සිංහල ව්‍යාකරණ help

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
    මිනිසුන් උඩ වැඩ
    මිනිස්සු උඩ වැඩ

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති
    ඔවුන් ක්‍රීඩකයින් වේ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..

    මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
    මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
    ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    🥴
     
    Last edited:

    The Kingslayer

    Well-known member
  • මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..

    මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
    මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
    ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    🥴
    Ado 🙏🏆
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..

    මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
    මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
    ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    🥴
    ලොක්කා මේවා දැන් මතක නැති නිසා අහන්නේ.

    මිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ?

    දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ?

    ඔවුහු ක්‍රීඩකයන් වෙති=හරි නේද ?
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලොක්කා මේවා දැන් මතක නැති නිසා අහන්නේ.

    මිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ?

    දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ?

    ඔවුහු ක්‍රීඩකයන් වෙති=හරි නේද ?
    mchan math me tika damme grammar pothak bala
    misak O/L sinhala tika witharai mth danne ...

    hode..?

    මිනිස්සු උඩ වැඩ කරති=ow

    දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=hri ..

    ඔවුහු ක්‍රීඩකයන් වෙති= ඔවුහු saha ක්‍රීඩකයන් yana degolloma ekkenek nisa pada dekama ද්විත්ව උක්ත washayen
    thiyanna onelu... e nisa me wakya waradi ...

    Ref
    http://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/15657/mod_resource/content/1/Wakya rethi.pdf
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    මචන් exam එකට ද ඔය
    Group එකක් නැද්ද ඕව අහන්න පුලුවන්
    නැත්තම් එලකිරියේ සෙට් එක දාල group එකක් හදමුද
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් exam එකට ද ඔය
    Group එකක් නැද්ද ඕව අහන්න පුලුවන්
    නැත්තම් එලකිරියේ සෙට් එක දාල group එකක් හදමුද
    නියම වැඩේ යාළුවා.මම නම් සිංහල වැරදුනොත් ලජ්ජා වෙනවා ඉංග්‍රීසි වැරදුනාට වඩා මොකද අපේ මව් භාෂාවනේ. මම දන්න අයගෙන් ජොලියට අහල තියෙනවා අකුරු කීයක් තියෙනවද කියල හෝඩියට ඒක කියන්න පුළුවන් එහෙමත් එකෙක්ට
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් exam එකට ද ඔය
    Group එකක් නැද්ද ඕව අහන්න පුලුවන්
    නැත්තම් එලකිරියේ සෙට් එක දාල group එකක් හදමුද
    නියම වැඩේ යාළුවා.මම නම් සිංහල වැරදුනොත් ලජ්ජා වෙනවා ඉංග්‍රීසි වැරදුනාට වඩා මොකද අපේ මව් භාෂාවනේ. මම දන්න අයගෙන් ජොලියට අහල තියෙනවා අකුරු කීයක් තියෙනවද කියල හෝඩියට ඒක කියන්න පුළුවන් එහෙමත් එකෙක්ට

    echchara natanna one na...
    sinhala serama ව්‍යාකරණ thiyenwa 250 rs..
    one poth sappuwaka thiyenwa ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට කියන්න ඕනෙ කරේ
    එක පොතෙන් , එක දවසකින්
    සිංහල සියළුම ව්‍යාකරණ ඉගෙන
    ගත්තැකි... පොත් තියෙනවා 20 කට වඩා..

    ඒවා මතකයේ රඳවා ගැනීමයි අවශ්‍ය.
     
    • Like
    Reactions: Darkseid and ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    මට කියන්න ඕනෙ කරේ
    එක පොතෙන් , එක දවසකින්
    සිංහල සියළුම ව්‍යාකරණ ඉගෙන
    ගත්තැකි... පොත් තියෙනවා 20 කට වඩා..

    ඒවා මතකයේ රඳවා ගැනීමයි අවශ්‍ය.

    man hithuwe uba poth 20k balanna kiwwa kyla
    uba suggest karana hoda pothak nadda
     
    • Like
    Reactions: silentsahan

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..
    මිනිසුන් උඩ වැඩ
    මිනිස්සු උඩ වැඩ

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති
    ඔවුන් ක්‍රීඩකයින් වේ

    නිවැරදි වාක්‍ය -

    1. මිනිස්සු උඩ වැඩ.
    2. දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ.
    3. ඔවුහු ක්‍රීඩකයෝ වෙති.

    වැරදි වාක්‍යය-

    • මිනිසුන් උඩ වැඩ.

    මෙය කතෘකාරක වාක්‍යකි. එම නිසා කතෘ උක්ත විය යුතුය. "මිනිසුන්" යැයි කී කල්හි කතෘ අනුක්ත වේ. මිනිසුන් වෙනුවට "මිනිස්සු" යැයි කතෘ උක්ත කල විට වාක්‍ය නිවැරදි වේ. මෙහි අවසාන ක්‍රියාවක් නැතැයි, ඇතැම්හු සිතත්. නමුත් මෙහිදි අවසාන ක්‍රියාව අධ්‍යහාරයෙන් ගත යුතුය.

    • දරුවන් විසින් මෑණියන් රක්නා ලදි.

    මෙය කර්මකාර වාක්‍යකි. එම නිසා කර්මය උක්ත විය යුතුය. මෙහි කර්මය "මෑණියන්" යන පදයයි. නමුත් එය තබා ඇත්තේ අනුක්ත ස්වරූපයෙනි. "මෑණියන්" වෙනුවට "මෑණියෝ" යැයි යෙදිය යුතුය.

    • ඔවුන් ක්‍රීඩකයින් වේ.

    මෙම වාක්‍ය‍යේ කතෘ පද දෙකකි. එබදු අවස්ථාවන්හී දි කතෘ පද දෙකම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය. ක්‍රියාව බහුවචන විය යුතුය. "ඔවුහු ක්‍රීඩකයෝ වෙති." ලෙස කතෘ පද දෙකම උක්ත කොට ක්‍රියාව බහුවචන‍යෙන් "වෙති" ලෙස තැබු කල්හි වාක්‍ය නිවැරදි වේ.

    මිනිස්සු උඩ වැඩ කරති=හරි නේද ?
    හරි

    දරුවෝ විසින් මෑණියන් රක්නා ලදි=මේක හරිද ?
    වැරදියි.

    Niyama sinhalayek
    Mn prashna thyena ewa pm dannam
    Uththara kyla denna puluwan neda
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,457
    93
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..

    මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
    මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
    ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    නිවැරදි වාක්‍ය -

    1. මිනිස්සු උඩ වැඩ.
    2. දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ.
    3. ඔවුහු ක්‍රීඩකයෝ වෙති.

    වැරදි වාක්‍යය-

    • මිනිසුන් උඩ වැඩ.
    මෙය කතෘකාරක වාක්‍යකි. එම නිසා කතෘ උක්ත විය යුතුය. "මිනිසුන්" යැයි කී කල්හි කතෘ අනුක්ත වේ. මිනිසුන් වෙනුවට "මිනිස්සු" යැයි කතෘ උක්ත කල විට වාක්‍ය නිවැරදි වේ. මෙහි අවසාන ක්‍රියාවක් නැතැයි, ඇතැම්හු සිතත්. නමුත් මෙහිදි අවසාන ක්‍රියාව අධ්‍යහාරයෙන් ගත යුතුය.
    • දරුවන් විසින් මෑණියන් රක්නා ලදි.
    මෙය කර්මකාර වාක්‍යකි. එම නිසා කර්මය උක්ත විය යුතුය. මෙහි කර්මය "මෑණියන්" යන පදයයි. නමුත් එය තබා ඇත්තේ අනුක්ත ස්වරූපයෙනි. "මෑණියන්" වෙනුවට "මෑණියෝ" යැයි යෙදිය යුතුය.
    • ඔවුන් ක්‍රීඩකයින් වේ.
    මෙම වාක්‍ය‍යේ කතෘ පද දෙකකි. එබදු අවස්ථාවන්හී දි කතෘ පද දෙකම උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය. ක්‍රියාව බහුවචන විය යුතුය. "ඔවුහු ක්‍රීඩකයෝ වෙති." ලෙස කතෘ පද දෙකම උක්ත කොට ක්‍රියාව බහුවචන‍යෙන් "වෙති" ලෙස තැබු කල්හි වාක්‍ය නිවැරදි වේ.

    1 වෙනි එකේ හරි වැරැද්ද කියන්න මාත් හරියට දන්නේ නෑ.. මටත් හිතෙුණේ @silentsahan දාපු උත්තරේ තමා මොක ද ක්‍රියා පදය පැහැදිලි නැති නිසා.
    හැබැයි 2 සහ 3 @silentsahan @shadow134 දෙන්නම දීපු උත්තර හරි. මම වඩාත් එකඟ වෙන්නේ @shadow134 දීපු පැහැදිලි කිරීමට..

    සැ යු මාත් OL වලට විතරයි විශයක් හැටියට සිංහල කරලා තියෙන්නේ
     
    • Love
    Reactions: silentsahan

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Niyama sinhalayek
    Mn prashna thyena ewa pm dannam
    Uththara kyla denna puluwan neda
    දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. මම වැඩිය ඔන්ලයින් නෑ ඒකයි අවුල.

    1 වෙනි එකේ හරි වැරැද්ද කියන්න මාත් හරියට දන්නේ නෑ.. මටත් හිතෙුණේ @silentsahan දාපු උත්තරේ තමා මොක ද ක්‍රියා පදය පැහැදිලි නැති නිසා.
    අධ්‍යාහාර රීතිය. සමහර වාක්‍ය වල ආඛ්‍යාතය අධ්‍යාහාරයෙන් ගත යුතුයි. (අධ්‍යහාරයෙන් ගන්නවා කියලා කියන්නේ වාක්‍යයේ දක්නට නැතත් සිතින් ගෙන යෙදීම.) "මිනිස්සු උඩ වැඩ" කියලා කිව්වහම "මිනිස්සු පිරිසක් ඉහල ස්ථානයක වැඩකරමින් සිටිනවා" කියන අදහස නිරායාසයෙන්ම හිතට එනවනේ.

    "අපි සිංහලයෝ." කිව්වහම ඒකෙත් ආඛ්‍යාතයක් නෑ. නමුත් වාක්‍ය නිවැරදියි. එතනදි "වෙමු" යන ආඛ්‍යාතය අධ්‍යාහාර කළ යුතුයි. "අපි සිංහලයෝ වෙමු" කිව්වත් "අපි සිංහලයෝ" කිව්වත් එකම අදහස ඇතිවේ. එ විදිහටම "මිනිස්සු උඩ වැඩ කරති" කිව්වත් "මිනිස්සු උඩ වැඩ" කිව්වත් එකම අදහස ප්‍රකට වෙනවා.

    මේ රීතිය හැමතැනටම අදාළ වෙන්නේ නෑ. වාක්‍ය අර්ථය සම්පූර්ණ ලෙස ප්‍රකට කරන්න සමත් නම් විතරයි රීතිය අදාළ වෙන්නේ.