ඉතා අරුම පුදුම ගණයේ බුද්ධිමතුන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුහු තම බුද්ධියේ මහිමයෙන් රට, ජාතිය, ආගම ආදිය කිසිදු පදනමක් නැති අඳබාල ප්‍රස්ථුතයන් යැයි පසක් කරගෙන ඇත. වෙනත් වචන වලින් කියතොත් තමන් යම්කිසි මවක හා පියෙකුට දාව, එම මව-පියා ගේ ජාන පරම්පරා අයත් ජාතිය/වර්ගය/ආගම යන කුළක ඇතුලත ඉපදුනද, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන අතර, එම පෙර ජාන පරම්පරාවන් විසින් උරුම කරදී ඇති ඉතිහාසය පිළිකුලෙන් බැහැර කරයි.
වෙනත් රටවලින් පැමිණ මෙරට පදිංචි වූවන් මෙරට සැබෑ උරුමය අහියෝගයට ලක් කිරීමේදී, එම අහියෝගයනට මෙරට ස්වදේශික ජනතාව දක්වන නැඟී සිටීම මොවුනට නුරුස්සයි. මොවුන් තම උරුමය පිළිබඳ සංවේදී ස්වදේශික ජනතාව නූගතුන්, මන්දබුද්ධිකයන් ලෙස හංවඩු ගසයි.
නමුත් මොවුනට නොතේරෙන දෙය නම් ස්වදේශික බව, තම උරුමය පිලිබඳ හැඟීම ආදිය අවසාන විග්රහයේදී "තම පවුල" යන ඒකකයෙන් ඌණනය වන බවයි. ජාතිය යනු අන් කිසිවක් නොව තමාට අයත් ජාන පරම්පරාවයි (තමාගේ ජාන share කරන අනිකුත් මිනිසුන් සිටින කුලකයයි). මෙම ග්‍රහලෝකයේ ජීවය සෑදී ඇති ආකාරට ඕනෑම ජීවීයෙක් ක්‍රියා කරනුයේ තම ජාන පරපුරේ සුරක්ශිත භාවය තහවුරු කරගැනීමටයි.
මෙම බුද්ධිමතුන් ජයිවීය විකෘතියකි. ඔවුන් තම ජාතිය ගැන සංවේදී නැති බවින් ගම්‍ය වන්නෙ ඔවුන් තම පවුල පිළිබඳවද සංවේදී නොවන බව මිස අන් කුමක්ද?
අන්‍ය ජාතීන් තමාගේ ජාන අයත් කුලකයේ පැවැත්ම අභියෝගයට ලක් කරනවිට බුද්ධියේ නාමයෙන් නිහඬව සිටින මුන්, තමාගේ ජාන තමාට ඉතාමත්ම සමීපව උරුම කරදුන් තම මව, යම් කිසි අන්‍ය ජාතිකයන් විසින් සමූහ පූක්ෂණය කරන අවස්ථාවකදී කුමන ආකාරයකට හැසිරෙනු ඇතිද?