සිරාවට නමට හරි ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක තියන එකේ වටිනාකම තේරුම් ගියෙ නන්දෙයා ආවට පස්සෙ තමා. කලින් අපි උනත් හිතන් හිටියෙ ඔය ප්‍රජාතන්ත්‍රවාදෙයි අරකයි මේකයි එක්ක දැගලුවොත් මේ ලංකාව නං හදන්න වෙන්නෑ. ඒකාධිපතියෙක් වෙලා හරි ගැම්මට ඉදලා රට හදන්න ඕනෙ කියලනෙහ් (ඔව් ඔව් ex බයියෙක් තමා

) ඒත් ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන චන්ද බලය, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය, මාධය නිදහස වගේ ඒවා ඉස්සර මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරලා දිනාගෙන තියෙන්නෙ ඇයි කියලයි ඒවගෙ වටිනාකමයි වේස නන්දයා තමා තේරුම් කරේ හරියටම. අපි රට හදන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාල ඒකාධිපති ලයින් එක ගෙනාවත් අවුලක් නෑ කියලා හිතුවට ඒක හරියට අපිව යක්ෂ ආත්ම වලින් ආරක්ෂා කරන්න දාපු සුරේ ගලවලා විසිකරලා දාල බෝතලේක ලෝක අමාරුවෙන් හිරකරපු යක්ෂ ආත්ම බෝතලේ කඩලා නිදහස් කරා වගේ වැඩක් කියලා දැන් තමා තේරෙන්නෙ