සිනා කතා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විද්‍යාත්මක සත්‍යය

    කාර්යාලයේ සේවය අවසන් වී ලක්ෂ්මන් ගෙදරට ගොඩවූයේ අධික විඩාවෙනි. තම කාර්යාල බෑගය මේසය මත තැබූ හේ කමිසය මඳක් ලිහිල් කරමින් සාලයේ සැටියක දිගෑදුණේය.
    ටික වේලාවකින් ඔහුගේ බිරිඳ චමරි තේ කෝප්පයක් ගෙනැවිත් ඔහු අත තැබුවාය.
    ’මේත් තේ.. ද? තේ කොළ ටික ඔක්කොම උඩ පාවෙනවා. සීනි ටික අඩියෙ. ඒ මදිවට කූඹි දෙන්නෙකුත් උඩ’ ලකී තේ කෝප්පය දෙස විමසිල්ලෙන් බලා කෝපයෙන් චමරි හට දොස් පැවරීය.
    ’ඒකට ඉතින් මං මොaනවා කරන්නද? බර අඩු දේවල් උඩ පාවෙනවා. බර දේවල් යට යනවා. ඒක තමයි විද්‍යාත්මක සත්‍යය.’ විද්‍යා ගුරුවරියක වූ චමරි කීවාය.

    :oo::growl:

    තුවා කොහෙන්ද?

    දයානන්ද තමා හමුවීමට පැමිණි සාලිය සමඟ තම නිවසේ සාලයේ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේය. ඔහු තම මිතුරා සමඟ පවසමින් සිටියේ පසුගිය පාසල් නිවාඩුවේදී තම පවුලේ උදවිය සමඟ ගිය විනෝද චාරිකාව පිළිබඳවය.
    එසේ කතාකරමින් සිටි හෙතෙම ගේ තුළට හිස පොවා මඳක් උස් හඬින් තම බිරිඳගෙන් මෙසේ විමසුවේය.
    ’ගිය පාර අපි ගිහින් නැවතුණු හෝටලේ නම මොකක්ද යමුනා?’
    ’මටත් හරියට මතක නෑ... ආ.. ඉන්න බලන්න අර තුවාවල ඒ නම ඇති.’ යමුනා ගේ තුළ සිටම පිළිතුරු දුන්නාය.

    :oo::lol:

    සැක කවුද?

    අලුතින් ඇරඹීමට නියමිත භාෂා පන්තිවලට අදාළ වියදම් ලේඛනයක් සකසමින් සිටි වික්‍රමාරච්චි මහතා නොනවත්වාම නාද වන්නට වූ දුරකථනය දෙස නොමනාපයෙන් බලා රිසීවරය අතට ගත්තේ තරහිනි. එම රිසීවරය ඔස්සේ ගලා ආ පණිවුඩය ඇසූ හෙතෙම තරමක කලබලයෙන් තම කාර්යාලයේ තමා යටතේ සේවය කළ අය අමතා උස් හ¼ඩින් මෙසේ කීවේය.
    ’මගෙ නෝනට ළමයෙක් ලැබෙන්න යනවා’
    මොහොතක නිහැඬියාවකින් පසු වික්‍රමාරච්චි මහතාගේ පෞද්ගලික සහකාර කුරුප්පු මහත්මිය මෙසේ ඇසුවාය.
    ’ඉතින් සර්, කාවද ඒ ගැන සැක කරන්නෙ?’

    :dull::nerd:

    මළේ කොහොමද?

    ’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්‍රියන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.
    ’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.
    ’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්‍රියන්ත ඇසුවේ ශෝකයෙනි.
    ’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.

    :lol::lol:

    සල්ලි මොකටද?

    ’ජයසේකර තමුසෙගෙ හිර දඬුවම අදින් ඉවරයි. දැන් ඉතින් තමුසෙ ගෙදර ගිහින් මොනවා කරන්ඩද බලාපොරොත්තු වෙන්නෙ?’ ජේලර් තමා වෙත ආ සිරකරු දෙස බලා ඇසීය.
    ’රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩයි මම හිතා ඉන්නෙ සර්’ ජයසේකර කීවේය.
    ඔය නරක පුරුදු අතඇරලා දාලා මොකක් හරි ව්‍යාපාරයක් කරන එක බොහොම හොඳයි. ඒත් රිදී රත්තරන් බඩු කඩයක් පටන් ගන්ඩ තමුසෙට සල්ලි තියෙනවද? ජේලර් තැන පුදුම වෙමින් ඇසීය.
    ’සල්ලි මොකටද සර්. හොඳ කටුවකුයි මිටියකුයි තිබුණාම ඇති.’ ජයසේකර බයාදු ලෙස සිනාවෙමින් කීවේය.

    :rofl::P

    !!!සිළුමිණ!!!
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: haha thawa owne :P
    මේක බැලුවෙහිද
    7.gif

    තවම අමාරුද?
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මළේ කොහොමද?

    ’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්‍රියන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.
    ’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.
    ’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්‍රියන්ත ඇසුවේ ශෝකයෙනි.
    ’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.
    මේක මැක්සා බන්..:lol::lol::lol::lol:

    අවසාන එක තේරුනේ නැහනේ..:baffled:
     
    heshanhhh

    Member
    Feb 3, 2008
    316
    4
    0
    Blood Gultch
    මළේ කොහොමද?

    ’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්‍රියන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.
    ’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.
    ’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්‍රියන්ත ඇසුවේ ශෝකයෙනි.
    ’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.
    මේක මැක්සා බන්..:lol::lol::lol::lol:

    අවසාන එක තේරුනේ නැහනේ..:baffled:
    u katu miti walin kadayak kadaranna yanne salli hoyanna