2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.