සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

liyanage1118

Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Dunukeiya Malak Wage
    දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා


    දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
    වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා
    පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා
    මගේ අම්මා මට ජීවන සුවය සදනවා

    සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී
    කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
    අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
    ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී //

    සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
    ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
    සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ
    සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ //
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Kirula Muthu Lihi
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා


    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා

    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි

    රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
    නළල් පට මාල හත් පට සින්න වී ඇති
    සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Mithure Kiyan Ma Desa Balan
    මිතුරේ කියන් මිතුරේ කියන් මා දෙස බලන්


    මිතුරේ කියන් මිතුරේ කියන් මා දෙස බලන්
    ඔබ මා නෙත් හමු විය හැකිදෝ
    එදා පටන් අද වන තුරා ඔබ හද රිදවන්නට මා
    කිමක්‌ කලදෝ....කිමක්‌ කලදෝ....කිමක්‌ කලදෝ.....

    මිතුරේ පවසන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ...//

    මා ඔබ හට අත හිතදී සැපටත් දුකටත් සමවී
    කිසිදා තනිකර නොදමා
    ඇයිදෝ මෙලෙසින් මා ලෝකය අදුරු කලේ
    ඔබ හට මා නොදෙමි සමා

    සොයුරන් සේ අප හැදී වැඩී
    කිසිදාවත් නෑ සිටියේ වෙන් වී
    ඔබ දෙදෙනා අතරේ අගහිග කම්
    ඇති වුයේ කිමදෝ කියා පවසන්

    මිතුරේ පවසන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබ අප මිතුදම ඇයි බිද දැමුවේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ...//

    ඔබ දෙදෙනා අතරේ අගහිග කම්
    ඇති වුයේ කිමදෝ කියා පවසන්

    මිතුරේ කියන් දිවියේ එන හැගුමන්
    කිසිවක්‌ කරමින් මග හරවන්නේ
    ඔබගෙන් සගවා සිටිනා සෑමදා
    පරලොවකට සමවූවා මේ ජීවිතේ
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Ashoka Mal Mala Nelala
    අසෝක මල් මාල නෙළාලා


    අසෝක මල් මාල නෙළාලා
    අසෝක මල් උයනට වැදිලා
    සෝක නිවන ගීත ගයාලා
    ඔබ කවුරුද කියන්න මාලා //

    බලන්න ලක්ෂනයි වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
    සුරංගනාවියක්ද මේ
    කියන්න ආදරී කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
    ප්‍රීති වෙලා ප්‍රීති වෙලා

    ඔබේ දුගී පැලේ සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
    නැතේ ම රාජ මංදිරේ
    නොයන්න ආදරී රේමණීය පෙම්වතෙක් දුකේ තියා
    එපා එපා රජ සැපා

    ලියාවි සිංහලේ ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ
    උනොත් මගේ ප්‍රියම්බරී
    අසෝක මාලියේ සාලි කුමරු මම වෙමි ත්‍රී සිංහලේ
    මනාලියේ මනාලියේ
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Raja Kirulu Palandapu Rajjuruwo
    රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ


    රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ
    රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ
    සිරසට ඔටුනු පලාන් මංගල්ලේ
    ජය පානෙන් මත් වන්නේ

    අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ
    අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ
    එක බැම්මේන් එකට බැදෙනවා
    එක පොකුරට එකට සිටිනවා


    පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ
    අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ
    අපි විතරයි අපට සිටින්නේ
    මිය යන දා එකට මියෙන්නේ
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Adare Obagen Himi Wedo ( Laila Laila Lai )
    ආදරේ ඔබගෙන් හිමි වේදෝ


    ආදරේ ඔබගෙන් හිමි වේදෝ
    මා ඔබේ සැනසුම වේදෝ
    මල්සරේ පාවීලා... ඒ සුවේ වැහීලා
    මාගේ දෑසේ... ආදරේ සේයා...
    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා ඔබ සොයා මා ආවා

    ජීවිතේ සැනසුම් හමුවේවා ආදරේ තව ළං වේවා
    රන් රසේ පෑහීලා ආදරේ නෑවීලා
    පාරාදීසේ වේදනා නෑ නෑ

    යං යං යං පාවී පාවී
    ඈත ලස්සන මල් මල් මල් මල්
    සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
    දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
    රහස කියනට ආවා
    ඔබ සොයා මා ආවා
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Udu Hitha Wage Nowei
    උඩු හිත වගේ නෙවෙයි යටි හිත හරි දගයි


    උඩු හිත වගේ නෙවෙයි යටි හිත හරි දගයි
    යටි හිත හරිම දගයි උඩු හිත වගෙ නොවෙයි
    .
    කවියක පැටලුන තරුවක ඔබේ නෙතු සොයයි
    සදවත සුපිපුන අහසට ඔබේ රුව අඳියි
    .
    ඇලේ දොලේ වෙල් පින්නෙ ඔබේ හඩ අසයි
    තුරුලිය පිප ිමල් ඉත්තක ඔබෙ දෙතොල් සොයයි
    .
    පිලේ පැලේ ඉපනැල්ලේ ඔබේ වත සොයයි
    ඔබෙ රුව සැගවුන
    තැන් වල සැක සිතින් බලයි
     
    • Like
    Reactions: rcccc

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    Sinhala Song Chords

    Kowula Wage Love Sinduma Kiyapu Eka Man
    කොවුලා වගේ ලව් සින්දුව කියපු එකා මං



    කොවුලා වගේ “ලව් “ සින්දුම කියපු එකා මං
    වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    පවුල බනී ලේට් උනොත් ගිහින් එන්නද මං

    මුට්ටිය ඉවර කෙරුවේ ගහ මුලදීම මං
    බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
    රෑ-දවල් ගතවුනාම සැලකුවේ නෑ මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං

    ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
    නිවාඩු නැත්තංමෙඩිකල් දාපු එකා මං
    ඕවර්ටයිම් කිසි දවසක කරලම නෑ මං
    දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිතක් කෙලෙසද මෙ තරම් වේදනාවන් විදින්නේ

    සිතක් කෙලෙසද මෙ තරම් වේදනාවන් විදින්නේ
    නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුලැල් සලන්නේ
    ................//

    ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතක
    කල්පයක් වී දැනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    හිතා ගන්නෙ කෙලෙසදෝ

    සුසුම් කදුලැල් සිහින පමනක්
    උරුමයන් වී සදාකල්
    සතුට මොහොතක මිරිගුවක් වී
    බිදී යන්නෙ ඇයි මෙසේ

    මාලනී බුලත්සිංහල
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ අහිංසක ආදරේ....

    අපේ අහිංසක ආදරේ
    ලොවම එරෙහි වන
    ලොවට වසන් වන
    අපේ අහිංසක ආදරේ

    අපේ අහිංසක ආදරේ

    උයන් කොනක හිඳ සිසිලස විඳිනු බැරි
    අවන්හලක ලැග දොඩමළු වන්න බැරි
    පවන් රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරි
    අපේ අහිංසක ආදරේ

    කීවත් කෙනෙකුට අදහාගන්න බැරි
    කියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරි
    රන්හුය පටලා කෙලවර දකිනු බැරි
    අපේ අහිංසක ආදරේ

    අපේ අහිංසක ආදරේ
    ලොවම එරෙහි වන
    ලොවට වසන් වන
    අපේ අහිංසක ආදරේ
    අපේ අහිංසක ආදරේ


    -අමරසිරි පීරිස්-
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල

    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල
    මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කදුලැලි දුටුවම
    ඔබ මට හිනැහෙනවා
    ................

    සුවදක් දැනුනත් තවමත් ආසයි පනමෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නැ තරහක් මට දැනිලා

    ඉස්සර සෙනෙහස......

    දම් පැහැ ගවුමයි රතු පැහැ කුඩයයි තවමත් තියනවද
    එපා උනත් මා එපා දවන්නට ඒ ආදර තිලින
    .............


    නාමල් උඩුගම
    :love::(
     
    • Like
    Reactions: DAMER

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් //

    නිදන ලොවෙන් දවස උදාවී
    සිහින මැදින් සතුට සිනාවේ
    නුරා දෙතොල් නුරා එයින්
    සුරා බඳුන් පුරා ගෙනේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම්

    හිරු ඇහැරී බලන වෙලාවේ
    සිහින මැදින් සතුට නිමා වේ
    හෙට උදයේ හිරු එලියේ
    සිහින ලොවේ සැපත නිවේ

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් //

    මන්ද රැඳෙනු තවත්
    මෙන්න උදය ඇවිත්
    නින්ද නොලබන අන්ද අඳුරෙන්
    ඇන්දු විදුලිය මෙන්

    ගයන ගැයුම් නටන නැටුම්
    ඉවත හෙලයි ශෝක සුසුම් ///

    ගායනය - ලා බම්බාස්

    ඔය සිංදුවේ සංගීතය - පණ්ඩිත් අමරදේව.

    හිතන්නත් අමාරැයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake..........................

    ~දොම්නසින් බර~


    ~දොම්නසින් බර නිම් වළල්ලේ~
    ..තුන් ලොවේ ඝණඳුර තලා..
    ~මෙත් සිහිල් කරුණා විරාගික~
    ..දම් අමා ගඟ යයි ගලා..

    ~කප් ගණන් පෙරුමන් පුරා~
    ..බුදු පදවි ලද සමිඳුන් මුවේ..
    ~ඇඳී ඇති පින්බර සිනාවෙක~
    ..රැඳී ඇත ලොව්තුරු සුවේ..

    ~නිරාමිස සුවඳැල් බැඳුණු~
    ..හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ..
    ~විරාගික කඳුළැල් නැඟී එයි~
    ..පතා සදහම් අම රසේ..

    8094000037_34075f40ab.jpg