දෝෂය දන්නෙ මමනෙ!
වෛද්‍යවරයෙක් සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක් මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක් මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය.
රෝගියා පරීක්ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක් වූ සිය බිල ඉදිරිපත් කළේය.
"රුපියල් 500 ක්...... මේ පොඩි ලෙඩේට?" මෝටර් රථ කාර්මික ශිල්පියා විමතියෙන් මෙන් වෛද්‍යවරයාගෙන් ඇසුවේය.
"ලෙඩේ පොඩි වුණාට ඒක හරි හැටි අඳුර ගත්තෙ මමනෙ." වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.
ඉන් සතියකට පමණ පසු වෛද්‍යවරයාගේ මෝටර් රථයේ කිසියම් දෝෂයක් හට ගත්තේය.
ඔහු හනික මෝටර් රථ කාර්මිකයා හමුවට ගියේය.මෝටර් රථයේ දෝෂය පරීක්ෂා කර බැලූ කාර්මිකයා එය නිසි පරිදි සකස් කර සිය ගාස්තුව වශයෙන් රුපියල් 750 ක් අවශ්‍ය බැව් කියා සිටියේය.
විමතියට පත් වෛද්‍යවරයා ඔහුගෙන් මෙසේ ඇසුවේය. "පොඩි නට් එකක් දාන්න ඔච්චර ගාස්තුවක්."
"නට් එක පොඩි වුණාට ඒක නිවැරදිව සවි කරන තැන දන්නෙ මමනෙ." මෝටර් රථ කාර්මිකයා ඇඟට පතට නොදැනී කියාගෙන ගියේය
රෑට වතුර පුරවනවා!
මහමඟ ගමන් කරමින් සිටියදී එක්තරා මෝටර් රථයක් මඩ වළක එරී ගියේය.
උදැල්ලක් ද කර තබා ගත් ගොවියෙක් එතැනට පැමිණ මෝටර් රථය මඩවළෙන් ගොඩට ගැනීමට උපකාර කළේය. ඒ සඳහා ගාස්තුව වශයෙන් රුපියල් 100 ක් අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.
"මං මේ අද ගොඩ ගත්තු දහවැනි කාර් එක." ගොවියා මහත් ආඩම්බර ලීලාවකින් එසේ පැවසීය.
"එතකොට ඔහේ ගොවිතැන් වැඩ කරන්නෙ රෑටද?" මෝටර් රථ හිමියා ඔහුගෙන් ඇසුවේය.
"නෑ.... ගොවිතැන් කරන්ඩ වෙලාවක් කෝ.? මම රෑට මඩ වළ වතුරෙන් පුරවනවා." ගොවියා පිළිතුරු දුන්නේය.
ඇඟට අත තියන්න එපා!
මිතුරන් තිදෙනකු බෝට්ටුවක නැගී විලක මාළු බාමින් සිටියහ.හිටි හැටියේ ඔවුන්ගේ බෝට්ටුව තුළින් ලස්සන සුරංගනාවියක් මතු විය.
"ඔබට වුවමනා ඕනෑම දෙයක් මට ලබා දෙන්න පුළුවන්" සුරංගනාවිය ප්‍රකාශ කළාය.
"මගෙ මේ කොන්දෙ අමාරුවක් තියෙනවා. මම හරිම දුකක් විඳින්නේ. මට ඒක සනිප කරලා දෙන්න." පළමුවැනි මිතුරා ඉල්ලා සිටියේය.
සුරංගනාවිය ඔහුගේ පිට අතගෑවාය. මොහොතකින් ඔහුට පූර්ණ සුවය ලැබිණි.
"මගෙ ඇස් පෙනීම ටිකක් දුර්වලයි. මට ඒක සනීප කරල දෙන්න." දෙවැනි මිතුරා සිය ඉල්ලීම ඉදිරිපත් කළේය.
සුරංගනාවිය කිසියම් වදනක් පවසමින් ඔහුගේ දෑස් ස්පර්ශ කළා පමණි. ඔහුගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් විය.
"දැන් තමා මගෙන් බලාපොරොත්තු වන උදව්ව මොකක්ද?" මෙසේ ඇසූ සුරංගනාවිය තුන්වැනි මිතුරාගේ පිටට තට්ටු කිරිමට සැරසුණා පමණි.
"හා....... හා........ මගෙ ඇඟට අත තියන්න එපා. මම ආබාධිත දීමනාව මාසිකව ලබන කෙනෙක්."
එසේ පැවසූ ඔහු බෝට්ටුවෙන් පිටතට පැන්නේය.
නෑ බලූ පැටියෙක්!
එය ටියුෂන් පංති ගුරුවරයකුගේ උපන් දිනය විය.
නගරයේ මල් ශාලාවේ හිමිකරුගේ දියණිය ඔහුට ලස්සන මල් කළඹක් දී සුබ පැතුවය.
රස කැවිලි වෙළෙඳසලේ හිමිකරුගේ පුතා ඔහුට රසකැවිලි පාර්සලයක් තෑගි කළේය.
මේ අතර මත්පැන් හලේ හිමිකරුගේ පුතා ඔහු වෙත තරමක් ලොකු පෙට්ටියක් රැගෙන ආවේය.
මත්පැනට මහත් ලොල් බවක් දැක්වූ ඔහු පෙට්ටිය අතට ගෙන ඔසවා බැලුවේය. එවිට පෙට්ටියේ අඩියෙන් කිසියම් දියරයක් කාන්දු වන අයුරු ඔහු දුටුවේය. ඔහු හනික සිය ඇඟිල්ලෙන් දියර බිඳුවක් ගෙන තොලගා බැලුවේය.
"වයින්ද?"
"නැහැ"
"විස්කිද?"
"නැහැ"
"එහෙනම් මොනවද මේකෙ තියෙන්නේ? ටියුෂන් මාස්ටර් වේගවත් ස්වරයෙන් ඇසුවේය.
"බලු පැටියෙක් සර්" සිසුවා පිළිතුරු දුන්නේය.
සිගරැට් කොට!
මිනිසෙකු රාත්‍රි දුම්රිය පැමිණෙනතුරු මඟි කාමරයෙහි රැදී සිටියේය.
"මේකෙ සිගරැට් බොන්න පුළුවන් කාමරයක්ද?" ඔහු එහි සිටි සේවකයකුගෙන් විමසුවේය.
"බැහැ මේ කාමරයේ සිගරැට් බොන්න බැහැ.."සේවකයා පිළිතුරු දුන්නේය.
"එහෙනම් මේ කාමරයේ මේ තරම් සිගරැට් කොට ගොඩක් තියෙන්නේ." මඟියා ඇසුවේය.
"ඒ ඔය ප්‍රශ්නෙ අහපු නැති අය දාපු සිගරැට් කොට....." සේවකයා පිළිතුරු දුන්නේය
ඒක තමයි තියා ගත්තේ
වසර ගණනාවක් තිස්සේ අඩු වැටුපකට සේවය කළ අයෙකු සිය වැටුප වැඩි කරන ලෙස ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමෙන් ආයතන ප්‍රධානියාගේ මුහුණ අප්‍රසන්න වන අයුරු ද ඔහු දුටුවේය.
"සර්......... මම මෙතැනට සේවයට ඇවිත් අදට අවුරුදු දහයයි. මේ දක්වා කිසිම දිනක පඩි වැඩි කරන්න කියා මම ඔබට කරදර කරලා නැහැ."
"ඒ නිසා තමයි තමුසෙ මෙච්චර කල් තියා ගත්තෙ." ආයතන ප්‍රධානියා කියාගෙන ගියේය.

දිවයින