සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය

    සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් වන්නේ කවර යුගයකදී කුමන ආකාරයකටද?
    සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජාණන්ගේ රාජාභිෂේකය තමයි අපේ අවුරුද්ද වුණේ කියල ජනශ්‍රතියකුත් තිබෙනවා.
    මේ රටේ මුල් යුගයේදී රටට රජ කෙනෙක් නොසිටිය අතර, විවිධ සතුරු උපද්‍රවයන් නිරන්තරයෙන් පැමිණෙන විට ජනතාව කල්පනා කළේ, අපේ පැවැත්ම රැක ගැනීමටත් පාලනයේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමටත් රජෙකු සිටියොත් පහසුයි කියලා (අප රක්ෂණයට රක්ෂසයෙක්...). සිවුහෙලයම එකගත්වයෙන් තම රජු පත් කර ගැනීම උදෙසා රට පුරා යැවූ අණ බෙරයක් යැවීමට තීරණය කරයි. එය රට පුරා යැවුණු අතර ‍දවුල සම්බන්ධව පළමු සාක්ෂිය ද හමුවන්නේ මෙහිදී ය. මෙම අඬබෙරයට භාවිතා කොට ඇත්තේ දවුලයි.

    අනබෙරය-
    සියලු අංගං සටන් දන්නා,
    සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,
    දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,
    කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා.......

    ඉහත අණබෙරයට සවන් දුන්, ඒ සඳහා කාය ශක්තිය, ඤාණ ශක්තිය ඇති පිරිස තරගයට ඉදිරිපත් වුණා. අවසාන වශයෙන් තම හැකියාවන් ප්‍රදර්ශනය කෙරූ තුන්දෙනෙක් තේරුණා. කෙසේ හෝ ඒ ශිල්ප දැක්මෙන් ‘කහළ් සෙත් විවහස්’ කියන ගොවියා ජය ගත්තා. ඔහු දැවැන්ත කණුවක් සිටුවා ඒ මත තනි කකුලෙන් සිටගෙන සිට බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර බව පැවසේ .
    ජනයාගේ එකඟතාව සහ තමාගේ දක්ෂතාවත් උපයෝගි වූ නිසා නිවැරැදි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව සිදු වූ ඒ ක්‍රියාදාමයෙන් මොහුට ‘මහ සම්මත’ යන නම සම්මාන ලෙස ලැබුණි. මිනිස් වාසයෙහි පළමු වරට සිදු වූ එම තේරීම සනිටුහන් වන්නට ‘මනු’ යන නාමයත් එකතු වී ‘මහා සම්මතයෙහි මනු’ යන නාමයෙන් අභිෂේක කරන්නට සූදානම් වුණා. අරිසෙන් අහුබුදු ශූරීන් පවසන ආකාරයට මනු රජු තමන්ගේ රාජධානිය විදිහට තෝරාගෙන තියෙන්නේ මන්නාරමයි (මනු+ආ+අරම=මන්නාරම).
    මනු රජුයේ පුත් රෝජ නම් වන අතර වරරෝජ ආදී බලි, තරු, රාවන ආදී රජවරුන් ඉන් පසුව රජවී ඇත. රාජාවලියේ ද සඳහන් වෙන ආකාරයට මනු රජුගෙන් ආරම්භ වෙන මනු රාජවංශය රජවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ රාජවංශය මෙසේයි.
    1.මහා සම්මත මනු
    2.රෝජ
    3.වරරෝජ
    4.කල්‍යාණ
    5.වරකල්‍යාණ
    6.උපෝසථ
    7.මහා මන්දාතු
    8.වරමන්දාතු
    9.චේතිය
    10.චේතියගේ පලමු පුත්‍රයා
    11.චේතියගේ දෙවන පුත්‍රයා
    12.චේතියගේ තෙවන පුත්‍රයා
    13.චේතියගේ සිව්වන පුත්‍රයා
    14චේතියගේ පස්වන පුත්‍රයා
    15.මහා මුචලින්ද
    16.මුචලින්ද
    17.පළමුවන සාගර
    18.දෙවන සාගර
    19.භරත
    20.රුචි
    21.සුරුචි
    22.පතාප
    23.මහා පතාප
    24.පහද
    25.සුදස්සි
    26.නෙරුප
    27.මහා නෙරුප
    28.අසිරිමත්

    මෙහි දැක්වෙන මහා මන්දාතු රජු සක්විති රජෙකු වේ. මහා මන්දාතු රජුගෙන් පසුව දක්නට ලැබෙන ප්‍රබලම රජතුමා වන්නේ 'හිරණ්‍ය කාශ්‍යප' හෙවත් 'හිරණිය කසුබ්' රජුයි. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව හිරණ්‍ය කාශ්‍යප සහ මහා මන්දාතු යනු එකම රජකෙනෙකු ලෙසට ද මතයක් ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් නම් තරමක අපහැදිලි තත්තවයක් පවතියි. රාජාවලියේ සඳහන් වෙන ආකාරයට මහා මන්දාතු රජුගෙන් පසුව රජ වෙන්නේ වරමන්දාතු රජතුමායි. නමුත් හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව රජ වන්නේ ඔහුගේ පුත් ප්‍රාලද කුමරු බවටද මතයක් පවතියි. ප්‍රාලද යනු වරමන්දාතු රජුම නම් මේ ගැටළුව විස‍ඳෙනු ඇත. සිංහල අක්ෂර මාලාව විධිමත්ව බිහිකිරීමේ ගෞරවය යන්නෙත් මෙතුමාටය .(ළමයින්ට අකුරු කියවන්න කලින් 'ඊරණි නමෝ' කියලා හිරණ්‍ය කසුබ් රජතුමාවසිහි කිරීමේ පැරණි චාරිත්‍රයක් ඇත.)
    හිරණ්‍ය කාශ්‍යප සම්බන්ධ ග්‍රාම නාම අතර හිරණ මලය (හොරණ) වැනි ග්‍රාමයන් වන අතර අනුරාධපුරයේ මඩාටුගම මහා මන්දාතුරජු ගේ නමෙ බිදී ආ බව එහි පැරැණ්ණො විශවාස කරති - වර්ගපූර්ණිකාව සහ සිංහල බෝධි වංශය ඇසුරින් . — with Nayanajith Jayantha.
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Niyamai...
    11.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර ප්‍රකට සමාජ විද්‍යාඥයකි, ප්‍රවීණ ගත් කතුවරයෙකි, සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජය වෙත රැගෙන යැමේ පුරෝගාමී මෙහෙවරක නියෑලි විද්වතෙකි.

    අලුත් අවුරුද්ද අපේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නෙ කොහොමද?

    අපි මේ පවත්වන අවුරුදු උළෙල පිළිබඳව අපේ ජාතියේ ඉතිහාසය ලියෑවී තිබෙන මහාවංශයෙහි කිසිම සඳහනක්‌ නෑ. ඊට පසුකාලීනව ලියවුණු වංසත්තපකාසිනී කියන මහාවංශ ටීකාවේවත් මේ ගැන කිසිම සාක්‌ෂියක්‌ සාධකයක්‌ නෑ. ඒ වගේම අපේ ප්‍රධාන ධර්ම ශාස්‌ත්‍රීය පොත් වන ධර්මප්‍රදීපිකාව, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, ථූපවංශය වැනි පොත්වලත් අවුරුදු උළෙල පිළිබඳ සඳහනක්‌ නෑ. අවුරුදු උත්සවයක්‌ පිළිබඳ අපේ ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ මහනුවර රජ කළ කීර්තිසිංහ රාජසිංහ (1747-1781) රජ සමයේ. එම රජතුමා නොනගත කාලය තුළදී ග්‍රහයින්ගේ ආරක්‌ෂාවක්‌ නැති නිසා දළදා මාලිගාවේ සිටි බවත්, හිසතෙල් ගෑමට අවශ්‍ය ශාක පත්‍ර නානු සෑදීමට අවශ්‍ය හැලිවළන් ආදිය අස්‌ගිරි මල්වතු විහාරවලට සැපයූ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වෙනවා. ක්‌ලිµර්ඩ් හෝල්ඩ් නමැති ලේඛකයා ලියූ ද රිලිජස්‌ වර්ල්ඩ් ඔµa කීර්ති ශ්‍රී නම් පොතේ මෙය පැහැදිලිව තිබෙනවා. නමුත් එදා මේ රජුගේ කාලෙ සිදු කළ අවුරුදු ක්‍රියාකාරකම් අද අපි අලුත් අවුරුද්ද ලෙස කරන කියන දේවල් නෙමෙයි.

    පොළොන්නරුවේ රජ කළ මහ පැරකුම් රජුගේ ළමා කාලයේදී පැවැත්වූ වසන්ත සැණකෙළියක්‌ පිළිබඳව තොරතුරු මහවංශයේ 64 වන පරිච්ඡේදයේ සඳහන් වුවත් එය සිංහල අලුත් අවුරුද්ද ගැන නෙමෙයි. 1681 දී රොබට්‌ නොක්‌ස්‌ ද අලුත් අවුරුද්ද ගැන යම් විස්‌තරයක්‌ ලියා තිබෙනවා. රජතුමාගේ මූලිකත්වයෙන් ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස්‌ මත මාර්තු 26-28-29 දිනවල පැවැත්වූ උත්සවයක්‌ ගැනයි ඔහු ලියා තිබෙන්නේ.

    කෙසේ හෝ අද අපි පවත්වන අලුත් අවුරුදු උළෙල අපේ ජාතික ඉතිහාසය තුළ එහි ආරම්භයේ සිටම දක්‌නට නොලැබුණු බව පැහැදිලියි. එනම් මේ උළෙල තුළ ශක්‌තිමත් ඓතිහාසික පදනමක්‌ නොමැති බව පැහැදිලියි.

    සිංහල අලුත් අවුරුද්ද අද පවතින තත්ත්වයට ආවෙ කොහොමද?

    සිංහල අලුත් අවුරුද්ද විදිහට දැන් අපි සලකන්නෙ ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස්‌ කරගත් ලිත් ක්‍රමයයි. ඒ අනුවයි සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට එනවයි කියන්නෙ. මේ ශකවර්ෂ ක්‍රමය අපේ සමාජය තුළ භාවිතයට ආවේ 14 වන සියවසේ පමණ කාලයේ. 14 වැනි සියවසේ ලියවුණු දළදා සිරිත නමැති පොතේ එන zසකවසින් 1247 වැන්නZ කියන සාධකය එකක්‌. එම සියවසටම අයත් ගඩලාදෙණිය සෙල් ලිපියේ zශ්‍රී ශක වර්ෂයෙන් එක්‌වා දහස්‌ දෙසිට සැට අවුරුද්දක්‌ පිරුණුZ යන යෙදුමත් වැදගත්.

    16 වන සියවස වනවිට කන්දඋඩරට රාජධානිය ආරම්භ වෙලා දකුණු ඉන්දීය රජවරුන් මදුරාපුර රාජාවලියක්‌ මහනුවර පටන්ගැනීමත් සමග දකුණු ඉන්දියානු චාරිත්‍ර ඇදහිලි වගේම විශ්වාස රජුගේ අනුග්‍රහය ලබාගෙන ව්‍යාප්ත වුණා. ඒ දවස්‌වල රජුගෙ මූලිකත්වයෙන් තිබුණෙ ප්‍රධාන මංගල්ල හතරයි. ජනවාරි මාසෙ අලුත් සහල් මංගල්ලෙ, බක්‌මාසෙ අවුරුදු මංගල්ලෙ, ඇසළ මාසෙ පෙරහැර මංගල්ලෙ, ඉල් මාසෙ කාර්තික මංගල්ලෙ. මේ මංගල්ල හතරටම තියෙන්නෙ හින්දු පසුබිමක්‌. මේ හින්දු චාරිත්‍ර රජවාසල ඇසුරු කරගෙන දළදා මාලිගාව තුළට පිවිසිලා අද දක්‌වාම පවතිනවා. මෙයිනුත් පෙනෙන්නේ මේ උළෙල දේශීය පසුබිමක්‌ නැති එකක්‌ බවයි.


    - http://www.divaina.com/2016/04/10/feature16.html
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89