ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ
January 20, 2014 at 11:53 am | lanka C news
ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ
දේශපාලන පක්‍ෂයකින් තමන්ට ආරාධානා කලහොත් තමන්ද මැතිවරණයට තරඟ වැදීමට සුදානමින් සිටින බව රංගන ශිල්පිනී සනෝජා බිබලේ පවසයි.
ඇය පවසන්නේ තමන් මැතිවරණයට තරඟ වැදීමට කැමැත්තෙන් සිටියද ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් ආරාධනා නොකල බවයි.
‘දේශපාලනය ට එන්න මම ආසයි. ඒත් මට තවම කිසිම පක්ෂයකින් කතා කලේ නැහැ. මට දේශපාලන පසුබිමක් නැහැ. ඒත් ජනතාව අතරේ ගොඩනගාගත් ජනප්‍රියත්වය මට තිබෙනවා. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම දේශපාලනයට එක්වනවා’ යයිද ඇය පවසන්නීය