සිනහලයො තොපි ගෑනයි මේ !!!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක විතරයි බැලුවේ. දැන් අන්තිම එකට ආවම තමයි මේක දැක්කේ.

    මටනම් හිතෙන්නේ බටහිර රටවල් ගැන ගොඩක් දෙනාගේ තියෙන්නේ හිතෙන හදාගත්ත මවාගත්ත ලෝකයක් කියල. ඔය "රෙස්පෙක්ට්" එක වේටර්/සර්වර් ල කි දෙනෙකුට ලැබෙනවද බං? අනික ඔය කියන යුටෝපියාව ලෝකේ කොහේවත් නෑ. උදා: එංගලන්තේ කළු මිනිහෙක් දිහා තාම බලන්නේ වපර ඇහෙන්. ඇමරිකාවේ තවම කළු/සුදු අවුල තියෙනවා. කළු මිනිහකුට තවමත් හොඳ ජොබක් ගන්න තියෙන අවස්ථා සුද්දෙකුට වඩා අඩුයි. ඔය කියන ඩිග්නිටි එක "සර්" ගෑවට ලැබෙනවා කියල හිතෙනවද? කොටින්ම හෙන දුප්පත් පැත්තක මනුස්සයෙක්ට සුදු උනත්, සමාජයේ තැනකදී උව ගණන් ගන්නේ නෑ. ගෞරවය දෙන්න කියල "හිඟන්නන්ට" "හෝම්ලස් පීපල්" කියන එකේ තේරුම මොකක්ද? අනික සර් කියන එකෙයි, ලංකාවේ මනුස්සයෙක් "අය්ය, මල්ලි, නන්ද" වගේ කියන එකෙයි තියෙන වෙනසකුත් තියෙනවා. එක එක රටවල මිනිස්සුන්ගේ වටිනාකම් (වැලිව්ස්) වෙනස්.

    හොඳට හිතල බලපන් අපිට අවුරුදු 2500ක් කබල් ගාන්න දෙයක් නෑ. අපේ මිනිස්සුන්ගේ තාමත් තියෙන වටිනාකම් ගොඩක් තියෙනවා. අපේ මිනිස්සු එකිනෙකාට උදව් කරගන්නවා, තවමත් වතුර තිබහ වෙලාවක පාරේ ගෙදරකින් හරි කඩේකින් හරි වතුර එකක් ඉල්ලුවොත් එක දෙනවා. සල්ලි ගන්නේ නෑ. ගොඩක් දේවල් නාගරීකරණය/ආර්ථිකය එක්ක වෙනස් වෙලා. 90' ගණන් වල ලංකාවේ ඕන පැත්තක ගිහින් වාහනයක් එහෙම කැඩුනොත් ඒක තල්ලු කරන්න හරි වටේ පිටේ හැමෝම එනව. දැන්නම් එහෙම නෑ. එත්, තවමත් දුර පැතිවල මිනිස්සු එහෙමයි. ඔය ගතිය තවමත් ඇමරිකාවේ වගේ උනත් සමහර පැතිවල මිනිස්සුන්ට තියෙනවා. එකෙනෙකට උදව් කරගන්න ගති. එත් බහුතරය තමන්ගේ වැඩක් බලාගෙන අල්ලපු ගෙදර මනුස්සයට හෙන ගැහුවත් බලන්නේ නැති ජාති.

    සිංහල මිනිස්සුගේ මේ ගති අපිට එහෙමට නොදැනුනාට අපි වෙන ජාතියක් (උදා. බටහිර දියුණු රටක) මිනිස්සුත් එක්ක වැඩක් කරන්න ගියාම ඒ මිනිස්සුන්ට දැනෙනවා ලංකාවේ මිනිහ පුදුම විදිහට අනිත් අය ගැනත් හිතනවා නේද කියල.

    උගත් මිනිස්සු ගොඩක් වෙනරටවලට යන්නේ රෙස්පෙක්ට් එකට වඩා සල්ලි හොයාගෙන. ලංකාවේ ජිවන තත්වය අඩු උනත්, මෙහෙ තරම් ගෞරවයක් වෙන ලෝකේ කොහේ රටකවත් කළු සිංහලයෙකුට ලැබෙන්නේ නෑ. (සමස්තයක් විදිහට)

    හොඳ දෙයක් තියෙනවනම් කොහෙන් නමුත් ගන්න ඕනේ. එකේ ජප්පගෙන්ද, සුද්දගෙන්ද, ඉන්දියන් කරගෙනද, නැත්තම් අරාබියාගෙන්ද කියල වැඩක් නෑ.

    // උඩ සඳහන් දේවල් මට උන දේවල්, යාලුවන්ගෙන් අහපු දේවල්, කියවල දැනගත්ත දේවල් වල එකතුවක් බව කරුණාවෙන් සලකන්න.

    7.gif

    mcn, dawasak mama car eke kellat ekka nawinne ynakota arpico eka issaraha loku ground eke car eka nawattanna gihin issaraha tire eka walaka watuna, car eke tire eka ussanne natuwa car eka ganna baha.

    mata taniyama car eke eka pattak ussanna ba ne bn. maara seen eka kiyanne mcn, etana hitagena hitapu porak awa mulinma help ekata, eeta passe etana pajero ekaka hitapu dennek and car ekaka hitapu dennek wahana walin bahala awilla mcn mata car eka reverse karanna kiyala un tire eka issuwa bn. mama unta kata karala nevei awe. un nikan ma awa.

    oya seen eka middle east, europe, Russia, China wala wage una nam mokek wat enne naha ohoma udaw karanna. lankawe minissu e atin maara hodai mcn.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    මෙහෙ එවුන් මහ ගොබ්බයො. මම පයින් ටව්න් එකේ තැනකට ගියොත් බය්යෙක් ගානට දාන්නෙ.හොද බයික් එකේ ගියොත් ගනන් වැඩි, ඉන්දියන් එකක වගේ ගියොත් දැක්කෙ නෑ වගේ, හොද කාර් එකෙන් ගියොත් දෙකට නැමෙනව. පරන car එකේ ගියොත් තවත් එක ගනුදෙනුවක්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mcn, dawasak mama car eke kellat ekka nawinne ynakota arpico eka issaraha loku ground eke car eka nawattanna gihin issaraha tire eka walaka watuna, car eke tire eka ussanne natuwa car eka ganna baha.

    mata taniyama car eke eka pattak ussanna ba ne bn. maara seen eka kiyanne mcn, etana hitagena hitapu porak awa mulinma help ekata, eeta passe etana pajero ekaka hitapu dennek and car ekaka hitapu dennek wahana walin bahala awilla mcn mata car eka reverse karanna kiyala un tire eka issuwa bn. mama unta kata karala nevei awe. un nikan ma awa.

    oya seen eka middle east, europe, Russia, China wala wage una nam mokek wat enne naha ohoma udaw karanna. lankawe minissu e atin maara hodai mcn.
    lankawe unge hoda gathigunakata thiyenne oka witharai :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ මිනිස්සුන්ට තියන හීනමානය ඕකට ප්‍රධාන හේතුවක්. ඉස්සර ඉඳලා ඕක ටික ටික තිබ්බා.. නමුත් යටත් විජිත යුගයේදී ඒක තවත් වැඩිවුනා. මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියටත් අපේම උන් හිනාවෙනවා.. කවුරු හරි අපේ පැරනි සිරිත් විරිත් අනුගමනය කරනවනම් හිතන්නේ ඒ මිනිහා මෝඩයෙක් නැත්තන් ගොඩයෙක් කියලා. මටත් එක දවසක් ඕක වුනා මම දවසක් හදිස්සියකට මාලඹේ හන්දියට ගියා මම එන්න යනකොට අම්ම හදිස්සියෙ මට කෝල් එකක් දීලා පොඩි වැඩකට බැංකුවට යන්න කිව්වා මමත් ඉතින් ගියා.. මම ත්‍රීවීල් එකක ගිය නිසා ගියේ සරම ඇඳන් කොහොම හරි මම බැන්කුවේ කෙල්ලට කතා කලාම මෙන්න මේ කෙල්ල අමාරුවෙන් කැඩිච්ච සිංහලෙන් මට කථා කරනවා. මම ඒ පාර කඩ්ඩෙන් කෙල්ලට කිව්ව සිංහල අමරුනම් ඉංග්‍රීසියෙන් කියන්න කියලා.. මගේ වැඩේ ඉවර වෙලා සල්ලි ගෙවන්න පොලිමේ ඉන්නකොට මට ඇහෙනවා මේ කෙල්ල හොඳට සිංහල කතා කරනවා. මම ඉතින් එයා දිහා බලල නෝන්ඩි හිනාවක් දැම්මා.. මම සරම ගහන් ගිය නිසා කෙල්ල හිතුවෙ මට සෝබනයක් දන්න... අපේ රටේ තත්වේ ඕකයි සහොදරයා..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මෙහෙ එවුන් මහ ගොබ්බයො. මම පයින් ටව්න් එකේ තැනකට ගියොත් බය්යෙක් ගානට දාන්නෙ.හොද බයික් එකේ ගියොත් ගනන් වැඩි, ඉන්දියන් එකක වගේ ගියොත් දැක්කෙ නෑ වගේ, හොද කාර් එකෙන් ගියොත් දෙකට නැමෙනව. පරන car එකේ ගියොත් තවත් එක ගනුදෙනුවක්.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Anna ekane bn normal widihata ena manussaya yahapath guru warayaek kiyala hithapanko.Car eke ena eka ballo marala hari salli hoyana ekek. ara kade inna eka dekata namenne ara car eken apu ekata.Lamainge giwitha goda dala sadarana widihata earn karana guruthumawa poddakwath ganan ganne na.e mokada guruthuma awe pain.adala inne norma widihata.

    Onna ohomai sinhalayage wada.