මේක අහලා තියනවද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක අහලා තියනවද?

    මේක අහලා තියනවද? - මොනවද මුත්තේ මොකද කරන්නේ

    මම හරිම අසාවෙන් බලපු සින්දුවක්.......
    අද ඒවගේ අවවාද දෙනවද එකම නාලිකාවකින් වත්........
    ආකල්ප ඇතිකිරීම කියන්නේ මේවගේ වැඩ වලට
    මෙවගේ ආදර්ශයක් දෙන්න පුළුවන් ගීත අද තියනවද ළමයින්ට






    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි
    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරෙයි මට
    පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
    පෙර උන් අය සිටවූ අඹගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
    ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

    පදරචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර


    හැමෝටම බලන්න බම්ප් එකක් වත් දාන්න
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනවද උත්තෝ මොකද කියන්නේ
    මොකටද ඔබ ඔය රෙදි හෝදන්නේ

    සොන්නයෝ මම මින් කිසිවක් නොපතමි
    සැමටම බැලුමට ත්‍රෙඩ් එක දැමුවෙමි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවා පොඩි කාලෙ අහපු අන්තිම පරම්පරාව අපි වෙන්න ඕනේ..

    බොහොම ස්තූතියි. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේවා පොඩි කාලෙ අහපු අන්තිම පරම්පරාව අපි වෙන්න ඕනේ..

    බොහොම ස්තූතියි. :yes:

    මේවා අලුත් පරම්පරවටත් අහන්න දෙන්න ඕනි
     

    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    ජාතික රූපවහිනියෙ ළමා වැඩසටහන් තරම් හොද ගුණාත්මක වැඩසටහන් අද වෙනත් එකම නාලිකාකවත් මම නම් දැකල නෑ.
     

    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි