සිංහල ජෝක්ස්

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    පිස්තෝලය...
    නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.

    විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"

    නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."

    විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"

    නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."


    ====================================================================================
    අලුත් කාර් එකක්...
    "මං ඔය නඩුවට පෙනී හිටල තමුසෙව කොහොම හරි බේරලා දෙන්නං. හැබැයි පුතෝ තමුසෙ මගෙ ගාස්තුව අඩුවක් නැතුව බේරන්ඩ ඕනෙ. හොඳයි තමුසෙ ළඟ ඒකට සල්ලි තියෙනවද?" නීතිඥයා ඇසුවේ නඩුවක් රැගෙන තමා වෙත පැමිණි ප්‍රේමසිරි අමතමින්.

    "සල්ලි නම් නෑ සර්. ඒත් මගෙ ළඟ අලුත් කාරෙකක් තියෙනවා..." ප්‍රේමසිරි පැවසීය.

    "ම්... හොඳයි ඒක විකුණලවත් මගෙ ගාස්තුව අය කරගන්න බැරියැ. හොඳයි මොනව හොරකම් කළා කියලද තමුසෙට විරුද්ධව ඔය නඩුව දාලා තියෙන්නෙ” නීතිඥ මහතා ඇසුවේ ය.

    "අලුත් කාර් එකක්" ප්‍රේමසිරි පිළිතුරු දුන්නේ හිස කසමිනි.



    අන්තර්ජාලයේ යනකොට එහෙන් මෙහෙන් හොයාගත්තු ඒවා
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif