වැඩක් නැත්නම් ගෙදර මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති නොකර තම්බල දෙන දෙයක් කාලා නිදාගනිං 

ආවා මෙතන දාර්ශනික ටෝක් දෙන්න.


ආවා මෙතන දාර්ශනික ටෝක් දෙන්න.

ආවා මෙතන දාර්ශනික ටෝක් දෙන්න.මම හිතන්නේ සහෝදරයා එයා කියන්න හදන්නේ මේකයි. ඒ එක එක විස්වාස හරි උනත් වැරදි උනත් ඒ ඒ කෙනාට ඒවා පිළිගන්න, අදහන්න අයිතියක් තියෙනවා, අනික් අය ඒවා විවේචනය කරන එක වැරදි කියල. සමහර දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. එත් ඒවා පිළිගන්න කෙනාට එක නිදහසේ කරන්න ඉඩ තියෙන්න ඕන කියල. මම හරි නේද?
හැබැයි මමත් ඉස්ලාම් ආගමට නම් එච්චර කැමති නෑ එකේ ගෑනුන්ට සලකන විදිය වගේ දේවල් නිසා. ඒ වගේම මම දේව සංකල්පයක් පිලිගන්නත් කැමති නෑ. ඒ අතින් බැලුවම නම් බුද්ධාගම ගොඩක් හොඳයි කියල හිතෙනවා. මොකද අඩු ගානේ ගෑණියෙක් වෙලත් නිදහසේ ඉන්න පුළුවන් නේ. අනික හිතීමේ නිදහසත් බොහෝ දුරට තියෙනවා මේ ආගමේ. අපි කරන ක්‍රියා වලට අපිම වගකීම බාරගන්නවා ඒක නොපෙනෙන දෙවියෙකුට භාර නොකර.
හැබැයි එක මගේ private opinion එක. ඒක අනික් යට බලෙන් පටවන්න යන එක නම් අනුමත කරන්න බෑ තමයි. අනික මන් හිතන්නේ නෑ බුදු හාමුදුරුවෝ කවදාවත් අදහස් කළා කියල බෞද්ධයෝ "අපි අරුන්ට හොඳ වැඩක් කරන්න ඕන, මේක අපේ තැන" වගේ අදහස් තියාගනිවි කියල. ඒවා හරි අදහස් නෙවෙයි. එයාල කරන වැරදි එයාලට. අපිත් ඒ වගේ අන්තවාදී වෙන්න ඕන නෑ නේ.
ඒ වගේම ඉතින් මේකේ තියෙන එක දෙයක් නම් පිළිගන්න වෙනවා. ආගම් වල මූලික අරමුණ මොකක් උනත් අන්තිමට ඒවා වලින් වෙලා තියෙන්නේ නම් මිනිස්සු බෙදා වෙන් කරලා තවත් රණ්ඩු කරන්න හේතුවක් හදල දීපු එක තමයි. දැන් සිද්ද වෙන දේවල් දිහා බැලුවම මෙහෙම හිතෙනවා.



Yako, meka sinhala baudda rata, loke sinhalayata thiene me rata witharai, buddagama mechchara kal rekune sinhalaya nisai, umba kiyanne me rate sinhala bauddayata pon*ayo wage ohe nikan wena deyak wenakan balagena inna kiyalada? Umbata puluwanda oya kiyana kathawa Saudi wage middle east ratakata gihin Islamic gena prasidye kiyanna? Ape rate sinhala rajawaru nisa thamai adath umbala oya widiyata ithuruwela apita 'PORA' talk denne.![]()
මේ පොටේ Destiny Found මිත්‍රයා කියල තියන කරුනු ගොඩක් එව්වට මම එකඟයි. බුදු "දහමෙ" කෙසේ වෙතත් බුද්ධාගම් කාරයන්ගෙ ( සිංහල වුණත් නැතත් ) පදනම ඇදහිල්ල සහ විශ්වාසය තමයි. ඒක අනිත් ආගම් වලින් වෙනසක් නැහැ තමයි.
බයිබලය, කුර්-ආනය, ත්‍රි-පිටකය වගේ පොත පත කියවලා ඒ ඒ ආගම් ගැන දැනුම එකතු කරගෙන තර්ක විතර්ක කරන්න ඕනෙ කෙනෙකුට පුළුවන්. ඒත් නිර්මල බුදු දහම පොතේ දැනුමෙන් බොහෝ දුර වූ එකක්. ඒ දර්ශනය විග්රහ කරන්නේ බොහෝ දෙනා හිතාගෙන ඉන්න විදියට ප්රාතිහාර්ය ගැන වත් හොඳ ජීවිතයක් ගත කරන හැටි ගැන වත්, ඊලඟ භවය සඳහා පිං එකතු කර ගන්නා හැටි වත්, මළගිය අයට පිං තමංගෙ එකවුන්ට් එකෙන් යවන හැටි ගැන වත්, කර්ම විපාක දෙන හැටි ගැන වත් නොවෙයි. මේ සේරම ඇත්තෙ අනෙක් කුණු ගොඩවල් වැනිම තවත් එකක් වූ "බුද්ධාගම" නම් කුණු ගොඩේ. බුද්ධ දර්ශනයේ ( බුද්ධාගමේ නොවේ ) විග්රහ කරන්නෙ ලෝකය ( ලෝකය කිව්වෙ පෘථිවිය නොවෙයි ) කියන්නෙ ඇත්තටම මොකක්ද කියන එකත්, ලෝකය පිළිබඳ දුක්ඛ නම් සත්‍යයත් ඒකෙ සුල මුලත් එයින් අත්මිදෙන හැටිත් විතරමයි. අල්ලපු වැටේ මනුස්සයා එක්ක සාමකාමීව ජීවත් වන හැටි වගේ සාරධර්ම කියල දෙන්නෙ ආගම් සහ නීති මගින්.
හැබැයි ඕනෙම දෙයක් ගැන අධ්‍යනය කරන්න නම් මුලින් ගුරුවරයා ගැන විශ්වාසය තියෙන්න ඕනෙ. මේ පොටට අදාල දෙයක් නොවුනත් මම මිත්‍රයාට එක් දෙයක් කියන්නම්, බුදු දහමෙ කියැවෙන ධ්‍යාන, මාර්ගඵල වගේ දේවල් නම් තමා තුලින්ම දැකගන්න පුළුවන් දේවල්. අවශ්‍ය වන්නේ "ඒ දේවල් බොරු; ඔප්පු කරලත් නැහැ" කියන පූර්වනිගමනයට එන්නෙ නැතුව ඒ මාර්ගයේ ගිහින් බලන එකයි. "ඒ මාර්ගය" කිව්වම මම අදහස් කරේ ජනප්‍රිය බුද්ධාගම ගැන නම් නොවෙයි ( කොහොමටත් "බුද්ධාගම" ගැනත් නොවෙයි. ආගමක් කියන්නෙ ඇදහිල්ලක්, ප්රත්යක්ෂ අවබෝධයක් කොතැනකදි වත් ලැබෙන්නෙ නැහැ ආගම් වල ). එක් එක්කෙනා කාලෙන් කාලෙට බුද්ධ දර්ශනය වටා ගොඩගැසූ කුණු කන්දකට මුවා වෙලා වුණත් නිර්මල බුද්ධ දර්ශනය තවමත් ශ්‍රී ලංකාවෙ නම් නොනැසී පවතිනවා.
ඔව් ඒක තමය් මමත් කියන්නෙ. විශ්වාසය නැතුව බුද්ධ ධර්මය උනත් අනුගමනය කරන්න බැහැ. ඔබ ඔය කියන්නෙ නිවන් දකින්න ඕනෙ නිවන තේරුම් ගන්න වගේ කතාවක්නෙ. නමුත් ඒ මතයම පිලිගන්න එකත් විශ්වාසය නෙමෙය්ද. ඒකය් මම කියන්නෙ. ජන්ප්‍රිය බුදු දහමය් නියම බුදු දහමය් දෙකක් බව මාත් පිලිගන්නව. ජන්ප්‍රිය බුදු දහම ආශ්රයෙන් කතා කරන්න උනේ සින්හල බෞද්ධයන් අදහන්නෙ ජන්ප්‍රිය බුදු දහම නිසා. නමුත් ජනප්‍රිය නොවන පිරිසිඳු බුදු දහම අනුගමනය කිරීමේදීත් විශ්වාසය අවශ්යමය්



බුද්ධාගම රැකීමක් ගැන නෙමෙය් මම කියන්නෙ. මම කියන්නෙ මේ ලෝකෙ හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් තැනක් කරන එක. ඔබතුමාල වගේ අයට ආගම් රැකීම මනුස්ස ජීවිත වලට වඩා ලොකු ඇති. මටනම් එහෙම නැහැ. middle east රටවල් වල වන දේවල් සහ ලෝකෙම වෙන ආගම ඉස්සරහට දාගෙන වෙන දේවල් ගැන තමය් මම කිව්වෙ.

ඕනෑම ජාතියක් ඕනෑම ආගමක් එකයි කියන තර්කය හරි කියල ගත්තොත් ඒ තර්කය දෙන ලද ඕනෑම අවස්ථාවක නිවැරදියි කියල ගන්න වෙනවා.
එතකොට "මිනී මස් කන ජාතියක් උනත් සාමකාමී ජාතියකට වඩා පහත් නොවේ" යන බූරු තර්කයට එළඹෙන්නට සිදුවෙනවා.
උසස් හෝ පහත් යන නිර්ණායක ඒ ඒ සංස්කෘතියට සාපේක්ශ දේවල්. ඕනෑම කෙනෙක් තමන්ගේ ජාතිය ආගම රට ආදිය අනෙක් ඒවාට වඩා උසස් ලෙස සලකනවා.
දැන් කියන්නේ අනික් අයට අපහාස කරන්න එපා කියලනේ.. එතනදී වැදගත් වෙන්නේ අනිකා ඒක අපහාසයක් හැටියට ගන්නවාද කියන එක.
ආගම වෙනුවෙන් මිනී මරණ එකත් ගෞරවයක් වශයෙන් සළකන කෙනෙක් "අහවල් ආගමේ මිනී මරන්න උගන්නනවා" කියල අපි කොච්චර කෑ ගැහුවත් කවදාවත් ඒ වගේ චෝදනාවක් අපහාසයක් හැටියට බාර ගනීද?
ඒ වගේ තත්වයක් යටතේ "අහවලුන්ට අපහාස කරන්න එපා" කියන එකත් විහිළුවක්.
ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදිය දැකපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කිසිම සංකල්පයක් ඉන්ද්රිය ගෝචර නැහැ. ඒවා විශ්වාස කරන අය ලෝකෙ හැමතැනම සිටියදී තමා ආගම් අදහන්නේ නැතැයි කියමින් ආගම් අදහන අය සේරම එක ගොඩකට දමා තමා උසස් බව පෙන්වීමට උත්සහා කරන ගමන් කියනවා අනික් ආගම් පහත් කර සළකන්න එපා කියලා...
ඒක තමයි ලොකුම විහිළුව...
"Gona herene pol pale kanna bawa" api dannawa, Umbata oneth indirect widiyata budu dahamata mada gahanna, Mathaka thiya ganin Saudi Arabia kiyanne Islamic ratak wagema Sri Lankawa kiyanne Sinhala Baudda ratak. Echcharai. http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_02_Amd.html
Ape muthun miththo avurudu 2500 thise jeewitha kepakarala me rata,jathiya,agama reka gaththu nisai adatath api mehema inne, Umba kiyanne sinhalaya ta anith ewun ar*la yanakan ponn*yo wage namila,kata piyagene,ath bedagena inna kiyalada? Matanam ehema 'BALU' wela avurudu 100 jeewath wenawata wada konda kelin thiyagene 1 dawasak jeewath wunath ethi.
Umbata 'Karmaya' wage concepts science walin prove wennada one? Science kiyanneth eththa nemei. Meta 100 years ago boru kiyapuwa den eththa kiyanawa, meeta 50 years ago dunna medicine den hoda ne kiyanawa. Ethakot ada hari kiyana deya thawa avurudu 100 kin boru wnnath puluwan.![]()
ඕනෑම ජාතියක් ඕනෑම ආගමක් එකයි කියන තර්කය හරි කියල ගත්තොත් ඒ තර්කය දෙන ලද ඕනෑම අවස්ථාවක නිවැරදියි කියල ගන්න වෙනවා.
එතකොට "මිනී මස් කන ජාතියක් උනත් සාමකාමී ජාතියකට වඩා පහත් නොවේ" යන බූරු තර්කයට එළඹෙන්නට සිදුවෙනවා.
උසස් හෝ පහත් යන නිර්ණායක ඒ ඒ සංස්කෘතියට සාපේක්ශ දේවල්. ඕනෑම කෙනෙක් තමන්ගේ ජාතිය ආගම රට ආදිය අනෙක් ඒවාට වඩා උසස් ලෙස සලකනවා.
දැන් කියන්නේ අනික් අයට අපහාස කරන්න එපා කියලනේ.. එතනදී වැදගත් වෙන්නේ අනිකා ඒක අපහාසයක් හැටියට ගන්නවාද කියන එක.
ආගම වෙනුවෙන් මිනී මරණ එකත් ගෞරවයක් වශයෙන් සළකන කෙනෙක් "අහවල් ආගමේ මිනී මරන්න උගන්නනවා" කියල අපි කොච්චර කෑ ගැහුවත් කවදාවත් ඒ වගේ චෝදනාවක් අපහාසයක් හැටියට බාර ගනීද?
ඒ වගේ තත්වයක් යටතේ "අහවලුන්ට අපහාස කරන්න එපා" කියන එකත් විහිළුවක්.
ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදිය දැකපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කිසිම සංකල්පයක් ඉන්ද්රිය ගෝචර නැහැ. ඒවා විශ්වාස කරන අය ලෝකෙ හැමතැනම සිටියදී තමා ආගම් අදහන්නේ නැතැයි කියමින් ආගම් අදහන අය සේරම එක ගොඩකට දමා තමා උසස් බව පෙන්වීමට උත්සහා කරන ගමන් කියනවා අනික් ආගම් පහත් කර සළකන්න එපා කියලා...
ඒක තමයි ලොකුම විහිළුව...





මිනිස්සු සියල්ල එකය්, හමේ පාට සහ මිනිස්සු හදා ගත් ජීවන ක්‍රම වලින් වෙනස් උනාට. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වත් පහත් වත් වන්නේ නැහැ. හරි ජාතිය වන්නේ මනුස්ස ජාතියය්. ආගම් සියල්ල එකය් කියල මම කිව්වෙ නැහැ, මම කිව්වෙ හැම ආගමකම පදනම එකය්, ඒ තමය් විශ්වාසය එහෙමත් නැත්තන් faith. ඒ වගේම ඔය ආගම වල අරමුන කුමක් වුවත් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව බෙදන එක. ඕනෑම කෙනෙක් තමන්ගෙ ජාතිය ආගම අනිත් අයගෙ ජාතිය ආගමට වඩා උසස් යැය් සිතන්නෙ නැහැ. පෞද්ගලිකව මම එහෙම හිතන්නෙත් නැහැ. ඔහොම හිතන්නෙ ජාතියය් ආගමය් ඔලුවට දාගත්ත පටු මතධාරියො විතරය්. හැමෝවම ඒ ගොඩට දාල කතා කරන්න එපා.
කව්රු හරි ආගමේ නමින් මිනි මරනවනම් ඒ මිනිස්සුන්ට අපහස කලාම මිනී මරන එක නවත්තය්ද? විය යුත්තේ විවේචනය සහ ඔවුන්ට වඩා නිවැරදි දේ කුමක්දැය් අවබෝධ කරගැනීමට උදව් කිරීමය්. කොහොමත් සින්හල බෞද්ධ අන්තවාදියො ඕව ගැන කතා කරන්නෙ මැරෙන මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙය්, අනිත් ආගම් වලට අපහස කොට ජාතිවාදී ආතල් එකක් ගන්න විතරය්.
ඒ වගේම බුදු දහම ප්‍රමෝට් කර ගැනීමේ චේතනාවෙන් විතරය්. එහෙම බලනකොට අනිත් ජාතික අන්තවාදීනුය් සින්හල බෞද්ධයොය් එක සමාන නොවෙන්නෙ කොහොමද. ඔක්කොටම ඕනෙ තමන්ගෙ අනුගාමිකයො වැඩි කරගන්න.
අනිත් එක විද්‍යාව ගැන මම කතා කලේ නැහැ. විද්‍යාව ආගමට වඩා උසස් නැහැ, ඒ වගේම පහත් නැහැ. ඔය දෙකම ඉගැන්වීම් දෙකක් පමනය්
මිනිස්සු ඔක්කොම එක වගෙ නැහැ. ජීව විද්‍යාත්මකව විවිද රටවල් වල මිනිස්සු වර්ගීකරනය කරන්න පුලුවන්. සන්ස්කෘතික වශයෙනුත් මිනිස්සු විවිදයි. එකට ඉපදුනු නිවුන්නු දෙන්නෙක්ගෙ අතරෙ උනත් සිතන පතන විදිහෙ වෙනස්කම් තියෙනවා. එකම දෙයක් දිහා දෙන්නෙක් බලන්නෙ දෙවිදියකට. මේ නිසයි විවිද මිනිස්සු විවිද ආගම් අදහන්නෙ.
විව්ද මිනිස්සු ඉන්නෙ විවිද මට්ටම් වල. ඒ අය දම් වැලක පුරුක් වගේ සම්බන්ද වෙලයි තියෙන්නෙ. සමාජයක් ගොඩනැගෙන්නෙ එහෙමයි.
ඒක නිසා අනිත් අය හිතන විදියට ගරු කරන්න ඕන. සමාජයට මේ හැමෝම ඕන.
සත්‍යය ඇත්තේ එතනයි.
බුදු සර්ණයි !
ඔව් ඔය වගේ ඒගොල්ලන්ටත් පුලුවන් ඔබතුමාගෙ ධර්මය ගැන ඕන තරම් ප්‍රශ්න අහන්න. මම දැන් ඔබතුමාට කිව්වොත් නිවන කියල දෙයක් තියෙනව, සන්සාරෙ, කර්මය කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරන්න කිව්වොත් පුලුවන්ද? එහෙම තියෙනව කියල ඔබතුමාල ගිරා පෝතකයො ටිකක් වගේ බුද්ධ ධර්මයේ තියෙන දේම කියවන එකම නෙමෙය්ද කරන්නෙ. ඔබතුමාල ඕව විශ්වාස කරන්නෙ එදා බුදු හාමුදුරුවො ඕව කියපු නිසාම නෙමෙය්ද. ඒ වගේම තමය් අනිත් හැම ධර්මයක්ම, කාගෙ හරි අදහස් ටිකක් විශ්වාස කිරීමය් කරන්නෙ
මම කතා කලේ ජීව විද්‍යාත්මක කරුනු ගැනවත් සංස්කෘතිය ගැනවත් නෙමෙය්. ඕව උපකුලක ටිකක් විතරය්. ප්‍රධාන කුලකය තමය් මිනිස් සන්හතිය, ඒ කියන්නෙ හැමෝම මිනිස්සු. ජාන වෙනස් උනා කියල කවුරුත් ගෙම්බෙක්වත් වඳුරෙක්වත් වෙන්නෙ නැහැනෙ. මිනිහෙක්ම තමය්. මම කියන්නෙ ඔන්න ඔය වෙනස් කම් නිසාම කෙනෙක්ට වෙනස් ආකාරයෙන් සලකන එක වැරදියි කියලය් . උදාහරනයක් ලෙස සින්හල බෞද්ධ අන්තවාදයො මුස්ලිම් මිනිස්සුන්ට ඔවුන් මුස්ලිම් උනු පලියටම අපහස කරනව. කෙනෙක් අදහන ආගමක් නිසා හෝ , ඒ පුද්ගලයාගෙ ඔබ ඔය කියන ජාන වෙනස් කම් නිසා හෝ ඒ මිනිස්සුන්ව වෙන් කොට සැලකීම පහත් දෙයක් කියලය් මම කියන්නෙ.
අනිත් එක හිතන ආකාරය අනුව නෙමෙය් ආගම තීරනය වන්නෙ. බොහෝ අයට ආගම කියන කුනු ගොඩ ලැබෙන්නෙ උපතින්මය්.