සිත් පහන් වෙන - දෙකඳුවල භික්ෂුණී ආරාමය 🙏🍃☸️ (Dekaduwala)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත් පහන් වෙන - දෙකඳුවල භික්ෂුණී ආරාමය 🙏🍃☸️ (Dekaduwala)  - Your Choice Way
    අද අපි කතා කරන්න ‍යන්නේ ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල භික්ෂුණී ආරාම ගැන...

    මේක හරි විශේෂ තැනක් කිව්වොත් නිවැරදී..ගස්කොළන්වලින් වටවූ සුන්දර පරිසරයක ඉදිවූ දෙකඳුවල භික්ෂුණී ආරාමයේ මේ වන විට භික්ෂුණීන් වහන්සේලා රැසක් වැඩ වාසය කෙරෙන්වා..

    කඳුවැටිය උඩ ඉදිවූ දෙකඳුවල ආරාමයට පය තබන විට දැනෙන පින්වන්ත කම අත් දකින්න එහි යන්නම ඕනේ..

    මේ ආරාමය තුල භාවනාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා..

    ආරාමයේදී තාවකාලික පැවිදි කිරීම සිදුකරනු ලැබේ. දින දාහතරක (සති 2ක) කාලයක් ආරාමයේ නේවාසිකව නතර කර ධර්මය ඉගැන්වීම සහ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලීම ආරාමයෙන් සිදුකෙරෙනවා..

    එක් මාසයකදී වැඩිහිටි ගිහියන්ද, තවත් මසකදී තරුණ ගිහියන්ද මෙම නේවාසික පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා...

    ජීවිතේ අසරණ වුණා, ජීවිතේ මංමුලා වුණා, තනිවුණායැයි හැඟී අසරණ වුණ ගිහියන් මෙන්ම ජීවිතයම එපා වී සියදිවි හානිකරගන්නට උත්සාහ දැරූ තරුණ හිත්ද බුදු දහමේ අනුශාසනා බලමහිමයෙන් දෙකඳුවල ආරාමයෙන් පිහිට ලබයි...

    දෙකඳුවල ආරාමයේදී කාන්තාවන්ගේ මනස හැකි තරම් නිරවුල් කර ඇයට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට උදව් කරයී...

    තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙද්දී ඒ සඳහා වෙනම සිවුරක් ඇත. එසේම හිස මුඩු කෙරේ.

    දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානයේ සමස්ත ලෙසින් වැඩවසන්නේ තරුණ භික්ෂුණීන් වහන්සේලායි...

    හොරණ -කහටපිටිය, කනන්විල තමා මේ ආරාමය තියෙන්නේ...

    පවුල් ප්‍රශ්නවලට වඩා ජීවිතේ ගැන, මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිව මහණදම් පිරෑ භික්ෂුණීන් වහන්සේලා ආරාමයේ වැඩ වාසය කෙරෙනවා...

    ජීවිතේ තරුණ බවට යම් ප්‍රශ්නයක් ඇතිවුණිනම් නිරපරාදේ ඔය ජීවිතය නාස්ති කරගන්න එපා.

    සියදිවි නැතිකරගන්නවත්, සමාජ විරෝධී ක්‍රියා වලට බිලිවන්නවත් එපා. ඒ සඳහා සංඝයා වහන්සේ පිහිට පතන්න.

    සංසාරේ පුරුද්දකට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා.

    තෙරුවන් සරණයි ❤️🙏

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here