සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම



දැන් හුග දෙනෙක් ‍ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ‍ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි.

මුලින්ම මේ වෙබ් පි‍ටුවට ගිහින්
SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති...


මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..


අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි..

ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම..

මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්....


ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ..


සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම..


ඒ වගේම ෆොන්ට් වලට
Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම..

විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම..


සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම..


එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින්

මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි..

මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)


එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකකට උපසිරස යොදන්නට ලැබේවායි කියලා..!!

Code:
http://wikiyage.blogspot.com/2010/11/blog-post_28.html





 

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
:D thx 4 sharing
+5
1.gif