සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්

    රැදෙන්නට හැකිනම් ළමා කැළ
    හඩන දෙතොළක සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර
    නෙළා ගත හැකි වන මලක් වී

    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
    සබෑවන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර
    ලොවම පූබුදන ගීතයක් වී

    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්

    නන්දා මාලනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා

    අප හමුවූවත් නොවුනත්
    කාලය ගත වී යනවා

    අප තනිවූවත් නොවුනත්
    ලොව එකසේ පවතිනවා..........



    ලොව මල් පිබිදෙන්නේ
    යළි පර‍වෙන්නට නම්

    අප හදවත් එක්වන්නෙත්
    වෙන්වන්නට නම්-යලි වෙන්වන්නට නම්


    පෙරුම්පුරා හමුවන්නෙත්
    දිගු කලෙකින් නම්

    හමුවූවත් යලි ‍සැනෙකින්
    වෙන්වී යයි නම්- අප යළි තනිවේනම්...


    ටී.එම්.ඡයරත්න
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඈත සිතිජයේ හෑඩට රුවින්

    ඈත සිතිජයේ හෑඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඟ වලා තරු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිළිසදරේ
    රන් දෝලාවෙන් කෑදවා යමි මම
    කුමරිය ඔබ මාගේ

    සදලුතලාවේ මුනින්තලාවී
    කදුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම
    කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    ඈත තුෂාරා බිදු අතරේ
    පිපුනු කුසුම ඔබ නම්
    සද මඩලේ සද කුමරියනේ
    මම ඔබ සුරකින්නම්

    ශර්ලි වයිජන්ත
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සිත ඔබට මුවා වී - නිරෝෂා විරාජිනී

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඉවසන්නෑ - කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ - මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත පිළිගන්නෑ - ඔබ ඇගේ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්
    ඔබ සමුගෙන නෑ - ඇය සැනසූවත්
    ඔබ ඇයට ළගා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    (මේ මගේ හද සසල කල ගීතයක්...)
     

    harsha.perera

    Well-known member
  • mage-hadawatha-handina-gath-oba.jpg
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඔබ තරම් - තීක්ෂණ අනුරාධ

    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...

    රැය පුරා ඉකි ගසා - රතට හැරී දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා - ගිලන් වී හද පාරලා
    ආයෙත් ඔබ මට හිමි වී නම් - ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් - සුභ පතලා ඈතට වෙන්නම්...

    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...

    තනිවෙලා මා ලොවේ - හිරු නොනගින මේ වසන්තේ
    දිවිතුරා විදවමී - අහිමි කරන මගේ ආදරේ
    ආයෙත් ඔබ මට හිමි වී නම් - ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් - සුභ පතලා ඈතට වෙන්නම්...

    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
    ඔය නෙතු හැඩවූ තරම් - ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ
    මේ තරම් ආදරේ.., මේ තරම් ආදරේ...
     
    • Like
    Reactions: maheshsenadheera

    princess rose

    Member
    Oct 31, 2011
    112
    16
    0
    maharagama
    අදුරු අහසක ‍රැ කැටයම්
    සදකි තනිකම් කම් කල සිත්තම්
    ඔබට තවකෙක් පමනක් නම්

    මියෙමි සද වත අද මා නම්
    නොනිමි කදුලක පටලා හද
    අදුර කිම සැගවි දුර තෙර
    නිබද මහදද ඔබවු සද
    කිමද ඉකිබිද අද හදවත.......

    නොපිපි කොද කුසුමකි ඉකිබිදමා පැතු සෙනේ
    මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් වැයේ
    මේ ජිවිතේ ඔබ නැති නම් හිම මෙනි ලියේ......

    මුකුලිතව සිත වත නෙත වැදි කදුලයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වි ගියේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් වැයේ
    මේ ජිවිතේ ඔබ නැති නම් හිම මෙනි ලියේ....


    [ රකිත]
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඉවසන්නෑ - කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ - මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    සිත පිළිගන්නෑ - ඔබ ඇගේ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමු වූවත්
    ඔබ සමුගෙන නෑ - ඇය සැනසූවත්
    ඔබ ඇයට ළගා වූ දා ඉදලා...

    සිත ඔබට මුවා වී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසී සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
    සිත ඉකි ගසමින් - හඩන හැටි
    සිත පෙමට මුළා වූ දා ඉදලා...

    (මේ මගේ හද සසල කල ගීතයක්...)
    maxxa song machan mageth hada sasala kala gethayk kiyala wadak na :(:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත

    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
    ඔබෙ සෙව්න පමණි මිහිපිට ඇති එකම සම්පත


    මද පවන මොටද ඔබෙ සුවද මුසුවී නැත්නම්
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ ව්ත්කම්
    පැල්පතද මට හොඳය් මිහිරියේ එක හිත ඇත්නම්


    කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනාකල පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙද මැණික හඳුනණ ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙව්නක එකම පැල්පතේ......

    වික්ටර් රත්නායක
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    සද කැන් වැසිලා අදුරේ එතිලා
    ගනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ගනදුරු තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ....

    සද කැන් වැසිලා....

    මා නැත අන්සතු සිත් බිදලා
    දෑතම බැදගෙන ඉදිමි බලා
    මේලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා...

    සද කැන් වැසිලා....
    වික්ටර් රත්නායක​
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අදුරු අහසක ‍රැ කැටයම්
    සදකි තනිකම් කම් කල සිත්තම්
    ඔබට තවකෙක් පමනක් නම්

    මියෙමි සද වත අද මා නම්
    නොනිමි කදුලක පටලා හද
    අදුර කිම සැගවි දුර තෙර
    නිබද මහදද ඔබවු සද
    කිමද ඉකිබිද අද හදවත.......

    නොපිපි කොද කුසුමකි ඉකිබිදමා පැතු සෙනේ
    මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් වැයේ
    මේ ජිවිතේ ඔබ නැති නම් හිම මෙනි ලියේ......

    මුකුලිතව සිත වත නෙත වැදි කදුලයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වි ගියේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් වැයේ
    මේ ජිවිතේ ඔබ නැති නම් හිම මෙනි ලියේ....


    [ රකිත]

    Mage fav song ekak... heart touching...
     
    • Like
    Reactions: maheshsenadheera

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....

    හීනෙන් හිනැහී
    තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ
    අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී
    කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....

    රිදුමක් වාගේ කිසිදා
    සුව නොවෙනා
    සුසුමින් විතරක්
    නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන
    උණු කදුළුම වගුරවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....


    අමරසිරි පීරිස්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....

    හීනෙන් හිනැහී
    තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ
    අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී
    කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....

    රිදුමක් වාගේ කිසිදා
    සුව නොවෙනා
    සුසුමින් විතරක්
    නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන
    උණු කදුළුම වගුරවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා....


    අමරසිරි පීරිස්
    maxxa song 1ka machan thanks
     
    • Like
    Reactions: SP22614

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
    මේඝවලා සලු පට අතරින් මම් ඔබ වෙත එන්නම්
    මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම්
    සද මඩලේ සද කුමරිය වී මම් ඔබ සුරකින්නම්
    ......................................................

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිලිසදරේ........
    රන් දෝලාවෙන් කැදවා යන්නම්
    කුමරිය ඔබ මාගේ
    ............................

    ඈත ක්ෂිතිජයේ..................

    සදලු තලාවේ මුනින් තලාවී
    කදුලැලි පිරුනු නෙතින්
    සමුගන්නම් මම් කුමරිය ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්
    .........................

    ගායනය-ෂර්ලි වයිජන්ත

    :D
    11.gif