සිංහල ජාතියේ සමිභවය

Jul 17, 2011
49
7
0
OUT OF EK
සිංහල ජාතියේ සමිභවය

මහාවංසය ලියා ඇත්තේ ම විදේශික සිංහ වංසය හෙවත් විජය කුමරු සමග පැමිණි පිරිස ඔසොවා තබා සවදේශික යක්ෂ ගෝත්රිකයන් පහතට දැමීමට බව ඇතැමුන්ගේ මතය විය. එහෙත් නාගයන් එසේ පහතට දමා නැත්තේ ඇයි දැයි ඔවුහු නො ඇසූහ. සිංහල ජාතිය ගොඩනැහුණේ විජය කුමරු සමග පැමිණි පිරිසෙන් ය යන්න මහාවංසයෙන් ඉදිරිපත් කෙරුණු මතය විය. රටෙි සාමාන්යයෙන් පිළිගත් මතය ඒ විය. එහෙත් ඒ නිවැරදි නොවන බව අමුතුවෙන් කිවයුතු නො වෙයි. සිංහල ජාතිය නිර්මාණය වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව විකල්ප මත දෙකක් පසුගිය සියවසේ ප්රචලිත ව තිබුණි.

ඒ මත දෙකින් ම කියැවුණේ විජය කුමරු මෙරටට පැමිණෙන විට සිටි ගෝත්රවල එකතුවකින් සිංහල ජාතිය ගොඩනැගුණූ බව ය. එහි දී විජය කුමරු සමග පැමිණි පිරිසෙන් සිංහල ජාතියට කිසිවකු එකතු නොවූ බව මත දෙකින් ම පොදුවෙි කියැවිණි. මත දෙක එකිනෙකින් වෙනස් වූයේ සිංහල ජාතිය ගොඩනැගීමෙන් පසු සිංහ වංශයට කුමක් විණි ද යන්න සමිබන්ධව ය. එක් මතයකින් ඒ පිළිබඳ කිසිවක් නො කියැවිණි. අනෙක් මතයෙන් කියැවුණේ සිංහල ජාතිය ගොඩනැගුණේ සිංහයන් ඝාතනය කිරීමෙන් පසුව බව ය. පළමු මතයට අනුව සිංහල ජාතියට ඒ නම ලැබුණේ සිංහ වංසයක් නිසා නොව හෙළ ගෝත්ර හතරක්, එනමි යක්ෂ, රාක්ෂස, දේව, නාග යන ගෝත්ර එකතුවීම නිසා ය. සිවි හෙළ ගෝත්ර යන්න සිවිහෙළ බවටත් පසුව සිංහල බවටත් පත් වී ඇත යනුවෙන් මතවාදය වර්ධනය විය. අනෙක් මතයට අනුව සිංහයන් ඝාතනය කෙරුණු බැවින්, එනමි සිංහයන් ලානය කෙරුණු බැවින් එසේ සිංහයන් ලානය කිරීමෙන් බිහිවූ ජාතිය සිංහල විය. එහෙත් මෙම මත දෙකම කෘත්රිම වූ අතර එයට පොදු වූ තවත් කරුණක් ද විය. ඒ මත දෙකින් ම කියැවුණේ සිංහල ජාතිය නිර්මාණය කෙරුණේ පඬුඅබා රජු අතින් බව ය. පඬුඅබා විදේශික ආක්රමණිකයන් වූ සිංහයන් පරාජය කර දේශයේ නිදහස දිනාගත් වීරයකු ලෙස බෞතීස්ම කිරීමෙි වෑයමක් ද ඇතැමි මාක්ස්වාදීන්ට හා වෙනත් විජාතික උගතුන්ට වෙයි. එහෙත් මොවුන්ට තේරුමි කිරීමට නොහැකි දෙයක් ඇත. එනමි සිංහයන් වර්ගයක් හෝ ගෝත්රයක් හෝ වංසයක් හෝ ලෙස පරාජය කර ගොඩනැගූ ජාතියක් සිංහ නමින් සිංහල වුයේ කෙසේ ද යන්න ය.
-මහාචාර්ය නලින් ද සිල්වා



ගත්තේ මෙතනින්
https://www.facebook.com/topic.php?uid=225616361752&topic=12749

 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වැදගත් ලිපියක් ...සැවෝම කියවිය යුතු නිසා ඉදිරියට ගත්තා