සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාගේ සැමරුම් පොතේ

    මාගේ සැමරුම් පොතේ
    රෝස පිටුවක් පුරා
    පුංචි නිල් පාට අකුරින් ලියා
    නොයමි හැරදා ඔයා
    ඔබ මගේ යැයි කියා
    පැතුවේ සිතුවේ බොරුවටද ඔයා...

    පාසැල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියූ දේ තියා
    කී දේවල් පවා
    සුලගේ විසිරී දූවිල්ල වගේ

    උණුසුම් ආදර වදනක් ඔබේ
    අද ඇතේ තනිවෙලා
    මා සිතින් වැළපිලා
    සොදුරු සැමරුම් බලා
    සැමදා මෙලෙසේ
    සිහිකරමි ඔයා

    ප්‍රියා සූරියසේන
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ

    මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
    ඉතිරේවී ගංගා ලෙසේ
    සිතුම් රැල් නංවලා මල් පිදීලා
    ඔබෙ පෙම් සුවේ මා සොයා

    දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා
    ජීවිතේ රන් විමන් සදවා.........//
    සමසේ දරා දුක් වේදනා
    භවයෙන් භවෙ අපි යමු

    රුදුරු වෙසකින් බැදී
    ගැහැට දෙන චේතනා.....//
    නිබද ගෙනදේ විරහා වෙදනා
    සිතින් බැදී කුලුනක් ලෙසේ

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    සැදි රන් අභරනින් - රිදි සළු පිළි දරා
    නැගි රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා නොයෙන බව යලි දනිම්

    සැදි රන් අභරනින්

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විදින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්


    ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මාගේ සැමරුම් පොතේ
    රෝස පිටුවක් පුරා
    පුංචි නිල් පාට අකුරින් ලියා
    නොයමි හැරදා ඔයා
    ඔබ මගේ යැයි කියා
    පැතුවේ සිතුවේ බොරුවටද ඔයා...

    පාසැල හැර අප වෙන්වී ගියා
    මතක සේයා මවා
    ඔබ ලියූ දේ තියා
    කී දේවල් පවා
    සුලගේ විසිරී දූවිල්ල වගේ

    උණුසුම් ආදර වදනක් ඔබේ
    අද ඇතේ තනිවෙලා
    මා සිතින් වැළපිලා
    සොදුරු සැමරුම් බලා
    සැමදා මෙලෙසේ
    සිහිකරමි ඔයා

    ප්‍රියා සූරියසේන
    9.gif
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අඟ තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා

    නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පහදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා

    යලි කවදාවත් හමු නොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා

    ගායනය : අමරසිරි පීරිස්
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ....

    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෛලමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ....

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...

    ගායනය : සුනිල් එදිරිසිංහ

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අඟ තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා

    නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පහදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා

    යලි කවදාවත් හමු නොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා

    ගායනය : අමරසිරි පීරිස්
    maxxa song 1ka machan
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ....

    ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෛලමේ මග තොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ....

    මාල බැදන් සුදු යකඩින් රෝස මල් වනේ
    මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
    පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ...

    ගායනය : සුනිල් එදිරිසිංහ


    රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන.මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්.ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ.දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා.පොඩියට සුදු කොඩියකුත් පේනවලු.මහා විලාපයකුත් ඇහෙනවලු.ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී ඒ පැත්තට ගිහින් බැලුවාලු දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.

    ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්.ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා.ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන.මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී..සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ.චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....


    SOURCE : YOUTUBE
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    යදමෙන් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුනු වන්
    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

    කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
    එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්

    යදමෙන් බැද විලංගු ලා.....

    ගිනිගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගේ පුතුන්
    කෝටි ගනන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
    කිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්

    යදමෙන් බැද විලංගු ලා......


    ගායනය : විශාරද නන්දා මාලිනි
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්න ශ්‍රී සර් උදේට වැඩට යනකොට හැමදාම යනවලු පුංචි දුප්පත් පැලක් පහු කරගෙන.මේ ගෙදර ඉන්නවලු පුංචි ගෑනු දරුවෙක්.ගේ ඉස්සරහ තියෙන ලස්සන නෙලුම් විලෙන් නෙලුම් මල් කඩාගෙන හිනා වෙවී සෙල්ලම් කරන මේ දරුවාගේ ලස්සන හුරතල් දර්ශනයෙන් හිත හෑල්ලු කරගෙන බොහම සතුටෙන් ලු එතුමා වැඩට යන්නේ.දවසක් මෙහෙම යනකොට මේ දරුවා පේන්න නැතිලු...ඒ වෙනුවට ගෙදර සෙනග පිරිලා.පොඩියට සුදු කොඩියකුත් පේනවලු.මහා විලාපයකුත් ඇහෙනවලු.ඇඟ සසල වෙලා ගිය රත්න ශ්‍රී ඒ පැත්තට ගිහින් බැලුවාලු දැනගත් දෙයින් එතුමාගේ ඇස කඳුලින් තෙමුනලු.

    ඊට කලින් දවසේ රෑ ගෙදර අම්මයි තාත්තයි පුංචි දරුවා ගෙදර තියල පොඩ්ඩකට හේනට ගිහින්.ඒ ටිකට ගෙදරට රිංගපු කාමාතුර යක්ෂයෙක් මේ පොඩි එකාව විනාස කරලා.ඒ කම්පනය දරාගන්න බැරුව ඒ දරුවා ර හඳ පාන බැබලි බැබලි තිබුන අර නෙලුම් විලටම පැනල දිවි තොර කරගෙන.මේ හද කම්පා කරවන සිද්ධිය මුල් කරගෙන රත්න ශ්‍රී අතින් ඒ දරුවාගේ පියා නගන ශෝකාලාපය ගීයකට නැගී..සුනිල් එදිරිසිංහයන් ගේ සංවේදී කටහඩින් ගැයුනේ.චන්ද්‍රරමන්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියම හැංගිලා ගියේ .....යන ලෙසින්....


    SOURCE : YOUTUBE
    apoy mara story ekakne mam hithuwe na me song eke thiyanne mechchara sad story ekak kiyala thanks a lot machan me kathawath apith ekka beda gaththata:D
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    MATA CLARANCE GE SIHINA L;OWAK SONG EKE LYRICS DENNAKO KAURUHARI..

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවෙන් ආවා මතකයි

    සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට පායන මිහිපිට
    ආදරයෙන් බැදුනා මතකයි

    සිහින ලොවක්.....

    අප හදවත් ඒ නොමියෙන ලෙස බැදි
    ආදරයෙන් පිරුනා මතකයි
    සිතට දැනෙන සුව ගතට දැනෙන බව
    ඔබ රහසේ කීවා මතකයි

    සිහින ලොවක්.....


    ගායනය : ක්ලැර්න්ස් විජේවර්ධන
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හඩන්න ලංව ඇති ඔබෙ නුවන් පුරා

    පි-හඩන්න ලංව ඇති ඔබෙ නුවන් පුරා
    ඇදෙන්නෙ ජිවිතෙ කතාවදෝ
    ගැ-හෙලන්න බැරිව ලතැවෙනා සුසුම් සදා
    කියන්නෙ ජිවිතේ මුලාවදෝ.............//

    ගැ-තරු ඇසක් ඇරි උදා ගිරේ පින් මලක් මුවින් සිනා නැගේ
    පි-තරු ඇසක් ඇරි උදා ගිරේ පින් මලක් මුවින් සිනා නැගේ
    ගැ/පි-තරු ඇසේ කතා මියේද පින් මලේ සිනා මැකේද
    මේ වෙනසදෝ ආදරේ...............

    ගැ-සද රැහැන් වැටි සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ
    පි-සද රැහැන් වැටි සුනිල් දියේ කුමුදු මල් දෙතොල් විදා පිපේ
    ගැ/පි-හිරු ඇවිත් එමල් දවාද ඒ දුකත් වසන්ව යාද
    ඒ අරුතදෝ ආදරේ..............

    එඩ්වඩ් ජයකොඩි සහ දම්මිකා බණ්ඩාර

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුලං කපොල්ලේ තැනූ කැදැල්ලේ

    සුලං කපොල්ලේ තැනූ කැදැල්ලේ
    කෑලී කැඩී බිදී වැටේ නිල් කදු රැල්ලේ
    ................//

    කුඩූ කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ලග හිදී රුවක් විලස නොසෙල්වී
    යොදුන් ගනන් ඔබම සොයා ආ සියුමැල්ලේ
    පිලිගනු ඈ කොයි යන්නද නැවත ඉගිල්ලී

    ඇයට මවක් පියෙක් නොමැත ක්ශිතිජ වලල්ලේ
    කදුල පමණි ඇයට උරුම දවස මුලුල්ලේ
    ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබද ඔබේ කැදැල්ලේ

    නන්දා මාලනී:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තරු හිනැහෙන ගුරු පාරේ ඈත කොනේ

    තරු හිනැහෙන ගුරු පාරේ ඈත කොනේ
    කුප්පි ලාම්පුව දැල්වෙන පුංචි පැලේ
    කවි සීපද ඇසෙනා කුරහන් හේනේ
    බිනර මලී මගෙ තුරුලේ හොර රහසේ
    ........//

    ලස්සන සුදු මුහුනු ඩිංග සිනහ ගගේ
    රතු දෙතොලට හාදු දෙන්න ලෝබ හිතේ
    කිති කැවෙනවා හිත ගත මගෙ හීන් සැරේ
    සුන්දරයිලු අපෙ ආදර කතන්දරේ.......//

    සිහින ගගේ පිහින පිහින මා පෙරදා
    හද විමනෙ සැගවුන ඔය රුව සෙව්වා
    සලිත වෙලා මගෙ සිතුවිලි හැන්දැකොරේ
    කැන්දන් ආ දවස අදයි මගෙ මැනිකේ

    විජය බණ්ඩාර වැලිතුඩුව:)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිත ඔබ පාමුල රදවා

    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා
    ............................//

    අසුරු සැනක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ...//
    සදා රැදේවා...........
    ඔබේ ලොවේ

    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ....//
    සදා රැදේවා.............
    ඔබේ හදේ

    දීපිකා ප්‍රියදර්ශනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දෙගොඩ තලා ගඟ ගලා

    දෙගොඩ තලා ගඟ ගලා
    මෙගොඩ ගොඩේ ඈ හිදී
    තොටුපලේ ගං ඉවුරේ.........
    මා තනිවම මද අදුරේ.....//

    මේ ගඟ ගලා ගියේ අපි පුංචි ලමුන් දවසේ
    ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
    ආදර ඒ ගඟ නෑ අද නෑ

    මා ඔරු කදේ නැගි බොර පාට දියේ තනිවී
    මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
    බාදක මේ ගඟ තාම ගලයි

    T.M.ජයරත්න
     
    • Like
    Reactions: DAMER