තියෙන නගරාසන්නව පදිංචි කිරීම. රජය (මතක තියාගන්න ආණ්ඩුව නොවේ) ඒ කියන්නේ රටේ පරතිපත්තිය වෙන්න ඕනේ තට්ටු නිවාස දිරිගැන්වීම මොකද අපිට තියෙන්නෙම වර්ග කිලෝමීටර් 65610 ඔය ටික ඉවර වෙන්න තව දශක 4කට 5කට වඩා යන්නේ නැහැ

    අනික් අතට අපේ ප්‍රදාන ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය ඒකත් echo tourism පැත්තට බර එකක් එහෙම එකේ වනාන්තර සතුන් වැඩි වැඩියෙන් අපිට ඕනේ ඔය ඔක්කොටමත් වඩා රටේ පුරවැසියන්ට හුස්ම ගන්න පිරිසිදු වාතයයි බොන්න වතුරයි ඕනේ නේද ?

    හිටපු ආණ්ඩුවට වඩා මේ තියෙන එක සිය ගුණයකින් හොදයි නමුත් ඒක දිගටම රැක ගන්න නම් ඉදලා හිටලා හරි කොනිත්තන්න වෙනවා නැත්නම් බල නිද්‍රාවට වැටෙනවා මේ ආණ්ඩුව ගේන්නත් සමාජ මාද්‍ය ලොකු වැඩක් කරා මේවත් එහෙම වෙනස් කරලා හරි දේට ආණ්ඩුව යොමු කරවන්න පුළුවන් වෙයි

    ආණ්ඩුවට හොද කනේ පාරක් දෙන්න පුළුවන් මිනිස්සු පරිසරයට ආදරේ කරන බවත් හරි දේ කිරීම අගය කරන බවත් පෙන්වන්න මේ ගමේ තියෙන මුළු ඉඩම් ප්‍රමාණයම වෙන පහසුකම් ඇති ඉඩම් වලට මාරු කරගන්න කැමති අය සමාජ මාද්‍ය හරහා ඉදිරිපත් උනොත් එකේ පෙරමුණ ගන්න ඕනේ පරිසර සංවිදාන හා ක්‍රියාකාරීන් (ඒ අයටත් පෙන්නන්න පුළුවන් ඒ අය ඇත්තටම පරිසරයට ආදරේ අය බව) එක්කෝ සල්ලි එකතු කරලා එක තැනකින් ලොකු ඉඩමක් අරන් දෙන්න පුළුවන් එහෙම දෙයක් කරොත් ආණ්ඩුවට වෙන ලැජ්ජාව සුළුපටු නැහැ

    අනික් අතට ඊළගට ජනතාවට පුළුවන් විල්පත්තුවට ඇගිල්ල දික් කරන්න මේ දේම කරන්න කියලා අනික් අතට මේ වැඩේ පුර්වාදර්ශයක් කරගන්න පුළුවන් මිනිසුන් පදිංචි වීම වෙනුවෙන් වෙන කැලෑ විනාශය නවත්වන්න තවත් ඕනේ නම් මේකම හේතු කරගන්න පුළුවන් තට්ටු නිවාස ක්‍රමය දිරිගන්වන්න
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාරවල් පළල් කරද්දී වන්දි දීල ඉඩන් පවරගන්න පුළුවන් නං ජලාශ හදද්දී ගම පිටින් පදිංචි කරන්න පුළුවන් නං ඔය පොඩි ගම වෙන තැනකට යවන එක එච්චර අමාරු නං නෑ ඉඩන් දීල වන්දි දුන්නොත් ඕකුං පැනගෙන එයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,347
    113
    ඔය සිරස TV බල්ලොන්ට තමා ගහන්න ඕන කොහේ හරි කැලෑවක ගමක් පෙන්න පෙන්න අරක නෑ මේක නෑ කිය කිය හැමදාාම පෙන්නනවට.අදටත් ඵහෙමයි.ඔය ලංකාගම කියන පැත්තටත් පාරක් නෑ කියල මුලින්ම කිව්වෙ උන් දැන් උපාසකයො වෙලා පරිසරයට හානි වෙනව කිව්වට.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.

    අද ලංකාදීප ඔන්ලයින් පේපර්

    TDvbqY0.jpg


    JrG78Pm.jpg


    b6sY4xL.jpg


    PLcxR58.jpg


    R5RwD7U.png


    NSJjllt.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.

    අද ලංකාදීප ඔන්ලයින් පේපර්

    TDvbqY0.jpg


    JrG78Pm.jpg


    b6sY4xL.jpg


    PLcxR58.jpg


    R5RwD7U.png


    NSJjllt.png


    දෙය්යනේ.... මේ මිනිස්සු අපේ රටට මොනවද මේ කරන්න යන්නේ .:shocked::shocked::shocked::shocked::shocked::shocked:...................



    විල්පත්තුව රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව ප්‍රදේශයේ වනාන්තර වනාන්තර පද්ධතියක් මුළුමුනින්ම ගිනි තබා විනාශ කර තිබේ.

    මෙමගින් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර ගත් වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.

    වසර 200ක අධික කාලයක් මෙහි තිබූ වටිනාකමින් ඉහල ගස් වර්ග ද කපා දමා ඇතැයි ද සඳහන්ය.

    පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම වනාන්තරය තුළ මෙරටට ආවේණික සත්වයින් සහ ශාක රැසක් බහුල වූ බවයි.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොරගහකන්ද හදද්දී ඒ පැතිවල මිනිස්සු වෙන තැන්වල පදිංචි කලා නම් මේ පවූල් 118ක් පදිංචි කරවන්න බැරි ඇයි. පාර හදන්නම ඕනි seen එකක් වගේ තියෙන්නෙ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Kohomath okata janagahana palanayak hara wena wisadumak naha
    Wena Mona h#tta kalath kale Eli wenawa kalayath ekka.
    Oya parisara wediyo ponsla widinna puluwan uparima Sapa widagena.parisaraya winasha karamin
    Lankagama unta kiyanawa sattu wage innalu.
    Mona diwa deke kathada mewa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අපි චන්දෙ දුන්න උනත් ඒ චන්දය ගත් ආණ්ඩුවට මතක නැති වෙන්න පුළුවන් ආණ්ඩුව පොරොන්දු උනේ මොකද්ද කියලා මෙහෙම හරි මතක් කරලා දීම වටිනවා...

    ලංකාගම සංවර්දනය කල යුතුයි ඒක කරන්න තියෙන විදි වලින් හොදම විදිය ඒ මිනිස්සු පහසුකම් තියෙන නගරාසන්නව පදිංචි කිරීම. රජය (මතක තියාගන්න ආණ්ඩුව නොවේ) ඒ කියන්නේ රටේ පරතිපත්තිය වෙන්න ඕනේ තට්ටු නිවාස දිරිගැන්වීම මොකද අපිට තියෙන්නෙම වර්ග කිලෝමීටර් 65610 ඔය ටික ඉවර වෙන්න තව දශක 4කට 5කට වඩා යන්නේ නැහැ

    අනික් අතට අපේ ප්‍රදාන ආදායම් මාර්ගයක් සංචාරක කර්මාන්තය ඒකත් echo tourism පැත්තට බර එකක් එහෙම එකේ වනාන්තර සතුන් වැඩි වැඩියෙන් අපිට ඕනේ ඔය ඔක්කොටමත් වඩා රටේ පුරවැසියන්ට හුස්ම ගන්න පිරිසිදු වාතයයි බොන්න වතුරයි ඕනේ නේද ?

    හිටපු ආණ්ඩුවට වඩා මේ තියෙන එක සිය ගුණයකින් හොදයි නමුත් ඒක දිගටම රැක ගන්න නම් ඉදලා හිටලා හරි කොනිත්තන්න වෙනවා නැත්නම් බල නිද්‍රාවට වැටෙනවා මේ ආණ්ඩුව ගේන්නත් සමාජ මාද්‍ය ලොකු වැඩක් කරා මේවත් එහෙම වෙනස් කරලා හරි දේට ආණ්ඩුව යොමු කරවන්න පුළුවන් වෙයි

    ආණ්ඩුවට හොද කනේ පාරක් දෙන්න පුළුවන් මිනිස්සු පරිසරයට ආදරේ කරන බවත් හරි දේ කිරීම අගය කරන බවත් පෙන්වන්න මේ ගමේ තියෙන මුළු ඉඩම් ප්‍රමාණයම වෙන පහසුකම් ඇති ඉඩම් වලට මාරු කරගන්න කැමති අය සමාජ මාද්‍ය හරහා ඉදිරිපත් උනොත් එකේ පෙරමුණ ගන්න ඕනේ පරිසර සංවිදාන හා ක්‍රියාකාරීන් (ඒ අයටත් පෙන්නන්න පුළුවන් ඒ අය ඇත්තටම පරිසරයට ආදරේ අය බව) එක්කෝ සල්ලි එකතු කරලා එක තැනකින් ලොකු ඉඩමක් අරන් දෙන්න පුළුවන් එහෙම දෙයක් කරොත් ආණ්ඩුවට වෙන ලැජ්ජාව සුළුපටු නැහැ

    අනික් අතට ඊළගට ජනතාවට පුළුවන් විල්පත්තුවට ඇගිල්ල දික් කරන්න මේ දේම කරන්න කියලා අනික් අතට මේ වැඩේ පුර්වාදර්ශයක් කරගන්න පුළුවන් මිනිසුන් පදිංචි වීම වෙනුවෙන් වෙන කැලෑ විනාශය නවත්වන්න තවත් ඕනේ නම් මේකම හේතු කරගන්න පුළුවන් තට්ටු නිවාස ක්‍රමය දිරිගන්වන්න
    මොරගහකන්ද හදද්දී ඒ පැතිවල මිනිස්සු වෙන තැන්වල පදිංචි කලා නම් මේ පවූල් 118ක් පදිංචි කරවන්න බැරි ඇයි. පාර හදන්නම ඕනි seen එකක් වගේ තියෙන්නෙ
    ඔව් මොකද මේ එකපාරටම මේ මිනිස්සු ගැන මෙච්චර දුකක්, ඔතන අනිවාර්යෙන්ම වෙන මොකක හරි සීන් එකක් තියනවා මෙතන පාර හදන එක තමා ඕන වෙලා තියෙන්නේ.
    ඕක තමා කියන්නේ බලය තියෙද්දී මොලේ නැ මොලේ තියෙද්දී බැලී නැ කියලා

    බලය තියෙද්දී මහින්දලාට මතක නැ මිනිස්සු එක පාරක් ගෙදර යැව්වා කියන එක

    දැන් ඉන්න ජනාදිපතිතුමා ඉන්නේ ඉස්සර මහින්දටත් වැඩිය අසරණ තැනක
    මොකද අනිත් පැත්තට දෙමලු,හම්බයෝ ඔක්කොම ඉන්නවා සිංහල චන්ද ටිකක් අඩු උනොත් ගෙදර

    මහින්දගේ හෙන්චයියෝ ගම කනවා අන්තිමට ගොටාබයගේ නමත් චෝර කරලා තමා මහින්ද යන්නේ