සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.

ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.

මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.

සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.

මහත්තයො දශරාජ ධර්මයෙන් රටපාලනය කරන්න කියලා තියෙන්නේ එතකොට අහවල් ආගමේද . අනික කලින් තිබුන ආලන ක්‍රමයට කෙලවලා දැම්මෙත් ඔබතුමා මල් පහන් තියලා වන්දනා කරන බටහිර ජාතිකයොම තමයි . ඔය සමාජ වාදයයි ධනවාදයයි ය්න එකී මෙකී නොකී හැම නරිවාදයක්ම බටහිර ජාතීන් ගේ පැවත්ම ර්ඳවා ගැන්මට යොදාගන්නා සංකල්ප. අනික ඔය ප්‍රජාතන්ත්‍ර වාදය ගැන සුද්දා මහලොකුවට තප්පුලෑවට අපිගාව ඔය සංකල්පය තිබුනේ සුද්දා වැද්දා කාලේ ඉදන් බුදු දහමේ ප්‍රතිඵලයක් විදිහට. අනික බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි කියන එකත් ඔබට මතක් කරලා දෙන්න ඔනේ . මොකද හැම ආගමක මැවුම්කාර ද්වියෙක් ගැන කතාකරනවා.:lol: අනික ඕනෙම ජඩ වැඩක් කරලා පවු සමා කරගන්නත් පුලුවන්ලු :eek:. ඊලගට මරනයෙන් පස්සේ ඕනෑම කෙනෙක්ට ස්වර්ගයට යන්න පුලුවන්ලු.:baffled: හැබයි සත්තු මැරුනොත් මොනවා වෙනවද කියලා නම් නොදනී:P . ඔබතුමාට බුදුදහමට පහර ගැසීමට අවශ්ය නම් වටේ නොගොස් කෙලින් කතා කරන්න . කොලය වහලා ගහන්න ගිහින් හත්පොලේ ගාගන්න එපා. :lol::lol:
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මුකදානJR;9828861 said:
ඔය කියන සිද්ධි වලට උදාහරණ කියන්න පුලුවන්ද?

උදාහරන සහ කරුනු කාරනා දැක්වීම් මගේ මුල් post එකේ වගේම මම දාපු comment වල තියෙනව. ඒව කියවල දැනගන්න
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ජාතිවාදයට උඩගෙඩි දීම, මිනිස්සුන්ගෙ චින්තනය කොටු කිරීම, මිනිස්සුන්ට නිදහසේ ජීවත් වීමට තියෙන අය්තිය වක්‍රාකාරව නැති කිරීම සහ තවත් ගොඩක් ක්‍රම වලින්

    ඕක මං දන්න තරමින් ලංකාවේ බහුලව සිද්ධ වෙන්නේ එක ආගමක් අදහන ජන කොට්ඨාශයක. කුඩා ලමයින්ගේ ස්වාභාවික ශරීරාංග කපා දැමීම, ගැහැණුන්ව එකම ඇඳුමකට කොටු කිරීම, ගැහැණුන්ට ආගමික ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම .... තව ඇති තරම් කියන්න පුළුවන්.... ඒ ඇරෙන්න ලංකාවේ නිදහස් චින්තනයට බහුලවම බාධා පමුණුවා ඇති ආගමත් ඒකම තමයි.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Destiny found sahodaraya "Atheist" kenek, neda? :D:D eka lankawe godak ayata wadiya experience ekak nathi sankalpayak nisa thamayi mama hithanne me awula. :D:D oya kiyana ewa dakkama eka eka aya oya eka eka kandayam walata aithiy kiyala hithagannawa. (Muslim, Christian, communist, NGO employee etc.) habayi mama hithanne eya kisi aagamakata kamathi na.

    (waradiyata hithanna epa. oyata ehema hithanna aithiyak thiyenawa. eka waradiy kiyala hithana ayata eka criticise karanna puluwan. ekath eyalage aithiya ne.) kauruwath kagewath dewal gana hoyanne nathuwa thamange wiswase gana balagena, eka adahagena hitiyanam me mokuth na ne. wiwechanaya karanna aithiya hamotama thiyenawa. e wagema e wiwechana walata tharkikawa wadagath widiyata uththara dennath hamotama aithiya thiyenawa. me hama prashnema minissu eka therum nogena thamange de balen anunta powanna yana nisa. eka sinhala bauddha anthawaadi ayata witharak neveyi, hamotama thiyena ledak. ekane ara bus eke yanakota apita deviyan wahanse gana kiyanna kattiya enne. mama kagewath nidahasata badha karanne na. habayi kauruwath mage nidahasatath badha nokara inna ona. (mata deviyo gana monawathma danaganna ona na. eka me anthawaadi ayata therenne na. :D :D)
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඕක මං දන්න තරමින් ලංකාවේ බහුලව සිද්ධ වෙන්නේ එක ආගමක් අදහන ජන කොට්ඨාශයක. කුඩා ලමයින්ගේ ස්වාභාවික ශරීරාංග කපා දැමීම, ගැහැණුන්ව එකම ඇඳුමකට කොටු කිරීම, ගැහැණුන්ට ආගමික ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම .... තව ඇති තරම් කියන්න පුළුවන්.... ඒ ඇරෙන්න ලංකාවේ නිදහස් චින්තනයට බහුලවම බාධා පමුණුවා ඇති ආගමත් ඒකම තමයි.

    ඉස්ලාම් ආගමේ තියෙන ඔවගේ අනර්ථ චින්තන වලට තමයි මම අකමැති.
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මහත්තයො දශරාජ ධර්මයෙන් රටපාලනය කරන්න කියලා තියෙන්නේ එතකොට අහවල් ආගමේද . අනික කලින් තිබුන ආලන ක්‍රමයට කෙලවලා දැම්මෙත් ඔබතුමා මල් පහන් තියලා වන්දනා කරන බටහිර ජාතිකයොම තමයි . ඔය සමාජ වාදයයි ධනවාදයයි ය්න එකී මෙකී නොකී හැම නරිවාදයක්ම බටහිර ජාතීන් ගේ පැවත්ම ර්ඳවා ගැන්මට යොදාගන්නා සංකල්ප. අනික ඔය ප්‍රජාතන්ත්‍ර වාදය ගැන සුද්දා මහලොකුවට තප්පුලෑවට අපිගාව ඔය සංකල්පය තිබුනේ සුද්දා වැද්දා කාලේ ඉදන් බුදු දහමේ ප්‍රතිඵලයක් විදිහට. අනික බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි කියන එකත් ඔබට මතක් කරලා දෙන්න ඔනේ . මොකද හැම ආගමක මැවුම්කාර ද්වියෙක් ගැන කතාකරනවා.:lol: අනික ඕනෙම ජඩ වැඩක් කරලා පවු සමා කරගන්නත් පුලුවන්ලු :eek:. ඊලගට මරනයෙන් පස්සේ ඕනෑම කෙනෙක්ට ස්වර්ගයට යන්න පුලුවන්ලු.:baffled: හැබයි සත්තු මැරුනොත් මොනවා වෙනවද කියලා නම් නොදනී:P . ඔබතුමාට බුදුදහමට පහර ගැසීමට අවශ්ය නම් වටේ නොගොස් කෙලින් කතා කරන්න . කොලය වහලා ගහන්න ගිහින් හත්පොලේ ගාගන්න එපා. :lol::lol:

    බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙය් නිසා නේද බුදු ධර්මය කියන එක ශෝක් එකට මම පාවිච්චි කලේ. මම බටහිර ජාතිකයොන්ට මල් පහන් තියල වන්දිනව කියල ඔබතුමා කියන්නෙ කොහොමද? හරියට මාව පෞද්ගලිකව දන්නව වගේ කතාකිරීම බොලඳ වැඩක්. බුදු දහමට පහර ගහල තියෙන තැනක් කරුනා කරල පෙන්නන්න පුලුවන්ද. මම විවේචනය කලේ සින්හල බෞද්ධ සංස්කෘතිය නොහොත් විකෘති වූ බුදු දහම ගැනය්.

    ඔය මම කියපු එකම ඔබතුමා නියමෙට ඔප්පු කරල තියෙන්නෙ. අනිත් ආගමික විශ්වාස පහත් කරල ඔබතුමා ඔය ලස්සනට කතා කරල තියෙන්නෙ. මගේ මතය තහවුරු කිරීම ගැන ස්තූතියි.
     
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකද්ද? නියම බුද්ධ ධර්මය දන්නෙ උඹද? එහෙමනම් ඒක කියල දීපන් වැල්වටාරම් කියන්නෙ නැතිව.

    එහෙම නැතිනම් උඹ මේ කරන්නෙ බෞද්ධ සංස්කෘතිය කියන සංකල්පය හෑල්ලු කරන්න.
    මට පේන හැටියට උඹ සිංහලයෙක් හෝ බෞද්ධයෙක්
    හෝ නෙවෙයි. :yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ehenan monada yaluwa oyala hope karanne bodhi pooja karala.darshanekin pihitak labenne kohomada??man kiwwa de waradiyata watahan oya.man kiwwe menna me de.buddahagame kenekge vision 1 sasara keti kara ganeema.aiye anithyay kiyala awa sihi kara kara jeewithe apayak karaganan eka neme jeewithe kiyanne.jeewath wenna igena ganna.oyalage surangana katha wage neme ape.bible 1ka new testament 1 api jeeitha walata ganne.kiyawanna.hamadema prayogikawa tiyenava.tyhamnage gamana yamak buddahagame tiyenne.akay godak minissu athmarthakamee wela tiyenne:(

    ලංකාවට බුදුදහම එන්න කලින් හිටපු මිනිස්සු සමහර අය ගස් ගල් වන්දනාව කරලා තියෙනවා ඒ අයට තමයි ස්තූප සහ බෝධී වන්දනාව කලාට කමක් නැහැ කියලා තියෙන්නේ. ඔය හෝප්ස් කතාවනම් අනිත් ආගමික සංස්කෘති වලින් ආපු දෙයක්. අනේ ජීවිතය අපායක් කරග්න්න ඔනේ නැහැ චතුර් ආර්ය සතය ගැන පොඩි හරි වැටහීමක් තියෙනවනම් ඔහොම වෙන්නෙ නෑ. මොකද මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙන සුලුයි ඉතින් මේ අනිත්ය ලෝකයේ හැමදේම නිත්ය යැයි කියලා හිතාගෙන ඉඳලා අන්ත්මේ හොට පටලවා ග්න්නේ නැතුව යතාර්ථය තේරුම් අරන් සතුටින් ජීවත් වෙන හැටි තමයි බුදු දහමේ තියෙන්නේ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක මං දන්න තරමින් ලංකාවේ බහුලව සිද්ධ වෙන්නේ එක ආගමක් අදහන ජන කොට්ඨාශයක. කුඩා ලමයින්ගේ ස්වාභාවික ශරීරාංග කපා දැමීම, ගැහැණුන්ව එකම ඇඳුමකට කොටු කිරීම, ගැහැණුන්ට ආගමික ස්ථානවලට ඇතුල්වීම තහනම් කිරීම .... තව ඇති තරම් කියන්න පුළුවන්.... ඒ ඇරෙන්න ලංකාවේ නිදහස් චින්තනයට බහුලවම බාධා පමුණුවා ඇති ආගමත් ඒකම තමයි.

    ඔබතුමාට පේන්නෙ නැති උනාට ඔය කියන සින්හල බෞද්ධ සංස්කෘතිය තුලිනුත් වක්‍රාකාරව කාන්තාව කොටු කරනව.
     
    බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙය් නිසා නේද බුදු ධර්මය කියන එක ශෝක් එකට මම පාවිච්චි කලේ. මම බටහිර ජාතිකයොන්ට මල් පහන් තියල වන්දිනව කියල ඔබතුමා කියන්නෙ කොහොමද? හරියට මාව පෞද්ගලිකව දන්නව වගේ කතාකිරීම බොලඳ වැඩක්. බුදු දහමට පහර ගහල තියෙන තැනක් කරුනා කරල පෙන්නන්න පුලුවන්ද. මම විවේචනය කලේ සින්හල බෞද්ධ සංස්කෘතිය නොහොත් විකෘති වූ බුදු දහම ගැනය්.

    ඔය මම කියපු එකම ඔබතුමා නියමෙට ඔප්පු කරල තියෙන්නෙ. අනිත් ආගමික විශ්වාස පහත් කරල ඔබතුමා ඔය ලස්සනට කතා කරල තියෙන්නෙ. මගේ මතය තහවුරු කිරීම ගැන ස්තූතියි.

    සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ සංස්කෘතියක් බං. බුද්ධ ධර්මය කියන්නෙ සංස්කෘතියට නෙවේ. බුද්ධ ධර්මය විකෘති කරන්න බෑ. ඒක අකාලිකයි. උඹට නියම ධර්මය ඕනි නම්, නියම ධර්මය හොයාගෙන යන්න නිදහස තියනවා.
    නමුත් උඹට මෙතන අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙන් අනිත් ආගම් අදහන මිනිස්සුන්ට අඩන්තේට්ටම් වෙනවා කියලා අභව්‍ය චෝදනාවක් කරන්නයි. ජරා වැඩ කරන්නෙ ඇයි. අදහන ආගමක් අදහගෙන ඉන්න එකයි තියෙන්නෙ.
    :yes:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    ලංකාවට බුදුදහම එන්න කලින් හිටපු මිනිස්සු සමහර අය ගස් ගල් වන්දනාව කරලා තියෙනවා ඒ අයට තමයි ස්තූප සහ බෝධී වන්දනාව කලාට කමක් නැහැ කියලා තියෙන්නේ. ඔය හෝප්ස් කතාවනම් අනිත් ආගමික සංස්කෘති වලින් ආපු දෙයක්. අනේ ජීවිතය අපායක් කරග්න්න ඔනේ නැහැ චතුර් ආර්ය සතය ගැන පොඩි හරි වැටහීමක් තියෙනවනම් ඔහොම වෙන්නෙ නෑ. මොකද මේ ලෝකෙ හැම දෙයක්ම වෙනස් වෙන සුලුයි ඉතින් මේ අනිත්ය ලෝකයේ හැමදේම නිත්ය යැයි කියලා හිතාගෙන ඉඳලා අන්ත්මේ හොට පටලවා ග්න්නේ නැතුව යතාර්ථය තේරුම් අරන් සතුටින් ජීවත් වෙන හැටි තමයි බුදු දහමේ තියෙන්නේ.

    :yes::yes::yes::yes:
     
    ඉතින් ඔයාගෙ ආගමය් සංස්කෘතියය් අනිත් ආගම් සංස්කෘතීන්ට වඩා වෙනස්ද, ඔබ ඔය කතා කරන චතුරාර්ය සත්‍යයත් ඔබතුමා දැන ගත්තෙ බුදු රජානන් වහන්සෙ කියපු නිසානෙ. ඔබතුමත් කරන්නෙ අන්‍යාගමිකයො වගේම කවුරු හරි කියපු දෙයක් අල්ලන් ඉන්න එක විතරය්.
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    මුකදානJR;9829072 said:

    සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ සංස්කෘතියක් බං. බුද්ධ ධර්මය කියන්නෙ සංස්කෘතියට නෙවේ. බුද්ධ ධර්මය විකෘති කරන්න බෑ. ඒක අකාලිකයි. උඹට නියම ධර්මය ඕනි නම්, නියම ධර්මය හොයාගෙන යන්න නිදහස තියනවා.
    නමුත් උඹට මෙතන අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙන් අනිත් ආගම් අදහන මිනිස්සුන්ට අඩන්තේට්ටම් වෙනවා කියලා අභව්‍ය චෝදනාවක් කරන්නයි. ජරා වැඩ කරන්නෙ ඇයි. අදහන ආගමක් අදහගෙන ඉන්න එකයි තියෙන්නෙ.
    :yes:

    :yes::yes::yes::yes:
     
    DJGeeth

    Member
    Nov 5, 2006
    137
    3
    0
    ඉතින් ඔයාගෙ ආගමය් සංස්කෘතියය් අනිත් ආගම් සංස්කෘතීන්ට වඩා වෙනස්ද, ඔබ ඔය කතා කරන චතුරාර්ය සත්‍යයත් ඔබතුමා දැන ගත්තෙ බුදු රජානන් වහන්සෙ කියපු නිසානෙ. ඔබතුමත් කරන්නෙ අන්‍යාගමිකයො වගේම කවුරු හරි කියපු දෙයක් අල්ලන් ඉන්න එක විතරය්.

    ඔබ තුමාට ඒකවත් නෑ නේද? ඔබ තුමා අතරමං වෙලා.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    බුදු දහම කියන්නෙ ආගමක් නෙමෙය් නිසා නේද බුදු ධර්මය කියන එක ශෝක් එකට මම පාවිච්චි කලේ. මම බටහිර ජාතිකයොන්ට මල් පහන් තියල වන්දිනව කියල ඔබතුමා කියන්නෙ කොහොමද? හරියට මාව පෞද්ගලිකව දන්නව වගේ කතාකිරීම බොලඳ වැඩක්. බුදු දහමට පහර ගහල තියෙන තැනක් කරුනා කරල පෙන්නන්න පුලුවන්ද. මම විවේචනය කලේ සින්හල බෞද්ධ සංස්කෘතිය නොහොත් විකෘති වූ බුදු දහම ගැනය්.

    ඔය මම කියපු එකම ඔබතුමා නියමෙට ඔප්පු කරල තියෙන්නෙ. අනිත් ආගමික විශ්වාස පහත් කරල ඔබතුමා ඔය ලස්සනට කතා කරල තියෙන්නෙ. මගේ මතය තහවුරු කිරීම ගැන ස්තූතියි.

    ඉතින් බං ඕක පහර ගැසීමක් නෙමෙයිනේ ඔය සාමන්ය දැනීමනේ.. ලොල් :lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මුකදානJR;9829072 said:

    සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ සංස්කෘතියක් බං. බුද්ධ ධර්මය කියන්නෙ සංස්කෘතියට නෙවේ. බුද්ධ ධර්මය විකෘති කරන්න බෑ. ඒක අකාලිකයි. උඹට නියම ධර්මය ඕනි නම්, නියම ධර්මය හොයාගෙන යන්න නිදහස තියනවා.
    නමුත් උඹට මෙතන අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙන් අනිත් ආගම් අදහන මිනිස්සුන්ට අඩන්තේට්ටම් වෙනවා කියලා අභව්‍ය චෝදනාවක් කරන්නයි. ජරා වැඩ කරන්නෙ ඇයි. අදහන ආගමක් අදහගෙන ඉන්න එකයි තියෙන්නෙ.
    :yes:

    යම් කිසි දෙයක් පැවතිය යුතු විදියට වඩා වෙනස් විදියට පවතිනවනම් එය විකෘති වීමක් නෙමෙය්ද. බුදු දහම ඇත්තේ විශ්වයේ එය අකාලිකය් වගේ කතානම් මට කියන්න එන්න එපා. මොකද එය ප්‍රායෝගිකත් නැති තාර්කික්ත් නැති ප්‍රකාශයක් විතරය්. ආගමික මතවාද කාලයෙන් කාලයට ප්‍රචාරය වෙන්නෙ මිනිස්සු හරහ. ඉතින් ඒ මිනිස්සු දන්නා දෙය ඔවුන්ගේ සාස්තෲවරය කිව්ව දේට වඩා වෙනස් නම් එය ව්කෘති වීමක් තමය්.අනිත් එක මේ post එකේ මුල ඉන්දන්ම කතා කලේ සින්හල බෞද්ධ අන්තවාදය ගැනය්. නැතුව බෞද්ධ ධර්මය ගැන නොවේ. ඔබතුමාට ඔච්චර හිත රිදිල තියෙන්නෙ ඔබතුමත් එහෙනම් අන්තවාදියෙක් වෙන්න ඇති.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඉතින් බං ඕක පහර ගැසීමක් නෙමෙයිනේ ඔය සාමන්ය දැනීමනේ.. ලොල් :lol::lol:

    ඉතින් මම කිව්ව දේවලුත් සාමාන්‍යය දැනීම තමය්. ඔබතුමා ඒක නිසා කලබල වෙන්න එපා.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔබ තුමාට ඒකවත් නෑ නේද? ඔබ තුමා අතරමං වෙලා.
    කවුරුවත් කියූ දෙයක් අල්ල ගෙන කාගෙවත් අතකොලුවෙක් වීම මට අවශ්‍යය නැහැ. මට අවශ්‍යය මිනිස්සු යහපත් වීම පමනය්. එයට කිසිම ආගමක් හෝ ධර්මයක් අවශ්‍යය වන්නේ නැහැ.
     
    Status
    Not open for further replies.