මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි...
දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද....
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි..
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයො ඔබගේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස...
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම..
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..
මොකටද ඔබ ඔය බිම හාරන්නේ..
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි...
දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද....
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි..
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයො ඔබගේ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස...
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම..
ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි..









මං කියන්නෑ කාගෙද මෙතන දැන් පුහු වෙලා තියන්නේ කියලා.....
කවුද දන්නෑ ගුටි කෑවේ 