සිංහල ජාතිය අගය කළ විදේශීය පූජකයා

33000W

Member
සිංහල ජාතිය අගය කළ විදේශීය පූජකයා

426262_10150724599476934_151742781933_11547715_404463689_n.jpg


සිංහල ජාතිය අගය කළ විදේශීය පූජකයා

[[”සිංහලයෝ උතුම් හා ශීලාචාර පැවතුමෙන් හෙබියෝය.”
”සිංහලයෝ ස්වභාවයෙන්ම විනීතය. සාමකාමීය. සරල පැවතුමෙන් යුක්තය.”]]:oo:

ලේඛක නැමියා ඇති අය එක්තරා ගෝත්‍රයක් වශයෙන් සැලකුව හොත් එය සංවේදී ගෝත්‍රයකි. කිසියම් බුද්ධි ප්‍රමාණයක් ද ඔවුන්ට අවශ්‍යය. නිර්මාණ සාහිත්‍යයේ යෙදෙන බොහෝ ලේඛකයන්ට කිසියම් ප්‍රමාණයකට පර සිත් දන්නා නුවණද අවශ්‍ය වේ. ඒ සාර්ථක චරිත විවරණ සඳහා ය.

කිසියම් සමාජයක හැසිරෙන ලේඛකයකු තමාගේ ඇසුරට වැටුණු අයගේ චරිත තමාගේ කෘතිවල විවරණය කිරීමට පෙලඹේ. ඇතැම් විට එම චරිතම තමන්ගේ නිෂ්පාදිත චරිතවලට ආරෝපණය කරයි. එහෙත් කලාතුරකින් ඉතා දක්ෂ ලේඛකයකු කිසියම් සමාජයක් හෝ පුද්ගලයකු ඍජුවම ඇසුරු නොකර විවරණවලට එළඹේ. ඒ ඇසූ කියවූ දෙයිනි. මෙසේ ඒ මූලාශ්‍රවලින් නොමඟ ගොස් මුසා ඇද බෑවෝද වෙති.

’’Temporal and Spiritual Conquest of Ceylon” කර්තෘ කවෙරෝස් නම් පෘතුගීසි පූජකයා වඩා විශ්වාසී ලේඛක ගණයට අයත් ය, එහෙත් ලංකාව ගැන කාණ්ඩ තුනකින් යුත් විශාල ග්‍රන්ථය ඔහු නිකුත් කළේ ලංකාවට අඩියක් නොතියා අපේ ආසන්න රට වූ ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි ගොයා ප්‍රාන්තයේ සිට ය. ඔවුන් ක්‍රමයෙන් ගොඩ නඟා ගත් ආසියාතික අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය වූ මෙය වූ අතර පෙරදිගට ආ සියලු ම පරංගි කෙරුම් කාරයෝ මෙහි විසූහ. පොත් ලියන්නන්ද එහි ය. ක්වෙරෝස් පූජකයාත් ඔවුන්ට එකතු විය. මේ දේශපාලන ක්ෂේත්‍රයේ කුදු මහත් සියලු සිදුවීම් ගැනත් සිංහල ජනී ජනයාගේ ගති පැවතුම් හා ආකල්ප ආදිය ගැනත් මූලාශ්‍ර සැපයූ විශ්වාසවන්තයන් සිටි බව නිගමනය කළ හැකිය. මෙසේ 16 වැනි සියවසේ ජීවත් වූ අපේ ආදි මුත්තන්ගේ චරිත සිතුම් පැතුම් විවරණය කළේ ඔවුන් සමඟ කිසියම් ඇසුරක් නැතිවය. මේ විවරණවල බොහෝ දුරට සත්‍යතාවක් ඇතැයි ලේඛිකාවට හැඟුණු නිසා මෙය ලියමි. මේ ටිකත් මුලදී ම කීම අවශ්‍යය.

’ක්වෙරෝස් පාදිලි එම පොත ලීවේ සිංහලයාගේ ගුණ හෝ අගුණ ගයන්නට නොවේ’ ඉතා ආත්මාර්ථකාමී අරමුණක් ඇති ව ය. එය ඔහු ඉන්දියාවේ සිට ලීවේ පරංගීන්ට ලංකාවට අහිමි වීමෙන් පසු ව ය. එය ඇත්තෙන් ම පශ්චාත්මරණ පරීක්ෂණ ස්වරූපයක් ගනී. තම ජාතියට මේ සුන්දර දිවයින අහිමි වූයේ ඇයි? එහි වරද ඔහු මුළුමනින් ම පවරන්නේ තම ජාතියේ කෲර ප්‍රතිපත්තීන් හා ක්‍රියා වලට ය. අන්තිමේදී ඔහු නැවත මේ දිවයින විජයග්‍රහණය කළ යුතුයැයිද යෝජනා කරයි. එහෙත් එය කිසි දිනක සිදු නොවේ. අපේ සිද්ධස්ථාන සියල්ල පාහේ විනාශ කළ පරංගි පාලනය මේ වන විට රටට ම එපා වී තිබිණි.

එහෙත් ක්වෙරෝස් එක ම ස්ථාවරයක ම නොපවතින බවද පෙනේ. මුලදී ඔහු සිංහලයා දකින්නේ ඉතා සාමකාමී හා උතුම් පැවතුම්වලින් යුක්ත අයකු මෙනි. පසුව ඔහු බෞද්ධ ශිෂ්ටාචාරයෙන් පෝෂ්‍ය වූ ඒ සියුම් සංවේදී බවින් මිදී ගොරෝසු පුද්ගලයකු බවට පත් වේ. ඒ පෘතුගීසි සමය අවසන් වන 17 වන සියවස ගෙවී යන කාලයේය. විද්‍යා පුනර්ජීවනයෙන් හා කාර්මික විප්ලවයෙන් හා සාර්ථක දේශ සංචාරවලින් ඔද වැඩී යුරෝපීය ජාතීහු මුළු විශ්වය ම තමන්ගේ පරිභෝජනයට දෙවියන් වහන්සේ මැවූ එකක් යැයි යන උමතු විශ්වාසයෙන් පසු වූහ. (අදද මේ චින්තනයේ සේයා හොල්මන් කරයි) අන්තර්ජාතික සමුද්‍ර ගමන්වල මධ්‍යස්ථානයේ පිහිටි මේ දිවයිනට මේ සුද්දන් ඇදුණේ පැණි පොදකට ඇඹලයන් ඇදෙන කෑදර කමිනි. විශේෂයෙන්ම ක්වෙරෝස්ගේ ග්‍රන්ථයේ ප්‍රස්තුත කාලය ලන්දේසි පරංගි සිංහල ත්‍රිකෝණ යුද්ධවලින් නිතර ආකූල ව්‍යාකූල වූ ඉතා අභාග්‍ය සම්පන්න කාලයක් විය. මරණය ඉතා සුලබ වීමෙන් සිංහලයා තුළ මරණයට ඇති බිය ඉතා ඌන විය. ඉතා ග්‍රාම්‍ය බසින් කිවහොත් ඕනෑ ඉලව්වක් වෙච්චාවේ යන තත්ත්වයට ඔවුහු අන්තිමට පත් වූහ. ඉලව් ගෙවල් සෑම තැනම ය. වැලපෙන්නෝ වැලපෙන්නියෝ සුසුම් හෙළන්නෝ හෙළන්නියෝ සෑම තැන ම ය. උදේ නිවසින් පිට වන තැනැත්තා සවසට ආපසු එන නොඑන මෑතකදී ගෙවුණු ඒ අනාරක්ෂිත කාලය කොහේදෝ සිට බල ලෝභී තණ්හාධික සුද්දන් කඩා වැදුණු මේ අවිචාර යුගය සිහි නොගන්වයි ද?

ආපසු ක්වෙරෝස් වෙත එමු. ඔහු අප ගැන ගෝවේ සිට කරන විග්‍රහවලින් කීපයක් මෙන්න. මේ උද්ධෘත ඔහුගේම ග්‍රන්ථය ඇසුරෙනි.

”සිංහලයෝ උතුම් හා ශීලාචාර පැවතුමෙන් හෙබියෝය.”

”සිංහලයෝ ස්වභාවයෙන්ම විනීතය. සාමකාමීය. සරල පැවතුමෙන් යුක්තය.”

එහෙත් වර්ණනාවලට සීමා නොවී මේ ටිකද කියයි.

”සිංහලයෝ අහංකාරයේ ප්‍රතිමූර්තියකි. ඔවුන්ගේ ප්‍රධාන වරද නම් ඔවුන් සෑම විට ම ලෝකයේ හිස් මුදුනින් වැජඹෙන බව සිතීම ය. ඒ පාලන ක්ෂේත්‍රය පිරිසිදු කම මනා ගති පැවතුම් ආදී ක්ෂේත්‍රවලය. විශේෂයෙන්ම පිරිසිදු කම අතින් ය. අන් සියලු ජාතීන් විශේෂයෙන් ම යුරෝපීයයන් අපිරිසිදු ම්ලේච්ඡයන්යැයි ඔවුහු සිතති.

සිංහලයෝ සෑම විටක ම පිරිසිදු ව සිටිති. මේ සීසා ඔවුන් මෙන් නිතර ස්නානය කරමින් එසේ නොකරන අනෙක් ජාතීන් පහත් කොට සලකති.:lol::lol::yes:(කතාව ඇත්තනෙ.නාන්නෙ නැත්නම් කොහොමත් අපිරිසිදුයි තමයි:eek:)

මොවුහු දීර්ඝායුෂ ඇත්තෝ ය. මෙහි රදන පෘතුගීසිහු පවා සුවසේ වෙසෙති.

ඔවුන්ගේ ජාතිය දිව්‍යමය සම්භවයකින් යුක්තයැයි ඔවුහු උදන් අනති. තමන්ගේ රාජ්‍යයෙහි පෞරාණිකත්වය හා ධනවත්කම ගැන ඔවුහු සොම්නස් වෙති.

ඔවුන්ගේ රාජ වංශය යුරෝපීය රාජ වංශවලට වඩා ඉතා පැරණි ය.

අප ගැන ඔවුන්ගේ රෝෂය උත්සන්න වූයේ බුවනෙකබා රජුගේ මරණයෙන් පසු ය. ඔහු මැරුවේ පරංගීන් ය යන විශ්වාසය ඔවුන්ගේ පූජනීය ස්ථාන කෙරෙහි තබන විශ්වාසය තරම් දැඩි ය.

මේ රට තුළ ජීවත් නොවූවකුට මොවුන් තම ස්වාධීනත්වය රැකීමට ගන්නා දැඩි උත්සාහය තේරුම් ගැනීමට අපහසු වේ.

සියලු ම ජාතීන් අතරින් තම නිදහස පතා සටන්කාමී වූයේ සිංහලයන් ය. ඒ වෙනුවෙන් කැරලි ගැසූ ඕනෑම නායකයකු පිළිගැනීමට ඔවුහු සූදානම් වූහ. මෙහි සියලුම ජාතීන් යනුවෙන් විශේෂයෙන් ගම්‍ය වන්නේ අපි‍්‍රකාව හා දකුණු ඇමෙරිකාව වැනි ඔවුන් අල්ලා ගත් සෙසු දේශවාසීන් විය යුතුය. ඒ දේශවල මිනිසුන් ඔවුන්ට දැක්වූ බයාදු බව සිංහලයා නොපෙන්වූ බව බොකාරෝ නම් ලේඛකයා ද සඳහන් කරයි. මේ ස්වදේශිකයන්ගෙන් ඇතැමකු යුරෝපීයයන් දෙව්ලොවින් ආ ආනුභාවසම්පන්න පිරිසක ය වන මුළාවෙන් පවා පසු වූහ.

ඔවුන්ගේ ආගමට ඔවුහු දැඩි භක්තියක් දැක්වූහ. අප විනාශ කරන ඔවුන්ගේ සිද්ධස්ථාන ඔවුන්ගේ රජවරු හනික සංරක්ෂණය කරති. මෙසේ දෙවුන්දර කැලණිය හා නවගමුව පිළිසකර විය.

පෘතුගීසි යුගය අවසන් වන කාලයේ ඔහුගේ නිරීක්ෂණයකි මේ.

නිතර නිතර පැවති යුද්ධ සිංහලයන්ගේ සෞම්‍ය ගති පැවතුම් පවා වෙනස් කිරීමට හේතු විය. දැන් සටන් කිරීම ඔවුන්ගේ ශරීර තුළට ඇබ්බැහි වී ඇත. ඔවුහු දැන් කිසිම බියක් හෝ කම්පාවක් හෝ පැමිණිල්ලක් නැතිව මරණයට සූදානම් ව සිටිති. මෙය ඉතා විස්මිත හා අගය කළ යුතු කරුණකි. මහනුවර වැසියෝ මේ අකම්පාල ලක්ෂණ වැඩියෙන් දක්වති. ජීවිතය ගැන ඔවුන්ගේ වැඩි අගයක් නැත. ඔවුන් නිර්භීත ය. හැඩි දැඩි ය. නිතර යුද්ධ කිරීම එක්තරා අන්දමක විනයක් ඔවුන්ගේ ජීවන පිළිවෙතට ආරෝපණය කර ඇත.

FB එකේ තිබිල හම්බවුනේ.

මේ කතාව කියවනකොට මොකද හිතුනෙ? අපේ ජාතිය ගැන අභිමානයක් ඇතිඋනාද නැත්නම් ලැජ්ජාවක් ඇතිඋනාද?:confused::confused:
 
  • Like
Reactions: sinhaleseman

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලජ්ජා වීමට හේතුවක් කොතැනවත් කියවිලා නෑ නෙ බන් ;)
    සහෝ එහෙම දෙයක් නම් නෑ තමයි:yes:.ඒත් මූලිකම දේ ඔයාට ලැජ්ජාව ගෑවිලාවත් නැති එකනේ:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සහෝ එහෙම දෙයක් නම් නෑ තමයි:yes:.ඒත් මූලිකම දේ ඔයාට ලැජ්ජාව ගෑවිලාවත් නැති එකනේ:lol::lol:

    මම නිකන් හිතුව අන්තිම පොස්ට් එක වැටිල තියෙද්දී quote කරලා ඇති කියල ගස් බල්ලා.. මැරියකො එකපාර :growl: