සිංහල උපසිරැසි නිර්මාණය කරන්නේ මෙහෙමයි

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    සිංහල උපසිරැසි නිර්මාණය කරන්නේ මෙහෙමයි

    Read the Full thread by Clicking the Left Mouse Button.
    Subtitles Edited by Donald Trump
    Subtitles Created by Vladimir Putin
    Subtitles Translated by Narendra Modhi
    Subtitles Resynced by Mahinda Rajapaksha
    Subtitles Wrote by Maithripala Sirisena

    ඔන්න මේ සැරේ කියල දෙන්නේ චිත්‍රපටියකට උපසිරසි හදන හැටියි. ක්‍රම දෙකක් තියෙනවා, ලේසි :) හා අමාරු :(

    1) ඉංග්‍රීසි උපසිරසියක් පරිවර්තනය කරගැනීම - :) ලේසි ක්‍රමය

    ගොඩාක් චිත්‍රපටිවලට ඉංග්‍රීසි උපසිරසියක් තියෙනවනේ. ඉංග්‍රීසි චිත්රපටිවලටත් ඉංග්‍රීසි උපසිරසි තියෙනවා (කන් ඇසීම අඩු අයට). ඒ උපසිරසියක් සිංහලට පරිවර්තනය කරගන්න එක ලේසියි. :) මුලින්ම ඉංග්‍රීසි උපසිරසි file එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Notepad හරහා ඒක Open කරගන්න. මේ වගේ lines සෑහෙන ගානක් ඇති. :frown:

    1
    00:04:08.759 --> 00:04:11.595
    Hello, Tony!
    - Hello, Dave!

    2
    00:04:11.995 --> 00:04:15.595
    Did you close the gate?
    - Oh! I forgot!

    ඒවගේ ඉංග්‍රීසියෙන් තියෙන වාක්‍ය සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. :yes:

    1
    00:04:08.759 --> 00:04:11.595
    හලෝ, ටෝනි!
    - හලෝ, ඩේව්!

    2
    00:04:11.995 --> 00:04:15.595
    ඔයා ගේට්ටුව වැහුවද?
    - අයියෝ! මට අමතකවුනා!

    මේ විදිහට මුළු ෆයිල් එකම සිංහලට පරිවර්තනය කරගන්න. :growl:

    ඊට පස්සේ File --> Save As ගිහිල්ල name එකට Film එකේ File එකේ නම දීල file type එක .srt කියල Film එක තියෙන Folder එකේම save කරගන්න. අහ. ඉන්න ඉන්න. :growl::growl:Encoding එක UTF-8 Select කරලා Save කරන්න.:yes:

    Film එක බලන ගමන් පරිස්සමට පරිවර්තනය කරන්න ඈ. මුලින්ම ඉංග්‍රීසි subtitles ටික play කරලා බලන්න. මොකද ඉංග්‍රීසි sub file එකේ වෙලාවල් වරදිනම් වැඩේ දෙල්.:growl:
    මේ වැඩේ තවත් ලේසි :) කරගන්න Subtitle Edit වගේ Software පාවිච්චි කරන්න පුළුවන්.

    2) කෙලින්ම subtitles හැදීම - අමාරු :( ක්‍රමය

    මේ වැඩේටනම් ගොඩක් කල් ගතවෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ Film එක බලනගමන් subtitle එක play වෙන්න ඕනේ වෙලාවල් ලියල සම්පූර්ණ ෆයිල් එකම අතින් ලියන එකයි. :growl::growl::growl: ඒ කියන්නේ Hello, Tony! කියන එක කියන කාල පරතරය අපිම හොයාගෙන ටයිප් කරන්න ඕන. :growl::growl::growl: මහා කරදර වැඩක්. :growl::growl::growl:

    line number
    පැය : විනාඩි : තත්පර.මිලිතත්පර --> පැය : විනාඩි : තත්පර.මිලිතත්පර
    subtitle


    මේ විදිහට තමන් පරිවර්තනය කරන හෝ නිර්මාණය කරන උපසිරසි අනිත් අයත් එක්ක නිකන් බෙදාගන්න පුළුවන් (SOMETHING සහ SOMETHING :growl: තියෙනවා). නැත්නම් එළකිරියේ හරි තමන්ගේම Website එකක විකුනන්න ;) උනත් පුළුවන්.

    ඔයාලම හදපු උපසිරසි තියෙනවනම් මේ thread එකේ දැම්මට අවුලක් නෑ. Thank You මන් මහන්සි වෙලා ලියාපු එක කියෙව්වට. :) නිකන්ම යන්න එපා bump එකක් හරි දාගෙන යන්න. :)

    හොඳ ගුණ දන්නෝ :) + Rep දෙන්නෝ :)
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වැදගත්...මට මේක ඕනේ වෙලා හිටියේ...රෙප් වැස්සක්
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    ඉන්ග්‍රිසි සබ් එක දාල සින්හල සබ් එක ගන්න පුලුවන්

    සබ් තියෙනවනම් දෙන්න අපිටත්

    rumansala.com
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif