සිංහල හෝඩිය පිලිවලට කියන්න පුලුවන්ද

සිංහල හෝඩිය පිළි

  • කිව හැකිය

    Votes: 9 50.0%
  • කිව නොහැකිය

    Votes: 2 11.1%
  • ස්වර ටික පුළුවනි මුල් (18 )

    Votes: 5 27.8%
  • මොකවත්ම බැරිය

    Votes: 2 11.1%

  • Total voters
    18

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංහල හෝඩිය පිලිවලට කියන්න පුලුවන්ද

    සිංහල හෝඩිය පිලිවලට කියන්න පුලුවන්ද

    ඔබ අවංකව ඔබට සිංහල හෝඩියේ අකුරු 60 කිව හැකිද ?

    Sinhala.Alphabet.jpg
     

    thanujaka

    Well-known member
  • බොරුවට කියනවා නෙමෙයි මට නං සිරාවටම පුළුවන්..
    ඔකේ ස්වර අක්ෂර කාටත් පුළුවන් නේ ඉතින්..
    පැටලෙන්නේ ව්‍යාඤ්ජන අක්ෂර ටිකනේ..
    ඒ ටික මුල අකුරු ටිකෙන් ඒ කිව්වේ ක ච ට ත ප කියල මතක තියාගත්තම ලේසි..
    ඉතුරු 5 එහෙම්මම මතක තියාගන්න ලේසි ලග ලග යන හින්ද...
    ය ශ දෙකෙන් එන ටික ලොවෙත් නිකම්ම මතක හිටිනවා...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරුවට කියනවා නෙමෙයි මට නං සිරාවටම පුළුවන්..
    ඔකේ ස්වර අක්ෂර කාටත් පුළුවන් නේ ඉතින්..
    පැටලෙන්නේ ව්‍යාඤ්ජන අක්ෂර ටිකනේ..
    ඒ ටික මුල අකුරු ටිකෙන් ඒ කිව්වේ ක ච ට ත ප කියල මතක තියාගත්තම ලේසි..
    ඉතුරු 5 එහෙම්මම මතක තියාගන්න ලේසි ලග ලග යන හින්ද...
    ය ශ දෙකෙන් එන ටික ලොවෙත් නිකම්ම මතක හිටිනවා...
    හ්ම් එක හරි
    වාර්ගාක්ෂර
    අපි බලමු

    අනෙක් අය කොමද කියල
    රේප්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ශ්‍රීලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාසය වන සිංහල ජනයාගේ මවු බස සිංහල වෙයි. එසේ වුව ද අදවන විට මිලියන 16 කට අධික සිංහල සහ සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂාගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙලි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි.සිංහල භාෂාව ලිවීමට සිංහල අක්ෂර භාවිතා කරයි. සිංහල බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි. සිංහල භාෂාව ශ්‍රීලංකාවටඉන්දියාවෙන් ක්‍රි.පූ. 500දී පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා මහාවංශයේ සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
    සිංහල සාහිත්‍යය සැළකීමේ දී පැරණි සිංහල සාහිත්‍ය බුදුදහමෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත.

    ක්‍රි.ව.20වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඪිදු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත්නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ කීතු දිනමිණ පුවත් පතෙහි ප්‍රසිද්ධ කතුවරයෙකි)
    සිංහල අක්ෂර ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට හැඳින්වුණු පැරණි බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවත එයි. සිංහල හෝඩියේ අක්ෂර 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.
    සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින්ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැකකුවත් එහි වෙන භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.සිංහල ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ජාතික භාෂාවක් ලෙස සලකයි.