සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

    විරහ වේදනා
    වින්දා
    ඇසුවෙමි අවමන්
    වින්දා
    ආදරයත් කරුණාවත්
    හදේ දරා සිටි හින්දා

    කුරුලු ගීත මට ඇහුණා
    ගහේ කොළේ මල් පිපුණා
    ළඳකට පිදුවාට වඩා
    සතුටක් මට ඉන් දැනුණා

    වික්ටර් රත්නායක
     

    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    Sinaa podak vee.....

    සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
    කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි....

    සෙවනැල්ලක් සේ..
    ඔබ දිවි ගමනේ..
    අත්වැල වන්නට
    සැරසී උන් මා...//
    මිරිඟුව දක්වා නෙතු යුග නවතා...
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි...//

    මල් කැකුලක් සේ....
    ඔබ හද උයනේ...
    විකසිත වන්නට සැරසී උන් මා...//
    සිත ගිනි අවුලා පියවර අවුරා...
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....//

    :(

    ගායනය- දීපිකා ප්‍රියදර්ශනී
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සිනා පොදක් වී.....ඔබගේ දෑසේ...
    නිදන් ව ඉන්නට පෙරුම් පිරූව ද
    කඳුලැල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි....


    :(

    ගායනය- දීපිකා ප්‍රියදර්ශනී
    :(:(:(:(:(
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ලොවම එපා වී...
    ලොවම කලකිරී...
    දැවී දැවී හිදිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්...
    මගේ ආත්මය සුවපත් වේ...
    අසා අසෝබන නින්දා ගැරහුම්...
    වැලහින්නක සේ වැලපෙන මොහොතේ...
    පවනේ පාවෙන ඔබේ සුවදකින්
    පිපාසිත වූ හද සිහිලැල් වේ...
    ලොවම එපා වී......
    ලබා නොමිනිසුන්
    නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ...
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළු ගැන් වුන සිත උණුසුම් වේ....
    ලොවම එපා වී.....

    නන්දා මාලිනි....

     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
    මේඝවලා සලු පට අතරින් මම් ඔබ වෙත එන්නම්
    මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම්
    සද මඩලේ සද කුමරිය වී මම් ඔබ සුරකින්නම්
    ......................................................

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිලිසදරේ........
    රන් දෝලාවෙන් කැදවා යන්නම්
    කුමරිය ඔබ මාගේ
    ............................

    ඈත ක්ෂිතිජයේ..................

    සදලු තලාවේ මුනින් තලාවී
    කදුලැලි පිරුනු නෙතින්
    සමුගන්නම් මම් කුමරිය ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්
    .........................

    ගායනය-ෂර්ලි වයිජන්ත


    one of my favorites...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මගෙ බිසවුනේ අසාපන්

    එල එල මරු වැඩක් මමත් ඔය කිව්වා වගේම ගොඩක් කාලයක් තිස්සෙ කරන වැඩක්...ඕනෙම ගීතයක සිංහල පදවැල් මටත් දෙන්න පුළුවන් පුළුවන් වෙලාවක මමත් පොස්ට් එකක් දාන්නම් කො...
    කරගෙන යන්න ජයවේවා..:):):)



    මගෙ බිසවුනේ අසාපන්

    මගෙ බිසවුනේ අසාපන්
    නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
    දුෂ්කර වු ඒ පළාතේ
    මට යන්න දෙන්න දේවි...//

    මේ කදුළු ඇයිද දෑසේ
    බැ යන්ට නුඹට ඉමයේ..//
    ගොස් ඉන්ට කුලී නිවසේ ‍
    විස ඝෝර සර්ප බවනේ..

    නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
    සා පැටව් එහි නිදන්නේ..//
    හාමතේ නොදා දරුවෝ
    නවතින්න බිසව් නගරේ

    නුඹ නොදී එතෙර රටටා
    දරු නොදී වාල් කමටා...//
    දිවි පු‍දා තොප රකින්නම්
    නොපුරා එ මෙත් පෙරුම් දම්...

    මේ කදුළු ඇයිද...//

    ගායනය : ගුණදාස කපුගේ
    පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය : ගුණදාස කපුගේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හදේ කොතැනක හෝ හිදී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හසරැහැනින් පෙලයි මා.......
    මුදා සුව දැහැනින්

    සයුරු ඉම රත් ක්ශිත්ජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අදුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා ........තනිවෙනා මොහොතේ.....

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කදුලද සිදෙන්නට පෙර
    යදින්නම්....ඔබ මැකී යනු මතකින්.....

    :(:(

    සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: saki2

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    දිගු දෑස දුටුවාම..

    දිගු දෑස දුටුවාම..
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
    ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

    දිගු දෑස දුටුවාම..//

    පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
    විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
    දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
    කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

    දිගු දෑස දුටුවාම...//

    ගායනය : රොමේෂ් සුගතපාල
    සංගීතය : රොමේෂ් සුගතපාල
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    අරලිය ලන්දට

    අරලිය ලන්දට..

    අරලිය ලන්දට - සඳ පායන කොට
    තුරුලිය මල් වට - බඹරු බමන විට
    සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
    ඔබ ගැන සිහිවෙනවා.. එතකොට
    ගී පද ලියැවෙනවා...

    රඹවන් හේනේ - කරල් පැසෙන කොට
    අඹ මල් ගානේ - ගිරව් හඬන විට
    දොඹ තුරු මානේ - සෙවන දකින මට
    ඔබ ගැන සිහිවෙනවා - එතකොට
    සි ති විලි ඉගිලෙනවා...

    අරලිය ලන්දට...//

    දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට
    පඬුවන් අහසේ - තරු පායන විට
    හැඬුමට නොහැකිව - දෙඇස වසන මට
    ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට
    සි හි නය උපදිනවා....

    අරලිය ලන්දට...//

    ගායනය : නන්දා මාලිනී
    පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
    සංගීතය : කාලෝ විජේසිරි
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    සුමනෝ...

    සුමනෝ...

    පබළු නගේ නා..මල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ..
    සුමනෝ...නුඹ ඇයි නැත්තේ

    වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
    අඩ හඳ යායට කෙකටිය පිපිලා
    වැව් කන්දේ බෝ ගස් හෙවනේ
    මම අද තනියම ඔලිද ගණිනවා..
    වෙනදා වාගෙම තල මල පිපිලා
    තිබුනට ඇල ලඟ වත්තේ...
    සුමනෝ...නුඹ ඇයි නැත්තේ....

    මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
    මිහින්තලා ගල පැත්තේ
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
    පාන් දෙපස එළි මැද්දේ
    මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
    ඒ දණ්ඩේ ඉස්මත්තේ...
    සුමනෝ...නුඹ ඇයි නැත්තේ....//

    ගායනය : ගුණදාස කපුගේ
    පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
    සංගීතය : ගුණදාස කපුගේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගැ-කියන්න මගෙ සුදු පුංචි කුමාරයෝ
    මා හමුවන්නට මෙහෙ ආ කාරිය
    පි-අහන්න මගෙ සුදු පුංචි කුමාරිය
    මමවත් නොදනිමි මා ආ කාරිය
    ..............................................

    ගැ-ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
    ඔසුවෙක් ඇත්දැයි අසමි දයාවෙන
    පි-මදෙස බලා ඉනු මැන කරුනාවෙන
    එයයි මගේ ගිම් නිවන නවාතැන

    කියන්න...........................

    ගැ-දෙනො දහක් දෙන සිටින ලොවේ හිද
    කුමට මගෙන් පිලිසරන පතන්නෙද
    පි-දෙපා සතුන්ගෙන් බැටකන මා හද
    ඔබේ සරන නිබදව නොසොයාවිද
    ...................

    වික්ටර් රත්නායක සහ නිර්මලා රණතුංග
     
    • Like
    Reactions: diwya

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙ උයන් තෙරේ මෙ තුරු සෙවනෙ
    ඔබේ කතා මට තවම ඇසෙ
    මේ නදී තෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනෙ
    ................................

    ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
    නැ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ
    අතර මගක මා දමා තනිව මේ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ

    ...............................

    අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
    නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ
    යලිදු ඔබ එතැයි පතා හිදිමි ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ
    .............................
    ගායනය-නිර්මලා රණතුංග
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සේනානායක වේරලියැද්ද - සුන්දර උයන් පෙතක

    සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
    මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඬන්

    අපට විහාරයේ දොර වී අඩවල්
    ගියාට ලොව වැරැද්දකින්
    දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
    කුමට අපි ළතැවිල්ලෙන්

    සුන්දර උයන් පෙතක..

    සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
    බලාන හොඳ පරිස්සමින්
    සරණ නොලද මල් අපි
    කටු කැලේ හැලිද්දෙන්
    ඉඳිමු හිත සැනසිල්ලෙන්

    සුන්දර උයන් පෙතක..

    සේනානායක වේරලියැද්ද




     
    • Like
    Reactions: diwya

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වේරලියැද්ද,නිරෝශා - ඔබෙයි මගෙයි මේ සෙනෙහස

    ගැ: ඔබෙයි මගෙයි මේ
    සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    අශෝක මාලාව මමයි
    ඔබ සාලිය කුමරු නේද//

    පි: ඔබෙයි මගෙයි මේ
    සෙනෙහස සංසාරේ පුරුද්දක්ද
    ඒ සාලිය කුමරු මමයි
    ඔබ අශෝකමාලාමද//

    සිතට සිතක් යාවූ තැන
    සීමා වැටකොටු කොයින්ද
    සිතිවිලි පොහොසත් වූ නුඹ
    මට හිමි කුළඟන නොවේද//

    ගැ: නිවහල් සිතිවිලි දරනා ඔබ
    මිනිසුන් අතර දෙවිඳ
    ඔබෙ ආදර පුදසුන මත
    කුසුමක් වී හිඳිමි පිබිද//

    අතොරක් නැති අවුල් තැවුල්
    සිතට රිදුම් ගෙන දුන්නද
    නිවන මගේ හද කුටියේ
    ඇත සැනහී ඉන්න නිබඳ//

    පි: ඔබෙයි මගෙයි මේ සෙනෙහස..

    ගැ: ඔබෙයි මගෙයි මේ සෙනෙහස..

    සේනානායක වේරලියැද්ද,නිරෝශා විරාජිනී