සිතේ ඉතිරි වූ එකම කතාවක් යළිත් කියන්නට......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිතේ ඉතිරි වූ එකම කතාවක් යළිත් කියන්නට......

    171501140a3892a9ecadd85d68a9b85533439955.jpg


    අපි හැමෝම විහිළු කරනව. සමහර වෙලාවට හිතෙනව අපි එහෙම විහිළු කරල හිනාවෙන්න තවත් කාගෙ හරි ජීවිතේකට නේද කියල. හැබැයි අන්තිමේදී ඇස් රතු වෙන්නෙත් අපේ.

    මම නුවන්. තාම අවිවාහකයි. ඒ හින්ද ළමයි නෑ. ප්‍රේමය, ලව්, ආදරය තව වචන තියෙනවද? තියෙනව නං ඒ හැම දේම බොරු. මේ වචන තුන අමූලික බොරු. කෙහෙල්මල් ආදරේ. ඊට වඩා කොච්චර හොඳද කැමැති කෙල්ල එක්ක කැමැති කාලයක් ඉන්න එක. ඒ කාලෙ ඇතුළෙ තව කැමැති කැමැති අයත් හම්බවෙන්න පුළුවන්. මං කියන්නෙ මට විතරක් නෙමෙයි. කෙල්ලොන්ටත් මේක පොදුයි. ආදරේ ආදරේ කියල එකක් මත්තෙ මැරෙනවද වඩා කොච්චර ෆ්‍රීඩම් එකක් තියෙනවද ඒකෙ.

    යාළුවො හැමෝම කිව්ව රුවනි එක්ක මට යාළු වෙන්න බෑ කියල. සමහරු ඔට්ටු ඇල්ලුව. මම වැඩේට බැස්ස. මම මේ වගේ ඒවද අල්ලල තියෙන්නෙ. රුවනිට මම සත්‍යය ප්‍රේම භෘංග රාජයා වගේ පෙන්නුවට මට නං ගාණක්වත් නෑ. එයා හිතාගෙන හිටියෙ මම මේ විදියට එයා ගැන හිතනව ඇති කියල.

    තරු පිපුණු ගන අහස මම නම්
    ඒ අහසෙ පුරා හඳ වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මම නම්
    ඒ පොළොවෙ දිය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙළන චණ්ඩ රළ මම නම්
    ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙ නම්
    ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි


    සමහර දවස්වලට රුවිනියි මමයි කතා කරන ඒව රෙකෝඩ් කරල යාළුවොන්ට අහන්න දෙනව. උන්ට ෆුල් හොල්මන් මගේ දක්‍ෂතා ගැන. මම රුවිනිට කියන සුරංගනා කතාවලට එයා පිස්සු වැටිල හිටියෙ. වෙලාවකට මහ ඇණයක් වගේ. කෑවද, බිව්වද, මොකද කරන්නෙ, මහන්සිද? සිය පාරක් විතර අහනවා. විනාඩි පහක් ෆෝන් එක වේටින් තියෙන්න බෑ. මරාගෙන කන්න හදනවා. මට නං වෙලාවකට මල පනිනවා කොහොමද දන්නවද? ළඟ හිටිය නම් මූණ සමතලා වෙන්න දෙකක් දෙන්න හිතෙන මට්ටමට. එයා හිතාගෙන ඉන්නෙ ඉරණම්කාරය මම කියලා. කොච්චර කෙල්ලො එක්ක යාළුවෙලා හිටියත්, මගෙ අතීතෙ අන්තිම නරක වුණත් එයා දන්නවලු මම එයාට ඇත්තටම ආදරෙයි කියලා. වෙලාවකට පව් කියලත් හිතෙනවා. දවසක් එයා මට මේ සින්දුව ෆෝන් එකෙන් අහන්න දුන්නා. රුවිනිට එහෙම දැනුණලු.

    ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා...
    ඔබේ කතා ළඟ සිත නැවතුණු දා...
    ප්‍රේමය හැඳින්නෙමි... ප්‍රේමය හැඳින්නෙමි...
    මේ ලෝ තලයේ...//
    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයන්ගෙන්...
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්...
    ඉමක් කොනක් නැති ආකාසේ
    තරු පායා එන සේ මා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
    පෙම් සිතුවිලි බෝමා...


    මම දන්නෙ නෑ මේක කොහොම වුණාද කියන්න. හැබැයි ඒ දේ වුණා. මම යාළුවොත් එක්ක රුවිනි ගැන කතා කරන වෙලාවක කවුදෝ එකෙක් රෙකෝඩ් කරල ඒක රුවිනිගෙ ෆෝන් එකට බ්ලූටූත් කරල. හක්ක පනින්න අත පුරවල කම්මුල අතගාල රුවිනි ගියා. යන්නම ගියා. පාරෙ මිනිස්සුත් දැක්ක. පුංචි ලජ්ජාවකුත් නාවම නෙවෙයි. ඒත් ඊට වඩා දෙයක් තිබුණා. රුවිනි ගියපු දවසෙ ඉඳලා මගේ හිත එයාව ඉල්ලනවා. කවදාවත් නැතුව මට එයාව වෙනදට වඩා දැනෙන්න පටන් අරගෙන. මටම පුදුමයි, අදහාගන්නත් බෑ. කාමරේදි රෑට එයාව මතක් වුණාම ඇහැට කඳුළු උනනවා. යාළුවෙකුටවත් කියන්න බෑ, ලජ්ජයි. මං හිතන්නෙ ඇත්තටම දැන් මම රුවිනිට ආදරේ කරනවා. ඒ දවස්වල සිරසෙ ගියා එකම ගායකයගෙ සින්දු 2ක් හැම පැයකම. එදා ඒ පැයේ ගියේ ජගත් වික්‍රමසිංහගෙ සින්දු දෙකක්. මුලින්ම එයා ආසම සින්දුව.

    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන පැයේ
    හදවතට ළං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙළී
    මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
    සඳවතිය පාවී ගියා
    පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
    මේ හැටිම නපුරුයි කියා


    මම හැමදාම හිතුවේ ආදරේ කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල. ඒත් රුවිනි මට ආදරේ හැඩතල කියල දීල ගියේ. මම හැම තැනම හෙව්ව රුවිනිව. කොහේවත් හොයාගන්න නෑ. පස්සෙ කාලෙක ආරංචි වුණා එයා ලංකාවෙනුත් ගිහින්. මැරෙන්න කලින් මට එක පාරක් හරි රුවිනිව හම්බවෙන්න ඕනෙ. එයාට කියන්න ඕනෙ 'ඔව්, මම මුලින් ඔයාට ආදරේ කළේ නෑ තමයි. ඒත් මම ඇත්තටම ආදරේ කරන්න පටන් ගන්නකොට වෙන්න ඕන හැමදේම වෙලා කියලා. ඒත් ඒ දවස, ඒ මොහොත උදාවෙයිද කියල කවුද දන්නෙ. මම කතාව පටන් ගන්නකොටත් කිව්වෙ සමහර විහිළුවලින් අවසානයේ විඳවන්නෙත් අපිම තමයි. ආයෙත් එයා එනකල් මම මේ සින්දුවට කැමැතියි.

    ඔබ මා හමුවේ නම්
    එකම කතාවක් එකම වතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම් //
    අතීතයට පියමනිනු බැරී
    ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
    පිනි කඳුළක් සේ මැකී ගිහින්
    සිතේ ඉතිරි වූ එකම කතාවක්
    යළිත් කියන්නට
    ඔබ මා හමුවේ නම්...:(



    සුපුන් රත්නායක
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බහුතරයක් පිරිමි ඔහොම්මම තමයි,.
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    මම කතාව පටන් ගන්නකොටත් කිව්වෙ සමහර විහිළුවලින් අවසානයේ විඳවන්නෙත් අපිම තමයි
    :yes::yes::yes::yes::yes:

    Good Post Buddy!
    11.gif

    හුඟක් හිතන්න දේවල් තියෙන දෙයක්:yes:

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යන කෙනෙකුට යන්න දීලා වැඩක් බලාගන්න බැරි තමන් පිරිමි කියාගන්න එවුන්ට ඔහොම වෙලා මදි.
    5.gif
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    සිරාවට ඇත්ත ආදරය ලගටම එනකොට ගානක් නැ තමා
    ඒ වගේ ආදරයක් මගේ ලගටම ආව එත් මම එයාව මගඇරිය මේ සිද්දිය වෙලා අවුරුදු 3ක් වෙනවා මම තාමත් පසු තැවෙනවා
    මම කරපු දේ ගැන
     
    Last edited: