මුලු පෝස්ට් එකම කියවන්න. නැත්තං මම කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්නෙ නැති වෙයි.
මම ඌට වෙඩි තියලා යනවා. ඌත් නෑ, වෛරයත් ඉවරයි.
ඒක හරි නමුත් කර්මය වෙනස් කරන්න බෑ.
ඔතන කියන්නේ ඔයා වෛර කරොත් ඔයාටත් විපාක දෙනවා කියන එකයි
එහෙම නැතුව වෛර නොකරම ප්‍රශ්ණ විසදෙනවා කියන එක නෙවෙයි.
වෛර සිත් ඇති වුනාම වෙන්නේ තමන් හිංසා කාරි ක්‍රියාවන්ට යොමු වීම බෝහෝවෙලාවට.
අනිත් එක සමහර වෙලාවට අපි වෛර කරන්නේ නැති උනාම ප්‍රශ්ණ සමගි ලෙස විසදගන්න පුලුවන්.
ගහගන්න ගියාම වෙන්නේ ඒක තව වැඩි වෙන එකයි.
දැන් හිතන්න ඔයා වෙඩි තියලා යනවා. ඔයා හිතනවා නිකම් ඉන්න දෙයි කියලා එම මරපු කෙනාගේ පවුලේ කට්ටිය සහ පොලිසිය? ඉතින් පස්සෙන් ඇවිත් එක්කෝ මරයි නැත්නම් හිරේ දායි. ඉතින් එතන අර මුල් වෛරය නැති උනාට. මුල් වෛරයේ ව්‍යුත් පන්නයක් පවතිනවා. ඒක දැම්වල වගේ යනව ඊට පසසේ.
ඌ මගේ ඔලුවට අත හෝදලා ඔලුව පලලාම යනව. ඒකත් ඉවසං හ්ටියොත් වෛරය ඉවර වෙන්න පුලුවං ඌට නං. මම නෝන්ඩි වෙලා ඉන්න ඕනෙ. වෛරය මට ඉවර නෑ.
නින්දා ප්‍රශංසා සම ලෙස ඉවසීව වටිනවා.
නැත්නම් වෙන්නේ නින්දා අවාම දුක ,වෛර වගේ සිතිවලි වලින් සිත පිරි ගත අපිරිසිදු වී යන එකයි.
ප්‍රශංසා අවාම ඕනවට වඩා සතුටු උනාම වෙන්නේ ඇලම වැඩිවී එකයි එවිට නින්දා ලැබුනම දුක වැඩිවෙන එක විතරයි වෙන්නේ මොකද ප්‍රශංසා අවාම සතුටු වෙන කෙනාට මානසිකත්වයක් හදාගන්න අමරුයි නින්දාවලට ලේසියෙන්ම.
මම හිරේ, ඔයා සොමියෙ.
ඔයාට වටිනා දෙයක් හම්බුනා. මගේ දුක ඔයාට ප්‍රශ්නයක් නෙම්වෙයි නෙ ?
ඒක හරි නමුත් කර්මය අනුව අන් සතු දේ සොරකම් කිරීම සම්පත් රහිත පුද්ගලයෙකු වී භවයක් ලැබෙන්නෙ හේතු වෙනවා.
ඒක සමහර වෙලවට දිට්ඨ දම්ම වේදනීය වෙන්නත් පුලුවන්.
කොපු භාවිතා කලොත් ?
ඌ සතුටින් නං අපිට පාන්ද ?
[/COLOR]
මම ඔයාට කැමති නෑ. ඒ හින්දා ඔයාව මරලා දානවා. මම සතුටින්.
තාත්තා බීලා ඔට්ටු දානාවා, අම්මා වටේ යන්වා. මටයි නින්දාව. ඒහින්දා මරලා දානවා.
බුද්ධාගම කියන්නේ රැකීම,රැකගැනීම,යහමගට ගැනීම,යථාර්තය අවබෝද කරවීම මගින් මුලාවෙන් මුදවා ගැනීම සහ මෛත්‍රිය මිසක් විනාශය නෙවෙයි
ඔන්න ප්‍රශ්නෙන් පිට පැනලා. මෙතන කතා කරන්නෙ බුද්ධ දර්මය හරිද, වෙන දර්මයක් හරිද කියන එක ගැන නෙමෙයි.
මම උඩ කොටසේ දුන්න උත්තර සියලුම දර්මයන්ට අනුව වැරදි හැටියටයි ගැනෙන්නෙ (satanism වලටත් ඕවා වැරදියි). නමුත් ඒවා 'වැරදි' කියන්නෙ එසේ නොකර ඉන්න එක 'හොඳයි' කියලා පිලිගන්නෙ තමන්ගෙ ආගම (සහ සාමාජිය පිලිගැනීම) ගැන තියෙන විශ්වාසය මත.
දෙවියන් මුල් කරගත් දර්මයන් තුල 'වැරදි' ලෙස හදුන්වන දෙයක් කලහොත් එයට දඩුවම් එම දෙවියන් විසින් නියම කෙරෙනවා කියා එම දර්මය අදහන අය විශ්වාස කරනවා.
බුදු දහමේ හේතුපල වාදයෙන් අකුසල කර්මයක් කලවිට එයට පල විපාක ලැබෙන හැටි විස්තර කර තිබුනත් පෘතග්ජන අපි එය විශ්වාසය මතයි පිලිගන්නෙ. එය ඔප්පු කරගන්න නං අරහත් භාවය ලැබිය යුතු බව දර්මය තුලින්ම පැවසෙනවා.
මෙන්න මේ විශ්වාසය ඔය ආගම් සියල්ලටම පොදුයි. මම කලින් පෝස්ට් එකෙන් කිව්වෙ ඔන්න ඕක.