සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

IsuruAP

Active member
  • May 14, 2009
    397
    28
    28
    මටත් හොරෙන් මගේ සිතින්

    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
    මටත් හොරෙන්....

    බලාගත් වනම බලා හිඳින්නෙමි

    සිතා ගන්න බෑ කල යුතු දේ....
    ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
    කෙසේද මා තව ඉවසන්නේ...


    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි

    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ...

    මටත් හොරෙන්....


    රෝහණ සිරිවර්ධන
     

    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    ඔබේ ආදරේ මහා සාගරේ

    ඔබේ ආදරේ මහා සාගරේ
    හා සමානයි කියූවත් ලඳේ
    සැලී යයි ඇඳීලා නීවාලයි බැඳීලා
    සිතාගන්නෙ මා කෙලෙස දෝ

    දුකේදී හඩා වී සැපේදී සිනාවී
    රැදේවි මගේ ජීවිතේ
    මා හීනෙකින්වත් නොකී දේ මවාලා
    ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

    නැ මා ඔබේ ලෝකයේ හී සදා
    වේදනාවන් මවා ආදරේ
    කම්පානොවී හිඳීමු කීවාට ලොවම කරුණු
    ඈතින් හෙලා චෝදනා

    සෝමසිරි මැදගෙදර
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රන් ඇටපොර රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ

    රන් ඇටපොර රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
    මල් වැල් ඉහිරුන චීත්ත කොහෙන් හොයන්නේ
    රෑන් රෑන් දිගට හවඩි කොහෙන් ලබන්නේ
    ආදරයක් පොදි බැදගන මොටද උපන්නේ
    ...............

    ඈත එපිට ලන්දේ ඉදන් මුකුලු කරනවා
    ඈගේ රුවට දෙවැට දිගේ කැකුලු පිපෙනවා
    මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා
    ඈගෙ මුව හසරෙලි බලන්න යන්න හිතෙනවා
    ...................
    නියර දිගේ නිතබ සලන රුවක් පෙනෙනවා
    ගියම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා
    දියට ගොසින් දිය නාගන අහක බලනවා
    ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා
    ...................

    ඕවිට ලග කෙකටිය මල් පියර හලනවා
    ඇගේ පැලට සමීරයෙන් සුවද ගෙනෙන්වා
    තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
    අත් වැල් නැති ආදරයක් මට හිමි වෙනවා

    H.R ජෝතිපාල
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිම කඳූ යහනේ....වළා සඳැල්ලේ

    හිම කඳූ යහනේ....වළා සඳැල්ලේ
    සදාහරිත තුරු සෙවණැල්ලේ
    මොහොතක් සැඟවෙමු ලොවින් මුවාවී
    අපේ සිහින උයනේ
    හිම කඳූ යහනේ...

    දෙසිතක බැඳී රැකවල් ගිලිහී යයි
    තනිවූ සිත් අද නොතනිවෙලා
    ඒ හසරැල් විල මා සිත පිබිදී
    ඔබෙට පිදෙන්නට මලක් නෙලා

    කඳූලක් නැගි මොහොතක ඔබ නෙතඟින්
    ලංවෙමි සිටියද කොතැන ලොවේ
    හිනැහෙමි එසඳෙහි කඳූළු මුදාහැර
    ඔබගේ උණුසුම් ලය මඬලේ

    හිම කඳූ යහනේ....වළා සඳැල්ලේ
    සදාහරිත තුරු සෙවණැල්ලේ
    මොහොතක් සැඟවෙමු ලොවින් මුවාවී
    අපේ සිහින උයනේ
    හිම කඳූ යහනේ......

    ග්‍රේෂන් ආනන්ද
    නිරංජලා සරෝජිනී

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගමන් මගක් තිබුණාද මේ
    ප්‍රේම චාරිකාවේ
    ගිමන්හලක් හමුවේද මේ
    ප්‍රේම චාරිකාවේ

    නෙතින් ගැලූ කඳූලින් මිදෙන්නට
    හිතේ සුසුම් ගිනිදැල් නිවා
    ඔබයි මමයි මියෙනා තුරා
    අපේ පෙම් ලෝකයේ

    ගමන් මගක් විමසා බලන්නට
    කෙනෙක් නොවී නෙත්මානයේ
    ඔබත් මුලාවිය මමත් මුලාවුණු
    ඉමක් කොනක් නැති මාවතේ
    විරහ පෙම් මාවතේ

    ගමන් මගක් තිබුණාද මේ
    ප්‍රේම චාරිකාවේ
    ගිමන්හලක් හමුවේද මේ
    ප්‍රේම චාරිකාවේ.....

    රෝහණ වීරසිංහ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතින්

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මැවූ ආදරේ
    බොඳ මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා

    රෑ සිහිනයක් සේ සිතා
    සැනහී හිඳීන්නම් දරා
    මේ ආදරේ නම් ඔබේ
    එය ශාපයක් යැයි හැඟේ

    පෙම්වන්තයින් සේ සිනාසී
    හමුවීලා වෙන්වී හඬා
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝ ගී ගයන්නෑ ඉතින්.....

    ජගත් වික්‍රමසිංහ

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හද හඩනා නිහඩ රැයේ

    හද හඩනා නිහඩ රැයේ
    ඔබ මා හැර ගිය මොහොතේ
    ඇසට කදුළු ගලනවාද
    මගෙ තනිකම දැනෙනවාද

    නිදි යහනට යන්න ගියේ
    ඔබ ගැන සිතමිනුය ප්‍රියේ
    ඒ උනාට ඔබ පමණයි
    සිහිනෙන් හෝ මට පෙනුනේ

    සීතල වැහි වැටෙන වෙලේ
    තනි මට සීතලද දැනේ
    මා හද ඉකිගසන රැයේ
    උණුසුම ඔබ පමණි ප්‍රියේ

    නිමල් රංජිත්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මල් පිබිදෙන එක වසන්ත සමයක

    මල් පිබිදෙන එක වසන්ත සමයක
    ඔබ හමුවේවි කියා
    පෙරුම් පුරා මග බලා උනිමි මම
    ඇයි තව නාවෙ දයා

    උදේ රැයින් සිසල අරන්
    මලින් මලට රොන් බඹරු ගියා
    ‍මගේ පැතුම් හදේ සිතුම්
    එදා සුසුම් වී බිදිලා ගියා
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිදිලා ගියා

    ඔබේ සිනා නෙතින් ගෙනා
    මගේ හදේ තුරුලට ගනිමි
    මගේ ලොවේ සැදූ සුවේ
    සසර වසන තුරු මම රකිමි
    හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
    ආදර ලොව අප බිදිලා ගියා

    H.R.ජෝතිපාල
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හන්තාන සෙවනෙ රතු මල් විමානේ

    හන්තාන සෙවනෙ රතු මල් විමානේ
    මොහොතක් රැදී ඉන්න සුවසේ
    අපි දෙන්නා නැ පින් කලේ
    .............
    සංකා රැදීලා දිව රෑ දෙකෙහී
    වැලපෙන්නෙ හද දුක් ගලා
    සතුටින් සිනාවෙන්න නේවාසිකාගාරෙ
    මට ඉන්න බැ නෙත් අයා
    .............

    අදුරේ කලාගාරේ රැගුමන් බලනු බැ
    තනියක් දැනෙ ගත වටා
    මගෙ සිත පුරා ඒ සිතිවිලි රැදී ප්‍රේම
    නොදැනීම ඒ ඔබ කරා
    .............

    ස්වර්නලතා කවීශ්වර
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එක කුඩේ යටින් සරසවී පාරේ


    එක කුඩේ යටින් සරසවී පාරේ
    පියවර තැබුවා අප දෙදෙනා
    සිරිපොද රැහැනට සැගවී මුලුවී
    උනුසුම පැතුවා අප දෙදෙනා

    හිස් අවකාශෙන් නිබදව සැලෙනා
    වැහි බිදි පතිතව සතර අතේ
    අප යන දෙපසේ දිය රැලි ඇදුනා
    සෙනෙහස ගලනා පරිදි සිතේ
    ................
    ආමග ඔබ නැත මාපමනකි අද
    ඉන්නෙ වැහි ලිහිනයක වගේ
    වැසි ඇති කාලෙක සිහින ලොවේ මම
    ඔබ හා තනිවෙමි දුරුතු මහේ

    රූපා ඉන්දුමතී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සොදුර මට සමු දෙන්න...සමු දෙන්න
    ඈත ගමේ සරු පස පෙරලන්නට
    මා යනවා අද උදෑසනින්.....
    සොදුර මට සමු දෙන්න...සමු දෙන්න
    අහා...අහ...හා...හ....

    ගමේ තුරු හිස් අතර පාවී
    සවන වැකෙනා කුරුලු ගීතය
    ඔබේ මුදු පිය වදන් නාදය
    නිවාලනු මැන මගේ සරතැස
    සොදුර මට සමු දෙන්න...සමු දෙන්න
    අහා...අහ...හා...හ....

    අස්වනු පිදී කරලින් බරවී
    මුලු රට ඉතිරේ ජයපානේ
    ඉර හද පායන වසන්තයේ
    අපි බොමු මංගල මදු පානේ
    සොදුර මට සමු දෙන්න...සමු දෙන්න
    අහා...අහ...හා...හ....

    ඩි.ඩි ගුණසේන
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මුහුද හඩන වෙලාවේ
    වෙරලේ තනියේ මේ යාමයේ
    මම නාදුනන ඈ කාගෙදෝ
    තනිව හඩන ඈ කවුරුදෝ
    ...........//

    මෙලෙස තනිවෙලා ඔබ කවුරුදැයි කියා
    පවසන්න පැකිලෙන්නෙපා
    කදුලු පිසදමා ඔය මුහුන පෙන්නලා
    හිනැහෙන්න හසරැල් මවා
    ..........//

    ක්ශිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ
    මුසුවේවී සංකා ඇදේ
    ඈ හෙලන කදුලැලි මුහුදටම යාවෙවී
    මුහුද හදයි ඈ හා බැදී
    ...........//

    මදුමාදව අරවින්ද
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුවදයි මේ මල මොන මලදෝ

    සුවදයි මේ මල මොන මලදෝ
    පරසතු උයනෙන් වැඩියාසේ
    සුමුදුයි මේ පෙති මේ පෙති මොන පෙතිදෝ
    ඒ මත සැතපෙන්නේ කවුදැයි
    ............//

    මේ රොන් බී යන්නෙ කවුදෝ
    බී පමනින් නොසිදෙන ගානයි
    දුටු සැනෙකින් පවසින් දවනා
    මන්මත් කරවන රුව නාරයි
    .............
    සුවදයි.........................

    මේ අත්තටු දෙක කාගේදෝ
    රන් ලියකම් රන් රූ දිලිසේ
    සමනලයෙක් මෙහි ආවාදෝ
    අත්තටු සිදදා ගියෙ ඇයිදෝ
    .............
    සුවදයි..........................//

    විල්බට් ඇන්තනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අසුරු සැනින් එක මොහොතකදි

    අසුරු සැනින් එක මොහොතකදි
    කාලය නැවතී යලි ඇරබී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යහලියන්ගෙ ඉගි දිනෙක සැබෑවී
    ඔබේම කුලගෙයි පතිනිය වන්නට
    මතුයම් දවසක හැකිවේවා........
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    සෙනෙහෙ විමානයේ කිරුලු දරනදා
    සිගිති තොලක කිරි සිනා දකින්නට
    එක සෙවනකදී හමුවේවා.........
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

    යමුනා විනෝදනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිම මිදුම් වලාකුලේ මගෙ වේදනා අරන් ගියේ

    හිම මිදුම් වලාකුලේ
    මගෙ වේදනා අරන් ගියේ
    දෑසක් හඩවා වත මිලින වෙලා
    මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා
    සොයා එන්න මට වරම් නැති.....

    පුර හද පෑයු පින්බර මුහුනේ
    සුරතල් වූවා මැවී පෙනේ
    ලංකර ගන්නට මසිත හඩද්දී...//
    මා සනසන්නට වෙර දැරුවා

    ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
    මගේ ලොවක මා තනිවූවා
    අහිමි පෙමක් හමුවේ මා පැරදී...//
    එනමුදු ඔබ හට වැරදි නැති

    අතුල ශ්‍රි ගමගේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පමා වැඩියි ඔබ පමා වැඩී

    පමා වැඩියි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවීනම්
    ඇය නොපතා මා
    ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී

    ඔබ සිනාසිසී එන වසන්තෙකී
    ඇය මුලාවකී ගිම්හානයකී
    සිත නිරතුරු පසු තැවෙනා
    ඔබ සුවඳකි මන බඳිනා

    ඇය අමාවකේ රළු අහස මෙනී
    සොමි සදන නිතී ඔබ තාරපතී
    ඇය නියඟෙකි හිත දවන
    ඔබ නිල්මිණ සේ දිලෙනා

    චන්දන ලියනාරච්චි
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාගේ සැමරුම් පොතේ

    මාගේ සැමරුම් පොතේ
    රෝස පිටුවක් පුරා
    පුංචි නිල් පාට අකුරින් ලියා
    නොයමි හැරදා ඔයා
    ඔබ මගේ යැයි කියා
    පැතුවේ සිතුවේ බොරුවටද ඔයා...

    පාසැල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියූ දේ තියා
    කී දේවල් පවා
    සුලගේ විසිරී දූවිල්ල වගේ

    උණුසුම් ආදර වදනක් ඔබේ
    අද ඇතේ තනිවෙලා
    මා සිතින් වැළපිලා
    සොදුරු සැමරුම් බලා
    සැමදා මෙලෙසේ
    සිහිකරමි ඔයා

    ප්‍රියා සූරියසේන