ත්රෙඩ් එක උඩට.
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක කාලයක් අරගෙන ලීවාට. මේ උත්සහය අප නිරන්තරයෙන් තබාගත යුතුදෙයක්. මේ දේ උනොත් ආපසු හැරවීමක් නැහැ. ඒ බරපතල කම හැමවිටම මෙනෙහි කල යුතුව තිබෙනවා.
මේ දැනුවත් කිරීම වෙබ් ෆොරම් එකකට විතරක් සීමා නොවිය යුතුයි. අපි දවසකට කී දෙනෙක්ටනම් කෝල් කරනවා ඇත්ද. ඒ මොහොතේ යම් කිසි වැදගත්ම පණිවිඩයක් දෙන්න අමතක නොකල යුතුයි.
අනික මචන් මේවට ආදේශ යමක් කිරීම අනිවර්ය දෙයක්.
මේක එතරම් අපහසු දෙයක් නොවෙයි.
අපේ මිනිස්සු මුදල් බැංකුවල ගොඩගහනවා.
උන් මුදල් ආයෝජනය කරනවා. ඔතනයි වෙනස තියෙන්නේ.
මුදල් කෝටි ගනන් බැංකුවල තැන්පත් කොට කල් මැරීම මෙහි තිබෙන ප්රදාන ගැටළුවයි. මේ මිනිස්සුන්ට විදෙස් රටවල සංචාරය කොට අත්දැකීම් ලබාගන්නේ නම්. ලංකාව තුල විශිෂ්ට ගනයේ කර්මාන්ත ශාලා ඇරඹිය හැකියි.
මේවාට ප්රතිරෝදය ඇතිකල හැකි බුද්ධිමත් පිරිස් අප අතරේ නොසිටිනවා නොවෙයි ප්රායෝගිකව ක්රියාත්මක නොවීමයි ගැටළුව. කෙසේ වෙතත් එය නොපමාව කල යුතු කාලය දැන් එලඹිලා තියෙනවා.


ශ්රී ලංකාව අපේ ඇස් දෙක වගේ රැකීම අපේ යුතුකමයි
ලාංකිකයා වැනසීමට ඉඩ නොදෙමු.අපේ දේ අපි රැක ගමු
ජය ජය ශ්රී ලංකා
උබල වගේ ජාතිවාදී යක්කු ටිකක් මේ රටේ ඉන්න නිසා තමයි මේ රටට කෙලවෙලා තියන්න. මචන් ටිකක් සාධාරණව හිතපන්.
පිරිසිඳු සිංහල කියල දෙයක් නැහැ. හැමෝම එක පවුලේ ශ්රී ලාංකිකයෝ. සිංහල දෙමල මුස්ලිම් ජාතිවාදයක් වැඩක නැහැ බන්
නිකන් අන්තවාදී වෙන්න එපා. දෙමල මුස්ලිම් කියන්න අපේ සහෝදර ජනතාව.