උතුම් වෙසක් පුන් පොහෝ දින එළිදක්වන ලද පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ නවතම සදහම් ග්‍රන්ථය "සිත වඩන භාවනා" ඔබත් කියවන්න...!
"...කලාතුරකින් මුණගැසුන උතුම් බුදු සසුනේ පිහිට ලබන්ට වෙර දරන අවංක සිත් ඇති අයට උපකාර පිණිස මේ කුඩා දහම් පොත පිළියෙල කළෙමි. ධර්මය මුණගැසී තිබියදීත් "අහෝ අපට මෙයින් පිහිටක් ලබන්ට බැරි වේ දෝ !" යි ශෝක කරන අය කොතෙකුත් ඇත. කාර්යබහුලත්වය නිසා තිබෙන අවිවේකී බව, විවිධාකාර කායික රෝග පීඩා ආදිය ධර්මාවබෝධය පිළිබඳව අහිංසක පැතුමක් ඇත්තවුන්ගේ සිත තවදුරටත් පෙළයි. මේවා නිවන පිණිස පවතින මහා බාධා සේ පිළිගන්නා අය ප‍්‍රමාදයට ඇද වැටෙයි. තිබෙන වාසනාව අහිමි වෙයි.
ඉතා පිරිසිදු දහම් දැනුමක් තිබේ නම්, ධර්මාවබෝධය සඳහා අප බාධා යැයි සිතන දේ ඒ සඳහා සැබෑ ම බාධාවක් නොවන බවත්, සැබෑ ම බාධාව පිරිසිදු දහම් දැනුමක් නොමැති වීම බවත් ඉතා මැනවින් වැටහෙනු ඇත.
ඵල සහිත වූ ජීවමාන බුදු සසුන ඔබට මුණගැසේවා!
අවංක වූ වීරියවන්තයින්ට මේ කුඩා දහම් පොත පූජා කරමි..."
PDF ගොනුව download කරගැනීමට →