සිත ඇත්නම් පත කුඩාද
Jessica Cox, ඇය 1983 ඇරිසෝනා ප්‍රාන්තයේදී උපත ලබන විට උපතින්ම දෙඅත් අහිමිව තිබුණමුත් අදවන විට ඇය ජීවිතයේ දිනා ඇති දේ බොහෝමයි. ඇය ලොව ප්‍රථම දෙඅත් අහිමි ගුවන් නියමුවරිය වන අතර ලොව ප්‍රථම දෙඅත් අහිමි Taekwondo කලුපටි ලාභිනියද වනවා. මේ වනවිට ඇය Taekwondo කලු පටි දෙකකට හිමිකම් කියනවා. ඇය මෙසේ අවසනාවන්ත ලෙස උපන්නත් වසර 3ක සාර්ථක පුහුණුවකින් පසු, 2008 ඔක්තෝම්බර් 10වන දින ගුවන් නියමු බලපත්‍රය ලබන්නට වාසනාවන්ත වූවා. ඇයට වයස අවුරුදු 14න් පසු ඇය කිසිම දිනක ක්රුතීම අත් භාවිතා කර නැහැ. අප දෙඅත් වලින් කරන සියලුම දෑ ඇයගේ පාද භාවිතයෙන් සිදු කරන්නට ඇය සමත්. ඇය තම මෝටර් රථයට ඇයට උපකාර වන අන්දමේ කිසිම වෙනස්කමක් සිදු නොකොට එය හොඳින් ධාවනය කරන අතර ඇයගේ පාද වලින් පරිගණක යතුරු පුවරුවේ type කිරීමේ හැකියාව මිනිත්තුවට වචන 25ක්. තවද ඇය සහතික ලත් කිමිදුම් කාරියක් වන අතර ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මානසික රෝග පිළිබඳ උපාධිදාරනියක්.
සිත ඇත්නම් අපට කරන්නට පුළුවන් දෑ බොහෝමයි නේද? අපට නැති දේ ගැන දුක් නොවී ඇති දෙයින් ජීවිතය දිනන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ඇයට වඩා තවත් හොඳ උදාහරණ කුමකටද...
රිපෝස්ට් නම් දහස් වාරයක් සමාවන්න...
උපුටා ගත්තේ මෙතනින්..https://www.facebook.com/l0w3thna