සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
images

කුමරියක පා සළඹ සැලුණා - වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා - සම‍වැදී උන් දැහැන් බිඳුණා
කුමරියක පා සළඹ සැලුණා

උකුල ලැම හස මලවි කරලිය - මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
විවර කෙරුවා මනස් සලෙළුන් - උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුණා

නිසල ජීවන තපෝ වන මැද - හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි - ලපළු තුරුවැල් කැකුළු මල්පෙති
මා හඬවයි බිදුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය

කුමරියක......

ගායනය : ඩබ්.ඩී.අමරදේව
 
Last edited:
  • Like
Reactions: maheshsenadheera

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබෙ නිල් නුවන් තලාවේ


    ashampoosnap2013021915h.jpg


    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කදුලු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවීලා

    ඔය දෑත මාගේ දෑතේ සතපා ගෙවූ අතීතේ
    දෙදෙනා නොවේද දන්නෙ
    සිත දැන් තමා සිතන්නේ
    ..............

    මුලදී උනේ මුලාවයී වැරදීම මා අතේමයී
    නොසෑලී බලා එදාමෙන්
    හිදිමී ඔබේම නාමෙන්

    මිල්ටන් මල්ලවාරච්චි
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    ashampoosnap2013021915h.jpg


    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කදුලු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවීලා

    ඔය දෑත මාගේ දෑතේ සතපා ගෙවූ අතීතේ
    දෙදෙනා නොවේද දන්නෙ
    සිත දැන් තමා සිතන්නේ
    ..............

    මුලදී උනේ මුලාවයී වැරදීම මා අතේමයී
    නොසෑලී බලා එදාමෙන්
    හිදිමී ඔබේම නාමෙන්

    මිල්ටන් මල්ලවාරච්චි
    11.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Jagath Wickramasinghe...............

    ~ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ~
    ..අතීතයේ ඇඳි පෙම් සිතුවම්..
    ~බොඳ කර ලන්නට ඇයි ඔබ සිතුවේ~
    ..මකා දමා දෙසිතක සටහන්..

    ~වියැකී යන්නට සැරසුනු මල දැක~
    ..හිත හැඬුවා මුළු ලොවට හොරෙන්..
    ~සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට~
    ..මලේ සුවඳ ගෙන මලට හොරෙන්..

    ~යලිදු පතන්නට පැතුම් පෙළක් නැත~
    ..සිත හැඬූවා මුළු ලොවට හොරෙන්..
    ~සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට~
    ..ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්..

    ..ඉසුරු කොදෙව්වේ..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Neil Warnakulasuriya............

    ~සෙබළාණනේ~

    army-lanka.jpg


    ~සෙබළාණනේ ඔබ මැරුණා නොවේ~
    ..කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ..
    ~කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ~
    ..හඬවන්න මා මේ රෑ යාමයේ..

    ~මතකයි එදා ඈත රණබිම් පුරා~
    ..සටනේ වැදීලා දින්නා එදා..
    ~නොසිතූ නිමේෂෙන්ම මරු හා ගියේ~
    ..මව් භූමියේ ලේ ගංඟා ගලා..

    ~සොයුරාණනේ ඔබ මැරුණා නොවේ~
    ..කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ..
    ~කඳුලක් වෙලා ඔබ රැඳිලා නෙතේ~
    ..හඬවන්න මා මේ රෑ යාමයේ..

    ~විරුවෙක් විලාසෙන්ම වෙන්වී දැයේ~
    ..රතු මල් පිපේවී නාමෙන් ඔබේ..
    ~විඳිනා මෙවන් නේක දුක් වේදනා~
    ..උපහාර වේ මේ ගී ගායනා..

    ..සෙබළාණනේ ඔබ
    මැරුණා නොවේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    විකසිත පෙම් පොකුරු පියුම්


    ashampoosnap2013022802h.jpg


    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පති කුලයට අද මට පිටුපා යන
    මගේ සොදුරු ලදුනේ.......//

    හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද
    ආදර සැමරුම් ප්‍රේම පුරාණෙ
    ඔබට විරහ ගිනි නොගෙනේවා

    විකසිත පෙම්...........

    තනිකම රජයන පාලු විමනේ
    ගොම්මන් කලුවර හඩා වැටෙද්දී
    ඔබ දිවි අරනේ පැතුම් විජිතයේ
    මැණික් පහන වැට දැල්වේවා

    W.D අමරදේව
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ප්‍රේම කතාවක චරිත දෙකක් අපි

    පි-ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
    ගැ-විරහ ගීතයක පේලි දෙකක් අපි

    පි-බාදා වැටකොට දුශ්ඨ චරිත නැ
    සියල්ල සතුටින් හමාර වෙනවා
    ගැ-ආසිරි ගී මැද සිහින සැබෑවි
    පෝරුව මතුපිට සිත් යා වෙනවා

    විරහ ගීතයක..................
    ප්‍රේම කතාවක................

    ගැ-දුක්බර වස්දටු වැලපෙන වීනා
    සවනත පාරන රාව නැගෙනවා
    පි-අකුරෙන් අකුරට ගැයෙනා ගීයෙන්
    පාලුව තනිකම ඉහිරී යනවා

    දයාරත්න රණතුංග සහ අමරා රණතුංග
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Prasanga Thisera.............

    ~සිත ගාව ඔබ ඉන්න~

    alone-boy-facebook-cover-t2.jpg


    ~සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා~
    ..හැමදාම මම ඉන්නවා මඟ බලා..
    ~දුර ඈත අර පේන සයුරෙන් එහා~
    ..ඔබ නාවේ ඇයි හමන සුවඳක් වෙලා..

    ~තරු පිපුන නිල් අහසේ නුඹ පායලා~
    ..නිරතුරුව ඉඟි පානවා සැරසිලා..
    ~ඒ අහසෙ රෑ සීතලේ ගුලි වෙලා~
    ..ලඟ ඉන්න පැතුමන් ඇතේ තනි වෙලා..

    ~මගෙ සිහින තරු අතරේ සෙව්වේ ඔයා~
    ..කිම හැංඟුනේ සිතක රිදවුම් මවා..
    ~සඳ මඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා~
    ..මට ඉන්න ඉඩ දෙන්න සුසුමක් වෙලා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිත ඔබට මුවාවී ඉකිබිදිනා

    සිත ඔබට මුවාවී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසේ සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
    සිත ඉකිගසමින් හඩන හැටි
    සිත පෙමට මුලා වුආ දා ඉදලා

    සිත ඉවසන් නෑ කොමපණ හිතුවත්
    දුක අඩු වී නෑ කොමපණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලා වු දා ඉදලා

    සිත පිලිගන් නෑ ඔබ ඇගේ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමු වුවත්
    ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
    ඔබ ඇයට ලගාවු දා ඉදලා



    නිරොෂා විරාඡිනි
     

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    නාමල් අයේ පිපුනා වේ......
    නෑ මන් ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්ඩ බැරි වු නිසා
    කකියඉ මගේ මනස රිදවු නිසා
    කම් නැ ඉතින් දෙහද වෙන් වු නිසා......
    නාමල් අයේ පිපුනා වේ
    නෑ මන් ආයේ විමසන්නේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්ඩ බැරි වු නිසා
    කකියඉ මගේ මනස රිදවු නිසා
    කම් නැ ඉතින් දෙහද වෙන් වු නිසා.....
    නාමල් අයේ පිපුනා වේ
    නෑ මන් ආයේ විමසන්නේ

    සිත ගත දෙක සනසාල
    මගෙන් වෙන් වීලා
    කෙනෙක් සන සාලා.....
    මගෙ පාමුල වැද වටිලා
    ඔබ කීවත් නැ කියලා.....
    නෑ මන් ආයේ පිලි ගන්නේ
    නාමල් අයේ පිපුනා වේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්ඩ බැරි වු නිසා
    කකියඉ මගේ මනස රිදවු නිසා
    කම් නැ ඉතින් දෙහද වෙන් වු නිසා.....
    නාමල් අයේ පිපුනා වේ
    නෑ මන් ආයේ විමසන්නේ

    දුක සැප දෙක මගෙ ජීවේ
    දරන්නට ආවේ
    ඔබඉ සැන සූවේ.....
    මගෙ ආදර සිහිනය වී
    ඔබගේ රුව ඇත බොන්ද වී.....
    නෑ මන් ආයේ විමසන්නේ
    නාමල් අයේ පිපුනා වේ
    ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
    විශ්වාස කරගන්ඩ බැරි වු නිසා
    කකියඉ මගේ මනස රිදවු නිසා
    කම් නැ ඉතින් දෙහද වෙන් වු නිසා
    නාමල් අයේ පිපුනා වේ.....

    Songs by_
    Clarence Wijewardena
     
    Last edited:

    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලොලේ
    ගෙල බැදි මාලේ
    ඇගෙ නෙතු දැලේ
    පියකරු ලීලේ.....
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලොලේ
    ගෙල බැදි මාලේ

    ආ..යන්න කියවන්නෙ ඈ
    මී බින්දු රස දෙන්නෙ ඈ
    සිත පුංචි රිදවන්නෙ නෑ.....
    පන්තියේ.....
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලොලේ
    ගෙල බැදි මාලේ.....

    ඔබෙ පුංචි ඒ පන්තියේ
    හිදගන්න සිතෙහී තියේ
    ඉඩදෙන්ඩ බැරිදෝ ලියේ.....
    පන්තියේ.....
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලොලේ
    ගෙල බැදි මාලේ
    ඇගෙ නෙතු දැලේ
    පියකරු ලීලේ.....
    කිරි සුදු සේලේ
    ඇදි ඇගෙ ලොලේ
    ගෙල බැදි මාලේ.....


    Songs by_
    Clarence Wijewardena
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chandrika Siriwardane.............

    ~රණ බිම මැරුණේ~

    SW_06.jpg


    ~රණ බිම මැරුණේ සිංහලයෙකු නම්~
    ..පපුවේ වෙඩි සළකුණ ඇත්තේ..
    ~සතුරට ලය දී මිස මැරුණේ නෑ~
    ..ලේ පැල්ලම් නෑ පිට කොන්දේ..

    ~මවු බිම ජයගනු බැරිනම් මරණය~
    ..දෙකින් එකකි මින් ජය ගත්තේ..
    ~මිහිකත සිපගෙන මියගිය ඇත්තොයි~
    ..සුරපුරයට කැඳවා ගත්තේ..

    ~මල් යහනාවක් මත සුව මරණය~
    ..හෙළ විරුවන් හට උරුම නැතේ..
    ~කිසිදා නොමියෙන මල් පුබුදිනවා~
    ..විරුවන් මළ රණ බිම මත්තේ..