සිංහල ව්‍යාකරණ help

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    @shadow134
    ළමයි පොත් කියවීමට කැමතිය.
    ළමයින් පොත් කියවීමට කැමතිය..
    මේ 2න් හරි මොකක්ද මචන්, පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩකො අදාල නීතිය/ රීතියත් එක්ක
     
    • Like
    Reactions: silentsahan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    @shadow134
    ළමයි පොත් කියවීමට කැමතිය.
    ළමයින් පොත් කියවීමට කැමතිය..
    මේ 2න් හරි මොකක්ද මචන්, පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩකො අදාල නීතිය/ රීතියත් එක්ක

    දෙකම වැරදි බන්. දැන් ඉන්න උන් පොත් කියවන්න කැමති නෑ .... :lol:

    බම්ප්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මේ වාක්‍ය වලින් ව්‍යාකරණානුකූලව හරි ඒව මොනවද, වැරදි ඒව මොනවද, පොඩ්ඩක් පැහැදිලි කරහැකිද..




    මිනිසුන් උඩ වැඩ= වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..
    මිනිස්සු උඩ වැඩ=වැරදියි. නිසි ක්‍රියා පදයක් නෑ ..

    දරුවන් විසින් මෑණියෝ රක්නා ලදහ=නිවැරදියි.
    දරුවන් විසින් මෑණියන් රක්නා ලදි=වැරදියි. නිසි උක්තයක් නැත . ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ

    ඔවුහු ක්‍රීඩකයෝ වෙති=නිවැරදියි.ද්විත්ව උක්ත වාක්‍යක්
    ඔවුන් ක්‍රීඩකයින් වේ=ලිඛිත බසින් අසම්පූර්ණ වැකියක්.වැරදියි. නිසි උක්තයක් නැත .ප්‍රවෘත්ති කරණයේදී වරදක් නෑ



    🥴
    යකෝ උඹ මාරයිනෙ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @shadow134
    ළමයි පොත් කියවීමට කැමතිය.
    ළමයින් පොත් කියවීමට කැමතිය..
    මේ 2න් හරි මොකක්ද මචන්, පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩකො අදාල නීතිය/ රීතියත් එක්ක

    නිවැරදි වාක්‍ය‍ය-

    ළමයි පොත් කියවීමට කැමතිය.

    වැරදි වාක්‍යය-

    ළමයින් පොත් කියවීමට කැමතිය.

    මේක කතෘකාරක වාක්‍යක්. කතෘකාරක වාක්‍යක කතෘ පදය උක්ත විය යුතුය. කතෘ පදය උක්ත වූ විට "ළමයි" ලෙස යෙදෙයි. "ළමයින්" යැයි කී කල්හි පදය අනුක්තය. එම නිසා "ළමයි" ලෙස යෙදිය යුතුය.

    "කැමතිය" යනු ආඛ්‍යාතයයි. (කැමති + ය.) "කැමති" යන ආඛ්‍යාතය පූරණය කරන්න "ය" යන නිපාතය යොදාගෙන ඇත.

    "ළමයි පොත් කියවීමට කැමතිය." යන්නෙන් අදහස් වෙන්නේ "ළමයි පොත් කියවීමට කැමති වෙති." යන්නමයි.

    මෙහි සුවිශේෂි රීතියක් මම දන්න තරමට නම් නෑ. සාමාන්‍යයෙන් ආඛ්‍යාතයෙන් උක්ත වෙන විදිහට කතෘ පදය තියන්න ඕනි. කතෘකාරක වාක්‍යය වලදී කතෘ උක්ත වෙනවා.
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    @shadow134
    ව්‍යාකරණ පොතක් කියවද්දි, තව ප්‍රශ්න ටිකක් ආව, මේ වාක්‍ය වැරදි වෙන්නෙ කොහොමද...
    සමහරු දැනුම දියුණු කරගනී( ගනී කියන්නෙ ගනියි කියන එක හින්දද, බහු වචන වෙන්ඩ ඕනනෙ සමහරු වුනාම )
    නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ
    ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?
    තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි



    මේ වාක්‍ය හරි වෙන්නෙ කොහොමද?..
    මිනිස්සු සියල්ලෝම වැඩ කරන ලදි (ලදි කියන එකේ තේරුම, ලද්දේය'' ද, ලද්දෝය '' ද 2ටම යෙදෙනවද..)
     
    • Like
    Reactions: D_Mad

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @shadow134
    ව්‍යාකරණ පොතක් කියවද්දි, තව ප්‍රශ්න ටිකක් ආව, මේ වාක්‍ය වැරදි වෙන්නෙ කොහොමද...
    සමහරු දැනුම දියුණු කරගනී( ගනී කියන්නෙ ගනියි කියන එක හින්දද, බහු වචන වෙන්ඩ ඕනනෙ සමහරු වුනාම )
    නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ
    ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?
    තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි


    මම සිංහල භාෂාව විෂයක් විදිහට හැදැරුවේ වසර ගණනාවකට පෙර නිසා ඇතැම් ව්‍යාකරණ රීති මට මතක නෑ. ("අනභ්‍යාසේ විෂං විද්‍යා" කියනවා නොවැ). මේ සමහර වාක්‍ය ව්‍යාකූලය. ඔබ මේ වාක්‍යය උපුටා ගත්තු මූලාශ්‍රය විශ්වාසනීය නම්, මෙහි ඇතැම් වාක්‍ය විවරණය කරන්න තරම් දැනුමක් මට නැතුව ඇති. දන්න දේ කියමි.

    • සමහරු දැනුම දියුණු කරගනී

    "සමහරු" යන පදය නිත්‍ය බහුවචනයක්. (අයෙක්,කෙනෙක්,සමහරෙක් වගේ) මෙවැනි පදයක් උක්ත වෙන කල්හි (කතෘ විදිහට යෙදෙන කොට) ආඛ්‍යාතය බහුවචන විය යුතුයි.

    "කරගනී" යැයි කී කල්හි එක වචන වේ. බහු වචන ලෙස තබනවා නම් "කරගනිති" විය යුතුය.ඒ අනුව,

    "සමහරු දැනුම දියුණු කරගනිති." යැයි නිවැරදි විය යුතුය.

    • නියෝජිතයින් කොමසාරිස්තුමා හමු වේ.

    කතෘකාරක වාක්‍යක කතෘ උක්ත විය යුතුය. නමුත් මෙහි කතෘ පදය "නියෝජිතයින්" යැයි අනුක්ත ස්වරූපයෙන් තබා ඇත. "නියෝජිතයෝ" යැයි උක්ත ස්වරූපයෙන් තැබිය යුතුය.

    මෙහි ආඛ්‍යාත පදය ද ව්‍යාකරණ විරෝධීය. (හමුවේ > හමුවෙති)
    "නියෝජිතයෝ" යැයි කතෘ උක්ත බහුවචනයක් වූ කල්හි ආඛ්‍යාතය "හමුවෙති" යැයි බහුවචන විය යුතුය.

    එවිට නිවැරදි වාක්‍යය,

    නියෝජිතයෝ කොමසාරිස්තුමා හමුවෙති.

    • ආහාර සෑදීමට නොදත් අය සූපවේදීන් වන්නේ කෙසේද?

    මම පළමුව කී කාරණාව මේ වාක්‍යට ආදාළය. මෙහි වරදක් මට හරි හැටි නොවැටහේ. මේ වාක්‍ය හා සම්බන්ධ වෙන ප්‍රධානතම රීතිය "ප්‍රශ්නවාචී පදයකින් අවසන් වෙන වාක්‍යයන්හි කතෘ අනුක්ත විය යුතු ය." යන්නයි. මෙහි කතෘ පද දෙකකි. කතෘ පද දෙකක් තිබූ පමණින් එම රීතිය වෙනස් වෙන බවක් ද මම අසා නැත.

    "නොදත් අය" හා "සූපවේදීන්" යන පද දෙක මෙම වාක්‍යයේ කතෘ පද දෙකය. එයින් "සූපවේදීන්" යන පදය අනුක්ත බව පැහැදිලිය. එහි ගැටළුවක් නැත. මා දන්නා පමණින් "නොදත් අය" යන පදය අනුක්ත මෙන්ම උක්ත ස්වරූපයේ ද එක සේ යෙදේ. එම නිසා එහි ව්‍යාකරණ වරදක් ද නොදකිමි.
    නමුත් "අය" යන පදය "අයවලුන්" ලෙස ද යෙදිය හැක. එම නිසා "අය" යන්නෙහි අනුක්තය "අයවලුන්"හෝ "අයෙකු" යැයි කෙනෙක් සිතිය හැක. එහි ද වරදක් නැත. (නමුත් "අය" යන්නෙහි අනුක්ත ස්වරූපය ලෙස "අය" යන්නම යෙදුවද වරදක් නැත.) වාක්‍යය මේ ලෙස ද ලිවිය හැක.

    ආහාර සෑදීමට නොදත් අයවලුන් සූපවේදීන් වන්නේ කෙසේද?

    ආහාර සෑදීමට නොදත් අයෙකු සූපවේදීන් වන්නේ කෙසේද?




    • තරුණයා විසින් රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි.

    මෙය කර්ම කාරක වාක්‍යක් ලෙස ලියන්නේ නම් "ඉදිකරන්නේ" යන පදය යෙදිය නොහැක. ඒ වෙනුවට "ලබ" ධාතුව යොදා "ඉදිකරනු ලබන්නේ" කියා හෝ නිරුත්සාහික ක්‍රියා යෝගයෙන් "ඉදිකෙරෙන්නේ" කියා තැබිය යුතුය. ඒ අනුව,

    තරුණයා විසින් රඟහල ඉදිකරනු ලබන්නේ ලක්ෂ ගණනක වියදමිනි.

    තරුණයා විසින් රඟහල ඉදිකෙරෙන්නේ ලක්ෂ ගණනක වියදමිනි.


    මෙය ඔබට කතෘකාරක පදයක් ලෙස ලිවීමට අවශ්‍ය නම් "විසින්" යන පදය ඉවත් කිරීම ප්‍රමාණවත්‍ වේ.

    තරුණයා රඟහල ඉදිකරන්නේ ලක්ෂ ගණනක වියදමිනි.

    මේ වාක්‍ය හරි වෙන්නෙ කොහොමද?..
    මිනිස්සු සියල්ලෝම වැඩ කරන ලදි (ලදි කියන එකේ තේරුම, ලද්දේය'' ද, ලද්දෝය '' ද 2ටම යෙදෙනවද..)

    • මිනිස්සු සියල්ලෝම වැඩ කරන ලදි.

    මෙය නිවැරදි වාක්‍යක් ලෙස මම නොදකිමි. "වැඩ කරන ලදි." කී කල්හි වාක්‍යය කර්ම කාරක ස්වරූප ගනී. නමුත් "සියල්ලෝ" යන පදය උක්ත ස්වරුප යෙන් තබා ඇත. මෙය කර්ම කාරක වාක්‍යක් නම් "සියල්ලන් විසින්" යැයි තැබිය යුතුය.මෙය කර්මකාරක වාක්‍යයක් ලෙස ලිවීමට අවශ්‍ය නම්,

    මිනිසුන් සියල්ලන් ම විසින් වැඩ කරන ලදි. ලෙස ලිවිය හැක.

    නැතිනම් කතෘකාරක ලෙස,

    මිනිස්සු සියල්ලෝම වැඩ කළහ. ලෙස ලිවිය හැක.
    මෙහි දි කතෘ පදය අනුව ආඛ්‍යාතය "කළහ" ලෙස තැබුවා නම් නිවැරදිය.

    * "ලදි" කියන පදය ලද්දේය හෝ ලද්දෝය කියන පද වල අර්ථ හා සමානයි. හැබැයි "ලදි" කියන තැනට "ලද්දේය" කියා හෝ "ලද්දෝය" කියා දැමිය නොහැක.
     
    • Like
    • Love
    Reactions: TBI and Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    * "ලදි" කියන පදය ලද්දේය හෝ ලද්දෝය කියන පද වල අර්ථ හා සමානයි. හැබැයි "ලදි" කියන තැනට "ලද්දේය" කියා හෝ "ලද්දෝය" කියා දැමිය නොහැක.
    එහෙම බැලුවොත් මේ වාක්‍ය හැම එකක්ම හරියන්ඩ බෑ නේද..
    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලදි
    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලද්දෝය
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලදි
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලද්දේය
    මේවයෙන් හරි වාක්‍ය මොනවද
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බොහොම ස්තුතියි මිත්‍රයා..

    එහෙම බැලුවොත් මේ වාක්‍ය හැම එකක්ම හරියන්ඩ බෑ නේද..
    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලදි
    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලද්දෝය
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලදි
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලද්දේය
    මේවයෙන් හරි වාක්‍ය මොනවද
    නිවැරදි වාක්‍යය-

    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලද්දෝය.
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලද්දේය.
    දෙමව්පියන් විසින් දරුවා රැකෙන ලදි.

    වැරදි වාක්‍යය-

    දෙමව්පියන් විසින් දරුවෝ රැකෙන ලදි.

    මෙහෙමයි.

    ප්‍රාණවාචී එකවචන හා අප්‍රාණවාචී පදයන් එක්ක "ලදි" යන පදය යෙදේ. (ලිඞග භජනයක් දක්නට නෑ.)

    ප්‍රාණවාචී පුරුෂ ලිංග එකවචනය සමග "ලද්දේය" යන පදය යෙදේ.
    (ලිඞග භජනයක් දක්නට තිබේ)

    ප්‍රාණවාචී පුරුෂ ලිංග බහු වචනය සමග "ලද්දෝය" යන පදය යෙදේ.
    (ලිඞග භජනයක් දක්නට තිබේ)

    අප්‍රාණවාචී පද සමග "ලදි" යන පදය යෙදේ. "ලද්දේය" හෝ "ලද්දෝය" යන පද නොයෙදේ.