සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත් අළවන - සිතුල්පව්ව වෙහෙර වදිමූ ☸️🙏 (Sithulpawwa Rajamaha Viharaya) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ මෙරට ඓතිහාසික පුදබිමක් ගැන.. ඒ නමින් සිතුල්පව්ව ‍රජමහා විහාරයයී.

    මේ පුදබිම ආරම්භ කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන ශත වර්ශයේ කාවන්තිස්ස රජු තුමා විසිනී.

    හෙළයේ විශිෂ්ඨ රජවරුන් ආශිර්වාද ලබා ගත් පුදබිමක් කිව්වොත් නිවැරදී.මෙහි ඉතිහාස කතාවට අනුව එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේදී සේනා සංවිධානය කළ දුටුගැමුණු රජ සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත්වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන් වෙනවා..

    ඒ වගේම දුටුගැමුණු රජු සමග යුද පෙරමුණට ගිය දස මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, පුස්‌ස දේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්ව විහාරයේ සංවර්ධනයට දායක වී තිබෙනවා..

    සිත් අළවන පර්වතය යන අරුත ඇතිව තමා මේ විහාරයට මේ සිතුල්පව්ව ‍යන නම යෙදී ඇත්තේ.මෙය අතීත පොතපත් වල සදහන්ව ඇත්තේ චිත්තල පබ්බත යනුවෙනී.

    අපේ පැරැණි මුතුන් මිත්තන් මේ සිතුල්පව්ව දෙවනි මිහින්තලය කියලත් හදුන්වනවා.සිතුල්පව්ව පරිශ්‍රය ලංකාවේ කටාරම් කෙටු ලෙන් වැඩිම ගණනක් ඇති ආරාම සංකීර්ණය කිව්වොත් නිවැරදී...මේ ලෙන් තුල දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩවිසූ බව සදහන් වෙනවා...

    එවක ලෙන් ගුහාවලින් මනරම්ව සැදුණු ඝන වනාන්තරයෙන් වැසී ගිය පුණ්‍ය භූමියක් ලෙස සිතුල්පව්ව හදුන්වන්න පුලුවන්.ඒ වගේම වළගම්බා රජු දමිළයන් සමඟ සටනට පෙර සිතුල්පව්ව අසල වූ ආකාර චෛත්‍යයට පූජාවක් කළ බව වංශකතාවල සඳහන් වෙනවා.

    මහ සිතුල්පව්ව කන්ද අඩි 413 ක්‌ පමණ උසයී.. ඒ වගේම කුඩා සිතුල්පව්ව ලෙස හැදින්වෙන කන්ද අඩි 450 ක්‌ උසයී.මේ කදු මුදුන් වලට නැග්ගම තෙරක්‌ නොපෙනෙන වන පෙත හා ඒ අතුරින් නැඟී සිටුනා ශේෂ කඳු වැටි සහිත මනරම් දර්ශන දැකගත හැකියි.

    ඒ වගේම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්ථානයක් වූ සිතුල්පව්ව සිල්වත් භික්ෂූන්වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක් වූ පුණ්‍ය භූමියකී.

    ඔබත් මෙහි ගිහින් පරිසරය විනාශ නොකර ආපහූ එන්න.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    TFS මචන්
    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
     
    • Like
    Reactions: dilann