සිගරට් නීතිය සහ බුලත් විට
පාරෙ සිගරට් එකක්වත් බොන්න බෑ දැන්. බස් එකක් වගේ සංවෘත තැනක දුම් බීම තහනම් කලාට කමක් නෑ.
දැන් සිගරට් බොන්න බැරි නිසා වැඩිපුර බුලත් විට කනව සමහරු. සිගරට් වලින් පෙනහළු පිළිකා හැදෙනව, බුලත් විටෙන් මුඛ පිළිකා. සිගරට් බිව්වොත් දුම විතරයි. බුලත් විට කාලා අපේ මිනිස්සු පාරටම කෙල ගහණව. ඊට පස්සෙ සිංගප්පූරුව වගේ රටක ගිහින් ඇවිත් කියනව එහෙ පාරවල්වල නිදා ගන්න වුනත් පුලුවං කියල.
අපේ රට බෞද්ධ රටක්. නමුත් අපේ රටට එන සංචාරකයින්ට බියර් එකක් බොන්න තැන් කීපයයි තියෙන්නෙ. ඒකත් කොළඹ විතරයි, ඊට එහා නෑ. පාරෙ සිගරට් එකක් බිබී ඉන්න කොට සංචාරකයෙක් පොලිසියට අල්ලන් ගිහින් දැම්මොත් උගෙ පරම්පරාවෙ කවුරුත් ලංකාවෙ පස් පාගන එකක් නෑ ආයෙත්.
මම කියන්නෙ මේ නීති ටිකක් ලිහිල් කලොත් හොදයි ආණ්ඩුව. සිගරට්, බියර් බීමට ඉඩ දිය යුතුයි පුරවැසි / සංචාරක හැමෝටම. එහෙම කලා කියල බුද්ධාගමට අපහාසයක් වෙන්නෙ නෑ. අනික තව කොච්චර දේවල් සිද්ධ වෙනවද බුද්ධාගමට විරුද්ධ. අනික් සැර බීම ර්පසිද්ධ ස්ථානවල තහනම් කරල තියන්න ඕනි. කසිප්පු තහනම් කරන්නම ඕනි. කසිප්පු නිසා තමා ඔක්කොම කේස් ගම්වල. උන්ට ගල් අරක්කු වත් පුරුදු කරන්න ඕනි.
බුද්ධාගම, සිංහල සංස්කෘතිය වෙනුවෙන් කතා කරන අය දැනුවත් නැද්ද ලංකාවෙ පහුගිය දවස් වල තිබ්බ සමලිංගික රැස්වීම් ගැන. ඇයි රුපියල් 20 සිගරට් එකයි රුපියල් 150 බියර් එකයි ගැන විතරක් හැමදාම කතා කරන්නෙ.
මම මේ ලිව්වෙ කිසිම ආගමකට ජාතියකට අපහාස කරන්න නෙමෙයි. මගේ මතය මේක. මම සිංහල බෞද්ධ. ඒත් මේ මාතෘකාවට ඒක අදාල නෑ. ඔබ ර්ශී ලාංකිකයෙක් වශයෙන් සිතා කටයුතු කරන්න.