සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ

    දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
    මෙ නෙතු රවටා මගෙ හිත අමතා
    හිරු හිනැහෙන උදයේදී ආදරයද මට කීවේ
    .................

    උදේ හවා කල ගෙවෙන තුරාවට පටු මාවත් අතරේ
    තුරුලිය සෙවනෙ සිහිලස ලබමින් ගතකල සොදුරු පැයේ
    මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවෙ
    .....................

    දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
    උනුහුම් සුසුමින් නෙත් බොදවෙද්දී
    සැඩහිරු නැගි මද්දහනෙ ආදරයද මට කීවේ
    .....................

    දෙදෙනා ආ මග අදමා තනිවම ඔබ නැ මගෙ සෙවනේ
    වයිර කරන්නෑ ‍මං කවදාවත් සැනසෙනු ඔහු සෙවනේ
    ප්‍රේමය රුදු සිහිනයකි ආදරයයි මට කීවේ
    ....................
    දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
    මා නෙතු හඩවා ඔහු හද සනසා
    හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවෙ

    දයාරත්න පෙරේරා
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔබ නාවොත් හෙට උදෑසන අරන්
    මට රැය විතරයි අයිති නොරිකො සං

    රැය හරිම දිගයි දෙවෙන්දොරා සං
    මට එන්න හිතයි ඔබ සොයා ඉතින්


    මගේ කඳුළු බිඳු පෙමට පෙරළමින්
    ඔබ උන්නු දවස් මතකයි ද කියන්

    ඒ අතීතයම හදවතේ ඉඳන්
    මට රිදවූ හැටි ඇවිත් කියන්නම්


    සිහිනයක් නැති අන්දකාරයෙන්
    නෙතු පියාගන්න අවසරයි ඉතින්

    හෙට උදේ ඇවිත් හැම කඳුලම මං
    යළි ආදරයට පෙරළා දෙන්නම්//

    සහේලි ගමගේ/කසුන් කල්හාර

    Saheli Rochana Gamage,Kasun Kalhara-Norikosan(Oba Nawoth Heta).mp3


    :dull: මං ආසම ගියක්.




    දැන් මලගිය ඇත්තෝ ගැන සින්දු ගොඩයි...


    නොරිකෝ සං ඔබ
    මම දෙවෙන්දොරා සං ලූ
    ගතයුතු තීරණ තීන්දු මගහැර
    ඔහේ අයාලේ යන දෙන්නෙක්ලු
    ඔබ මා ඇත්තද නිලන්තියේ

    ඔබ වෙනුවෙන් මා - මා වෙනුවෙන් ඔබ
    දෙන්නට දෙන්න සපථ වුනා
    එයින් එහා ලොවකට යන්න බෑ
    ගතද සිතද සලිතව එනවා

    නොරිකෝ සං ඔබ...

    එකම කාසියෙ දෙපැත්ත වෙමු අප
    රින සිතුවිලි ඇත දෙහද වෙලා
    එකට කූඩුවක තනිවෙන සිහිනය
    බොද වී යනයුරු බලාසිටින්නේ

    නොරිකෝ සං ඔබ...

    සනත් නන්දසිරි
    http://www.mediafire.com/?ce3fjwpduaxsicj
     
    • Like
    Reactions: maheshsenadheera
    Sep 1, 2009
    2,359
    215
    0
    අදුර අදුර මගේ
    සොදුර සොදුර මගේ
    නොයනු මැනවි දා
    තනිකර එලියේ...

    ගන රෑ කලුවර
    තනියම කුටියේ
    ගතකල දිවියේ
    රසතැන සිහිවේ...
    කුටියේ කෙලවර
    එලියක් දිස්වේ
    එලිය සොදුර මගේ
    දිවියට ලංවේ..

    අදුර අදුර මගේ...

    පෙම් එලි විහිදා
    නිවා දැමූ පසු
    දුන් නෙත් පීඩා
    දනිමී පෙරදා
    සදාකාලිකය
    අදුරේ රැජිනිය
    ඔබ හැරයන්නට
    නොදේවි මගෙ සිත..

    අදුර අදුර මගේ...


    One of first three songs of Priya Suriyasena along with Sarathasa niwa and Mage lamada.My everlasting most favorite song!:love:
    http://www.mediafire.com/?n295rqi1g2wf7sc
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පලංචියේ ලී ඉරුවේ අපි එකට

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
    ......................

    විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
    හොද හිත නුබෙ තරම් ලොවකින් ලබන්නද
    .......................

    දිඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදි නැති රැය පුරා නුබෙ සුසුමයි ඇසුනෙ
    හොර රහසින්ම එක සුවදක් පැතු සදිනේ
    නුබවත් නැතිවේද හෙට මට සකි සදුනේ

    පලංචියේ ලී ඉරුවේ අපි එකට..........

    සුනිල් එදිරිසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බබසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා
    කුමරියක පා.....සලඹ සැලුනා
    ...............

    උකුල ලැමහස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සලුතිර
    විවර කෙරුවා මනස් සලෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මා අභියස මැවෙන තුසිතය
    සුරන් නැලවූ..........සුයාමය
    කුමරියක පා සලඹ සැලුනා
    ...............

    නිසල ජීවන තපෝවන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුලු මල්පෙති
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නැලවූ...........සුයාමය
    කුමරියක පා සලඹ සැලුනා

    පන්ඩිත් අමරදේව

     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    බට්ටිත්තො

    හන්තාන කදූ පෙල හදට ආවඩා
    සරසවියට පිනී පොදක් වැටෙනවා
    මගෙ හද මැදුරට අදුර ගලනවා
    බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා

    කො ඈ? කොයිද මගෙ රන් කිරිල්ලී

    ඇයිද ගියෙ ඉගිල්ලී
    මා මෙහි හැර දා
    ඈතයි ඔබ ගිය දුර ඈතයි
    නිවහන මගෙ සීතයි
    එන්න යලි පියඹා

    මා මෙහි තනි කොට බට්ටිත්තෝ

    ගොම්මන් අදුරට බිය වී දෝ
    විරහා ගීය මගෙ ගයනව දෝ
    මා සනසන්නට හඩනව දෝ

    පියඹා යන්නට මට නම් බෑ

    ඈ සරසවියට එන්නෙත් නෑ
    ගග ලග පෙම් මග පාළු වෙලා
    මල් පෙති බොර දියෙ මලින වෙලා

    කො ඈ? කොයිද මගෙ රන් කිරිල්ලී

    ඇයිද ගියෙ ඉගිල්ලී
    මා මෙහි හැර දා
    ඈතයි ඔබ ගිය දුර ඈතයි
    නිවහන මගෙ සීතයි
    එන්න යලි පියඹා
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
    ......................

    විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
    හොද හිත නුබෙ තරම් ලොවකින් ලබන්නද
    .......................

    දිඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදි නැති රැය පුරා නුබෙ සුසුමයි ඇසුනෙ
    හොර රහසින්ම එක සුවදක් පැතු සදිනේ
    නුබවත් නැතිවේද හෙට මට සකි සදුනේ

    පලංචියේ ලී ඉරුවේ අපි එකට..........

    සුනිල් එදිරිසිංහ
    adossssssss mama issara patta asai me song ekata.. hahaha
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    දෙවට අයිනෙ

    දෙවට අයිනෙ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නෙ මාලයක් ගොතන්නයි
    සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා එය ගෙල දමන්නෙ ආදරෙ ලබන්නයි, ආදරෙ ලබන්නයි

    සියුමැලී මල් පෙතී
    පාට පාටින් සැරසෙතී
    ඇයි ලොවේ පිපුනෙ කියා
    සුවද මල් නොඅසතී

    බට ගහෙ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි
    හදවතෙ සුසුමන් නැගෙන්නෙ ඒ නලා වයන්නයි
    බට නලාවෙ ඒ ඇසෙන්නේ ආදරෙ කතාවයි, ආදරෙ කතාවයි

    බට ගහේ සිදුරකින්
    හදවතේ සුසුමකින්
    නැගෙන ඒ රාවයෙන්
    මියුරු වේ අප සවන්

    දෙවට අයිනෙ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
    නංගිලා ඒ මල් නෙලන්නෙ මාලයක් ගොතන්නයි
    සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
    මල්ලිලා එය ගෙල දමන්නෙ ආදරෙ ලබන්නයි, ආදරෙ ලබන්නයි

    සියුමැලී මල් පෙතී
    පාට පාටින් සැරසෙතී
    ඇයි ලොවේ පිපුනෙ කියා
    සුවද මල් නොඅසතී

    සියුමැලී මල් පෙතී
    පාට පාටින් සැරසෙතී
    ඇයි ලොවේ පිපුනෙ කියා
    සුවද මල් නොඅසතී

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූන නුබේ

    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූන නුබේ
    සැනසිල්ලක් නෑ ලැබෙන තුරා මට ඔය දෑත නගේ
    ඇස්වහ නෑ කටවහ නෑ නුබෙ රූපෙට උපමා නෑ
    මන ලෝල සිනාවට ආසවෙලා මගෙ හිත උන්මාද වෙලා
    .....................

    දුටුව දිනේ මන බැදුනේ නුබ දගකාර නිසා
    තවත් අගේ වැඩි වෙන්නේ ආඩම්බර හින්දා
    සදක් වගේ සුදු මුහුනේ ඇදෙන සිනා දැකලා
    මටත් හොරා බොලද මගේ සිත මනමාල වෙලා

    .......................

    මල් වයසේ සමනලියේ නුබෙ ආදරය පතා
    මම එන්නේ හද පතුලේ ඇති ආදරය නිසා
    හැම මොහොතේ ලතැවිල්ලේ මම ඉන්නේ ඉවසා
    හැංගෙන්නේ ඇයි කෙල්ලෙ ආදර හිත හංගා
    .......................

    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූන නුබේ

    උපාලි කන්නංගර:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා

    පි-හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ
    ගැ-හෙලන්න බැරිව ලතැවෙනා සුසුම් සදා
    කියන්නේ ජිවිතේ මුලාවදෝ
    ...............

    ගැ-තරු ඇසක් ඇදී උදා ගිරේ
    පින් මලක් මුවින් සිනා නැගේ
    පි-තරු ඇසක් ඇදී උදා ගිරේ
    පින් මලක් මුවින් සිනා නැගේ
    තරු ඇසේ කතා මියේද පින් මලේ සිනා මැකේද
    ...................................ඒ වෙනසදෝ ආදරේ
    ..................

    ගැ-සදරැහැන් වැටී සුනිල් දියේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    පි-සදරැහැන් වැටී සුනිල් දියේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් එ මල් දවාද ඒ දුකත් වසන්ව යාද
    ....................................ඒ අරුතදෝ ආදරේ

    එඩ්වඩ් ජයකොඩි සහ දම්මිකා බන්ඩාර:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පවන් සුසුම් දැලින් වෙලී සුංගාර රාවෙ නොසං&#3484

    පි-පවන් සුසුම් දැලින් වෙලී සුංගාර රාවෙ නොසංගා
    මුවන් කොනින් සුපෙම් හැගුම් නින්නාද නැංවු තරංගා
    ගැ-කුසුම් ලදුන් බිගුන් මුවින් අනුරාග ගී රාව නංගා
    ප්‍රසන්න වැවි තිරේ නැගී සංයොග පෙම් ගි තරංගා
    .......................

    පි-පෙම් සීත වර්ශාවේ නිල් වැව් තලාවේ
    අනුරාග හෝරාව එලබී තිබේ
    මල්හාරියන් පෙම්වතුන් හා තුරුල්වූ
    පි/ගැ-අභිශේක යාමේ උදාවූ
    ........................

    ගැ-මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
    අනුරාග හෝරාව එලබි තිබේ
    මුව මී තෙපුල් රන් උරාබී සිනාසෙන්න
    පි/ගැ-අභිශේක යාමේ උදාවේ
    ..........................
    දෙවානන්ද වයිද්යසේකර සහ ඉන්ද්‍රානි පෙරේරා

    අහපු පලවෙනි දවසෙ ඉදන්ම තාමත් එපා නොවුන මම ගොඩක්ම ආස ගීතයක්:yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇව්ලුනු ගිනිදැල් නිවි නිවි යද්දි

    ඇව්ලුනු ගිනිදැල් නිවි නිවි යද්දි ඈ මට හමුවූවා
    සුපිපුනු වනමල් සුවද හමද්දී ඈ මට හමුවූවා
    ඇව්ලුනු ගිනිදැල් නිවි නිවි යද්දි
    ............................

    රන් කෙදි දහරින් පෙරි පෙරි ඉතිරී හිරු අවරට ඇදුනා
    පාලුව තනිකම රජයන විටදී ඈ මට හමුවූවා
    ඇව්ලුනු ගිනිදැල් නිවි නිවි යද්දි............

    සුසිනිදු සලුවන් සුලගට ඇබරී රහස්ක් මට කීවා
    සුදු මුදු වැල්ලේ සිටියදී තනිවී ඈ මට හමුවූවා
    ඇව්ලුනු ගිනිදැල් නිවි නිවි යද්දි.............

    සනත් නන්දසිරි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කවදාක හෝ ඔබෙන් වෙන්වෙන්න වෙවි නම්

    කවදාක හෝ ඔබෙන් වෙන්වෙන්න වෙවි නම්
    කිසිදාක නෑ ඔබෙන් සමුගන්නේ ආදරෙන්
    .................//

    රන් රුවන් තාරකා දිලි දිලි ගැබරේ
    රන් හුයෙන් අපි බැදීලා ඉදිමුදෝ රහසේ
    කවදාක.................................

    ඔබ මගේ හද විලේ සුවද දෙන මලකී
    හැම දිනේ එ ලෙසින් ඉන්න විකසිතවී
    කවදාක.................................

    ශර්ලි වයිජන්ත
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සැන්දෑ අහසෙ ඉරට මුවාවෙන්

    සැන්දෑ අහසෙ ඉරට මුවාවෙන්
    කාලය කවුලු දොරින් මිය යනවා
    ............//

    ඈත අතිතෙන් පියවර නගමින්
    කනවැල අල්ලන් කවුදෝ එනවා
    බලාපොරොත්තුව ලයට තුරුලු වී
    ඈ එන පෙරමග බලා හිදිනවා

    දුකට මිහිර දෙන පාලුව තනිකම
    මා වට දැවටි කදුලු සලනවා
    අදත් එදාමෙන් නුපුරුදු සුවදක්
    ඒ අතරේ මා වෙතට ඇදෙනවා

    දයාරත්න රනතුංග
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉපිද මැරේ යලි ඉපදේ

    ඉපිද මැරේ යලි ඉපදේ
    නොතිර සසර සාගරේ
    අතරතුරේ නොමැරි මැරේ
    දස දහස් වරේ
    නිසල නැතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ

    කුමට නැටුම් කෙලි කවට සිනාදා..//
    මරුට නොමැත කිසි විටකදි බාදා
    ඔබට නොදන්වා මරු මෙහෙ ආදා
    යන්නට සිදු වන්නේ
    ඉන්නට බැරි වෙන්නේ
    නොතිර සසර සාගරේ
    ඉපිද මැරේ.......

    කුනුකය නිසරුයි නැත පවතින්නේ
    කල හොද පමනයි මෙලොව රැදෙන්නෙ
    නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නෙ
    අපටයි මිනිසුන්නේ
    ඇයි එය නොසිතන්නෙ
    නොතිර සසර සාගරෙ
    ඉපිද මැරේ....

    පන්ඩිත් අමරදේව
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    සොඳුරිය . . .
    කාලය කෙතරම් නපුරු ද
    දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
    රැක ගත් තාලය උදුරා ගෙන ගිය
    කාලය කෙතරම් නපුරු ද සොඳුරිය

    පෙරුම් පුරා දුකසේ ගලපා ගත්
    කවිය ඔබම වී නැලැවුණු යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

    ලොවට හොරා විලි ලා බිහි කර ගත්
    වසන්තයේ සඳ මියැදුණු දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ
    ඇවිදින් ඔබ ඉන්නවනම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ ඔබ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනව නම්
    ආසයි මම කවුළු පියන් හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න