සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

ashen007

Active member
  • Jan 22, 2009
    348
    32
    28
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී
    දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී

    ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
    කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
    එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
    ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
    අවනත නැති නෙතටද අවිවේකයි
    හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
    පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
    අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
    කියාගන්න බැරි කමින් හිත බරයි
    ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
    හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මලහිරු බසිනා සැන්දැ යාමේ ඔබගෙන් සමුගන්නම

    මලහිරු බසිනා සැන්දැ යාමේ ඔබගෙන් සමුගන්නම්
    අදුරට ඉඩ දී අදුරේ සැගවී ....// ඔබගෙන් වෙන්වී මම යන්නම්

    නිදි නැති රෑ යාමේ කාන්සියේ ඔබ හිදිනා වේලේ..//
    සුලගේ දැවටි ඔබට හොරෙන්..// ඔබ වෙත මම එන්නම්
    සියුමැලි දැත්බ හිස අතගා
    සියුමැලි දැත්බ හිස අතගා ඔබ නිදි කරවන්නම්
    ...........................

    අලුයම පිබිදෙන ඔබගේ දෑසේ මල් පෙති අග පිනි කදුලක් රදවා..//
    සුසුමක් වාගෙ ඉන් පිටවී..// ඔබගෙන් වෙන් වෙන්නම්
    අදුරට ඉඩ දී අදුරේ සැගවී
    අදුරට ඉඩ දී අදුරේ සැගවී ඔබගෙන් වෙන්වී මම යන්නම්
    ............................

    පන්ඩිත් අමරදේව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සීත දියවැල් නීල ගංගා-සාර කෙත් වතු මැද ගලාය&#35

    සීත දියවැල් නීල ගංගා-සාර කෙත් වතු මැද ගලායයි
    ඕලු මානෙල් නෙලුම් නැලවෙන වැවි පොකුනු ගම අලංකාරයි

    පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ
    ටිකිරි හසරැලි බොලද සිතිවිලි මෙහි තිබේ හොද ආදරේ

    කැලෑ මල් වල සුවද බීගන හමන මදනල වාසනාවන්
    දුරින් ඉද එන කුරුලු ගී හඩ නැතිකරයි හද වේදනාවන්
    අහිංසක ගැමි ජීවිතේ මැනෙයි පියවර මේ බිමේ
    පිදුරු සෙවි කල............................

    වියෝ ගිනි මැද දැවෙන ජීවිත අද වගේ හෙට හමු නොවේවා
    සමාදානය සැබෑ ආලය දිනෙන් දින මතුවී පෙනේවා
    මේ බිමට නොවෙනස්ව ඉරහද සෑමදා රැස් කිරන දේවා
    පිදුරු සෙවි කල...............................

    සිසිර සේනාරත්න
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බොලද බව සිතින් මුදා පියාපත් ලබා

    බොලද බව සිතින් මුදා
    පියාපත් ලබා
    සිතුම් විහග සෙන් ගියා
    මහද මෙහි තබා
    ..................//

    අදුර නිව නිවා
    කැලුම් විහිද වූ නෙතේ
    එලිය සොය සොයා ඇදෙන් මමද මිහිමතේ
    ඔබට අහිමි වූ සිතින් කදුලු ඉපදෙතේ
    නුදුටු සිහින සිතුවමක් එයින් මතු වෙතේ

    දෙනෙත යොම යොමා ඉදින් නැවත එනතුරා
    මහද හඩ හඩා හිදී නොදැන මට සොරා
    පිපුනු මල් නෙලා අතින් රැගෙන සිත් පුරා
    එන්න ප්‍රිය ලදේ යලිත් දෙඅත මල් දරා

    බොලද බව සිතින්.............

    මර්වින් පෙරේරා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එක කුඩේ යටින් සරසවි පාරේ

    එක කුඩේ යටින් සරසවි පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා

    හිස් අව්කාශේන් නිබදව සැලෙනා
    වැහිබිදු පතිතව සතර අතේ
    අප යන දෙපසේ දිය රැලි ඇදුනා
    සෙනෙහස ගලනා පරිදි සිතේ
    ............................

    ආමග ඔබ නැත මා පමනකි අද
    ඉන්නේ වැහි ලිහිනියක වගේ
    වැසි ඇති කාලෙක සිහින ලොවේ මම
    ඔබහා තනිවෙමි දුරුතු මහේ

    රූපා ඉන්දුමතී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිනහව අතරින් කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
    සිනහව අතරින්......

    හිම කැට වැටෙනා සීතල උදයක
    ඇය හමු වූවා කඳුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

    කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
    කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

    මිල්ටන් මල්ලවාඅරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනාසෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
    නාඩා සිනාසෙන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
    තනිව හඩනා රැයේ...හදට දී වේදනා//
    එක්වී ලඟින් ඉන්න...ලංවී සිනාසෙන්න
    දුර ඈත සිට එන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    රෑ මීදුමේ වෙළුනු තරු මල් ලෙසේ
    ඔබෙ නෙත් පහන් දැල්වුනේ...හදට දී වේදනා//
    කඳුල පිසලන්න...සතුට තවරන්න
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    කරුණාරත්න දිවුල්ගනේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැතිවුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා..

    ගමක කඳූළු නුඹේ නමට නෙතින් ගලනවා
    රෑ සිහිනෙන් පෙම් දිවසළු හිත දැවටෙනවා..//

    ආදරයෙන් පිරනු ලොවක් ඇතැයි හිතෙනවා
    එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා..//

    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැතිවුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා............

    එඩ්වඩ් ජයකොඩි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අවපස අසහක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැදුනේ

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙළ සැතපෙනවා
    සැල මුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙර මග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුභ කවියක් සේ
    දෙනෙතේ සිත ලියැවෙනවා

    සුනිල් එදිරිසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සතුට විලයි සැපත මලයි
    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    මළ ඊයෙට ඇයි හඩන්නේ

    මොකටද හෙට ගැන හිතන්නේ
    කදුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
    හිනාව ආවම කොතනද ඉන්නේ
    මල් කෙමියේ පැණි පිරෙන්නේ
    ජීවිතයේ රස තියෙන්නේ

    සතුට විලයි සැපත මලයි

    නෙළුවොත් මල අතින් එකයි
    පමා උනොත් මල පරවෙයි
    ඉරට යටින් හදට යටින් කාලය පැනයනවා

    දේවානන්ද වෛද්‍යසේකර
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සඟවන්න එපා හසරැල්

    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනි දැල්
    ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්

    සද එළිය වගේ ඇවිදින්

    හද නොපැතු දිනක රහසින්
    බැස නොයනු මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්

    සිලි සිලිය පවා සුළඟින්

    තනි මැකුවෙ ඔබේ සුවදින්
    මේ දිවිය අතර මගකින්
    මග නතර නොකොට හිනැහෙන්

    කරුණාරත්න දිවුල්ගනේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳකර ලන්නට ඇයි ඔබ සිතුවේ
    මකාදමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුනු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    .......................................//
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    යළිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    .........................................//
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්


    ජගත් වික්‍රමසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පරම රමණී අපෙ ආලේ සදා කල් සැපත වී ලෝකේ
    සමාජේ රුදුරු කාන්තාරේ කොහෙ අපි යමුද නොම තේරේ
    පරම රමණී...............

    කිමද වෙන්නේ අනෙ නොදැනැයි මෙයින් මතුදා//
    විදුලි හෙණ සැඩ සුලං නොමැති
    තැනක ඒ මල් ගසක් මුදුනේ තනා ගමු ප්‍රේම කූඩු අපි
    පරම රමණී...............

    මෙ ලෝකේ මාගෙ දේවී හන්දා ඔබයි මා ප්‍රේමයේ සුහදා//
    ඉටු වේදේ මා සිතේ ආශා
    දිලේ අර තාරකා කන්දා අපේ ප්‍රේම මන්දිර සරසා
    පරම රමණී...............

    මොහොදින් බෙග් සමග රුක්මනී දේවී
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කුමුඳුනිය ඔබයි මගේ - ඉන්දු මිහිරාණි

    කුමුඳුනිය ඔබයි මගේ
    පිපුණු හඳ විලේ
    කුමුඳු මල මගේ
    නැගුණු සඳ ඔබයි රැයේ
    අඳුරු විජිතයේ

    සඳ එලිය වගේ...
    සඳවතිය මගේ......

    අඳුර මැද සැරූ ඔහේ
    ලපටි සිත මගේ
    එළිය දුටිමි නතර වී
    කැල්ම ඔය නෙතේ
    මුළු ලෝකෙම මගේ මැයි මට දැනුණි ලඳේ
    සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසු ඒ දිනේ

    සඳ එළිය වගේ...
    ලැබු ඔබේ සෙනේ......

    මිහිර බෙදූ මිහිරියේ
    සුවඳ කුසුමියේ
    සිටින විටදි ඔබ ලඟින්
    සිත නිවී සැලේ
    දිවිගිම නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
    භව භව පුරා සරනේ නිතින් පතමින් ඔබේ සෙනේ

    සඳවතිය මගේ...
    සොඳුරු විජිතයේ......
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අහස් ගැබේ තරු කැට ගානේ - චරිතා ප්‍රියදර්ශන&#35

    අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි, මං ආදරෙයි...


    වදුලු සිරස පිපි මල් ගානේ
    විහඟ තුඩක කිචි බිචි ගානේ //
    සිඹින සිඹින මද නළ වාගේ
    ආදරෙයි, මං ආදරෙයි...


    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ //
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි, මං ආදරෙයි...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබ කුමුදිනියකී වී හිනැහේ නම්

    ඔබ කුමුදිනියකී වී හිනැහේ නම්
    මම පහන් තරුව වී ළඟ ඉන්නම්
    ඔබ රැල්ළක් වී දඟ පාවී නම්
    මම වෙරළ වගේ නොසැළී ඉන්නම්
    ඔබ කුමුදිනියකී වී හිනැහේ නම්

    හද වේදනාව රිදවන මොහොතේ
    මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
    මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
    සුව සිහිනෙක ඔබ ළඟම රැදෙන්නම්

    මගෙ නෙත්යුග ළඟ කඳූලක් වීලා
    ඔබ කවදාවත් රිදවන්න එපා
    මා ඔබ ගැන පැතු පැතුමන් බිඳලා
    ඔබ තවත් සිතක තනිවෙන්න එපා

    ඔබ කුමුදිනියකී වී හිනැහේ නම්
    මම පහන් තරුව වී ළඟ ඉන්නම්
    ඔබ රැල්ළක් වී දඟ පාවී නම්
    මම වෙරළ වගේ නොසැළී ඉන්නම්
    ඔබ කුමුදිනියකී වී හිනැහේ නම්....

    චන්දන ලියනාරච්චි