සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උඹල නම් මරු සෙට් එක වාද කරන්න :P :P,

    මේකේ කොස් පොල් මහත්තය දීල තියෙන පිළිතුර කියන්නේ උ අම්මව මරනවා කියල නෙවේ මචන්. සාමාන්යෙන් තර්ක වලදී මොකක් හරි ඔප්පු කරන කොට එක සර්ව සම්පුර්ණයෙන් සැක නැතිව ඔප්පු කරන්න ඕනේ. කවුරු හරි ඒ තර්කෙ බිඳින්න කරන්න ඕනේ එක උදාහරණයක් (counter example) දෙන එකයි. එකට මනහ්කල්පිත අවස්ථාවක් තමා ලියල තියෙන්නේ (hypothetical situation). උදාහරණයක් විදියට "කාමයේ වරදවා හැසිරෙනවා කියන එක වැරදි" කියන එක absolute level එකකින් ඔප්පු කරන්න බෑ. එක බලන පරිසරයට අනුව සාපේක්ෂයි. අපි අපේ ස්වකැමැත්තෙන් එහෙම නොකර ඉන්න සමාදන් වෙන්නේ අපේ පරිසරයට අනුව එහෙම කරලා අමාරුවේ වැටෙන්න තියන ඉඩ වැඩි නිසා.

    (මේක කිව්වේ kosandpol ගේ example ටික ඔයා interpret කරපු හැටි ගැන විතරක් බව සලකන්න)

    න්‍යාය හෝ තර්කය ගැන නම් මට කියා දෙන්න අවශ්‍ය නෑ මිත්‍රයා

    මට වැරදුනේ එතැන නොවෙයි.. මම කියෙව්වෙ උත්තරෙන් බාගයයි :D
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ටිකට් වෙලෙන්දා;9824347 said:
    One(the thread starter) who was unnoticed for his whole life, trying to get noticed at least in an online forum!!
    Pathetic and desperate!! But wish you Good luck :lol::lol::lol::lol:

    ^^
    TROLL.jpg
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අපි දන්න මිනිහෙක්ගෙ හා අපි දන්න බල්ලෙක්ගේ අතර වෙනස පැහැදිළි කර ගැනීම සඳහා භෞතික විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ මිනිහාගේ බර මෙච්චරයි, බල්ලගේ බර මෙච්චරයි, මිනිහාගේ පරිමාව මෙච්චරයි, බල්ලගේ පරිමාව මෙච්චරයි යනාදී කරණු තමයි.

    මේ කරුණු ප්‍රමාණවත් නොවන නිසා තමයි අපිට ජීව විද්‍යාවක් තියෙන්නේ. ඒ නිසා අපි ජීව විද්‍යාව යොදාගෙන ඒ දෙන්නාගෙ වෙනස තේරුම් ගනිමු....

    මේ ආකාරයෙන් අපිට දන්නා සිංහල මිනිහෙක්ගේ සහ දන්නා මුස්ලිම් මිනිහෙක්ගේ වෙනස පැහැදිළි කිරීමට ජීව විද්‍යාව යොදා ගත්තොත් අපිට ලැබෙන්නේ අහවලාගේ ජාන සංයුතිය මේකයි, අහවලාගේ මේකයි, අහවලාට මේ මේ රෝග තියනවා, අහවලාට නැහැ ආදී වශයෙන් ජීව විද්‍යාත්මක වෙනස්කම් සමූහයක්.

    මේ වෙනස්කම් වැදගත් තමයි නමුත් ප්‍රමාණවත් නැහැ.

    ඒ නිසා තමයි මිනිස්සු සමාජ විද්‍යාවක් තනා ගෙන තියෙන්නේ..

    සමාජ විද්‍යාවක් තියෙද්දි ඒක අමතක කරල සිංහල මුස්ලිම් වෙනස්කම් හොයන්න ජීව විද්‍යාව යොදාගෙන "මුං දෙන්නා සමානයිනේ" (ඒකත් වැරදි; හැම කෙනාම ජීව විද්‍යාත්මකව වෙනස්. ඉන්දියාවේ පරීක්ෂණ වලින් පෙන්නුවා කුල අතරත් පැහැදිළි ජාන වෙනස්කම්) කියල බෙරිහන් දෙන්නේ එක්කො පිස්සෙක් නැත්තම් නොම්මර එකේ කුහකයෙක් විතරයි.:rolleyes:

    මම කලිනුත් කිව්වනෙ, මිනිස්සුන්ගෙ වෙනස් කම් තිබීම නෙමෙය් ප්‍රශ්නය, එම වෙනස් කම් නිස මිනිස්සුන්ට වෙනස් විදියට සලකන එක. මොන වෙනස් කම් තිබ්බත් අපි හැමෝම මනුස්ස කුලයට අයිති වෙන්නෙ, මිනිස්සු හැමෝගෙම මූලික අවශ්‍යතා එකය්. ඒක නිසා ඔය ජීව විද්‍යාත්මක කරුනු මෙතනට අදාල නැහැ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඒක මට හෝ වෙන කිසිම බෞද්ධයෙකුට ප්‍රශ්ණයක් නැහැ. නමුත් Destiny මේ මතු කරන්නේ තමාගේ ආගම් විරෝධී අදහස්; තමා ආගම් අදහන්නේ නැති බවත් සියලු ආගම් වල පදනම එකක් බවත් කියා සියලු ආගම් අදහන්නන් එක ගොඩකට දමා තමා උසස්/වෙනස් බව කියන්නේ ඔහුමයි.

    ඒ එක්කම අනික් අයට වැදි බණ කියනවා අනික් ආගම් වලට වඩා තමාගේ ආගම උසස් ලෙස සළකන්න එපාලු. ආගම් වලින් කෙරෙන්නේ වෙන් කිරීමක් විතරයි කියල කියනව.

    තමාගේ ආගම ජාතිය අනික් ඒවාට වඩා උසස් යයි සිතන්නේ ආගම ජාතිය ඔළුවට දාගත්ත පටු මතධාරියෝලු.

    එහෙනම් තමාගේ ජාතිය අප්‍රිකාවේ මිනීමරා මිනීමස් ගිලලා Prion diseases නැමැති රෝග හදාගෙන අතුගෑවිල ගිය ජාති වලට වඩා උසස් යයි සිතන්නේ පටු මතධාරියෝ වෙන්නැති. :lol:

    එත්කොට අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන අපේ ආගම නිත්‍යයි, සුඛයි, ආත්මයි කියන අනික් ආගම් වලට වඩා උසස් කියල අපි හිතුවොත් අපි පටු මතධාරියෝ වෙනවා. :rolleyes:

    පුදුම වැඩේ කියන්නේ වෙන ආගම් වල අය මරණ එක පිනක් කියල උගන්නන ආගම් පවා පහත් ලෙස සලකන්න අපිට බැහැ... එතකොටත් අපි පටු මතධාරියෝ වෙනවා. :rolleyes:

    මෙහෙම කියන කෙනාම කියනවා අන්තවාදය සහ ආගමේ නාමයෙන් මිනී මැරීම වැරදියි කියල. (නමුත් කෙළින්ම එහෙම කරන්න කියල උගන්නන ආගම් පහත් නැහැ!)

    එක ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් වෙන්නෙ නැත්තෙ ඔක්කොම විශ්වාසය මත පදනම් උනු ඒව නිසා. ඔබතුමා අනුගමනය කරන්නෙත් කවුරු හරි කියපු දෙයක් වගේම වෙන ආගම් වල මිනිස්සු කරන්නෙත් ඒක. මම උසස් කියල කිසිම තැනක සන්දහන් කලේ නැහැ. මම දැක්වුවෙ මගේ මතය විතරය්.

    අනිත් කාරනය මම මෙතනදි කතාවට ලක් කරේ ආගමක මූලික ඉගැන්වීමට වඩා අද ආගම පත් වෙලා තියෙන තත්වය. මොකද මට මෙතන කතා කරන්න උවමනා වෙලා තිබ්බෙ ලංකාවෙ සමාජයට අද ආගම නිසා වෙලා තියෙන දේ. ඉතින් එතනට බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පොඩ්ඩක් වත් අදාල වෙන්නෙ නැහැ, මොකද අද ලංකාවෙ තියෙන්නෙ ඔය මූලික ඉගැන්වීම නෙමෙය්. අන්න ඒකය් මම දහ වතාවක් විතර බෞද්ධයා කියනවට වඩා සිංහල බෞද්ධයා කියන නම භාවිතා කලේ.

    ඔබතුමා දකින විදියට ආගමෙන් වෙන වැරදි මිනී මරන්න උගන්නන එක විතරය්. නමුත් ඔය කියන අන්තවාදී සිංහල බෞද්ධ සංස්කෘතිය යටතෙ වක්‍රාකාරව හෝ මිනී මැරන්න අනුබල දෙන තත්ව තියෙනව. උදාහරනයක් විදියට අර හෙල උරුමය කියන ජාතිවාදී දේශපාලන පක්ශය හරක් මරන්න එපා කියල හරක් නීතියක් ගේන්න ගිහින් ජාති වාදී කලබලයක් ඇති නොවී නූලෙන් බේරුනේ. ඕක දුර දිග ගියානම් මිනී මැරෙනව තමය්.

    අන්න ඒකය් මම කියන්නෙ, ඕනෑම ආගමක් මුලින් පටන් අරන් තියෙන්නෙ මොන අරමුනකින් උනත් අන්තිමට ඒකෙන් වෙලා තියෙන්නෙ සමාජය තවත් බෙදන එක සහ සමාජයේ ගැටලු නිර්මානය වීම පමනය්. මෙතනදි මට බුදු රජානන් වහන්සේගෙවත්, කුරානයේ හෝ වෙන කාගෙවත් මුඛයෙන් මොනාද මුලින් පිට උනේ කියන එක අදාලත් නැහැ, ඒව හරියට මොනාද කියල අපි දන්නෙත් නැහැ, මම කියන්නෙ ඔය කියපු දේවල් transform වෙලා ඇවිල්ල අද පත්වෙලා තියෙන තත්වය ගැන. ඒක නිසා ඔබතුමා ඔය කියන මහා අවිහින්සා වාදි බුදු දහම උනත් අද ලංකාවෙ ජන ජීවිතයට මහ වසංගතයක් වෙලා තියෙන්නෙ.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    දැන් මෙතන ඉන්න බෞද්ධ කියාගන්න අය කොයිතරමටම ශ්‍රද්ධාව වැඩිකරගෙන කිව්වද නම්
    යථාර්තය පවා එකෙන් වහගෙනයි තියෙන්නේ ඉතින් ඒක නිසාද දන්නෑ. අර පන්සල්වල් දේවාල හදලා තියෙන එකට මුකුත් කියන්න නැත්තේත්, හමුදුරුලා ගිහිසැප විදින කොට නිකම් ඉන්නෙත්.
    අද සසර කළ කිරුනම යන්න තැනක් වත් නෑ හරියට මොකද හමුදුරුවරු කරන වැඩ දැක්කම මට සසර කළකිරෙනවා.
    මෙතන කලින් කෙනෙක් කිව්වා වගේ දැන් සැබෑ බුදුදහම නෑ ලංකාවේ බහුතර තැන්වල. හාමුදුරු ලා පවා පිරිහිලා තියෙන්නේ නැත්තනම් අර හොර ඇමතිලාට නම්බු නාම දෙයිද, ඇමතිලාගෙන් පිරිකර, දාන ගන්න ඕනවට කෙටියෙන්ම කිව්වොත් වාසියට තමයි අද මේ චීවර ධාරියන් කටයුතු කරන්නේ. මම මෙකී පුද්ගලයන්ට භුක්ෂූන වහන්සේලා කියන්නවත් කැමති නෑ.
    මොකද සැරියුත් වහනෙසේ කියලා තියෙන විදියට භික්ෂුවක් වන්නේ නිදහස, හුදකලාව ප්‍රිය මනාප කරන, ධර්මයේ හැසිරෙන, හැකි තරම් මධ්‍යස්ථ ලෙස ක්‍රියා කරන ගිහියන්ට අවශ්‍යය වෙලාවකදි ධර්ම දානය දීමට ඉන්න පිරිසයු, ඔවුන් තමයි සැබෑ භික්ෂුන් වහන්සේලා කියන්නේ. මේවා කියන එක කටු අනින්න වගේ ඇති සමහර අයට නමුත් යථාර්ථය මේකයි.

    මේක මම මේ සමාජයේ පවා දැකලා තියෙන දෙයක් ඒ තමයි. යම් කිසි කෙනෙක් පක්ෂග්‍රාහී වුනාම එම පුද්ගලයා බෝහෝ වෙලාවට තම පක්ෂේ අඩුපාඩු හදන්නේ නැතුව ඒවා යටගහන්න හදන එක සහ විරුද්ධ පකෂේ යම් කිසි පොඩි අඩුපාඩුවක් දැක්කත් විශාල ලෙස හුවා දැක්වීම.

    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3

    ඔබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. පනසල් වල දේවාල හදන එකට මම පෞද්ගලිකව කොහෙත්ම කැමතිනෑ. කොටින්ම මම දේවාල වලට යන්නෙත් නෑ. කතරගම ගියත් මම යන්නෙ කිරි වෙහෙරට විතරයි.
    නමුත් ඔබතුමා භික්ෂුන් වහන්සෙලාට බනින එකනම් සම්පූර්ණ වැර්දී. ඔබට එහෙම කරන්න අයිතියකුත් නැ. ඔබ ඔය කියන විදිහේ භික්ෂුන්ලා ඉන්නෙ බොහොම ටික දෙනයි. බුද්ධ කාලයෙත් හිටියා දෙව්දත්තෙරලා.

    ඔබතුමා කරන්නෙත් ඔය ටිකමයි.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මෙම අන්තවාදය ලෝකයේ අද සිදුවන සමහර දේවල් නිසාම හටගත් දෙයක්, ප්‍රදාන වශයෙන්ම මෙය එල්ල වන්නේ ඉස්ලාමයට එරෙහිව. එකට ලෝක මට්ටමෙන් ගොඩක් හේතු තියෙනවා. ප්‍රධාන එක නම් මුස්ලිම් අය කුමන හෝ ප්‍රශ්නයකදී හැරෙන්නේ ආගම පැත්තට. අනෙත් ආගම් හා කොට්ටාශ එහෙම නැති නිසා බලවතුන් වෙනත් රටවල් තමන්ට ඕනේ විදිහට හැඩ ගස්සව ගන්නට අමාරු වුනේ නැහැ.
    මුදලෙන්, බලෙන් හෝ අනෙකුත් සමාජ වරප්‍රසාද වලින් මුස්ලිම් වරුන් නම්මව ගැනීමට නොහැකි හේතුව ඔවුන්ගේ ආගමයි. එබැවින් දැන් බලවත් රටවල් කරන්නේ ඉස්ලාමය ගැන වැරදි චිත්‍රයක් මවන එකී, මෙම ත්‍රස්තවාදියා අන්තවාදිය කියන වචන ඒ සඳහාම ඔවුන් හදපු එවයි. එමගින් ඔවුන් බලන්නේ ආගම මුස්ලිම් වරුන්ගේ ජීවිතෙන් ඉවත් කරන්න හදන එක. එවිටයි ඔවුන්ට අවශ්‍ය දේ කරන්න ලැබෙන්නේ.
    ඇත්තටම අන්තවාදිය තමන්ගේ අගම හරියට අදහන එක්කෙනා නෙවෙයි, ආගම ගැන ප්‍රශ්නයක් ආගමෙන් මිදිලා වෙන විදිහකින් පිළිතුරු හොයන්න යන කෙනා බව මෙම thread එකෙන් හොඳින්ම පේනවා
    මෙයින් ගත හැකි එකම පාඩම නම්, තමන්ගේ ආගමට ධර්ශනයට සංස්කෘතියට අභියෝගයකදී ඒකට එකම පිළියම
    එම ආගමේ ධර්ශනයේ හෝ සංස්කෘතියේ මුලික හරයන් වලට යාමයි. කෑගස තර්ජනය කර හෝ කෝලහාල තුලින් බෞද්දයන් ආගම රැකගන්න හිතනවානම්, එය වෙරදී බව ඔප්පුවීමට වැඩි කලක් යන්නේ නැත.
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඔබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. පනසල් වල දේවාල හදන එකට මම පෞද්ගලිකව කොහෙත්ම කැමතිනෑ. කොටින්ම මම දේවාල වලට යන්නෙත් නෑ. කතරගම ගියත් මම යන්නෙ කිරි වෙහෙරට විතරයි.
    නමුත් ඔබතුමා භික්ෂුන් වහන්සෙලාට බනින එකනම් සම්පූර්ණ වැර්දී. ඔබට එහෙම කරන්න අයිතියකුත් නැ. ඔබ ඔය කියන විදිහේ භික්ෂුන්ලා ඉන්නෙ බොහොම ටික දෙනයි. බුද්ධ කාලයෙත් හිටියා දෙව්දත්තෙරලා.

    ඔබතුමා කරන්නෙත් ඔය ටිකමයි.

    මන් බනින්නේ චිවර ධාරියන්ට විතරයි.
    මම ඔතන භික්ෂුන් වහන්සේලාට බනින්නේ නෑ.
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    එක ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් වෙන්නෙ නැත්තෙ ඔක්කොම විශ්වාසය මත පදනම් උනු ඒව නිසා. ඔබතුමා අනුගමනය කරන්නෙත් කවුරු හරි කියපු දෙයක් වගේම වෙන ආගම් වල මිනිස්සු කරන්නෙත් ඒක. මම උසස් කියල කිසිම තැනක සන්දහන් කලේ නැහැ. මම දැක්වුවෙ මගේ මතය විතරය්.

    අනිත් කාරනය මම මෙතනදි කතාවට ලක් කරේ ආගමක මූලික ඉගැන්වීමට වඩා අද ආගම පත් වෙලා තියෙන තත්වය. මොකද මට මෙතන කතා කරන්න උවමනා වෙලා තිබ්බෙ ලංකාවෙ සමාජයට අද ආගම නිසා වෙලා තියෙන දේ. ඉතින් එතනට බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පොඩ්ඩක් වත් අදාල වෙන්නෙ නැහැ, මොකද අද ලංකාවෙ තියෙන්නෙ ඔය මූලික ඉගැන්වීම නෙමෙය්. අන්න ඒකය් මම දහ වතාවක් විතර බෞද්ධයා කියනවට වඩා සිංහල බෞද්ධයා කියන නම භාවිතා කලේ.

    ඔබතුමා දකින විදියට ආගමෙන් වෙන වැරදි මිනී මරන්න උගන්නන එක විතරය්. නමුත් ඔය කියන අන්තවාදී සිංහල බෞද්ධ සංස්කෘතිය යටතෙ වක්‍රාකාරව හෝ මිනී මැරන්න අනුබල දෙන තත්ව තියෙනව. උදාහරනයක් විදියට අර හෙල උරුමය කියන ජාතිවාදී දේශපාලන පක්ශය හරක් මරන්න එපා කියල හරක් නීතියක් ගේන්න ගිහින් ජාති වාදී කලබලයක් ඇති නොවී නූලෙන් බේරුනේ. ඕක දුර දිග ගියානම් මිනී මැරෙනව තමය්.

    අන්න ඒකය් මම කියන්නෙ, ඕනෑම ආගමක් මුලින් පටන් අරන් තියෙන්නෙ මොන අරමුනකින් උනත් අන්තිමට ඒකෙන් වෙලා තියෙන්නෙ සමාජය තවත් බෙදන එක සහ සමාජයේ ගැටලු නිර්මානය වීම පමනය්. මෙතනදි මට බුදු රජානන් වහන්සේගෙවත්, කුරානයේ හෝ වෙන කාගෙවත් මුඛයෙන් මොනාද මුලින් පිට උනේ කියන එක අදාලත් නැහැ, ඒව හරියට මොනාද කියල අපි දන්නෙත් නැහැ, මම කියන්නෙ ඔය කියපු දේවල් transform වෙලා ඇවිල්ල අද පත්වෙලා තියෙන තත්වය ගැන. ඒක නිසා ඔබතුමා ඔය කියන මහා අවිහින්සා වාදි බුදු දහම උනත් අද ලංකාවෙ ජන ජීවිතයට මහ වසංගතයක් වෙලා තියෙන්නෙ.

    ඔබතුමාගෙ උත්සාහය හොදයි. නමුත් අසාර්ථකයි. ඔබට පැහැදිළි මාතෘකාවක් නෑ. ඔබගේ තර්ක ඔබ විසින්ම බිදිනවා.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මන් බනින්නේ චිවර ධාරියන්ට විතරයි.
    මම ඔතන භික්ෂුන් වහන්සේලාට බනින්නේ නෑ.

    චිවර ධාරිය හා භික්ෂුන් වහන්සේලා අතර වෙනස මොකක්ද? දන්නේ නැති නිසා අහන්නේ :confused:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    චිවර ධාරිය හා භික්ෂුන් වහන්සේලා අතර වෙනස මොකක්ද? දන්නේ නැති නිසා අහන්නේ :confused:

    යම් කිසි කෙනෙක් චිවරයක් දාගෙන හිටියොත් එයා චීවර ධාරියෙක්.
    ඔතන ධාරියෙක් කියෙන්නේ ධරන කෙනෙක් කියන එක. ධරන කියන්නේ
    උසුලගෙන හෝ ඇදගෙන කියන තේරුම.
    එකී පුද්ගලයා භික්ෂුවක් වීමට නම් අනිවර්යයෙන්ම ධර්මයේ පිහිටුවලා
    ඉදිය යුතුයි. ධර්මයේ හැසිරිය යුතුයි, ධර්මය පිළිපැදිය යුතුයි.
    ධර්මය දේශනා කළ යුතුයි (නමුත් පසේ බුදුවරු ධර්මය දේශනා කරණවා මම අහලා නෑ.
    නමුත් ඒක විශේෂ අවස්ථාවක්).
    ඒකට චීවරයක් ඕන නෑ. ඔයාට සුදු රෙද්දක් ඇදලා වුනත් භික්ෂුවක් වෙන්න පුලුවන්
    නමුත් සම්මතයක් හැටියට තමයි චිවරය භාවිතා කරන්නේ.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුකදානJR;9819995 said:
    සිංහල බෞද්ධයන් යැයි කියන්නේ, බෞද්ධ දර්ශණය අනුගමනය කරන සිංහල ජනතාවටයි. මේ විදියටම දෙමළ බෞද්ධයන් කියා කොටසකුත් ලංකාවෙ ඉන්නවා. මේක බොහොම සරළ දෙයක්, මත භේදාත්මක දෙයක් නෙවේ. අපේ මිනිස්සු මේක ලොකු කරන් ඉන්නෙ මොන මංගල උත්සවයකටද මන්ද.:cool:

    oka therum ganna m,olyak thiyanna oone.. me harak ta therene na oowa
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    යම් කිසි කෙනෙක් චිවරයක් දාගෙන හිටියොත් එයා චීවර ධාරියෙක්.
    ඔතන ධාරියෙක් කියෙන්නේ ධරන කෙනෙක් කියන එක. ධරන කියන්නේ
    උසුලගෙන හෝ ඇදගෙන කියන තේරුම.
    එකී පුද්ගලයා භික්ෂුවක් වීමට නම් අනිවර්යයෙන්ම ධර්මයේ පිහිටුවලා
    ඉදිය යුතුයි. ධර්මයේ හැසිරිය යුතුයි, ධර්මය පිළිපැදිය යුතුයි.
    ධර්මය දේශනා කළ යුතුයි (නමුත් පසේ බුදුවරු ධර්මය දේශනා කරණවා මම අහලා නෑ.
    නමුත් ඒක විශේෂ අවස්ථාවක්).
    ඒකට චීවරයක් ඕන නෑ. ඔයාට සුදු රෙද්දක් ඇදලා වුනත් භික්ෂුවක් වෙන්න පුලුවන්
    නමුත් සම්මතයක් හැටියට තමයි චිවරය භාවිතා කරන්නේ.
    ඒ කියන්නේ ඩෙනිම් ටී ෂර්ට් අන්දලත් බුදු වෙන්න පුලුවන්ද? එහෙනම් කහපාට චීවරයේ වැදගත්කම කුමක්ද?
    :confused:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    දෙමල බෞද්ධයා කිව්වත් සින්හල බෞද්ධයා කීවත් ඔය දෙකේම තියෙන්නෙ අන්ත දෙකක්. සින්හල බෞද්ධයො බුදු දහම ආරක්ශා කරන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නැහැ, මොකද ඔවුන් කරන්නෙ ජාතිය ආගම බදා ගෙන අනිත් ජාතීන්ට ආගම් වලට ගරහන එක. පිරිසුඳු බුදු දහමෙ තියෙන්නෙ කිසිම දෙයක් බදාගන්න එපා කියල. ඉතින් ඒ පනිවිඩයට විරුද්ධව කටයුතු කිරීම බුදු දහම විකෘති කිරීම හා විනාශ කිරීමක් මිස ආරක්ශා කිරීමක් නෙමෙය්.

    man ekangay.http://www.elakiri.com/forum/showthread.php?t=1105632
    a nisa thama liwwe.baudhdha agamata baninna neme:)me sithuwilla ape ratata karanne hondak neme loku haniyak.api sinhala bauddayo rata ape, mul thana labenna one apita kiyala hithan wada karanna epa.thawa uddekata atha wanillak.iwath hethu wenna athi akata.hamuduru kenek banak kiyanna giyath katha karanne me sinhala baudhdha rate kiyala.naththan bana ahay anith jathi wla minissuth.akay awa bana walata witarak seema wela tiyenne.nihathamanee kama, bahapath kama a athare na.:)ehenan muslim minissu api hamotama wada hariyata agama adahanava wagema labnea labaya an aya wenuwen denava.catholic minissu hama iridama palliye ekathu wena de duppath manussayata denava.hamoma wenuwen agama yadinava.demala minissuth ehemay.kothanakawath oyata kiyanan ba pirisiduwa adahanava oyala witarak kiyala.:cool:harima waradee.:)agamak kriyawata naganna.okkotama wada an ayage yahapatha gana hithanna.:)sithuwilla lassana karaganna:)athmarthakamee kama neme sithuwilla wiya yuththe
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලුව උබ කියන සමහරක් දේවල් ඈත්ත උනත්.. හුගක් දේවල් කුහකත්වයෙන් බුදුදහමට පහර් ගසන්න ලියපුව කියලයි මට හිතෙන්නෙ..

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    බුදුදමේ කොහේ හෝ තෑනක් බොරු කියල ඔප්පුකරල් පෙන්නන්න..

    තව පුලුවන්නම් චුටි වරදක්වත් නෑති වෙනත් ආගමක් පෙන්වන්න...

    මචන් නවීන සොයාගෑනීම් වලන් ඔප්පුවෙනෙ බුදුදමෙ කරුනු විතරයි..

    තව දෙයක් කියන්න ඕනෙ...
    මේක සින්හල සන්ස්කෘතියෙන් පෝශනය වුන, බුදු දහමින් පරිපූරනය් වූ රටක්..

    විශේසයෙන්ම මුස්ලිම් ජනතාව හදනව මේ තත්වය නෑති කරන්න..
    ඔවුන් මේක ඔවුන්ගේ රටක් කරගන්න මාන බලනව

    අපි වෙනත් ආගම් ඈදහීමට ඒ ඒ ජනවර්ගවලට ඈති අයිතිය ඉතාඋසස් ලෙස පිලිගන්නව... නමුත් ඒ ශ්‍රී ලන්කාව තුල තියන සාමාජීය, සන්ස්කෘතික, හා ආගමික රාමුව තුල..

    යම් අයෙකුට ඉන් එහාට ගොස් තමගේ ආගම් ඈදහීමට ඕනෙනම්... කරුනාකර ඔබලාගේ නිජබිම් වෙතයන්න...
     
    aiye mama dennada uththare kamak nadda:cool:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0

    තව දෙයක් කියන්න ඕනෙ...
    මේක සින්හල සන්ස්කෘතියෙන් පෝශනය වුන, බුදු දහමින් පරිපූරනය් වූ රටක්..

    රටක් කොහොමද බුදු දහමින් පරිපුර්ණය වන්නේ? එහෙනම් ඇයි සිද්ධාර්ථ කුමාරය රජකම අරගෙන රට බුදු දහමින් පරිපුර්ණය කරන්නේ නැතුව වෙන මගක් තොර ගත්තේ?:nerd:
     
    Status
    Not open for further replies.