සියඹලා පිට්‌ටනිය ඇමැතිතුමා වෙතයි
ගරු ඇමැතිතුමනි, කාලයක් තිස්‌සේ ඔබතුමා ඇමැතීමට
බලාපොරොත්තුවෙන් සිටියෙමි.
එහෙත් එයට අවස්‌ථාවක් නොවීය.
මුලදී ඔබතුමාව කඩ්ඩෙන් ඇමතීම සුදුසු යෑයි මට සිතුනි.
ඒ ඔබතුමා කඩුවලට ඉමහත් ලැදියාවක් දක්‌වන බව දැනගන්නට ලැබුණු හෙයිනි.
කෙසේ වෙතත් හුදී ජන පහන් සංවේගය උදෙසා සුද්ද සිංහලෙන්ම ඔබතුමා ඇමැතීමට සිතුවෙමි.
ඇත්ත වශයෙන්ම මට ඔබතුමා ගැන ආඩම්බරය.
ඒ, ඇමැතිවරයෙකු වූ පසු කටුගෙය නරඹන්නට ගිය එකම ඇමැතිතුමා ඔබතුමාම වන හෙයිනි.
අපේ පැරැණි කඩු කස්‌ථාන, කිරිච්චි, කාසි ආදිය ගැන උනන්දුවක්, ආසාවක් ඇති ඇමැතිතුමකු අප අතර සිටීම කෙතරම් වාසනාවක්‌ද...?
ඇත්ත වශයෙන්ම ඔබතුමා මේ රටට පමණක් නොව ජාත්‍යන්තරයට ද ආදර්ශයකි.
ඇමැතිවරුන් යනු මැටි මෝල් හරක් ටිකක් යෑයි සමහරු සිතති.
එහෙත් එම මතය වැරැදි බව ඔප්පු කරන්නට ඔබතුමා සමත්ව තිබේ.
ඔබතුමා පුරාවිද්‍යා කේෂේත්‍රයට මුළු හදවතින්ම ඇළුම් කරන්නෙකු බව අද වනවිට ජාතියටම ඔප්පු වී හමාරය.
ඔබතුමා කිහිප විටක්‌ම කෞතුකාගාරය නරඔන්නට පැමිණි බව ආරංචිය.
එය කෙතරම් ආශ්චර්යයක් ද?
අපේ පොඩි එකාට කෞතුකාගාරය පෙන්වන්නට මට තාම බැරි විය.
එපමණක්‌ද නොව ඔබතුමා කෞතුකාගාර සේවකයින් නිතර නිතර ඔබතුමාගේ මන්දිරයට කැඳවාගොස් හො`දින් සංග්‍රහමාන කටයුතු කරන බවද ආරංචිය.
එය අති විශිෂ්ට ක්‍රියාවකි.
මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද...?
ඔබතුමා පුරාවස්‌තුවලට පමණක් නොව ඒවා රැකබලා ගන්නා පුද්ගලයින්ට ද ආදරේ කරන බවය.
පුරා වස්‌තු පමණක් නොව ඔවුන්ව ද රැකබලා ගන්නා බවය.
ඔබතුමා පුරා වස්‌තුවලට මෙන් ශ්‍රී දළදා වහන්සේට ආදරේ නොකිරීම සම්බුද්ධ සාසනයේ වාසනාවක් බව අපේ ආච්චි අම්මා සාධුකාර දෙමින් කියා සිටියාය.
මේ ආණ්‌ඩුවේ ඇමැති මංඩලය තුල කප්පම්කරුවන්, කුඩු බිස්‌නස්‌කාරයින්, ඉල්ලම් හොරුන් සිටියද පුරා වස්‌තු කොල්ලකරුවන් සිටියේ නැත.
දැන් ඒකත් සම්පූර්ණය.
අපේ භාරකාරතුමාට ඔබතුමා ගැන සැළවුණොත් අලුතින් මුදල් හා පුරා වස්‌තු පිළිබඳ අමාත්‍යංශයක් ඇතිකොට එය ඔබතුමාටම භාරදෙනු සහතිකය.
එතෙක් ඔබතුමාට තිස්‌තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිට හා ආරක්‌ෂාව ලැබේවායි පතමි.
මෙයට,
කිං බානට්‌තුමා
( ප. ලි.- මේ දිනවල අකුණු සැර බහුල බැවින් ප්‍රවේශමෙන් එළියට පහළියට බහින මෙන් ඔබතුමාට කාරුණිකව මතක් කරමි. )
http://www.divaina.com/2012/04/22/feature11.html

අන්න සහෝට වැඩේ තේරුනා..!