නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි වාර්තා වේ.
සමහර නිවාස වලට මූලික පදනම ( foundation) දැමීමෙන් නතර වූ අවස්ථා රට පුරා සුලබවම දක්නට ලැබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.
දැනට වසර කීපයක පෙර පටන් ගත් ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඇරෙන්නට අලුතෙන් ගොඩනැගිලි සදීම ලබන වසරේ ඉතා අල්ප බව පෙනී යයි.
මේ අතර ගොඩනැගිලි සෑදීමට දායක වෙන මේසන් වරු, පයිප්ප, විදුලි බාස් වරු ලංකාවේ රැකියා නොමැති නිසා රෑකියා සොයා මැද පෙරදිග රටවල් වලට යාම නිසා ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම දැඩි ලෙස අපහසු වන බවද, ගොඩනැගිලි ඉදිකිරීමට සම්බන්ද පර්ශව අනතුරු අඟවයි.

Last edited: