සිංහලයන් මරනවා බල බලා උදේ ආහාරය ගත් ලූතිනş
සිංහලයන් මරනවා බල බලා උදේ ආහාරය ගත් ලූතිනල් මැක්ලේන්
* බි්රතාන්යයන්ගේ මානව හිමිකම් සහ ඌව වෙල්ලස්ස - 02 කොටස
බි්රතාන්යයන්ට අප කිසිදා ආරාධනා කළේ නැත. ඔවුන් අපව ආක්‍රමණය කොට බලෙන් මෙරටෙහි පදිංචි වූ අය වෙති. ඉන්පසු කූට ගිවිසුමක් මගින් මුළු රටම අත්පත් කර ගෙන එහි කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් ක්‍රියා කරන විට සිංහලයෝ ඉංග්‍රීසින්ට විරුද්ධව උන්ගෙන් රට නිදහස් කර ගැනීමට සටන් වැදුණි.
ඌව වෙල්ලස්ස නිදහස් සටන මර්දනය කිරීමට රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ගම් නියම් ගම් විනාශ කරමින් සිංහලයින් බුරුතු පිටින් ඝාතනය කරමින් කරන ලද මහත් වූ විනාශය ඇසින් දුටු එවකට බදුල්ලේ හිටපු දිසාපති හර්බට් වයිට් විසින් ”ජර්නල් ඔෆ් ඌව” නමැති සඟරාවට එම තත්ත්වය සඳහන් කොට ලියන ලද ලිපියේ කොටසක් ගිය සතියේ පළ කළෙමු.
සිංහලයෝ ඉතා නිර්භීතව විවිධ ගරිල්ලා උපක්‍රම යොදමින් සටන් වදිමින් තම හමුදා පරාජය කරන අන්දම දුටු බ්රවුන්රිග් මහත් සේ මවිතයටත්, බියටත් පත් විය. ඔහු වහාම ලිපියක් මගින් එංගලන්තයේ ලන්ඩන් නුවර වංශාධිපති බැතරස්ට දන්වා යැව්වේ මෙම තත්ත්වය බි්රතාන්යයේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත්, තමන් මෙම සටනින් පරාජයට පත්වුවහොත් එය ලංකාවේ පමණක් නොව සමස්ත ඉන්දියාවේම බි්රතාන්ය අධිරාජ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බවත්ය. ඔහුගේ තදබල ඉල්ලීම පරිදි ඉන් පසු ඉන්දියාවේ මදුරාසියේ බි්රතාන්ය ආණ්ඩුකාරවරයා විසින් බළඇණිි දෙකක් මෙරටට එවන ලදී. එක් බළඇණිියක් යුරෝපියයන්ගෙන් සමන්විත වූ අතර, අනික ඉන්දියාවේ ද්‍රවිඩ සෙපෝයි සෙබළුන්ගෙන් සමන්විත විය. පරාජය හමුවේ වියරු වැටී සිටි බ්රවුන්රිග් ම්ලේච්ඡු තිරිසනෙක් ලෙස හැසිරෙමින් සිංහල සටන්කාමීන් සමග සටන් කිරීම පසෙකලා ගම්මාන පිටින් වනසා සියලූම සිංහලයන් සමූල ඝාතනය කිරීමට නියෝගය දුන්නේ විශේෂයෙන් ඔහු ගෙන්වා ගත් මෙම ”අමතර හමුදාවන්ටය.
ඉතා ප්‍රබල ආයුධ වලින් සමන්විත විශාල සේනාවක් සමඟ කළ එම සටනින් සිංහලයින් කෙමෙන් කෙමෙන් පරාජයට පත් වන විට ඉංග්‍රීසි නිලධාරීන් තම කෲරත්වය මැනවින් ලෝකයට පෙන්විය. 73 වැනි රෙජිමේන්තුවේ ලූතිනන් මැක්ලේන් තවත් එක් තිරශ්චීන නිලධාරියෙක් විය. ඔහුගේ විනෝදාංශය වූයේ ඔහු සෑම දිනම උදේ ආහාරය ගන්නා විට කුමන හෝ සිංහලයකු අල්ලා ඔහුව එල්ලා මරනු දැකීමයි. මේ පිළිබඳව එවකට බදුල්ලේ සහය කොමසාරිස් ලෙස සේවය කළ කර්නල් බේ බෲක් ලන්ඩන් නුවර සාමි මණ්ඩලය ඉදිරියේ මෙසේ වාර්තා කොට ඇත. ”ලූතිනල් මැක්ලේන් නමැති පුද්ගලයා නුවර සිංහල සිරකරුවන් කිසිදු විභාගයක් නොතබා එල්ලා මරා දමා ඇති අතර, ඔහු උදේ ආහාර ගන්නා විට එසේ එල්ලා මරන අන්දම නරඹමින් විනෝද වී ඇත.” යනුවෙනි. සිංහලයින් කිසිදු වග විභාගයකින් තොරව, අත්අඩංගුවට ගෙන හිතුමනාපේ එල්ලා මරා දැමූ අනෙක් දීන සුද්දා වූයේ කර්නල් හුක්ය. ඔහු අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිගේ කිට්ටු තම ඥාතියෙකු වූ මාවතගම නිලමේ තුමාද එසේ එල්ලා මරා දැමීය. පසුව ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා මහා නාහිමිට සිය කනගාටුව ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.
britain2බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ලූතිනන් වූ කපිතන් ෆෙස්ර නමැත්තා සිංහලයන් 19 මැරූ බවත් ඉන් 7 දෙනෙක් එල්ලා මරා දමා ගොඩමුන්න අසල ගඟකට දැමූ බවත්, පසු දින සිට ඒ අවට පදිංචිකරුවන්ට එම ගෙඟ් දිය අපවිත්‍ර වූ නිසා පාවිච්චි කිරීමට නොහැකි වූ බවත් සඳහන් වේ. ලූතිනන් යනු ආණ්ඩුකාරවරයාගේ රාජකාරි වැඩට සහාය වන ඔහු ළඟම සිටින ඉතා කනිෂ්ඨ නිලධාරියෙකි. එවන් වූ කෙනෙක් මෙලෙස මනුෂ්‍ය ඝාතන හිතුමතේ කළේ ද ඒ සඳහා ආණ්ඩුකාරවරයාගේ පූර්ණ කැමැත්ත සහ අනුමැතිය තිබූ බැවිනි. අපට වර්තමාන මානව හිමිකම් චෝදනා ගෙන එන්නේ එවැන්නන්ගෙන් පැවැතෙන බි්රතාන්ය නිලධාරීන්ය.
වර්ෂ 1818 ඔක්තෝබර් මස 7 වැනි දින එංගලන්තයේ ලන්ඩන් නුවර ටයිම්ස් නමැති පුවත්පතෙහිද සඳහන් වී ඇත්තේ බ්රවුන්රිග්ගේ මෙම මර්දන ක්‍රමවේදය ඉතා භයානක සහ බැරෑරුම් ක්‍රියාදාමයක් බවයි. නමුත් එම ක්‍රියාදාමයන් නවතාලීමට බි්රතාන්යය රජය ක්‍රියා කළේ නැත. ජෝන් ඬේවි යනු එවකට බි්රතාන්ය හමුදාවේ සිටි ශල්‍ය වෛද්‍යවරයකි. ඔහු බි්රතාන්ය හමුදාවන් සමග වෛද්‍යවරයෙක් ලෙස මෙහෙයුම්වලට සහාය වූවෙකි. ඔහුගේ දිනපොතේ වරින් වර ඔහු මෙසේ සඳහන් කොට තිබේ. ”සිංහල සටන් කාමින්ගේ යුද උපක්‍රම ඉතා සාර්ථකය. ඔවුන් විශාල අගල් කපා, උඩින් පිදුරු වැනි සැහැල්ලූ දේ අතුරා, අගල් තුළ උල් වූ කටු, යකඩ කූරු යනාදිය සිටුවා තිබේ. අප යන මාර්ගයේ කිසිවකුට නොපෙනෙන්න තුවක්කු, දුණුු, ඊතල බැඳ තිබේ. බොහෝ අවස්ථාවල අපේ සෙබළු එම උගුල්වලට හසු වෙති. සිංහලයින් ආක්‍රමණය කරන විට ඉතා භයානකය. ඔවුනට කිසිදු බයක් නොමැති අතර, සතුරාට අනුකම්පාවක්ද නොදක්වයි. ඔවුන් ඉතා කැපවූ සටන්කාමියෝය. අපේ හමුදාවේ 20 පමණ කැලෑ තුළ තදබල ලෙස රෝගී වී මිය ගියහ. බි්රතාන්ය සොල්දාදුවෝ 1000 ක් පමණ සිංහල සටන්කාමීන්ගේ අතින් ජීවිතක්ෂයට පත්විය. නමුත් අපට එක සිංහලයෙක්වත් මරා දැමීමට නොහැකි විය. එසේ වුවත් අපි බොහෝ ගම්වැසියෝ මරා දැමුවෙමු. අපි අඩුතරමේ මේ වන විට ගම්වැසියන් 10,000 ක් වත් මරා ඇත.”
1821 වන විට ඌව වෙල්ලස්සේ දේශපේ‍්‍රමී පවුල් වල එකදු දරුවෙක්වත් ජීවත්ව සිටියේ නැත.”
අඩු තරමේ මධ්‍යම පළාත් ජනගහනය 10 ක් වත් බි්රතාන්ය හමුදාව ඝාතනය කොට ඇත.
”යම් දිස්ත්‍රික්කයක් තුළ කැරැල්ලක් පැන නැගුණුු විගස එහි යුද කඳවුරු එකක් හෝ දෙකක් ස්ථාපිත කරයි. ඉන් පසු මාර්ෂල් නීතිය පනවයි. පසුව ඔවුන් එසේ කැරලි ගසන්නන් ගේ සහ අවට සියලූම නිවාස පුච්චා දමයි. එම කුඩා කඳවුරුවලට, සියලූම ගස් කපා, තමන්ට සුලූවෙන් හෝ විරුද්ධ වන ඕනෑම කෙනෙක් මරා දමන්න බලය දී තිබේ. මෙම අක්‍රමවත් අසාධාරණ ක්‍රියාවන්වලට අපේ රජය වගකීමක් නොගන්නා බවද සඳහන් කළ යුතුය” යනාදි වශයෙනි. එසේනම් නිදහස් රටක් කූට ලෙසින් ගිවිසුමක් මගින් අත්පත් කොට එම ගිවිසුමේ කොන්දේසි කඩමින් ක්‍රියා කරන විට රටේ නිදහස පතා සිංහල සටන්කාමීන් පෙළ ගැසේ නම් නිසි ලෙස පුහුණු වූ, නිසි සංවිධානයකින් හෙබි, තුවක්කු පතරොම් වලින් සමන්විත ශක්තිමත් බි්රතාන්ය හමුදාව කළ යුතුව තිබුණේ සිංහල සටන්කාමීන් සමග සටන් කොට ඔවුන් පරාජය කිරීමය. නමුත් එසේ සිංහල සෙබළුන් සමඟ සටන් නොකොට, නිරායුද අසරණ ගම්වැසියන් බුරුතු පිටින් මරා දමමින්, සිංහල කාන්තාවන් දූෂණය කරමින්, ගම්මානවල සියලූම යටිතල පහසුකම් විනාශ කරමින් ක්‍රියා කිරීම නිවට නින්දිත ක්‍රියාවක් නොවන්නේ ද ? එය මානව හිමිකම් පමණක් නොව අද පවතින සියලූම යුද නීති උල්ලංඝනය කළ නින්දිත යුද අපරාධ ගණයට අයත් වේ.
එය එසේ වුවත් අද වන තුරු බි්රතාන්ය රජය ඔවුන් කරන ලද ඒ නින්දිත ක්‍රියාව පිළිබඳව අඩු තරමේ සිය කනගාටුවවත් ප්‍රකශ කොට නැත. එහෙව් ඉංග්‍රිසින්ට අපේ හමුදාවන් මානව හිමිකම් කඩ කළාය, යුද අපරාධ කළායැයි චෝදනා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් තිබේද ? එසේම වර්තමානයේ උතුරේ හමුදාව වහා ඉවත් කළ යුතු යැයි ද හමුදා හරණය කළ යුතු යැයි ද කියන ඉංග්‍රීසින්ට අප මතක් කර දිය යුත්තේ ඔවුන් 1818 දී ඉන්දියාවෙන් අපගේ නිදහස් සටන මර්දනය කිරීමට ගෙන ආ අමතර හමුදාවන් ලංකාවෙන් යළි පිටත් වූයේ වසර 102 ක ට පසුව බවය.
බ්රවුන්රිග්ගේ සාහසික ක්‍රියාවලින් එතෙක් ශිෂ්ට සමාජයක් ලෙස ජීවත් වූ සිංහලයින් ගෝත්‍රිකයින් බවට පත්විය. සිංහලයින්ගේ චාරිත්‍ර, වාරිත්‍ර, සම්ප්‍රදායන්, සංස්කෘතිය, ආගම සියල්ල අතුගා දැමිණ. ගම්මාන පිටින් වනසා පසුව කුස ගින්නේ සහ තදබල ලෙස රෝගීව සිටි ඌව වෙල්ලස්ස සිංහලූන් ඉංග්‍රීසින් වෙඩි තබා මරා දැමුවේ දඩාවතේ දිව යන සුනඛයන්ට මෙනි. පසුව ඔවුන් සිංහලයින්ගේ ඉඩම් සියල්ල කොල්ල කෑහ. ඒවා බලෙන් පවරා ගෙන, සශ්‍රීක, නොඉඳුල් වනය කපා, ඔවුන්ට සහ බි්රතාන්යයේ වෙසෙන තම හාම්පුතුන්ට මුදල් ලබා ගැනීමට වාණිජමය වශයෙන් පමණක් වාසි වගාවන් ආරම්භ කළහ. උඩරට වැසියන්ගේ එකම වස්තුව වූයේ ඔවුන් සතු ඉඩම්ය. එම ඉඩම් ඔවුන්ගේ ජීවනෝපාය වූවා සේම ඔවුන්ගේ අභිමානය ද විය. ඔවුන් දිවි පරදුවට තබා සටන් වැදුණේ්ද එම ඉඩම් පිහිටි තම මාතෘභූමිය ආරක්ෂා කිරීමටය. කිසිවකුට හිංසාවක් නොකොට තමන්ගේ පාඩුවේ නිදහසේ සිටි එම වැසියන්ට මෙවන් ඉරණමක් අත්කර දුන් ඉංග්‍රීසින් අපට දැන් මානව හිමිකම් පිළිබඳව දේශනා කරන විට අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයින් විසින් අප එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ තවදුරටත් නිවටව කරබා සිටීමෙන්ද යන්න අප විසින් සිතා බැලිය යුතු වේ.
ථෙරවාද බුදු දහම රටේ රාජ්‍ය ආගම වූ අතර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට අපේ රටේ සිටි රජවරුන් බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කළහ. බුදු දහම සහ සිංහලයා අද මෙන්ම එදත් ගසට පොත්ත මෙන් විය. චෝල, පාණ්ඩ්‍ය, කාලිංග මාඝ කෲර ආක්‍රමණයන් මධ්‍යයේ වුවද පිරිසිදු බුදු සසුන ආරක්ෂා කිරීමට අපට හැකි විය. එම නිසා උඩරට ගිවිසුම අත්සන් කරන විට උඩරට ප්‍රධානින් විසින් බුදු දහම ආරක්ෂා කළ යුතුය යන්න එම ගිවිසුමේ අන්තර්ගත කළ යුතු යැයි බි්රතාන්යයන්ට පැවසීම තේරුම් ගත හැක. බි්රතාන්යයන් විසින් කිසිම පැකිලීමකින් තොරව ඒ බැව් ගිවිසුමට ඇතුළත් කළේ එසේ නොමැතිව උඩරට ප්‍රධානින් කෙසේ වත් ගිවිසුමට එකඟ නොවන බව දන්නා බැවිනි. එසේම ඒ වන විට වසර 20 ක් පමණ මුහුදු බඩ පෙදෙස්වල සිටි ඉංග්රීසිහු බුදු දහම සිංහලයන්ගේ ජීවන රටාවට කොතෙක් දුරට බද්ධ වී ඇද්ද යන්න ගැන පූර්ණ අවබෝධයක් ද තිබූ බැවිනි. නමුත් එය ඉතා නින්දිත ප්‍රෝඩාවක් විය. බ්රවුන්රිග් පසුව සිනාසෙමින් පිළිගත්තේ ඔහු ඒ ලෙස කටයුතු කළේ උඩරට රාජධානිය පවරා ගැනීමට මිස වෙන දේකට නොවන බවය. ඉන්පසු සිදුවූ දේ අප කවුරුත් දනී. ඔවුන්ගේ ආගම පතුරවා හැරීම සඳහා බුද්ධ ශාසනයේ පැවැත්මට කිසිදු සහයක් නොදුන්නා පමණක් නොව වෙහෙර විහාර කඩා බිඳ දමා එරෙහි වන භික්ෂූන් වහන්සේලා පවා ඝාතනය කළහ. ඔවුන් එසේ කළේ සිංහලයා පූර්ණ වශයෙන් පරාජය කිරීමට නම් ඔවුන්ගේ කොඳු නාරටිය වන බුදු සසුන විනාශ කළ යුතු යැයි යන්න විශ්වාස කළ බැවිනි. බෞද්ධ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කොට ඒ වෙනුවට මිෂනාරි පාසල් ආරම්භ කළේ බි්රතාන්යයන්ගේ ආගමට සංස්කෘතියට ලැදි දේශීය පිරිසක් ගොඩනගා ගැනීමටය.
1807 දී මේට්ලන්ඞ් නමැති ආණ්ඩුකාරවරයා බි්රතාන්ය ජාතික මාතර දිසාපතිට ලියූ ලිපියක මෙසේ සඳහන් වේ.ිමෙය ඉතා රහසිගතව කළ යුතුය. මාතර වෙසෙන බෞද්ධයන්ගේ දර්ශනය සහ ඔවුන් බුදු දහම මත රැඳී පැවතීම නැති කළ යුතුයි. මාතර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ගම්මාන වල ප්‍රධානීන්ට වඩා බල ගතුයි. ඒ නිසා ගම් ප්‍රධානීන් අබෞද්ධයින් බවට වහාම පත් කළ යුතුයි. බි්රතාන්යයන් නීච ලෙස බුදු දහමට පහර ගැසුවේ ඒ අයුරිනි. නිදහස් රටක නිදහසේ ඇදහූ බුදු දහමට, බුදු සසුනට අද මිනිස් අයිතිවාසිකම් ගැන බණ දෙසන ඉංගී්රසින් එදා සැලකූ ආකාරයයි ඒ.සිංහලයින් 80 දෙනෙක් එල්ලා මරණ ලද ඌව පරණගම විදුහල් භූමියේ පිහිටි ඓතිහාසික සියඹලා ගසේ ඡුායාරූපය සමග තවත් විස්තර. -ලබන සතියේ
http://divaina.com/sunday/index.php/visheshanga1/9308-100-21
රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

.sudda rail para haduwe unge tea business ekata lesi nisa.mama kiyanne naha sinhalu perfect kiyala.sudda sinhalunta bonna dunna nikan ape gobbayoth ewa nikan dunna nisa biwwane.ada balapan wela thiyena de.api unath drink eka maha loku deyak karagena.drink eka dammoth thama api porawal kiyala hithan inne.owa apema waradi.jathiyak widihata ekamuthuwa apita nagitinna baha.japanese,chinese aya api wage nemei thamange guts walin nagitta minissu.minissu e widihata nagitta nisa thama e ratawal diyunu une.ada ape ratawal mehema une apema waradden kiyala mama hithanne.suddagen hoda dewal aran naraka dewal ganne nathuwa inna apita bari una. ekai ubala api thamath sudda karapu dewal gana kiyawanne.
no fair skin
christian logic