සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.
වැඩක් නැත්නම් ගෙදර මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති නොකර තම්බල දෙන දෙයක් කාලා නිදාගනිං :lol::lol::lol: ආවා මෙතන දාර්ශනික ටෝක් දෙන්න.
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මම හිතන්නේ සහෝදරයා එයා කියන්න හදන්නේ මේකයි. ඒ එක එක විස්වාස හරි උනත් වැරදි උනත් ඒ ඒ කෙනාට ඒවා පිළිගන්න, අදහන්න අයිතියක් තියෙනවා, අනික් අය ඒවා විවේචනය කරන එක වැරදි කියල. සමහර දේවල් හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. එත් ඒවා පිළිගන්න කෙනාට එක නිදහසේ කරන්න ඉඩ තියෙන්න ඕන කියල. මම හරි නේද? :confused::confused:

හැබැයි මමත් ඉස්ලාම් ආගමට නම් එච්චර කැමති නෑ එකේ ගෑනුන්ට සලකන විදිය වගේ දේවල් නිසා. ඒ වගේම මම දේව සංකල්පයක් පිලිගන්නත් කැමති නෑ. ඒ අතින් බැලුවම නම් බුද්ධාගම ගොඩක් හොඳයි කියල හිතෙනවා. මොකද අඩු ගානේ ගෑණියෙක් වෙලත් නිදහසේ ඉන්න පුළුවන් නේ. අනික හිතීමේ නිදහසත් බොහෝ දුරට තියෙනවා මේ ආගමේ. අපි කරන ක්‍රියා වලට අපිම වගකීම බාරගන්නවා ඒක නොපෙනෙන දෙවියෙකුට භාර නොකර.

හැබැයි එක මගේ private opinion එක. ඒක අනික් යට බලෙන් පටවන්න යන එක නම් අනුමත කරන්න බෑ තමයි. අනික
මන් හිතන්නේ නෑ බුදු හාමුදුරුවෝ කවදාවත් අදහස් කළා කියල බෞද්ධයෝ "අපි අරුන්ට හොඳ වැඩක් කරන්න ඕන, මේක අපේ තැන" වගේ අදහස් තියාගනිවි කියල. ඒවා හරි අදහස් නෙවෙයි. එයාල කරන වැරදි එයාලට. අපිත් ඒ වගේ අන්තවාදී වෙන්න ඕන නෑ නේ. :yes::yes:

ඒ වගේම ඉතින් මේකේ තියෙන එක දෙයක් නම් පිළිගන්න වෙනවා. ආගම් වල මූලික අරමුණ මොකක් උනත් අන්තිමට ඒවා වලින් වෙලා තියෙන්නේ නම් මිනිස්සු බෙදා වෙන් කරලා තවත් රණ්ඩු කරන්න හේතුවක් හදල දීපු එක තමයි. දැන් සිද්ද වෙන දේවල් දිහා බැලුවම මෙහෙම හිතෙනවා.

ඔව් මම එකඟ වෙනව. ඉස්ලාම් දහම විවේචනය කිරීම ඔබට තියෙන අය්තියක් නමුත් ඔවුන්ගේ විශ්වාස වලට හා ඔවුන්ගෙ ජනයාට අපහස කිරීම වැරදි වැඩක්. ඔබ කියන ආකාරයට බුදු දහම සමහර පැති වලින් ඉස්සරහින් ඉන්න පුලුවන්, එහෙම හිතන එක ඔබේ අය්තිය. නමුත් එහෙමය් කියල අනිත් ආගම් පහත් කොට සැලකීම මම කිව්ව වගේ විහිලුවක්. මොකද ආගම් අදහන ඔක්කොම ඉන්නෙ එක බෝට්ටුවෙ නිසා මොකද බුද්ධ ධර්මය හෝ වෙනත් ඕනෙම ධර්මයක පදනම ශ්‍රද්ධාව හෝ විශ්වාසය. ඉතින් මගේ විශ්වාසය වෙන කෙනෙක්ගෙ විශ්වාසයට වඩා උසස් වත් පහත් වත් වෙන්නෙ නැහැ. බුදු දහම ඇත්ත උනත් වැරදි උනත් එය විශ්වාස කිරීමට මට අය්තිය තියෙනව වගේම වෙන යමක් විශ්වාස කිරීමට වෙන අයටත් අය්තිය තියෙනව එකය් මම කියන්න උත්සහ කලේ. මොකද ගොඩක් අයගෙ මතයක් තියෙනව සින්හල බෞද්ධ කිව්වම හරි ලොකුය් කියල. අන්න ඒකෙ තියෙන වැරැද්දය් මම පැහැදිලි කලේ
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමත් උපතින් සිංහල බෞද්ධයෙක්. ඒත් මම වැඩිය බුද්ධාගම ගැන දන්නෙ නෑ. මම කිසිම දෙවි කෙනෙක් විශ්වාස කරන්නෙත් නෑ. හැබැයි බෞද්ධ දර්ශනය ගැන පැහැදීමක් තියනව. එලකිරි එකේ ගොඩක් අන්තවාදී ත්‍රෙඩ්ස් මම දැකල තියනව. සමහර ත්‍රෙඩ්ස් වල සිංහල ජාතියට බුද්ධාගමට අනවශ්‍ය විදියට බනිනකොට නම් මම රිප්ලයි කරනව. ඒ වගේම shenl වගේ අය අනිත් ආගම් වලට අනවශ්‍ය විදියට බනිනකොටත් මම විරුද්ධව කතාකරල තියනව.:yes:

    කොහොම උනත් කාලීන මාතෘකාවක් ගෙනාවට ස්තුතියි.
    :yes:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Yako, meka sinhala baudda rata, loke sinhalayata thiene me rata witharai, buddagama mechchara kal rekune sinhalaya nisai, umba kiyanne me rate sinhala bauddayata pon*ayo wage ohe nikan wena deyak wenakan balagena inna kiyalada? Umbata puluwanda oya kiyana kathawa Saudi wage middle east ratakata gihin Islamic gena prasidye kiyanna? Ape rate sinhala rajawaru nisa thamai adath umbala oya widiyata ithuruwela apita 'PORA' talk denne.:yes:
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ පොටේ Destiny Found මිත්‍රයා කියල තියන කරුනු ගොඩක් එව්වට මම එකඟයි. බුදු "දහමෙ" කෙසේ වෙතත් බුද්ධාගම් කාරයන්ගෙ ( සිංහල වුණත් නැතත් ) පදනම ඇදහිල්ල සහ විශ්වාසය තමයි. ඒක අනිත් ආගම් වලින් වෙනසක් නැහැ තමයි.

    බයිබලය, කුර්-ආනය, ත්‍රි-පිටකය වගේ පොත පත කියවලා ඒ ඒ ආගම් ගැන දැනුම එකතු කරගෙන තර්ක විතර්ක කරන්න ඕනෙ කෙනෙකුට පුළුවන්. ඒත් නිර්මල බුදු දහම පොතේ දැනුමෙන් බොහෝ දුර වූ එකක්. ඒ දර්ශනය විග්‍රහ කරන්නේ බොහෝ දෙනා හිතාගෙන ඉන්න විදියට ප්‍රාතිහාර්ය ගැන වත් හොඳ ජීවිතයක් ගත කරන හැටි ගැන වත්, ඊලඟ භවය සඳහා පිං එකතු කර ගන්නා හැටි වත්, මළගිය අයට පිං තමංගෙ එකවුන්ට් එකෙන් යවන හැටි ගැන වත්, කර්ම විපාක දෙන හැටි ගැන වත් නොවෙයි. මේ සේරම ඇත්තෙ අනෙක් කුණු ගොඩවල් වැනිම තවත් එකක් වූ "බුද්ධාගම" නම් කුණු ගොඩේ. බුද්ධ දර්ශනයේ ( බුද්ධාගමේ නොවේ ) විග්‍රහ කරන්නෙ ලෝකය ( ලෝකය කිව්වෙ පෘථිවිය නොවෙයි ) කියන්නෙ ඇත්තටම මොකක්ද කියන එකත්, ලෝකය පිළිබඳ දුක්ඛ නම් සත්‍යයත් ඒකෙ සුල මුලත් එයින් අත්මිදෙන හැටිත් විතරමයි. අල්ලපු වැටේ මනුස්සයා එක්ක සාමකාමීව ජීවත් වන හැටි වගේ සාරධර්ම කියල දෙන්නෙ ආගම් සහ නීති මගින්.

    හැබැයි ඕනෙම දෙයක් ගැන අධ්‍යනය කරන්න නම් මුලින් ගුරුවරයා ගැන විශ්වාසය තියෙන්න ඕනෙ. මේ පොටට අදාල දෙයක් නොවුනත් මම මිත්‍රයාට එක් දෙයක් කියන්නම්, බුදු දහමෙ කියැවෙන ධ්‍යාන, මාර්ගඵල වගේ දේවල් නම් තමා තුලින්ම දැකගන්න පුළුවන් දේවල්. අවශ්‍ය වන්නේ "ඒ දේවල් බොරු; ඔප්පු කරලත් නැහැ" කියන පූර්වනිගමනයට එන්නෙ නැතුව ඒ මාර්ගයේ ගිහින් බලන එකයි. "ඒ මාර්ගය" කිව්වම මම අදහස් කරේ ජනප්‍රිය බුද්ධාගම ගැන නම් නොවෙයි ( කොහොමටත් "බුද්ධාගම" ගැනත් නොවෙයි. ආගමක් කියන්නෙ ඇදහිල්ලක්, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කොතැනකදි වත් ලැබෙන්නෙ නැහැ ආගම් වල ). එක් එක්කෙනා කාලෙන් කාලෙට බුද්ධ දර්ශනය වටා ගොඩගැසූ කුණු කන්දකට මුවා වෙලා වුණත් නිර්මල බුද්ධ දර්ශනය තවමත් ශ්‍රී ලංකාවෙ නම් නොනැසී පවතිනවා.
     
    • Like
    Reactions: daredevill

    බුද්ධාගම රැකීමක් ගැන නෙමෙය් මම කියන්නෙ. මම කියන්නෙ මේ ලෝකෙ හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් තැනක් කරන එක. ඔබතුමාල වගේ අයට ආගම් රැකීම මනුස්ස ජීවිත වලට වඩා ලොකු ඇති. මටනම් එහෙම නැහැ. middle east රටවල් වල වන දේවල් සහ ලෝකෙම වෙන ආගම ඉස්සරහට දාගෙන වෙන දේවල් ගැන තමය් මම කිව්වෙ.
     
    ඔව් ඒක තමය් මමත් කියන්නෙ. විශ්වාසය නැතුව බුද්ධ ධර්මය උනත් අනුගමනය කරන්න බැහැ. ඔබ ඔය කියන්නෙ නිවන් දකින්න ඕනෙ නිවන තේරුම් ගන්න වගේ කතාවක්නෙ. නමුත් ඒ මතයම පිලිගන්න එකත් විශ්වාසය නෙමෙය්ද. ඒකය් මම කියන්නෙ. ජන්ප්‍රිය බුදු දහමය් නියම බුදු දහමය් දෙකක් බව මාත් පිලිගන්නව. ජන්ප්‍රිය බුදු දහම ආශ්‍රයෙන් කතා කරන්න උනේ සින්හල බෞද්ධයන් අදහන්නෙ ජන්ප්‍රිය බුදු දහම නිසා. නමුත් ජනප්‍රිය නොවන පිරිසිඳු බුදු දහම අනුගමනය කිරීමේදීත් විශ්වාසය අවශ්‍යමය්
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔව් ඒක තමය් මමත් කියන්නෙ. විශ්වාසය නැතුව බුද්ධ ධර්මය උනත් අනුගමනය කරන්න බැහැ. ඔබ ඔය කියන්නෙ නිවන් දකින්න ඕනෙ නිවන තේරුම් ගන්න වගේ කතාවක්නෙ. නමුත් ඒ මතයම පිලිගන්න එකත් විශ්වාසය නෙමෙය්ද. ඒකය් මම කියන්නෙ. ජන්ප්‍රිය බුදු දහමය් නියම බුදු දහමය් දෙකක් බව මාත් පිලිගන්නව. ජන්ප්‍රිය බුදු දහම ආශ්‍රයෙන් කතා කරන්න උනේ සින්හල බෞද්ධයන් අදහන්නෙ ජන්ප්‍රිය බුදු දහම නිසා. නමුත් ජනප්‍රිය නොවන පිරිසිඳු බුදු දහම අනුගමනය කිරීමේදීත් විශ්වාසය අවශ්‍යමය්

    ඔව් අනුගමනය කිරීමෙදි විශ්වාසය අවශ්‍යයි. :yes:

    නගරෙ ඇවිදිද්දි තැපැල් කන්තෝරුවට යන්න කෙනෙක්ගෙන් පාර අහගත්තම ඒ පුද්ගලයා කිව්ව පාර විශ්වාස කරල නෙ අපි ගිහින් බලන්නෙ. කිව් තැනට ගියාම එතන තැපැල් කන්තෝරුවක් ඇති හෝ නැති බව අපිම ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සෙ අර මනුස්සයා කිව්ව පාර ඇත්ත වුණත් බොරු වුණත් තව දුරටත් ඒක අදහන්න ඕනෙ වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි, බුදු දහම පිළිපදින්නෙකුට විශ්වාසය අවශ්‍ය වෙන්නෙ එහි කියවෙන නිවන් අවබෝධ කරගැනීම සඳහා වූ පාරෙ ගිහින් බලනකල් විතරයි. ගමනාන්තයේ නිර්වාණයක් ඇති ද නැද්ද කියන එක තමාටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕනෑම ජාතියක් ඕනෑම ආගමක් එකයි කියන තර්කය හරි කියල ගත්තොත් ඒ තර්කය දෙන ලද ඕනෑම අවස්ථාවක නිවැරදියි කියල ගන්න වෙනවා.

    එතකොට "මිනී මස් කන ජාතියක් උනත් සාමකාමී ජාතියකට වඩා පහත් නොවේ" යන බූරු තර්කයට එළඹෙන්නට සිදුවෙනවා.

    උසස් හෝ පහත් යන නිර්ණායක ඒ ඒ සංස්කෘතියට සාපේක්ශ දේවල්. ඕනෑම කෙනෙක් තමන්ගේ ජාතිය ආගම රට ආදිය අනෙක් ඒවාට වඩා උසස් ලෙස සලකනවා.

    දැන් කියන්නේ අනික් අයට අපහාස කරන්න එපා කියලනේ.. එතනදී වැදගත් වෙන්නේ අනිකා ඒක අපහාසයක් හැටියට ගන්නවාද කියන එක.

    ආගම වෙනුවෙන් මිනී මරණ එකත් ගෞරවයක් වශයෙන් සළකන කෙනෙක් "අහවල් ආගමේ මිනී මරන්න උගන්නනවා" කියල අපි කොච්චර කෑ ගැහුවත් කවදාවත් ඒ වගේ චෝදනාවක් අපහාසයක් හැටියට බාර ගනීද?

    ඒ වගේ තත්වයක් යටතේ "අහවලුන්ට අපහාස කරන්න එපා" කියන එකත් විහිළුවක්.

    ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදිය දැකපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කිසිම සංකල්පයක් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒවා විශ්වාස කරන අය ලෝකෙ හැමතැනම සිටියදී තමා ආගම් අදහන්නේ නැතැයි කියමින් ආගම් අදහන අය සේරම එක ගොඩකට දමා තමා උසස් බව පෙන්වීමට උත්සහා කරන ගමන් කියනවා අනික් ආගම් පහත් කර සළකන්න එපා කියලා... :rolleyes:

    ඒක තමයි ලොකුම විහිළුව...:lol:
     
    • Like
    Reactions: TwoTone

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බුද්ධාගම රැකීමක් ගැන නෙමෙය් මම කියන්නෙ. මම කියන්නෙ මේ ලෝකෙ හැමෝටම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් තැනක් කරන එක. ඔබතුමාල වගේ අයට ආගම් රැකීම මනුස්ස ජීවිත වලට වඩා ලොකු ඇති. මටනම් එහෙම නැහැ. middle east රටවල් වල වන දේවල් සහ ලෝකෙම වෙන ආගම ඉස්සරහට දාගෙන වෙන දේවල් ගැන තමය් මම කිව්වෙ.

    "Gona herene pol pale kanna bawa" api dannawa, Umbata oneth indirect widiyata budu dahamata mada gahanna, Mathaka thiya ganin Saudi Arabia kiyanne Islamic ratak wagema Sri Lankawa kiyanne Sinhala Baudda ratak. Echcharai. http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_02_Amd.html
    Ape muthun miththo avurudu 2500 thise jeewitha kepakarala me rata,jathiya,agama reka gaththu nisai adatath api mehema inne, Umba kiyanne sinhalaya ta anith ewun ar*la yanakan ponn*yo wage namila,kata piyagene,ath bedagena inna kiyalada? Matanam ehema 'BALU' wela avurudu 100 jeewath wenawata wada konda kelin thiyagene 1 dawasak jeewath wunath ethi.

    Umbata 'Karmaya' wage concepts science walin prove wennada one? Science kiyanneth eththa nemei. Meta 100 years ago boru kiyapuwa den eththa kiyanawa, meeta 50 years ago dunna medicine den hoda ne kiyanawa. Ethakot ada hari kiyana deya thawa avurudu 100 kin boru wnnath puluwan.:lol:
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕනෑම ජාතියක් ඕනෑම ආගමක් එකයි කියන තර්කය හරි කියල ගත්තොත් ඒ තර්කය දෙන ලද ඕනෑම අවස්ථාවක නිවැරදියි කියල ගන්න වෙනවා.

    එතකොට "මිනී මස් කන ජාතියක් උනත් සාමකාමී ජාතියකට වඩා පහත් නොවේ" යන බූරු තර්කයට එළඹෙන්නට සිදුවෙනවා.

    උසස් හෝ පහත් යන නිර්ණායක ඒ ඒ සංස්කෘතියට සාපේක්ශ දේවල්. ඕනෑම කෙනෙක් තමන්ගේ ජාතිය ආගම රට ආදිය අනෙක් ඒවාට වඩා උසස් ලෙස සලකනවා.

    දැන් කියන්නේ අනික් අයට අපහාස කරන්න එපා කියලනේ.. එතනදී වැදගත් වෙන්නේ අනිකා ඒක අපහාසයක් හැටියට ගන්නවාද කියන එක.

    ආගම වෙනුවෙන් මිනී මරණ එකත් ගෞරවයක් වශයෙන් සළකන කෙනෙක් "අහවල් ආගමේ මිනී මරන්න උගන්නනවා" කියල අපි කොච්චර කෑ ගැහුවත් කවදාවත් ඒ වගේ චෝදනාවක් අපහාසයක් හැටියට බාර ගනීද?

    ඒ වගේ තත්වයක් යටතේ "අහවලුන්ට අපහාස කරන්න එපා" කියන එකත් විහිළුවක්.

    ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදිය දැකපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කිසිම සංකල්පයක් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒවා විශ්වාස කරන අය ලෝකෙ හැමතැනම සිටියදී තමා ආගම් අදහන්නේ නැතැයි කියමින් ආගම් අදහන අය සේරම එක ගොඩකට දමා තමා උසස් බව පෙන්වීමට උත්සහා කරන ගමන් කියනවා අනික් ආගම් පහත් කර සළකන්න එපා කියලා... :rolleyes:

    ඒක තමයි ලොකුම විහිළුව...:lol:

    මිනිස්සු සියල්ල එකය්, හමේ පාට සහ මිනිස්සු හදා ගත් ජීවන ක්‍රම වලින් වෙනස් උනාට. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වත් පහත් වත් වන්නේ නැහැ. හරි ජාතිය වන්නේ මනුස්ස ජාතියය්. ආගම් සියල්ල එකය් කියල මම කිව්වෙ නැහැ, මම කිව්වෙ හැම ආගමකම පදනම එකය්, ඒ තමය් විශ්වාසය එහෙමත් නැත්තන් faith. ඒ වගේම ඔය ආගම වල අරමුන කුමක් වුවත් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව බෙදන එක. ඕනෑම කෙනෙක් තමන්ගෙ ජාතිය ආගම අනිත් අයගෙ ජාතිය ආගමට වඩා උසස් යැය් සිතන්නෙ නැහැ. පෞද්ගලිකව මම එහෙම හිතන්නෙත් නැහැ. ඔහොම හිතන්නෙ ජාතියය් ආගමය් ඔලුවට දාගත්ත පටු මතධාරියො විතරය්. හැමෝවම ඒ ගොඩට දාල කතා කරන්න එපා.

    කව්රු හරි ආගමේ නමින් මිනි මරනවනම් ඒ මිනිස්සුන්ට අපහස කලාම මිනී මරන එක නවත්තය්ද? විය යුත්තේ විවේචනය සහ ඔවුන්ට වඩා නිවැරදි දේ කුමක්දැය් අවබෝධ කරගැනීමට උදව් කිරීමය්. කොහොමත් සින්හල බෞද්ධ අන්තවාදියො ඕව ගැන කතා කරන්නෙ මැරෙන මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙය්, අනිත් ආගම් වලට අපහස කොට ජාතිවාදී ආතල් එකක් ගන්න විතරය්.
    ඒ වගේම බුදු දහම ප්‍රමෝට් කර ගැනීමේ චේතනාවෙන් විතරය්. එහෙම බලනකොට අනිත් ජාතික අන්තවාදීනුය් සින්හල බෞද්ධයොය් එක සමාන නොවෙන්නෙ කොහොමද. ඔක්කොටම ඕනෙ තමන්ගෙ අනුගාමිකයො වැඩි කරගන්න.

    අනිත් එක විද්‍යාව ගැන මම කතා කලේ නැහැ. විද්‍යාව ආගමට වඩා උසස් නැහැ, ඒ වගේම පහත් නැහැ. ඔය දෙකම ඉගැන්වීම් දෙකක් පමනය්
     
    ඔබතුමා බෞද්ධයෙක් කිව්වට ඔය ශෝක් එකට් තිත්ත කුනුහර්ප පාවිච්චි කරන්නෙ. ඔන්න ඕකම තමය් මටත් ඔප්පු කරන්න ඕන වෙලා තිබ්බෙ. මේක බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට ගැසූ මඩක් නෙමෙය්, මේක බුදු දහම බදා ගෙන ඉන්න දෙබිඩ්ඩො ගැන විවේචනයක් පමනය්. මම කිව්වෙ නෑනෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල නේද. මම කිව්වෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසය පමනය් කියල. ඒක එහෙම නෙමෙය්ද, බෞද්ධයො කරන්නෙ බුද්ධ ධර්මය විශ්වාස කොට කටයුතු කිරීම නෙමෙය්ද.

    මෙතන මම කියන එක නෙමෙය් වැදගත් වෙන්නෙ.ඔබතුමාගෙ සාස්තෘවරය කිව් දේ. බුදු හාමදුරුවො මුකුත් බදා ගන්න එපා, හැමෝටම මෛත්‍රි කරන්න කිව්වෙ කට කහනවට නෙමෙය් නේද? එහෙම කියල තියෙද්දි රටකුය් සන්ස්කෘතියකුය් ජාතියකුය් බදාගෙන අනිත් ජාතීන්ට බැන බැන උඩ පැනීම මටනම් මහා විහිලුවක් මෙතනදි වැරැද්ද ඔබතුමාල වගේ පිරිස් ආගම දකින්නෙ system එකක් විදියට. මේක හරි වටිනව , අපි මේක රකින්න ඕනෙ, මේකට සතුරු බලපෑම් එනව, වගේ විහිලු කතා. ඇත්තනම් ධර්මය තියෙන්නෙ පුද්ගලයාකෙ විමුක්තිය උදෙසා මිස බිත්තරයක් වගේ රැක රැක තියාගන්න නෙමෙය්. ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න ඇතිවීම විතරය්. වෙන ජාතියක් ඔය ඔබතුමා කියන විදියට බලපෑම් එල්ල කරන්න එනවනම් ඔබතුමත් අනිත් පැත්තට ගැහුවම වෙන්නෙ ඔබතුමත් ඒ තත්වෙටම පත්වෙන එක නේද. ඔන්න ඕකය් ආගම කියන්නෙ කුනු ගොඩක් කියල කියන්නෙ. එකා එකා කුලල් කාගන්නව අපේ එක රැක ගන්න ඕනෙ කියල
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    ඕනෑම ජාතියක් ඕනෑම ආගමක් එකයි කියන තර්කය හරි කියල ගත්තොත් ඒ තර්කය දෙන ලද ඕනෑම අවස්ථාවක නිවැරදියි කියල ගන්න වෙනවා.

    එතකොට "මිනී මස් කන ජාතියක් උනත් සාමකාමී ජාතියකට වඩා පහත් නොවේ" යන බූරු තර්කයට එළඹෙන්නට සිදුවෙනවා.

    උසස් හෝ පහත් යන නිර්ණායක ඒ ඒ සංස්කෘතියට සාපේක්ශ දේවල්. ඕනෑම කෙනෙක් තමන්ගේ ජාතිය ආගම රට ආදිය අනෙක් ඒවාට වඩා උසස් ලෙස සලකනවා.

    දැන් කියන්නේ අනික් අයට අපහාස කරන්න එපා කියලනේ.. එතනදී වැදගත් වෙන්නේ අනිකා ඒක අපහාසයක් හැටියට ගන්නවාද කියන එක.

    ආගම වෙනුවෙන් මිනී මරණ එකත් ගෞරවයක් වශයෙන් සළකන කෙනෙක් "අහවල් ආගමේ මිනී මරන්න උගන්නනවා" කියල අපි කොච්චර කෑ ගැහුවත් කවදාවත් ඒ වගේ චෝදනාවක් අපහාසයක් හැටියට බාර ගනීද?

    ඒ වගේ තත්වයක් යටතේ "අහවලුන්ට අපහාස කරන්න එපා" කියන එකත් විහිළුවක්.

    ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදිය දැකපු කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ කිසිම සංකල්පයක් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒවා විශ්වාස කරන අය ලෝකෙ හැමතැනම සිටියදී තමා ආගම් අදහන්නේ නැතැයි කියමින් ආගම් අදහන අය සේරම එක ගොඩකට දමා තමා උසස් බව පෙන්වීමට උත්සහා කරන ගමන් කියනවා අනික් ආගම් පහත් කර සළකන්න එපා කියලා... :rolleyes:

    ඒක තමයි ලොකුම විහිළුව...:lol:

    :yes::yes::yes::yes::yes:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මිනිස්සු සියල්ල එකය්, හමේ පාට සහ මිනිස්සු හදා ගත් ජීවන ක්‍රම වලින් වෙනස් උනාට. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වත් පහත් වත් වන්නේ නැහැ. හරි ජාතිය වන්නේ මනුස්ස ජාතියය්. ආගම් සියල්ල එකය් කියල මම කිව්වෙ නැහැ, මම කිව්වෙ හැම ආගමකම පදනම එකය්, ඒ තමය් විශ්වාසය එහෙමත් නැත්තන් faith. ඒ වගේම ඔය ආගම වල අරමුන කුමක් වුවත් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව බෙදන එක. ඕනෑම කෙනෙක් තමන්ගෙ ජාතිය ආගම අනිත් අයගෙ ජාතිය ආගමට වඩා උසස් යැය් සිතන්නෙ නැහැ. පෞද්ගලිකව මම එහෙම හිතන්නෙත් නැහැ. ඔහොම හිතන්නෙ ජාතියය් ආගමය් ඔලුවට දාගත්ත පටු මතධාරියො විතරය්. හැමෝවම ඒ ගොඩට දාල කතා කරන්න එපා.

    කව්රු හරි ආගමේ නමින් මිනි මරනවනම් ඒ මිනිස්සුන්ට අපහස කලාම මිනී මරන එක නවත්තය්ද? විය යුත්තේ විවේචනය සහ ඔවුන්ට වඩා නිවැරදි දේ කුමක්දැය් අවබෝධ කරගැනීමට උදව් කිරීමය්. කොහොමත් සින්හල බෞද්ධ අන්තවාදියො ඕව ගැන කතා කරන්නෙ මැරෙන මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙය්, අනිත් ආගම් වලට අපහස කොට ජාතිවාදී ආතල් එකක් ගන්න විතරය්.
    ඒ වගේම බුදු දහම ප්‍රමෝට් කර ගැනීමේ චේතනාවෙන් විතරය්. එහෙම බලනකොට අනිත් ජාතික අන්තවාදීනුය් සින්හල බෞද්ධයොය් එක සමාන නොවෙන්නෙ කොහොමද. ඔක්කොටම ඕනෙ තමන්ගෙ අනුගාමිකයො වැඩි කරගන්න.

    අනිත් එක විද්‍යාව ගැන මම කතා කලේ නැහැ. විද්‍යාව ආගමට වඩා උසස් නැහැ, ඒ වගේම පහත් නැහැ. ඔය දෙකම ඉගැන්වීම් දෙකක් පමනය්

    මිනිස්සු ඔක්කොම එක වගෙ නැහැ. ජීව විද්යාත්මකව විවිද රටවල් වල මිනිස්සු වර්ගීකරනය කරන්න පුලුවන්. සන්ස්කෘතික වශයෙනුත් මිනිස්සු විවිදයි. එකට ඉපදුනු නිවුන්නු දෙන්නෙක්ගෙ අතරෙ උනත් සිතන පතන විදිහෙ වෙනස්කම් තියෙනවා. එකම දෙයක් දිහා දෙන්නෙක් බලන්නෙ දෙවිදියකට. මේ නිසයි විවිද මිනිස්සු විවිද ආගම් අදහන්නෙ.

    විව්ද මිනිස්සු ඉන්නෙ විවිද මට්ටම් වල. ඒ අය දම් වැලක පුරුක් වගේ සම්බන්ද වෙලයි තියෙන්නෙ. සමාජයක් ගොඩනැගෙන්නෙ එහෙමයි.

    ඒක නිසා අනිත් අය හිතන විදියට ගරු කරන්න ඕන. සමාජයට මේ හැමෝම ඕන.

    සත්යය ඇත්තේ එතනයි.
    බුදු සර්ණයි !
     
    මම කතා කලේ ජීව විද්‍යාත්මක කරුනු ගැනවත් සංස්කෘතිය ගැනවත් නෙමෙය්. ඕව උපකුලක ටිකක් විතරය්. ප්‍රධාන කුලකය තමය් මිනිස් සන්හතිය, ඒ කියන්නෙ හැමෝම මිනිස්සු. ජාන වෙනස් උනා කියල කවුරුත් ගෙම්බෙක්වත් වඳුරෙක්වත් වෙන්නෙ නැහැනෙ. මිනිහෙක්ම තමය්. මම කියන්නෙ ඔන්න ඔය වෙනස් කම් නිසාම කෙනෙක්ට වෙනස් ආකාරයෙන් සලකන එක වැරදියි කියලය් . උදාහරනයක් ලෙස සින්හල බෞද්ධ අන්තවාදයො මුස්ලිම් මිනිස්සුන්ට ඔවුන් මුස්ලිම් උනු පලියටම අපහස කරනව. කෙනෙක් අදහන ආගමක් නිසා හෝ , ඒ පුද්ගලයාගෙ ඔබ ඔය කියන ජාන වෙනස් කම් නිසා හෝ ඒ මිනිස්සුන්ව වෙන් කොට සැලකීම පහත් දෙයක් කියලය් මම කියන්නෙ.

    අනිත් එක හිතන ආකාරය අනුව නෙමෙය් ආගම තීරනය වන්නෙ. බොහෝ අයට ආගම කියන කුනු ගොඩ ලැබෙන්නෙ උපතින්මය්.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ඔව් ඔය වගේ ඒගොල්ලන්ටත් පුලුවන් ඔබතුමාගෙ ධර්මය ගැන ඕන තරම් ප්‍රශ්න අහන්න. මම දැන් ඔබතුමාට කිව්වොත් නිවන කියල දෙයක් තියෙනව, සන්සාරෙ, කර්මය කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරන්න කිව්වොත් පුලුවන්ද? එහෙම තියෙනව කියල ඔබතුමාල ගිරා පෝතකයො ටිකක් වගේ බුද්ධ ධර්මයේ තියෙන දේම කියවන එකම නෙමෙය්ද කරන්නෙ. ඔබතුමාල ඕව විශ්වාස කරන්නෙ එදා බුදු හාමුදුරුවො ඕව කියපු නිසාම නෙමෙය්ද. ඒ වගේම තමය් අනිත් හැම ධර්මයක්ම, කාගෙ හරි අදහස් ටිකක් විශ්වාස කිරීමය් කරන්නෙ

    මචා උබට බුද්ධ දේශනාව ගැන පැහදිලි අවබෝදයක් නෑ වගේ කියලයි මටනම් පෙනෙන්නේ. මෙහෙමයි බුද්ධ දර්ශනය ඒහිපස්සිකයි ඒ කියන්නේ ඇවිත් බලන්න හොඳ නම් අනුගමනය කරන්න කියලා. ඒනිසා ඔබතුමා අන්ධ භක්තිය හා විශ්වාසය පටලවාගන්න එපා. කර්මය කියන්නේ අපේ සිතුවිලි මුල්කරගේන සිදුවෙන ක්‍රියාවලට. ඒක කුසල් කර්ම හො අකුසල් කර්ම වෙන්න පුලුවන්. නිවන් අවබෝද වු කෙනාට කුසල් හෝ අකුසල් කර්ම රැස්වෙන්නේ නැහැ . මොකද එයා අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතිනිසා. ඒක හරියට දැල්වෙන පහනක් වගේ . තෙල් කියන්නේ කර්මයනම් තෙල් පහන් තිරයට එන එක නතර උනාම ඒක නිවිල යනවා වගේ තමයි. කර්ම ඵලය ගැන විශ්වාසයක් නැත්නම් ටිකක් හිතලා බලන්න සමහර මිනිස්සු අනිත් අයට වඩා ලස්සන ඇයි බුද්දිමත් ඇයි ධනවත් ඇයි පන්තියක ලමයෙක් තියරි හරි ලේසියෙන් වටහා ගනිත්දි තව ලමයෙක් ඒ ප්‍රතිපලයම ලබාගන්න ගොඩක් මහන්සි වෙන්න ඔනේ ඇයි කියලා හිතලා බලන්න . තවදෙයක් සියල්ල සිදුවන්නේ කර්මයෙන් පමනක් නොවෙන බව්ත් බුදු හාමුදුරුවො කියලා තියෙනවා. ඔය මීට කලි වැරදිලාවත් ටී.වී එකක මෝහනයකරලා අතීතය ගැන අහන එක හරි සමහර පොඩි අය පෙර භවය ගැන කියන දේවල් දැකලා නෑ වගේ . බුදු දහම යනු මිනිසාගේ ආද්යාත්මය උදෙසා කරන දේශනාවක් මිසක් ඒක ය ටැබ්ලට් එකක්කින් ගන්න පුලුවන් දෙයක්වත් සමීකරනයකට කැටිකරන්න පුලුවන් දෙය්ක් වත් නෙමෙයි. විද්යාවේ දියුනුව සමග සිද්වුනේ බුදුදහම තවත් ස්තිරවුන එක විතරයි. මම බුදු දහමේ කෙල පැමිනියෙකු හෝ මාර්ග ඵල අවබෝද කරගත් අයෙකු නොවේ.. ඒනිසා මගේ වැරදි ඇත්නම් මම නිවැරදි කරන මේන් ඉල්ලා සිටිමි. බුදුසරනයි...මෙන්න අයින්ස්ටයින් මහතා බුදුදහම ගැන කියපු දේ...
    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.
    and:
    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මම කතා කලේ ජීව විද්‍යාත්මක කරුනු ගැනවත් සංස්කෘතිය ගැනවත් නෙමෙය්. ඕව උපකුලක ටිකක් විතරය්. ප්‍රධාන කුලකය තමය් මිනිස් සන්හතිය, ඒ කියන්නෙ හැමෝම මිනිස්සු. ජාන වෙනස් උනා කියල කවුරුත් ගෙම්බෙක්වත් වඳුරෙක්වත් වෙන්නෙ නැහැනෙ. මිනිහෙක්ම තමය්. මම කියන්නෙ ඔන්න ඔය වෙනස් කම් නිසාම කෙනෙක්ට වෙනස් ආකාරයෙන් සලකන එක වැරදියි කියලය් . උදාහරනයක් ලෙස සින්හල බෞද්ධ අන්තවාදයො මුස්ලිම් මිනිස්සුන්ට ඔවුන් මුස්ලිම් උනු පලියටම අපහස කරනව. කෙනෙක් අදහන ආගමක් නිසා හෝ , ඒ පුද්ගලයාගෙ ඔබ ඔය කියන ජාන වෙනස් කම් නිසා හෝ ඒ මිනිස්සුන්ව වෙන් කොට සැලකීම පහත් දෙයක් කියලය් මම කියන්නෙ.

    අනිත් එක හිතන ආකාරය අනුව නෙමෙය් ආගම තීරනය වන්නෙ. බොහෝ අයට ආගම කියන කුනු ගොඩ ලැබෙන්නෙ උපතින්මය්.

    මම ලියපු දේ ආයෙත් හරියට කියවන්න. මම කාටවත් අපහාස කලේවත් පහත් කරල කතා කලේවත් නෑ.

    කවදාවත් මිනිස්සු එක වගේ වෙන්නෙ නෑ. ඒක නිසයි අපි දෙන්නත් මේ වාද කරන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නැ කාටවත් පහත් විදියට සලකන්න, අපහාස කරන්න කියල.

    මම සිංහල බෞද්ධයෙක්. මට ඉන්නවා හොද දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යාලුවො. හැමදාම අපි හවසට හමු වෙනවා. කවදාවත් අපි ආගම් ගැන වාද කරල නෑ. අපේ අයගෙ විශේෂ අවස්තා වලට අපි රෑ දවල් නොබලා වැඩ කරනවා. අපි අතරෙ කිසිම බෙදයක් නෑ. මට හිතෙන විදියට නම් ඔයාට මේ වගේ යාලුවෝ නෑ. ඔයාගෙ සමජ ආස්‍රය මදි කියලයි මට හිතෙන්නෙ.

    හිතන විදිය අනුවයි හැම දෙයක්ම තීරනය වෙන්නෙ. ඔයා ආගමක් අදහන්නෙ නැත්තෙත් ඔයාට ඒක හොදයි කියල හිතන නිසා.

    හිත තමයි හැම දේකටම මුල.
    බුදු සරණයි !
     
    Status
    Not open for further replies.