මට බොරු කියල ඔප්පු කරන්නත් බැහැ , ඔබතුමාට ඇත්ත කියල ඔප්පු කරන්නත් බැහැ. ඒකය් මම කියන්නෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසයය් කියල.
ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මේ රට පෝශනය වෙලා තියෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද.මටනම් ඔය බෞද්ධ කමෙන්වත් සින්හල කමෙන්වත් වෙලා තියෙන මහ ලොකු වැඩක් පේන්නෙ නැහැ. අනිත් රටවල් වගේම තවත් රටක් තමය් ලන්කාවත්. හැබැය් ඔය සින්හල කමෙන් සහ බෞද්ධ කමෙන් මිනිස්සුන්ව හිර කරල තියෙන බවක් විතරය් මට පේන්නෙ.ඕකට ප්‍රධානම හේතුව බුදු දහම තියෙන්නෙ පුද්ගලයාගෙ විමුක්තිය උදෙසා වීම. ඒ දහමෙන් රටවල් පෝශනය කරන්න ගිය එක තමය් ඔබතුමාල වරද්ද ගත්ත තැන. බුදු දහම මම මුලිනුත් කිව්ව වගේ තමන්ට විතරක් තියාගන්නෙ නැතුව ඒකෙන් රටක් පාලනය කරන්න ගිය නිසා තමය් අද මට මේ ටික ලියන්න උනේ.
මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න උත්සහ කරනව කියල සාක්ශි තියේද. ජාතිවාදියො ඔබතුමාලව බොරුවට බය කරල තියෙන්නෙ.
සංස්කෘතිය කියන්නෙ එක තැන පල්වෙන දෙයක් නෙමෙය්. වෙනස් වෙන දෙයක්. සංස්කෘතිය කියන්නෙ අතීතය නෙමෙය් වර්තමානය. දැන තියෙන සංස්කෘතිය හදල තියෙන්නෙ දෙමල සිංහල මුස්ලිම් හැමෝම එකතු වෙලා, නැතුව ඒක සිංහල සංස්කෘතියක් නෙමෙය්.
මහත්තයො දශරාජ ධර්මයෙන් රටපාලනය කරන්න කියලා තියෙන්නේ එතකොට අහවල් ආගමේද . අනික කලින් තිබුන ආලන ක්‍රමයට කෙලවලා දැම්මෙත් ඔබතුමා මල් පහන් තියලා වන්දනා කරන බටහිර ජාතිකයොම තමයි . ඔය සමාජ වාදයයි ධනවාදයයි ය්න එකී මෙකී නොකී හැම නරිවාදයක්ම බටහිර ජාතීන් ගේ පැවත්ම ර්ඳවා ගැන්මට යොදාගන්නා සංකල්ප. අනික ඔය ප්රජාතන්ත්ර වාදය ගැන සුද්දා මහලොකුවට තප්පුලෑවට අපිගාව ඔය සංකල්පය තිබුනේ සුද්දා වැද්දා කාලේ ඉදන් බුදු දහමේ ප්‍රතිඵලයක් විදිහට. අනික බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි කියන එකත් ඔබට මතක් කරලා දෙන්න ඔනේ . මොකද හැම ආගමක මැවුම්කාර ද්වියෙක් ගැන කතාකරනවා.
අනික ඕනෙම ජඩ වැඩක් කරලා පවු සමා කරගන්නත් පුලුවන්ලු
. ඊලගට මරනයෙන් පස්සේ ඕනෑම කෙනෙක්ට ස්වර්ගයට යන්න පුලුවන්ලු.
හැබයි සත්තු මැරුනොත් මොනවා වෙනවද කියලා නම් නොදනී
. ඔබතුමාට බුදුදහමට පහර ගැසීමට අවශ්‍ය නම් වටේ නොගොස් කෙලින් කතා කරන්න . කොලය වහලා ගහන්න ගිහින් හත්පොලේ ගාගන්න එපා. 


wijaya rajuruwo awe uk walinya.man mage agama hariyata thoran thiyenne.man catholic
