සියදිවි හානි කර ගැනීම

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සියදිවි හානි කර ගැනීම

    සියදිවි හානි කර ගැනීම බරපතල අකුසල කර්මයක්ද????
    සමහර තැන් වල තියෙනවා බරපතල අකුසල කර්මයක් කියල... සමහර තැන් වල තියෙනව ඉතා කුඩා ඇවතක් (දුකුලා ඇවතක්) කියල.
    එක එක විදියට වෙනස් කරන්නනේ කොහොමද??? බුදු හාමුදුරැවෝ දේශනා කරේ කොහොමද???
    සංවාදයට විවෘතයි.....
     
    Last edited:

    chathu4742

    Well-known member
  • මෙලොව කිසිදු සත්වයෙක් තවත් සත්වයෙකුගේ ප්‍රාණයකට හානි කිරීඉම බරපතල අකුසල කර්මයක්.. ඒ සත්වයා තමන් ම උනත් අකුසලය එහෙම්මමයි....
    ඉතා අසීරුවෙන් ලබාගත් මිනිස් ආත්මය තමන් විසින් ම නසා ගැනීම..සසරේ කිසිදු දිනක නැවත මිනිස් ආත්මයක් නොලැබීමට හේතුවක්....

    (දන්න විදිහට )



     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ද්වේශයේ එක එක model තියෙනවා.
    ඇඩ්ම, තරහ, පලිගැනීම, වගේ
    සියදිවි නසා ගන්නේ ද්වේශයෙන්
    ද්වේශ කරන අය ඉපදෙන්නේ අපායේ
    අපායේ සැප නෑ. අපායේ ඉපදුනාම උබ ඉස්සර ඉදන් කරපු පව් ඔක්කොම ගෙවල තමා එන්නේ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    uba ehenam merila aye human wenna balan idapanko :rofl::baffled:

    GIF-Amused-Chuckle-Chuffed-Pleased-Point-Point-and-laugh-GIF.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සම්මා සම්බුදුරජාණන්වහන්සේලා බෝධිසත්ව අවධියේ පුරන පරමත්ථ පාරමිතා යනු ජීවිත දානයයි. එය උතුම් පාරමිතාවක් මිස අකුසලයක් නොවේ.
    කෙල්ලෙක් ගෙන් බූටක් කාපු කොල්ලෙක් වහ බොන එක තුල මොන පාරමිතාවක් ද ??

    මේ වෙනස නුවණින් ඔබ හඳුනාගන්න.

    කාය කර්ම අතරින් පලමුවැන්න ලෙස ප්‍රාණඝාතය දක්වා ඇත.
    සත්වයන්ගේ ජීවත් වීමේ ඉන්ද්‍රිය ශක්තිය ප්‍රාණයයි.
    අතිපාතනය යනු නාම, රූපයෙන් යුතු සත්ත්වයා කර්මාණුකූලව ලද පූර්ණ ආයු කාලය ගෙවෙන්නට ඉඩ නොදී, අතරමඟ දී යම් උපක්‍රමයකින් මරා දැමීමයි.

    • ශාක වල ප්‍රාණයත්, සතුන්ගේ ප්‍රාණයත් එකම ද ?
    • සත්ත්වයින් ගේ නාම, රූප කුසලාකුසල මගින් ජීවිතය ලෙස භවයේ ප්‍රගමණය වන්නේ කෙසේද
    • මරණයේදී / ප්‍රාණඝාතයේදී නාම රූප වලට කුමක් සිදු වේද ?
    • ප්‍රාණඝාතය කිරීමද කරවීමද කෙසේ විපාක දේ ද
    • ප්‍රාණඝාතය අල්පසාවද්‍ය, මහා සාවද්‍ය වන අයුරු:
      • මිනිසෙකු මැරීමත්, කූඹියෙකු මැරීමත් එක සමාන අකුසල කර්මයෝද
      • මව, පියා මැරීමත්, ගෙදරට ආ සොරෙකු මැරීමත් එක සමාන අකුසලයෝ ද
      • ගව, එළු, බැටළු, ඌරු, මත්ස්‍ය යනාදී අප ආහාරයට ගන්නා සතුන් අතරින් ගව ඝාතනය මහා පාපයක් වන්නේ ඇයි
      • වැරදීමකින් සතුන් මැරීම ප්‍රාණඝාතයක් ද
    • සිය දිවි නසා ගැනීම බුද්ධ ධර්මයේ ප්‍රතික්ශේපිත ද
    • සිය දිවි නසා ගැනීම උතුම් කුසලයක් වන අවස්ථා…
    2013 පොසොන් මස 03 දින පෙරවරු 8:00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..

    දේශකයාණන් වහන්සේ: නුගේගොඩ, ගංගොඩවිල පුෂ්පාරාමය පූගොඩ ශ්‍රී ප්‍රඥාසාර විහාරය, පූගොඩ පට්ටියගම මහාවිහාරය ආදී විහාරස්ථානාධිපති ආගම ශාස්ත්‍රීයපණ්ඩිත, දර්ශන ශාස්ත්‍රීයපණ්ඩිත, දර්ශන ශාස්ත්‍රපති, පූජ්‍යපාද කහටපිටියේ ප්‍රඥාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
    දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
    තෙරුවන් සරණයි !

    මේ ධර්ම දේශනාව අහන්න.
     
    • Like
    Reactions: scorpion MW

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තමන්ගෙ ජීවිතය නැති කරනව කියන්නෙත් ප්‍රාණඝාත අකුසල කර්මයක්..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තමන්ගෙ ජීවිතය නැති කරනව කියන්නෙත් ප්‍රාණඝාත අකුසල කර්මයක්..
    නැත. ප්‍රාණඝාතයක් වීමට තම අතින් අන් අයකුගේ පණක් නැසිය යුතුයි. තමන් ගේ පණ තම අතින් නැසුණහම ප්‍රාණඝාත අකුසලය වෙන්නේ නැ. නමුත් ඒක අපායේ වැටෙන්න හේතුවක්. මම දන්න විදියට.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙලොව කිසිදු සත්වයෙක් තවත් සත්වයෙකුගේ ප්‍රාණයකට හානි කිරීඉම බරපතල අකුසල කර්මයක්.. ඒ සත්වයා තමන් ම උනත් අකුසලය එහෙම්මමයි....
    ඉතා අසීරුවෙන් ලබාගත් මිනිස් ආත්මය තමන් විසින් ම නසා ගැනීම..සසරේ කිසිදු දිනක නැවත මිනිස් ආත්මයක් නොලැබීමට හේතුවක්....

    (දන්න විදිහට )




    එහෙම වෙන්නේ නැ බං. ඔන තරම් මිනස් ආත්ම මතු භව වලදි ලබා ගන්න පුළුවන්. එහෙනම් දිවි හානි කරගෙන පාරමිතා පුරන්නත් බෑනේ. අනෙක සසරේ කිසිදු දිනෙක මිනිස් ආත්මයක් නොලබනව‌ා නම් මරණින් මතු අපායේ ගියත් නැවත.. උපදින්නේ කොහෙද කියපන්.????