සිංහලයින් ගැන කියැවෙන ගී

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Hela_Jathika_Abimane_CT.jpg
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සනත් නන්දසිරි- මල්කාන්ති නන්දසිරි

    (පරන ගියක් ..කට්ටිය අහල තියෙනවද දන්නෙ නෑ)


    https://db.tt/iiDYQd0G
    ඉර හඳ පායන සිංහල දීපේ- රන්මුතු පාදන
    රන්මුතු දී
    සිව් මහා ගංගා ගලනා දීේ - පිපී මලින් පිරි ලංකා දී
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මා ඉපදුණු මගේ රටට සේවය කරලා - ජීවිතයේ පරම සුවය සදහට සොයලා
    රට වෙනුවෙන් දැය වෙනුවෙන් දාබිඳු හෙලලා- පියවර පෙරමුණට තබමු ජය ගී ගයලා...

    එඩිතර සිංහල විරුවන් ගිය මග යන්නේ - ඒ දස්කම් විස්කම් නෑඅමතක වෙන්
    ජාතික අනුරාගෙන් හදවත් පිබිදෙන්-අප ජීවත්වන රට සුර පුර හෙළන්
    මහවැලි කලු කැළණි මහා ගංගා හඬදී- බැස යන නාදෙ හැම

    රාවෙම ොව පරදීවි
    මහවැවි දාගැබ් හැදුේ අපමය පෙරදී - ඒ බව සිහිොට පෙරටම දිවයමු පිබිදී
    එඩ්වඩ් ජයකොඩි
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    බැරිද ඔය සිංදු ටික upload කරල ලින්ක්ස් ටික දාන්න ????


    මම දාපුවගේ නම් ලින්ක් දාල තියෙන්නෙ වැඩ නැත්නම් කියපන් !
    එඩ්වඩ්ගේ එක පරණම නෑ ඒත ඇති නෙට් එකේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දූ පුතුනේ රට අපේය..
    දූ පුතුනේ අප රටේය..

    මල් පැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණූ..
    ලේ දහඬිය නටයි රණ දෙරණේ හැලුණූ..
    ජාතිය නඟන රිසියෙන් හද ඔද වැඩුණූ..
    එනු ඉඳිරියට පුත පැරකුම් දුටු ගැමුණූ..

    සමනොල ගිරඅඟ ඉර හඳ සැතපෙන තුරුම..
    රටවට මුහුද නිසලව නිඳියන තුරුම..
    ඵුලතිසි පිලිමයට යළි පන එනතුරුම..
    මේ සිරිලක් මඩල පුත අපටයි උරුම..

    - ශාලිත අබේවික්‍රම


    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
    මට ලබා දුන් ත්‍යාගයයි
    චන්ඬ මාරුතයේ නොසෙල්වෙන
    චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස
    බියෙන් හැකිලී නැමී යානම්
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිද එය ඉවතලනු මිස

    මිල මුදල් ලැබ කුවේරයින්ගේ
    සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මඳුර හඬ කුමකටද මට
    ගොළුව බිහිරිව සතුටු වණු මිස

    - විශාරද නන්දා මාලනී


    මගේ රටට දළදා හිමි සෙවනයි
    මගේ දැයට දළදා හිමි සරණයි
    සැපතින් සපිරුණ නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි

    දළදා මැදුරේ රන්කොත මුදුනේ
    විහි කිරණින් මුළු රටම අවදිවේ
    දෙදහස් වසරක මහරු අතීතය
    සීද තේජසින් යළි පිබිදේ

    එතනම විය දැය එක ලෙස බැඳුනේ
    සිත් තුළ බිය කම් පහ දුරු කෙරුනේ
    සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
    ජය බෙර වැයුනා ජය ගී ගැයුවා

    - විශාරද සනත් නන්දසිරි


    මනරංජන දර්ශණීය ලංකා
    මාතා අති රමණී
    කිත් පැසසුම් ලැබ දස දිග පූජිත
    සුන්දර අප සිරිලක් මෑණී
    සැරදේ සැරදේ සැරදේ ලක් මවුනී
    වැජඹේවා සවුසිරිනී

    ශුද්ධ නගර අනුරාධපුරේ සහ
    පොළොන්නරුව පැරණී
    සීගිරි අද සිහිපත් කරවයි පෙර
    බැබළුන කීර්තිය දස අතිනී
    සැරදේ සැරදේ සැරදේ ලක් මවුනී
    වැජඹේවා සවුසිරිනී

    පුරාතනේ විසු රජදරුවෝ
    ගාමිණි මහසෙන් පැරකුම්බා
    නිම කල මහ වැව් පොකුණු ද දාගැබ්
    අද දිනයෙ ද නොමැකී සෝබා
    සැරදේ සැරදේ සැරදේ ලක් මවුනී
    වැජඹේවා සවුසිරිනී

    පෙම්බර ලක් මව අද දින නිදහස්
    සුවයෙන් නැළවෙන්නී
    සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින
    බර වී සුළඟේ රඟ දෙන්නී
    සැරදේ සැරදේ සැරදේ ලක් මවුනී
    වැජඹේවා සවුසිරිනී

    ශ්‍රී විභූතියෙන් සපිරුනු මේ
    මවුබිම සුන්දර අති රමණී
    සවුසිරියෙන් සරු කරනට අපි සැම
    ඉදිරියටම යමු හද බැතිනී

    - ලතා වල්පොල


    නන් සුරන් බැතියෙන් පිදූ
    සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය
    මේ අපේ තුන් සිංහලේ

    දෙස් විදෙස් පතළා වු කිත් යසසින් ලෙවන් පසුබා සැදී
    මීමුතුන් සුවහස් ගණන් විය මව්බිමේ නාමෙන් බැඳී
    සීහලේ සුවඳින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
    උන් මලත් අපගේ විකුම් විමසා සදා නොනිදා හිඳී
    දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ

    උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැලේ හදවත් අපේ
    මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ
    පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ

    - බණ්ඩාර අතාවුද


    පෙරදිග මුතු ඇටයයි මේ
    ලෝකේ සිරිබර සිරි ලංකා

    ජනිතවු සැම මෙම පොළොවේ
    නිති ආඩම්බර විය යුතුවේ
    නෑ කුල භේදේ ආගම් වාදේ
    හැරදා එකමුතු වී සමගිව පේළි සැදී
    පිබිදී රකිමු අපේ ලංකා

    නැගී සිටිය හැක එක්‌සත් වී
    බෙදීගියොත් රට යයි සුන් වී
    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව්
    අපගේ විකුම බලේ
    රට ජාතියෙහි බලේ

    - ඩිංගිරි මැණිකා


    පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණ සිරිලක්දිවේ
    ආරියකුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ

    සෙංකඩගල නගරය මැද සිරි දළදා මන්දිරේ
    රන්මැලිසෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ
    මේ රට සොඳ මුතු ඇටයකි සොද ඉන්දිය මහා සාගරේ
    ඉන්දිය මහ සාගරේ..

    රන් සමනල මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
    සිංහලඅත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ
    වටිනාකම රකිනා කල නමට වදී තුන්හෙලේ
    නමට වදී තුන් හෙලේ..

    - අල්හාජ් මොහිදින් බෙග්


    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි

    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    - විශාරද පණ්ඩිත් අමරදේව‍


    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා

    - විශාරද පණ්ඩිත් අමරදේව

    තව සිංදු තියෙනවා මතක නෑ බං.. යන්න රටවටේ සිංදුවෙ පද පේලි මතක නෑ.. ඩෙස්මන් සිල්වා කියන්නෙ..:yes:
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    සිංහබාහු පරපුරේ සිංහලයෙක් නම් ... - ගුණදාස කපුගේ- සුනිල් ආරියරත්න ලියූවක්


    සිංදුව මා ගාව නම් තියෙනව නෙට් එකේ හොයන්න නෑ බන් ... ඕන නම් මේල් කරන්නම්

    https://dl.dropboxusercontent.com/u...nil Ariyarathna - Somapala Rathnayaka .mp3

    Me thiyenne

    https://www.facebook.com/video.php?v=680231615356778