සිගරැට්‌ දුමෙන් මිය යමුද?

sweets

Banned
Jul 2, 2011
297
160
0
සිගරැට්‌ දුමෙන් මිය යමුද?

සිගරැට්‌ දුමෙන් මිය යමුද?

දුම් උරන්නෙකු පිට කරන දුමෙන් ඔහුගේ සෞඛ්‍යයට පමණක්‌ නොව අනෙක්‌ අයගේ සෞඛ්‍යයටද හානි පමුණුවයි. මෙය අක්‍රීය දුම් පානය ලෙස හැඳින්වෙන අතර එහි අඩංගු විෂ ද්‍රව්‍ය සිගරැට්‌ නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට ද හානි පමුණුවයි. මේ ආකාරයෙන් දුම් උරන්නෙකු දුම් නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් මරණ , ලෙඩරෝග සහ බෙලහීනතා ඇති කරයි.

ළදරුවන් මිය යයි

ලෝකයේ ජිවත්වන දරුවන්ගෙන් හරිඅඩක්‌ ම හෝ මිලියන 700 ක්‌ පමණ දුම්වැටි දුමෙන් දූෂණය වූ වාතය ආඝ්‍රාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණනය කර ඇත. අක්‍රීය දුම්පානයට ලක්‌වන ළදරුවන් හා කුඩාදරුවන් බ්‍රොන්කයිටිස්‌ සහ නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියට අයත් ආසාදන සහ කන්වල ආසාදනවලට වැඩියෙන් ලක්‌වෙති. ඇදුම වැනි දරුණු ශ්වසන රෝග ලක්‌ෂණ උග්‍රවේ. පෙනහළු වර්ධනය අඩුවේ. එසේ ම හදිසි ළදරු මරණ රෝග ලක්‌ෂණවලින් මිය යාමේ ප්‍රවණතාවය වැඩිවේ. දරුවන් අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් වැඩිහිටි වියේදී හෘද වාහිනී පිළිබඳ හා හැසිරීම් රටාවේ ප්‍රශ්න ඇතිවීම ද සිදුවේ. දුම් නොඋරන කාන්තාවන් ගැබිනි කාලයේදී අක්‍රීය දුම්පානයට ලක්‌වීමෙන් කළල වර්ධනයේ අඩුවීමක්‌ ඇතිවේ.

හදවත් රෝග

අක්‍රිය දුම්පානය හෘද රෝගවලට ප්‍රධානතම හේතුවකි. දුම් නොඋරන අය දුම් උරන අය සමඟ ජීවත් වන විට ඔවුන්ට හෘද රෝග සෑදීම වැඩිවන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. ජීවිතයේ කිසිදිනක දුම් නොඉරූ අය අක්‍රිය දුම්පානයට ලක්‌වීමෙන් පෙනහළු පිළිකා වලට ගොදුරු වන බවත් පර්යේෂණවලින් සොයාගෙන ඇත.

දුමෙන් වළකින්න නම්

* දුම් උරන ස්‌ථාන සහ පුද්ගලයන් මග හරින්න.

* ඔබ අසල දුම් නොබොන ලෙස ඉල්ලන්න.

* දුම් උරන රියදුරකු පදවන වාහනයක ගමන් කිරීමෙන් වළකින්න.

* දුම් බොන ස්‌ථානයක ඔබ රාජකාරි කරන්නේ නම් එම ස්‌ථානයේ හැම දෙනාගේ ම සෞඛ්‍ය උදෙසා දුමෙන් තොර ස්‌ථානයක්‌ බවට පත් කරන ලෙස ඔබේ සේව්‍යයාගෙන් ඉල්ලීමක්‌ කරන්න.

* ශ්‍රී ලංකාවේ සෑම පොදු ස්‌ථානයක්‌ හා වැඩ භූමියක්‌ ම දුමෙන් තොර කිරීම සඳහා රජය විසින් ගන්නා නීතිමය ක්‍රියාකාරකම්වලට සහය ලබාදෙන්න.

තත්ත්පර 06 කට එක්‌ අයෙක්‌ මියයයි

ශ්‍රී ලංකාවේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් බොහෝ ප්‍රමාණයක්‌ දුම්කොළ හේතුවෙන් පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූ අය වේ. දුම්කොළ භාවිතය වළක්‌වා ගැනීම මගින් බොහෝ පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි අතර ඉන් රජයට විශාල මුදලක්‌ ඉතිරි කර ගැනිමේ හැකියාවද පවතී.

වසරකට ලෝකය පුරා මිලියන 05 ක්‌ පුද්ගලයන් මියයන්නේ දුම්කොළ හේතුවෙන්. එය වඩාත් සරළ කොට කිවහොත් සෑම තත්ත්පර 06 කට ම වරක්‌ එක්‌ අයෙක්‌ දුම් වැටි හේතුවෙන් මියයයි.

විෂ ද්‍රව්‍ය 4000 ක්‌

දුම්වැටියක විෂ ද්‍රව්‍ය 4000 ක්‌ පමණ අඩංගු බව ඔබ දන්නවාද? මේ අතරින් 40 ක්‌ පිළිකා කාරක වේ. ඇතැම් අය නිවසින් හෝ පොදු ස්‌ථාන වලින් බැහැරව දුම් පානය කොට නිවසට යති. නමුත් ඔවුන්ගේ ඇඳුම් වල පවා විෂ රසායන තැවරී ඇති බව ඔවුහු නොදනිති. මෙවැනි පුද්ගලයන් කුඩා දරුවන් වඩා ගත හොත් මේ විෂ ද්‍රව්‍ය එම දරුවන් තුළටත් ඇතුළු වේ. දුම් උරන්නෙකු ඉවත දමන සිගරැට්‌ කොටය වසර 25 ක්‌ ගතවන තුරුත් නොදිරා පවතින බව ඔබ දන්නවාද? එපමණක්‌ නොව එම වසර 25 පුරාම මේ සිගරැට්‌ කොටයෙන් විෂ ද්‍රව්‍ය පසට ජලයට වාතයට මුදාහැරේ.

වැඩි මුදලක්‌ පිළිකා රෝහලට

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙන් වැඩි ම ප්‍රතිශතයක්‌ මුදල් වෙන් වන්නේ පිළිකා රෝහල සඳහායි. නමුත් හැමදාමත් ඒ මුදල් ප්‍රමාණය මදිවේ. දුම්කොළ හේතුවෙන් හටගන්නා පිළිකා තත්ත්වයන් වළක්‌වා ගත හැකි නම් මෙම මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට පුළුවන.

දුම්වැටිවලට ඇබ්බැහි වීම වළක්‌වා ගත හැකි නම් දුම්වැටි භාවිතය දුර්වල කළ හැකිනම් මෙම කාරණය ඉෂ්ට කිරීමට බාධාවක්‌ නැත.

PACK WARNING

දුම්වැටි ඇසුරුම් සඳහා අවවාදයක්‌ එක්‌ කිරීමෙන් මෙය බෙහෙවින් සාර්ථක වේ. දැනටමත් බොහෝ රටවල අත්හදා බලා ඇති ක්‍රමයක්‌ වන සිගරැටි ඇසුරුම්වලට රූපයක්‌ එක්‌ කිරීම ලංකාවේදී ද ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිතය. දුම් පානය නිසා සිදුවන සෞඛයමය හානිය මෙම ඡායාරූපවලට යොදා ගැනේ.

දුම්කොළ මර්දන ජාත්‍යන්තර නීතිමය ගිවිසුම

ලෝක ව්‍යාප්ත දුම්කොළ වසංගතය පිටුදැකීමට සැළසුම් කළ පළමුවන ජාත්‍යන්තර නීතිමය ලියවිල්ල දුම්කොළ පාලන සම්මුති පාදක ව්‍යහයයි. (FCTC)

2003 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මෙය ඒකමතිකව අනුමත කළේය. එය රාජ්‍යයන් අතර වර්ෂ 04 ක්‌ පුරා ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එයට ජාත්‍යන්තරව පිළිගත් මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් ඇතුළත් ය.

FCTC පරමාර්ථය වන්නේ දුම්කොළ භාවිතය සහ සිගරැට්‌ දුම අඝ්‍රාහණය වීමෙන් සිදුවන සෞඛ්‍ය සමාජ පාරිසරික සහ ආර්ථික විනාශය සහ අනර්ථයන්ගෙන් වර්තමාන සහ අනාගත පරපුර ආරක්‌ෂා කර ගැනීමයි.

ශ්‍රී ලංකා රජය මෙම සම්මුතියට එකඟව ආසියාවේ පළමුවන හා ලෝකයේ 04 වන රට වශයෙන් එම ගිවිසුම ස්‌ථිර කළේය.

ශ්‍රී ලංකා රජය 2006 දෙසැම්බර් 1 වන දින සිට ජාතික දුම්කොළ මධ්‍යසාර අධිකාරිය පිහිටුවමින් දුම්කොළ පාලන නීතිය ක්‍රියාත්මක කරයි.

නිතරම දුම්බොන්නන් අධෛර්යය කරන්න. තමන් වෙනුවෙන් අන් අය වෙනුවෙන් හා ඉදිරි පරපුර වෙනුවෙන් දුමෙන් තොර ලොවක්‌ ගොඩ නගන්නට හැකි සෑම පියවරක්‌ ම ගැනීමට ඔබත් පෙළ ගැසෙන්න.

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    nice thread

    000204AE.gif
     
    එළ මචා:)
    :lol::lol::lol:

    උබත් රට තොට ගැන හොද අවදානෙන් නේ ඉන්නේ...එළ..:)

    ඌ මෙච්චර කල් දාපු ත්‍රෙඩ් මම චෙක් කරා බන් හිතුන හිතුන තැන්වලින් අරගෙන මෙයා සේරම කොපි පේස්ට් කරලා බබා වගේ කට වහං ඉන්නවා පැත්තකට වෙලා :lol: ගත්තු තැන දැමීමට අකමැතියි කියමුකෝ මෙයාට වඩා ජේෂ්ඨ මේකේ පරණම උන් පවා පෝස්ට් එකක් දැම්මොත් කොපි පේස්ට් කිරීමක් නම් කියනවා මේක මගේ නෙවෙයි උපුට ගැනීමක් කියලා උන්ට නිහතමානීකම තියෙනවා බං අපේ එකෙක් මෙයාට පීඑම් කළා කිව්වා ගත්තු තැන් අහලා ඇත්තද බොරුද දන්නැහැ ඌ කියනවා මෙයාගෙන් නෝ රිප්ලයි කියලා ඉන් පස්සේ තමා මං මෙයාගේ ත්‍රෙඩ් ටිකක් චෙක් කරලා බැලුවේ බැලින්නම් අනුංගේ දේවල් අර රාවණා කියලා කොපි පේස්ට් කරලා තිබ්බ නිර්මාණ සේරමත් අරන් තිවුනේ වෙන කෙනෙක්ගේ නිර්මාණ ගොඩකින් මං ඒත් මුකුත් කිව්වේ නැහැ ඒත් දැං තේරුණා පී එම්වලටත් රිප්ලයි නොකර මෑන්ස් වෙන ගේමත් ගහන්නේ කියලා :rofl: ඊයේ පෙරේදත් අර නසරානි කොල්ලා කියන එකා ඔය ජාතියෙම වැඩක් කරලා අන්තිමේදි බ්ලොග් එකේ අයිතිකාරයා ඒ කියන්නේ ඒක මහන්සිවෙලා ලියපු එකා ඇවිත් හොදට කිව්වා අපේ හැගීම් විකුණං තමංගෙ වගේ රෙප් එකතු කොරනවට මේ වගේ පෙනිලා කැපිලා යන්න වෙයි කියලා .

    මේක බලපංකෝ මචං මේ රාවණා පේජ් එකෙන් ඒවා උපුට ගත්තේ කියලා අවංකව දැම්මානම් ඒකේ මුල් අයිතිකාරයා කොච්චර සංතෝසවෙනවද මේහේ වැටිලා තිවුන අගය කිරීම් ස්තූති කරීම්වගේ ප්‍රතිචාර දැකලා අනික එයාට වුනත් ප්‍රතිචාර ලැබෙනවා අනිවාර්යයෙන්ම ඒතැනදි උනත් මෙහේ අය දැනගත්තහම ලියපු එකා ගැන. හොරුන් ගැනයි වංචාව ගැනයි සමහරු කතා කරන්නේ මේවාට කියන්නේ බුද්ධිමය දේපල මංකොල්ල කෑම කියලා ... මට නම් පේන්න බැහැ මේවගේ වැඩ අනුංගේ නිර්මාණ නේද මේවා පවු වැඩ.

    මම කියනවට උඹ මේ සයිට් එකට ගිහින් බලපං මචෝ කොයි තරම් හැගීමක් එනවද කියලා මේ මනුස්සයා කොච්චර මහන්සිවෙලාද මේ නිර්මාණ කරලා තියෙන්නේ :no: අනුමත කරන්න බැහැ මේ වගේ තුට්ටුදෙකේ වැඩ

    http://maharavana.weebly.com/ :dull:

    http://www.facebook.com/note.php?note_id=168706209849554 :dull:

    පවුකාර වැඩ මේවා මේ තියෙන්නේ මෙයා දාපු එක ......... කොහොමද බලන්නකො මෙයාගේ තරම

    http://www.elakiri.com/forum/showthread.php?t=1158317

    තුට්ටු දෙකේ වැඩ. අර නසරානි කොල්ලට බ්ලොග් එකේ අයිතිකාරයා කිව්ව දේවල්ම මෙයාටත් කියා දෙන්න ඕනේ කවුරු හරි

    Last edited:

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    රෝප්;10648148 said:

    නියමයි මචන්.. එකනේ බන් මම උබට කිව්වේ..උබ රට තොට ගැන හොද අවදානෙන් ඉන්න එකෙක් කියල...උබ detective වැඩ වලට නම් සිර පොර :)
     
    • Like
    Reactions: sweets