සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පිනිබර යාමේ සැවුලන් හඬලනවා
    අම්මා වට කර ලිප ගිනි නැළවෙනවා
    කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
    නැඟිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

    පුතුනේ අකුරට යන්න පමා වී
    ගුරු සිත රිදිලා වේවැල අඬවාවී
    ඇලේ දොලේ පැන තෙප්පම් පැදලා මුරණ්ඩු වූ දා
    දුක් වේවී අම්මා

    වේල දෙවේලේ කුසගිනි නොබලා
    වැරහැලි ඇන්දත් පින්කඳ බබළනවා
    කලට රුවන් වැසි වස්සන තාලෙට ශිල්ප උගත් දා
    නුඹ සක්විති වෙනවා

    ගායනය: : සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: DAMER

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අට්ටාලයේ ලී පටි හඬ නගන්නේ..
    හරහට ඇදෙන දෝණා බිය ගෙනෙන්නේ..
    අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ..
    ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ..


    ඉහළට ඇදෙන කූඩයේ පස් පිරෙන්නේ ..
    කවදද දිස්නයක් මැණිකක දකින්නේ..
    පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ..
    මැණිකක් අතින් ගෙනදෝ මතු උපදින්නේ..


    මරුගේ අතක් අප ගෙල වට රැඳී හින්දා ..
    විස්වාසයක් නම් හෙට ගැන නෑ රන්ඳා...
    මැණිකක තිබෙන දුලබ ගුණය නැති හින්දා ..
    අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා..

    අපි කළු ගල්ය හැම තැන හමුවන හින්දා..


    💎 ගායනය:-කෝලිත භානු දිසානායක
    💎 රචනය:-වෛද්‍ය කපිල ක්‍රිශාන්ත සූරියාරච්චි
    💎 සංගීතය:-ආචාර්ය රෝහණ වීරසිංහ

     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මීවිත පුරවා සුර ලදුනෙ රස බැලුවා ...
    සිත ඇතුලෙ ගිනි දැල් නම් නිවි ගියෙ නැ ....
    ඒ සුව යහනෙ මද පවනෙ අතිතයෙ ...
    සොදුරු හැගුම් මිහිරි පැතුම් මැකී ගියෙ නැ ....
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo


    සීතල දිය පිරි සුනිල විලයි....
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි...

    අසරණ වී මා ජීවිත කතරේ
    අන්ධකාරයේ සැරිසැරුවා
    ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
    උදාවෙලා මට අත වැනුවා..

    සීතල දිය පිරි සුනිල විලයි....

    දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා ...

    සීතල දිය පිරි සුනිල විලයි....

    ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
    ආදරයෙන් මා වෙත පිදුවා
    ඒ මොහොතෙම තව සිය දහසක් මල්
    මා වට කර හැමතැන පිපුණා..

    සීතල දිය පිරි සුනිල විලයි....
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිතින් ඉවසන්න බැ

    සිතින් ඉවසන්න බැ

    මේ තරම් වේදනා

    තවත් විදවන්න බැ
    ආදරෙන් වේදනා...



    මගේ ලොවේ මල් පිපි ආදරෙන් සුවද දී
    සෙනෙහසින් ඔබ නිසා මා සැනසුණා එදා...



    පලුවේ තනිවෙලා හඩන දෙනුවන් බලා

    හිනේහුනේ කෙලෙසදෝ මා හදවලා තියා



    සිතින් ඉවසන්න බැ

    මේ තරම් වේදනා

    තවත් විදවන්න බැ

    ආදරෙන් වේදනා...


    Prince:(